Depression වලට බෙහෙත් ගන්න තැනක් දන්නවද Online?

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    මට වෙන්න තියෙන සේරම දේවල් වෙලා තියෙන්නේ, තව හෙණයකුත් ගැහුවා නම් ඔක්කොම කම්ප්ලීට්. මන් කලිනුත් පෝස්ට් එකක් දැම්මා මේ වගේ Negative Through එකක් ගැන විස්තර අහලා. ඒකට රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මට මේ වෙලාවෙදිත් ඔයාලගේ උදව්වක් ඕනේ මෙතනින් එහාට Move වෙන්න.

    මම ගැන සරල විස්තරයක් කියන්නම්. මාව දන්න අය දැනගනී මේ විස්තරේ කිව්වම සමහරවිට. කමක් නෑ කවදාහරි දැනගන්න ඕනේ.
    මම දුප්පත් පවුලකින් මොනවත්ම නැතුව ඉගෙනගෙන මටම කියලා දෙයක් කරගත්ත කොල්ලෙක්. පොඩි කාලේ ඉදන්ම තාත්තගේ Trauma එක්ක ජීවත් වෙලා තරුණ කාලේ වෙද්දි සෑහෙන්න බිඳිච්ච මනුස්සයෙක් විදියට මන් ගොඩනැගුනේ. පස්සේ මට හොඳ සමාජයක් එක්ක මිනිස්සු එක්ක ගණුදෙනු කරන හම්බුනා. එතනින් එහා මගේ ජීවිතේ කණපිට ගැහුනා. මම ඉගෙනගත්තා, රස්සාවක් කලා, කසාද බැන්දා, මටම කියලා වාහන ගත්තා... මේ හැමදේම ලෝකේ සම්මතයි කියලා තියෙන ස්ටෑන්ඩඩ් වලට අනුව කලා. හරිම ලස්සනට ජීවත් උනා මගේ පුංචි ලෝකේ ඇතුලේ හැමදේම ගොඩනගාගෙන.

    මීට අවුරුද්දකට කලින් වෙච්ච සිදුවීමක් හින්දා මගේ මුලු ලෝකෙම වෙලා හිටිය Wife සහ මම වෙන් වෙනවා, ඒක මගේ වැරද්දක් කියලා මන් හිතනවා. මගේ පොඩි කාලේ Trauma මට කේන්ති ගියාම මතු වෙනවා පාලනය කරගන්න බැරිවෙන්නම. මට ලේසියෙන් කේන්ති යන්නෙත් නෑ. නිතරම ජොලියේ ඉන්නේ විහිලුවක් කරගෙන ආතල් එකේ. මාව දන්න ගොඩක් අයත් මාව දකින්නේ එහෙම. ඉතින් මට පේන විදියට ගොඩක් මිනිස්සු අතර ප්‍රිය පුද්ගලයෙක් උනා මම. ඒත් මගේ ලඟම ඉන්න මනුස්සයට විටින් විට මගේ ඇතුලේ ඉන්න යක්ශයා දිගාරින්න ගත්තම මාව එපා වෙන තැනට ඒ සම්බන්ධය ආවා. එයාගේ ගෙදර අයත් මේකට සම්බන්ධ වීමත් එක්ක මන් ඒ අය එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා අවුරුද්දකට කලින් ඉඳලම. ප්‍රශ්නය Worst තත්වයකට ආවේ ඊට පස්සේ. අපි දෙන්නා දුක් මහන්සියෙන් කාටවත් බරක් නොවී තනියම ගොඩනගාගත්ත සේරම දේවල් දාලා එයා යන්න ගියා. මන් අවුල් ජාලාවක පැටලිලා ඉන්නේ කියලා මන් දන්නවා. එයා ඩිවෝස් එක දාන්නෙත් නෑ තාම. මාවත් එපා ඩිවෝස් එක ඕනේ කියන මතේ ඉන්නේ. මාත් මගේ ඊගෝ එක නිසා මට අපහාස කරලා ගිය එයා ගාව දණින් වැටෙන්නේ නැතුව මේ අඳුරු කාමරේකට වෙලා WFH විදියට ජීවත් වෙන්න ඕනේවට ජීවත් වෙනවා.

