Depression වලට බෙහෙත් ගන්න තැනක් දන්නවද Online?

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    මට වෙන්න තියෙන සේරම දේවල් වෙලා තියෙන්නේ, තව හෙණයකුත් ගැහුවා නම් ඔක්කොම කම්ප්ලීට්. මන් කලිනුත් පෝස්ට් එකක් දැම්මා මේ වගේ Negative Through එකක් ගැන විස්තර අහලා. ඒකට රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මට මේ වෙලාවෙදිත් ඔයාලගේ උදව්වක් ඕනේ මෙතනින් එහාට Move වෙන්න.

    මම ගැන සරල විස්තරයක් කියන්නම්. මාව දන්න අය දැනගනී මේ විස්තරේ කිව්වම සමහරවිට. කමක් නෑ කවදාහරි දැනගන්න ඕනේ.
    මම දුප්පත් පවුලකින් මොනවත්ම නැතුව ඉගෙනගෙන මටම කියලා දෙයක් කරගත්ත කොල්ලෙක්. පොඩි කාලේ ඉදන්ම තාත්තගේ Trauma එක්ක ජීවත් වෙලා තරුණ කාලේ වෙද්දි සෑහෙන්න බිඳිච්ච මනුස්සයෙක් විදියට මන් ගොඩනැගුනේ. පස්සේ මට හොඳ සමාජයක් එක්ක මිනිස්සු එක්ක ගණුදෙනු කරන හම්බුනා. එතනින් එහා මගේ ජීවිතේ කණපිට ගැහුනා. මම ඉගෙනගත්තා, රස්සාවක් කලා, කසාද බැන්දා, මටම කියලා වාහන ගත්තා... මේ හැමදේම ලෝකේ සම්මතයි කියලා තියෙන ස්ටෑන්ඩඩ් වලට අනුව කලා. හරිම ලස්සනට ජීවත් උනා මගේ පුංචි ලෝකේ ඇතුලේ හැමදේම ගොඩනගාගෙන.

    මීට අවුරුද්දකට කලින් වෙච්ච සිදුවීමක් හින්දා මගේ මුලු ලෝකෙම වෙලා හිටිය Wife සහ මම වෙන් වෙනවා, ඒක මගේ වැරද්දක් කියලා මන් හිතනවා. මගේ පොඩි කාලේ Trauma මට කේන්ති ගියාම මතු වෙනවා පාලනය කරගන්න බැරිවෙන්නම. මට ලේසියෙන් කේන්ති යන්නෙත් නෑ. නිතරම ජොලියේ ඉන්නේ විහිලුවක් කරගෙන ආතල් එකේ. මාව දන්න ගොඩක් අයත් මාව දකින්නේ එහෙම. ඉතින් මට පේන විදියට ගොඩක් මිනිස්සු අතර ප්‍රිය පුද්ගලයෙක් උනා මම. ඒත් මගේ ලඟම ඉන්න මනුස්සයට විටින් විට මගේ ඇතුලේ ඉන්න යක්ශයා දිගාරින්න ගත්තම මාව එපා වෙන තැනට ඒ සම්බන්ධය ආවා. එයාගේ ගෙදර අයත් මේකට සම්බන්ධ වීමත් එක්ක මන් ඒ අය එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා අවුරුද්දකට කලින් ඉඳලම. ප්‍රශ්නය Worst තත්වයකට ආවේ ඊට පස්සේ. අපි දෙන්නා දුක් මහන්සියෙන් කාටවත් බරක් නොවී තනියම ගොඩනගාගත්ත සේරම දේවල් දාලා එයා යන්න ගියා. මන් අවුල් ජාලාවක පැටලිලා ඉන්නේ කියලා මන් දන්නවා. එයා ඩිවෝස් එක දාන්නෙත් නෑ තාම. මාවත් එපා ඩිවෝස් එක ඕනේ කියන මතේ ඉන්නේ. මාත් මගේ ඊගෝ එක නිසා මට අපහාස කරලා ගිය එයා ගාව දණින් වැටෙන්නේ නැතුව මේ අඳුරු කාමරේකට වෙලා WFH විදියට ජීවත් වෙන්න ඕනේවට ජීවත් වෙනවා.

