අති දූෂිත මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඵලදායිතා සම්මානය දුන්නේ කවුද?
ඉතා දූෂිත ටෙන්ඩර් මගඩියක් මගින් ආරම්භ කරන ලද නව රියදුරු බලපත් නිකුත් කිරීමේ ක‍්‍රමවේදය නවතා දමන ලෙසකරන ලද විරෝධතා නොතකා වසරකට රුපියල් ලක්‍ෂ 8000ක් පමණ පාඩු දරමින් එම රියදුරු බලපත් නිකුත් කිරීම පුද්ගලික අංශයට දෙන ලදි. දෙපාර්තමේන්තුව එතෙක් ඉතා වගකීමෙන් ඉටුකර ගෙන එනු ලැබුණු මෙම කර්තව්‍ය මේ රජය යටතේ කිසිවක් පුද්ගලිකරණය නොකරන බව පවසමින් ඉතා දූෂිත ලෙස පුද්ගලික අංශයට පැවරීම පුදුමයට කරුණකි. නව රියදුරු බලපත් ව්‍යාපෘතිය යටතේ මේ රටේ සියලූම රියදුරු බලපත් ලාභීන්ගේ පුද්ගලික විස්තර, රුධිර වර්ගය ඇතු`ඵ දත්ත වල වගකීම, පුද්ගලික ආයතනයකට පැවැරීම ඊටත් වඩා පුදුම සහගතය.
දැන් මෙම පුද්ගලික කොම්පැනිය තමන් එකඟ වූ ටෙන්ඩර් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටී. එදා රුපියල් 600/= පමණ රියදුරු බලපත‍්‍රයක් ලබාගත හැකිව තිබු මහජනයාට අද රුපියල් 2250/= ක් ගෙවන්නට සිදුවන අතර ඒ සියලූ මුදල් අද බැර වන්නේ රජයට නොව ඉහත කී පුද්ගලික කොම්පැනියටයි. ටෙන්ඩර් රෙගුලාසි යටතේ මසකට බලපත‍්‍ර තිස්දාහක් (30000* නිකුත් කළ යුතුව ඇතත් අද නිකුත් කරන්නේ ඉන් අඩකටත් වඩා අඩු ප‍්‍රමාණයකි.
මෙම බලපත‍්‍ර ගැනීමට මහජනයා පාන්දර 5.00 සිට පෝලීමේ සිටිනු දක්නට ලැබේ. මීට අමතරව ආයතනයේ දූෂිත නිලධාරින්ට අල්ලස් දීමටද අසරණ ජනතාවට සිදුවී ඇත. උදේ පාන්දර සිට පෝළිමේ සිටියත් බලපත‍්‍ර ලබා ගත නොහැකිව විශාල පිරිස් ආපසු හැරී යන අවස්ථාද බහුලය.
වඩා හොඳ රියදුරු බලපත‍්‍රයක් ලබා දෙන බව පැවසුවත් එම රියදුරු බලපත‍්‍රයේ ඡයාරූපය හඳුනා ගැනීමටවත් නොහැකි තත්ත්වයේ ඇති අතර එහි අඩංගු විස්තර කියවීමට පවා අසීරුය. ඊට අමතරව එම පුද්ගලික ආයතනය රියදුරු බලපත‍්‍ර පරික්‍ෂා කිරිමට පොලීසියට අවශ්‍ය උපකරණ සැපයීමට පොරොන්දු වුවද මේ දක්වා එය කෙරී නැත.
රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන්ට රියදුරු ප‍්‍රායෝගික පුහුණු පරීක්‍ෂණයට මුහුණ දීමට (ට්‍රයල්) මාස තුනක් පමණ සිටිය යුතුය. බරවාහන බලපත‍්‍රය සඳහා සිටිය යුතු කාලය වසර දෙකකි. විදේශ රැකියා සඳහා යාමට සිටින තරුණ තරුණියන්ට මෙය බලවත් පහරක් වී ඇත. තමන්ගේ නොහැකියාව වසා ගැනීමට බොරු තර්ක ඉදිරිපත් කරමින් මේසා විශාල කාලයක් රියදුරු බලපත‍්‍රයක් නිකුත් කිරීමට ගැනීම පුදුම සහගතය. මෙම තත්ත්වය නිසා අද හොර රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම කරලියට පැමිණ ඇත.
මිට අමතරව පරණ ක‍්‍රමයට රියදුරු බලපත් නිකුත් කිරීම තවදුරටත් කර ගෙන යන අතර ගොඩගැසී ඇති ඉල්ලූම්පත් ප‍්‍රමාණය ලක්‍ෂයකට ආසන්න බව කියවේ. ඊට අමතරව නව ක‍්‍රමයට නිකුත් කරන ඉල්ලූම්පත් ප‍්‍රමාණයද දසදහස් ගණනින් ගොඩ ගැසී ඇත.
එසේ නම් මෙම තත්ත්වය යටතේ මෙවැනි දූෂිත ඵලදායිතාවයක් නැති ආයතනයකට ඵදායිතාව පිළිබඳ සම්මානයක් ලැබීම හාස්‍යයට කරුණකි.
මෙහිදී ප‍්‍රශ්ණ කිහිපයක් පැන නගී
1. ආයතනයේ මෙම තත්ත්වය පිළිබඳව ප‍්‍රවාහන ඇමති තුමා දැනුවත්ද ?
2. එම දූෂිත ගණුදෙනුව පිටුපස සිටින්නේ කවුද ?
3. මේසා විශාල මුදලක් පුද්ගලික සමාගමකට දෙන්නට කටයුතු කළේ කවුද ?
4. ලංකාවේ රියදුරන්ගේ පුද්ගලිකව වැදගත් දත්ත වල වගකීම රජයෙන් පිටතට දීමට හේතුව කුමක්ද?
5. අවසානයේ අතිවිශාල දූෂිත ආයතනයකට ඵලදායිතා සම්මානය ලබාදුන්නේ කවුද ?
Source :- http://wp.me/pI5Gy-2L