    දැන් මාසෙක විතර ඉඳලා මට දැන් හිටියා ඇති කියලා හිතෙනවා. ගොඩක් දේවල් ට්‍රයි කරලා නූලෙන් ගැස්සිලා මේ ලියන මොහොත වෙද්දිත් පණපිටින් ඉන්නවා.
    මට මේකේ දෙකෙන් එකක් ඕනේ, එක්කො මගේ කලින් තිබ්බ ලස්සන ජීවිතය ආයේ පටන් ගන්න ඕනේ තනියම හෝ වෙන කෙනෙක් එක්ක හරි, එහෙම නැත්තන් ඉක්මනට යන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට මේ වෙලාවේ කිසිම පාරක් පැහැදිලිව පේන්නේ නෑ. කියන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඔයලා දන්න කවුරුහරි ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්න මට Online ප්‍රතිකාර ගන්න පුලුවන්. මේ වෙච්ච දේවල් එක්ක ෆයිනෑන්ශලි ෆක් වෙලා ඉන්න නිසා ලොකු ගණන් වියදම් කරන්න පුලුවන්කමක් නෑ. (මන් Freelance කරන්නේ, කලින් මාසෙකට 150,000ක් විතර හම්බකරපු ක්ලයන්ට් බේස් එකක් මෝඩයෙක් වගේ නැති කරගෙන දැන් කාලා බීලා ශේප් එකේ ඉන්න පුලුවන් ගානට ඉන්නේ එහෙම නොකර බැරි නිසා.)

    එහෙම නැත්තන් ඔයාලත් මේ වගේ සිටුවේශන් එකකින් ගොඩ ආපු කෙනෙක් නම් මට ඇඩ්වයිස් එකක් දීලා යන්න මේකෙන් ගොඩ එන්න.
    මෙච්චර වෙලා මගේ මේ හෑල්ල ඔයාලගේ ටයිම් එක නාස්ති කරගෙන කියෙව්වට ස්තූතියි. සමාවෙන්න කරදරයක් උනා නම්. ❤️
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ප්‍රසිද්ද හොස්පිටල් වලට කෝල් කරලා බලපන් ඔන්ලයින් කන්සල්ට් කරන psychiastrist ල ඉන්නවද කියලා.
    එහෙම නැත්තම් ගිහින් හම්බෙයන්. මිනිසුන්ට තමා බන් ලෙඩ හැදෙන්නේ. තමන්ගේ ප්‍රශ්නෙට තමන් එපයි solution එකක් හොයා ගන්න.

    උබට ටිප්ස් කීපයක් දෙන්නම්

    මුලින් පොඩියට බ්රේක් එකක් ගනින්. පරිසරය වෙනස් කරපන්. ඔය උණවටුන, වැලිගම හරියේ පොඩි තැනක අරන් දවස් දෙක තුනක් හිටපන්. මුහුදේ නාලා බියර් එකක් ගහල පොඩි චේන්ජ් එකක ගනින්.
    උබ ඒ සයිඩ් එකේ නම් ඉන්නේ නුවරඑළියේ පලයන්.

    තව ඕන නම් හොද තායි සපා එකකට ගිහින් මසාජ් එකක් දාගනින්. පට්ට රිලැක්ස් වෙනවා ඔලුව.

    පාමසියකින් ටෝක් කරලා manorest 0.25mg tablet එක ඉල්ලගන්න බලපන් ඩොකෙක් හම්බෙන්න යනකම්. ඕකට ඔලුව relax වෙලා නින්ද යනවා හොදට . ඩොකා හම්බුනාම කියපන් එහෙම බෙහෙත් අරන් බිව්වා කියලා. හැබැයි ලොවෙත් අදුරන්නැත්තම් ඕක දෙන්නේ නෑ.
     
    වටිනවා. Thank You ❤️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    මෙකට ඩොස්තර කෙනෙක් හම්බෙලාම බෙහෙත් ගනෙන්, ඔවා අවාට ගියාට බ, ඩොසෙජ් එක, උම්බෙ බර අනුව, වයස, විශාදයෙ තරම අනුව, හර්ද ස්පන්දන වෙගය, රුදිර පීඩනය වගෙ එවා බලන්න ඔනෙ. ඔය බෙහෙත් ගන්න එක ලැජ්ජ වෙන්න කාරනයකුත් නෙමෙ.

    hondhama yaaluwa ekka yana eka thamai wadagath, thaniyen hariyanne na!
    ------ Post added on Aug 27, 2025 at 5:20 AM
     
    Thank You ❤️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    එහෙම නැත්තන් ඔයාලත් මේ වගේ සිටුවේශන් එකකින් ගොඩ ආපු කෙනෙක් නම් මට ඇඩ්වයිස් එකක් දීලා යන්න මේකෙන් ගොඩ එන්න.
    මෙච්චර වෙලා මගේ මේ හෑල්ල ඔයාලගේ ටයිම් එක නාස්ති කරගෙන කියෙව්වට ස්තූතියි. සමාවෙන්න කරදරයක් උනා නම්
    මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා බෙහෙත් ගත්තායින් පස්සෙ මාරම වෙනස් (positively). night and day difference.
     