    දැන් මාසෙක විතර ඉඳලා මට දැන් හිටියා ඇති කියලා හිතෙනවා. ගොඩක් දේවල් ට්‍රයි කරලා නූලෙන් ගැස්සිලා මේ ලියන මොහොත වෙද්දිත් පණපිටින් ඉන්නවා.
    මට මේකේ දෙකෙන් එකක් ඕනේ, එක්කො මගේ කලින් තිබ්බ ලස්සන ජීවිතය ආයේ පටන් ගන්න ඕනේ තනියම හෝ වෙන කෙනෙක් එක්ක හරි, එහෙම නැත්තන් ඉක්මනට යන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට මේ වෙලාවේ කිසිම පාරක් පැහැදිලිව පේන්නේ නෑ. කියන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඔයලා දන්න කවුරුහරි ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්න මට Online ප්‍රතිකාර ගන්න පුලුවන්. මේ වෙච්ච දේවල් එක්ක ෆයිනෑන්ශලි ෆක් වෙලා ඉන්න නිසා ලොකු ගණන් වියදම් කරන්න පුලුවන්කමක් නෑ. (මන් Freelance කරන්නේ, කලින් මාසෙකට 150,000ක් විතර හම්බකරපු ක්ලයන්ට් බේස් එකක් මෝඩයෙක් වගේ නැති කරගෙන දැන් කාලා බීලා ශේප් එකේ ඉන්න පුලුවන් ගානට ඉන්නේ එහෙම නොකර බැරි නිසා.)

    එහෙම නැත්තන් ඔයාලත් මේ වගේ සිටුවේශන් එකකින් ගොඩ ආපු කෙනෙක් නම් මට ඇඩ්වයිස් එකක් දීලා යන්න මේකෙන් ගොඩ එන්න.
    මෙච්චර වෙලා මගේ මේ හෑල්ල ඔයාලගේ ටයිම් එක නාස්ති කරගෙන කියෙව්වට ස්තූතියි. සමාවෙන්න කරදරයක් උනා නම්. ❤️
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,094
    113
    I wonder how old are you now but this is a time in your life, you are going to learn about positive and negative forces around you

    Idea is it's not necessarily the life events that cause us hardships, it's the individuals around us

    If the human, which is you, are still there, your sadness would return to normalcy, just like the waves in the mighty ocean.

    This is a time you need strong support from whoever around you and in the absence of them, you need to help yourself by your religion and with soul dates 🙂

    I am both familiar with Christianity and Buddhism and know the feeling of heeling, when I am in a large open space like the Church.

    Remember even Jesus, possibly one of the nicest individuals ever been on earth, was put in trouble by the negative forces around him so pick your choices wisely

    About psychiatric meds have a look
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගිහින් හම්බෙලා කතා කරපන් මචං
    online හරියන්නේ නැහැ ඔය ලෙඩේට
    psychologist කෙනෙක් හම්බවෙයන් :)
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    ඉස්පිරිතාලෙ යන්ඩ එපා
    උන්ලග තියෙන්නෙ බෙහෙතයි දෙකයි
    හොද උනත් නැතත් දෙන්නෙ ඒටික
    හොද ඩොකෙක් අල්ලල උබට ගැලපෙන බෙහෙත සෙට් වෙනකන් ට්රයි කරපන්
    උබ කොහෙද
    Pm එකක් දාපන්
    Muta pm Danna epa. @ThadiPollenCepaDenawa

    0707308308 - Sumithrayo

    https://srilankasumithrayo.lk/
     
    • Like
    Reactions: yousirname

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    Get back together with your wife = life
    Keep your fucking ego aside
    It hurts, for both of you
    Go talk to her
    Do counselling / Therapy
    Before it's too late

