Deviyo & Modern Buddhists

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පින්වත් රුචිර. මෙතන "හේතුන්ගෙන්" කියන එකෙන් ගම්‍ය වෙන්නට පුලුවන් "හේතුන් ගෙන් පසුව" කියන අර්තයක්. ඒ වගේම "හේතුන් නැති වෙන කොට" කියන කොට යමෙක් සිතනන පුලුවන් "හේතූන් නැතිවුනාට පසු" යන්නයි අර්තය කියා. නමුත් පටිච්ච සමුප්පාදයේ කියවෙන්නේ මෙය ඇති කල්හි මෙයවේ, මේ හට නො-ගන්නා කල්හි මෙය නොවේ. "මින් පසුව" යන අර්තයක් ගන්න බැහැ. ඒ ක්ෂනයක පෙර-පසු නැතිව සිදුවන්නක්. සමහර විට ඔබ එසේ අදහස් නොකලා වෙන්ටැති. එසේ වුනත් මෙය පෙන්වාදීම යුතු කමක් නිසායි දැම්මේ.

    ඉමස්මිං සති ඉදං හෝති
    ඉමස්මිං අසති ඉදං නහෝති

    ආ.. සැදැහැවත් පිස්සා ඇවිත්. මිස්ටර් ටර්ක්මෙන්ටර් පිස්සු හෝන්තුව.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බුද්ධාගමේ දෙවියො අදහන්න කියලා කොහෙවත් කියලා නැහැ බං... ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන කියලා දෙයක් ළඟා කරගත්තා සහ ඒක ළඟා කර ,ත්තාට පසු නැවත ඉපදීමක් නැහැ කියලා... ඒක ලංකා කරගන්නවා ක්‍රමය තමයි බුද්ධාගම තුල මූලික හරය වෙලා තියෙන්නේ... ඒ අනුව බුද්ධාගම යනු ආගමක් නොව මඟපෙන්වීමකි ,දර්ශනයකි...
    .. නූතන කාලකන්නි සංඝයා විසින් පිරිසිදු බුදු දහම ඉගැන්වීම පසෙකලා දෙවියන් ඇදහීම සහ ඒ තුලින් මුදල් ඉපයීම සිදු කරමින් පවතී.....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ත්‍රිපිටකය තම තමන්ම කියවලා, ඉස්සර වැඩහිටි ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ලියපු පොත් එහෙම කියවලා තමයි අද කාලෙ නම් ධර්මය ඉගෙන ගන්න වෙන්නෙ. ඒ හැරෙන්න (බහුතරයක්) එක එක ස්වාමීන්වහන්සේලාව follow කරලා ඒ දේවල්ම හරි කියලා ඒව විතරක්ම පුරුදු කරන්න ගියොත් අන්තගාමී වෙනවා, නැත්නම් වැරදි දෙයක් හරි බුදුදහම කියලා දරාගන්නවා.