    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා බෙහෙත් ගත්තායින් පස්සෙ මාරම වෙනස් (positively). night and day difference.
    Positive කියන එක නස්පෙටම තිබ්බා අවුරුද්දකට කලින්. කාගෙන්වත් නූල් පොටක දෙයක් නැතුව තනියෙන් මැච් එක ගැහුවේ අවුරුදු 2ක් ඇතුලත. මට මන් මේ ඉන්න තැන ගැන පසුතැවීමක් තියෙනවා. මොකද යන්නද ඉන්නද, කොහේට යන්නද කියලා හිතාගන්නවත් බැරි සිටුවේශන් එකක ඉන්නේ. බෙහෙත් ගන්න යන්න පොඩි අදිමදිකමක් තියෙනවා ඕකේ ඉන්න ඩොකාලා මොනවා අහයිද, ඒ දේවල් මට කියන්න පුලුවන් වෙයිද වගේ ගිලිටි ෆීලින් එකක්. Anyway ගිහින් හම්බෙන එක තමා Final Solution එක වෙන්නේ. :coffee:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    hondhama yaaluwa ekka yana eka thamai wadagath, thaniyen hariyanne na!
    ------ Post added on Aug 27, 2025 at 5:20 AM
    මම ඔය දෙවිදියටම ගිහින් තියනවා.

    අවුලක් උනාම යන්නේ තනියම. මුලින් පොඩි awkward ගතියක් එනවා ගුලියක් දාලා බියර් එකක් දාපුවම ඊට පස්සේ අනික්වා අදාලම නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඕකේ ඉන්න ඩොකාලා මොනවා අහයිද, ඒ දේවල් මට කියන්න පුලුවන් වෙයිද වගේ ගිලිටි ෆීලින් එකක්. Anyway ගිහින් හම්බෙන එක තමා Final Solution එක වෙන්නේ. :coffee:
    ඔය ඩොස්තරලා හොඳට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඉන්නෙ, උන් උම්බෙ අහන ප්‍රශ්න වල පිලිතුරු පත්තරෙ දාන්නෙ නැ, අනිත් එක, වල්ලෙ කෙස් එකක් ආවම උම්බල ඩොස්තරලා ට කලිසම පහත් කරලා පෙන්නන්නෙ නැද්ද, එ වගෙ තමයි. උම්බ ඔය ප්‍රශ්න ඔක්කොම ඩිග ඇරලා කියපන්, එතකොට තමයි උටත් තෙරෙන්නෙ ප්‍රශ්නෙ. ලැජ්ජයි කියලා කිසි දෙයක් හන්ගන්න එපා

    මම ඔය දෙවිදියටම ගිහින් තියනවා.

    අවුලක් උනාම යන්නේ තනියම. මුලින් පොඩි awkward ගතියක් එනවා ගුලියක් දාලා බියර් එකක් දාපුවම ඊට පස්සේ අනික්වා අදාලම නෑ.
    ඔය ප්‍රශ්නෙන් ගොඩ එනකම් බොන එවා, මල්, ගුලි ගන්න එපා.. අනිත් එක මොනාද පවිච්චි කරන දෙවල් වගෙ එවත් ඩොස්තර ඇහුවොත් කියන්න
    ------ Post added on Aug 27, 2025 at 5:29 AM
     
    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    ඔය ඩොස්තරලා හොඳට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඉන්නෙ, උන් උම්බෙ අහන ප්‍රශ්න වල පිලිතුරු පත්තරෙ දාන්නෙ නැ, අනිත් එක, වල්ලෙ කෙස් එකක් ආවම උම්බල ඩොස්තරලා ට කලිසම පහත් කරලා පෙන්නන්නෙ නැද්ද, එ වගෙ තමයි. උම්බ ඔය ප්‍රශ්න ඔක්කොම ඩිග ඇරලා කියපන්, එතකොට තමයි උටත් තෙරෙන්නෙ ප්‍රශ්නෙ. ලැජ්ජයි කියලා කිසි දෙයක් හන්ගන්න එපා
    අදම චැනල් කර යමි. ස්තූතියි 😀
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඉස්පිරිතාලෙ යන්ඩ එපා
    උන්ලග තියෙන්නෙ බෙහෙතයි දෙකයි
    හොද උනත් නැතත් දෙන්නෙ ඒටික
    හොද ඩොකෙක් අල්ලල උබට ගැලපෙන බෙහෙත සෙට් වෙනකන් ට්රයි කරපන්
    උබ කොහෙද
    Pm එකක් දාපන්
     
    • Like
    Reactions: sinhawanshaya