    Cheers mate 🥂
    Get it together 💪
    Bless you 💕
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඕක වෙන්නම ඕනේ කොච්චර අමරුද කියලා තේරෙන්නේ. ගොඩක් අය පිටින බලලා කියනවා මානසික ලෙඩ කියලා හැබැයි උන එකා තමා දන්නේ එකේ අමාරුව. බෙහෙත් ගනින් මාචාන් ගිහින් meds වලට ඕක අඩු වෙනවා. සතුටින් ඉඳපන් කොහොම හරි අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න නේ
     
    nidarsha91

    Well-known member
  • මට වෙන්න තියෙන සේරම දේවල් වෙලා තියෙන්නේ, තව හෙණයකුත් ගැහුවා නම් ඔක්කොම කම්ප්ලීට්. මන් කලිනුත් පෝස්ට් එකක් දැම්මා මේ වගේ Negative Through එකක් ගැන විස්තර අහලා. ඒකට රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මට මේ වෙලාවෙදිත් ඔයාලගේ උදව්වක් ඕනේ මෙතනින් එහාට Move වෙන්න.

    මම ගැන සරල විස්තරයක් කියන්නම්. මාව දන්න අය දැනගනී මේ විස්තරේ කිව්වම සමහරවිට. කමක් නෑ කවදාහරි දැනගන්න ඕනේ.
    මම දුප්පත් පවුලකින් මොනවත්ම නැතුව ඉගෙනගෙන මටම කියලා දෙයක් කරගත්ත කොල්ලෙක්. පොඩි කාලේ ඉදන්ම තාත්තගේ Trauma එක්ක ජීවත් වෙලා තරුණ කාලේ වෙද්දි සෑහෙන්න බිඳිච්ච මනුස්සයෙක් විදියට මන් ගොඩනැගුනේ. පස්සේ මට හොඳ සමාජයක් එක්ක මිනිස්සු එක්ක ගණුදෙනු කරන හම්බුනා. එතනින් එහා මගේ ජීවිතේ කණපිට ගැහුනා. මම ඉගෙනගත්තා, රස්සාවක් කලා, කසාද බැන්දා, මටම කියලා වාහන ගත්තා... මේ හැමදේම ලෝකේ සම්මතයි කියලා තියෙන ස්ටෑන්ඩඩ් වලට අනුව කලා. හරිම ලස්සනට ජීවත් උනා මගේ පුංචි ලෝකේ ඇතුලේ හැමදේම ගොඩනගාගෙන.

    මීට අවුරුද්දකට කලින් වෙච්ච සිදුවීමක් හින්දා මගේ මුලු ලෝකෙම වෙලා හිටිය Wife සහ මම වෙන් වෙනවා, ඒක මගේ වැරද්දක් කියලා මන් හිතනවා. මගේ පොඩි කාලේ Trauma මට කේන්ති ගියාම මතු වෙනවා පාලනය කරගන්න බැරිවෙන්නම. මට ලේසියෙන් කේන්ති යන්නෙත් නෑ. නිතරම ජොලියේ ඉන්නේ විහිලුවක් කරගෙන ආතල් එකේ. මාව දන්න ගොඩක් අයත් මාව දකින්නේ එහෙම. ඉතින් මට පේන විදියට ගොඩක් මිනිස්සු අතර ප්‍රිය පුද්ගලයෙක් උනා මම. ඒත් මගේ ලඟම ඉන්න මනුස්සයට විටින් විට මගේ ඇතුලේ ඉන්න යක්ශයා දිගාරින්න ගත්තම මාව එපා වෙන තැනට ඒ සම්බන්ධය ආවා. එයාගේ ගෙදර අයත් මේකට සම්බන්ධ වීමත් එක්ක මන් ඒ අය එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා අවුරුද්දකට කලින් ඉඳලම. ප්‍රශ්නය Worst තත්වයකට ආවේ ඊට පස්සේ. අපි දෙන්නා දුක් මහන්සියෙන් කාටවත් බරක් නොවී තනියම ගොඩනගාගත්ත සේරම දේවල් දාලා එයා යන්න ගියා. මන් අවුල් ජාලාවක පැටලිලා ඉන්නේ කියලා මන් දන්නවා. එයා ඩිවෝස් එක දාන්නෙත් නෑ තාම. මාවත් එපා ඩිවෝස් එක ඕනේ කියන මතේ ඉන්නේ. මාත් මගේ ඊගෝ එක නිසා මට අපහාස කරලා ගිය එයා ගාව දණින් වැටෙන්නේ නැතුව මේ අඳුරු කාමරේකට වෙලා WFH විදියට ජීවත් වෙන්න ඕනේවට ජීවත් වෙනවා.

    දැන් මාසෙක විතර ඉඳලා මට දැන් හිටියා ඇති කියලා හිතෙනවා. ගොඩක් දේවල් ට්‍රයි කරලා නූලෙන් ගැස්සිලා මේ ලියන මොහොත වෙද්දිත් පණපිටින් ඉන්නවා.
    මට මේකේ දෙකෙන් එකක් ඕනේ, එක්කො මගේ කලින් තිබ්බ ලස්සන ජීවිතය ආයේ පටන් ගන්න ඕනේ තනියම හෝ වෙන කෙනෙක් එක්ක හරි, එහෙම නැත්තන් ඉක්මනට යන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට මේ වෙලාවේ කිසිම පාරක් පැහැදිලිව පේන්නේ නෑ. කියන්න කවුරුත් ඇත්තෙත් නෑ. ඔයලා දන්න කවුරුහරි ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්න මට Online ප්‍රතිකාර ගන්න පුලුවන්. මේ වෙච්ච දේවල් එක්ක ෆයිනෑන්ශලි ෆක් වෙලා ඉන්න නිසා ලොකු ගණන් වියදම් කරන්න පුලුවන්කමක් නෑ. (මන් Freelance කරන්නේ, කලින් මාසෙකට 150,000ක් විතර හම්බකරපු ක්ලයන්ට් බේස් එකක් මෝඩයෙක් වගේ නැති කරගෙන දැන් කාලා බීලා ශේප් එකේ ඉන්න පුලුවන් ගානට ඉන්නේ එහෙම නොකර බැරි නිසා.)

    එහෙම නැත්තන් ඔයාලත් මේ වගේ සිටුවේශන් එකකින් ගොඩ ආපු කෙනෙක් නම් මට ඇඩ්වයිස් එකක් දීලා යන්න මේකෙන් ගොඩ එන්න.
    මෙච්චර වෙලා මගේ මේ හෑල්ල ඔයාලගේ ටයිම් එක නාස්ති කරගෙන කියෙව්වට ස්තූතියි. සමාවෙන්න කරදරයක් උනා නම්. ❤️
    උඹ කොහෙද ඉන්නෙ? කියපන් එන්න පුළුවන් තැනක් සෙට්වෙලා කයියක් ගහමු. නැත්තන් වරෙන් බුක්ෆෙයා එකට. උඹේ කතාව හිතේ බර නිවෙනකන් කියපන්. ඊට පස්සෙ බලමු මොකද කරන්නෙ කියල. මට නං හිතෙන විදියට වයිෆ් තාම උඹට ආදරෙයි බන්. ප්‍රශ්න නැත්තෙ කාටද බන්. ඒත් අත අරින්න එපා. ගේමක් ගහමු. සල්ලි ඕනෙ නං pm එකක් දාපන් අකවුන්ට් ඩීටේල්ස් අමාරු වෙලාවෙ උඹ එක්ක ඉඳල කොහොමහරි උඹව ගොඩ ගමු.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    Get back together with your wife = life
    Keep your fucking ego aside
    It hurts, for both of you
    Go talk to her
    Do counselling / Therapy
    Before it's too late

    Cheers mate 🥂
    Get it together 💪
    Bless you 💕
    තව එකක්, ඔය counselling එකට wife එක්ක ගියා නම් තවත් හොන්දයි
     
    • Like
    Reactions: Yeezus

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    ඔයාගෙ තත්වෙ හැටියට නම් කොහොමද දන්නෙ නෑ.හැබැයි බෙහෙත් ගන්න වැඩේ කේස් වෙන්න පුලුවන්. එකපාරක් මං psychiatric කෙනෙක්ගෙන් බෙහෙත් අරන් එක වේලයි බිව්වෙ දවස් දෙකක් විතර යනකන් හරියට වැඩක්වත් කරගන්න බැරි තරමට කේස් ගියා. ඒවගේම ඒ බෙහෙත් බොන එකෙන් side effects එන්නත් පුලුවන් අපිට හිතුන වෙලාවට නවත්තන්නත් බෑ. නැවැත්තුවොත් ඊටත් වඩා කේස්
     
    • Wow
    Reactions: Yin And Yang