DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
මම කලින් පාඩමේ ඔයාලට chmod හා බෙසික් file permission ගැන කියල දුන්න. මම හිතනව ඔයාල දැන් හොදට ඒ දේවල් ප්‍රගුණ කරල අතිකියල. මම අද කියල දෙන්නෙ පොඩ්ඩක් විතර සංකීර්ණ කරුණු කිහිපයක්. මුලින්නම කියන්නේ මේදේවල් හොදින් ඉගෙන ගන්න කවදාවත් අමතක කරන්න එපා තව කටහරිත් කියල දෙන්න. ඇයි මම එහෙම කියන්නෙ එක හේතුවක් නිසා. මම මුලින්ම ඒ ගැන කියන්නම්.
මම ඔයාලට මුලින්නම කිව්වා මම මේ UNIX / Linux ලිපිපෙළ ලියන්න ආරම්බ කලේ ඔයාලට හොද රැකියාවකට යන්න අත්වැලක් ලෙස. මම මෙහිදී යොදාගන්නෙ අවුරුදු 19ක කාලයක් තුල මම ලබාගත්තු අත්දැකීම් පදනම් කර ගනිමින් ඉගැන්වීම් ක්‍රමයකි. මේ දීර්ග කාලය තුල මා සේවය කල ආයතනයන්හි සම්මුක පරීක්ෂණ මණ්ඩල වල සාමාජිකයකු ලෙස ක්‍රියාකිරීමෙන්. උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන සිසුන්ගේ දැනුම පිළිබද යම් දැනුමක් ම හට ඇත. නවක රැකියා අයදුම් කරුවන්ගේ මම දැකපු අඩුපාඩු කම් පදනම් කරගනිමින් ඒවා මගහැර ගැනීමට පහසුවෙන ආකාරයට තමයි මෙම ලිපි පෙළ ලියන්නෙ. මම ඔයාලගෙන් ඉල්ලන්නෙ UNIX / Linux ඉගෙන ගන්න කොට පොඩි පොඩි දේවලුත් ඉගෙන ගන්න.

මම අද කියල දෙන දේ ගැන නොදන්නා පිරිස ඉතා වැඩියි. මෙම පිරිස අතරට දැනටමත් UNIX / Linux හා සම්බන්ද තොරතුරු තාක්ෂණික සේවාවන්හි රැකියාවල් කරන අයත්සිටිනව :(

දැන් එහෙනම් අපි පාඩම පටන් ගනිමු,
පසුගිය පාඩමෙන් අපි විස්තර කලේ read, write සහ execute බෙසික් file permission ගැනයි. අපි අද තරමක් සංකීරණ එමෙන්ම අනිව දැනගතයුතු permission එකක් ගැන මුලින්ම කථා කරමු (මම ඉදිරියේදී ඔයාලගෙ දැනුම වැඩිවෙන ආකාරය අනුව ටික ටික සංකීරණ permission ගැන කථා කරනව)

මේ කරුණු DevOps engineer කෙනෙක් වීමට අනිව දැනගත යුතුයි . මොකද DevOps කියන්නේ සුපර් මෑන් වගේ කෙනෙක් නිසා. :) DevOps සතුව සිස් ඇඩ්මින් ගෙන් පටන්ගෙන CEO ගෙන් අවසන් වන බැටල් එකක් එක්ක දිනපතා ගේමක් දෙන්න ශක්තිය තියෙන්න ඕන.

අපි දැන් කතා කරමු "chmod " සහ "Sticky Bit" ගැන.
ඇත්තටම මොකක්ද මේ ස්ටිකි බිට් කියන්නෙ? වචනේ හැටියට නම් ඇලෙන දෙයක්වගේ . ඕව මේ bit එක UNIX / Linux ඩිරෙක්ටරියක තියෙනවනම් ඔන්න ඒක storage එකේ තියෙන file system එකට තදින් ඇලිල තියෙනවා, එතකොට directory එක පහසුවෙන් delete කරන්න බෑ . හරියට සුපර් ග්ලූ ගැව වගේ . සුපර් ග්ලූ ගාපුවත් ගලවන්න පුළුවන් වගේම "Sticky Bit" එක තිබුනත් අපිට ඕනනම් directory එක delete කරල දන්නා පුළුවන් නමුත් හැමෝටම බෑ)

අපි මේ "Sticky Bit" එක ප්‍රධාන වශයෙන් යොදාගන්නෙ හවුලේ වැඩකරන පොදු directory සදහාය. අපිට එය මෙලෙස විස්තර කරන්න පුළුවන් .
අපි හිතමු මගේ UNIX / Linux සිස්ටම් එකේ "binix " , "winix" හා "minix" කියල users ල තුන්දෙනෙක් ඉන්නව කියල.
ඔන්න හිත හිත ඉන්න ඕන නෑ , කෙලින්නම් user එකවුන්ට් 3ක් හදාගෙන වැඩේ පටන් ගනිමු. මම කෙටියෙන් කියල දෙන්නම කොහොමද ඒක කරන්නෙ කියල.ඔයාල දැනගන්න අලුතින් user එකවුන්ට් හදන්න පුළුවන් root යුසර් ටපමණයි කියල. එක නිසා මුලින්ම ඔයාල root privileges (root ගෙ වරප්‍රසාද) අරගෙන ඉන්න ඕන. මෙන මේ විදියට අපිට root privilege ගන්න පුළුවන් . root privileges ගන්න ආකාරය ඔබ බාවිතා කරන Linux Distro එක අනුව ටිකක් වෙනස් වෙනව. Ubuntu බාවිතා කරන අය හැර අනෙක් යට මේ ආකාරයටද

ට්‍රයි su -
nix@Dell ~ $ su -
Password:
Dell ~ #
** මෙහිදී root ගේ password එක ඇතුලත් කරන්න.

Ubuntu බාවිතා කරන අය මේ ආකාරයටද
ට්‍රයි sudo -s
nix@Dell ~ $ sudo -s
[sudo] password for nix:
Dell ~ #
** මෙහිදී ඔබ ඇතුලත් කල යුත්තේ ඔබගේ user name එකට අදාල password එකයි. (root ගෙ password එක නොවේ)

දැන් අපිට root ගෙ privileges ලැබිල තියෙන්නෙ . ඊලගට අපි users තුන්දෙනා add කරමු. මේසදහා අපි useradd කියන කමාන්ඩ් එක බාවිතා කරනව. මිට අමතරව Debian බේස් කරගෙන හදපු Ubuntu වගේ Distro වල adduser කමාන්ඩ් එක බාවිතා කරන්න පුළුවන් නමුත් අපි UNIX / Linux හැම එකටම පොදු කමාන්ඩ් එකක් බාවිතා කරමු .

යුසර් binix හැදීම
ට්‍රයි useradd -m binix
Dell ~ # useradd -m binix

ට්‍රයි passwd binix
Dell ~ # passwd binix
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully
Dell ~ #


යුසර් winix හැදීම
ට්‍රයි useradd -m winix
Dell ~ # useradd -m winix

ට්‍රයි passwd winix
Dell ~ # passwd winix
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully
Dell ~ #


යුසර් minix හැදීම
ට්‍රයි useradd -m minix
Dell ~ # useradd -m minix

ට්‍රයි passwd minix
Dell ~ # passwd minix
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully
Dell ~ #

මේ වෙනකොට අපිට binix, winix සහ minix කියල තුන්දෙනෙක් ඉන්නව .
අපි දැන් binix ගෙ account එකට ලොග් වෙලා එයාගෙ හෝම් ඩිරෙක්ටරිය ඇතුලෙ අලුතින් "my_share" කියල ඩිරෙක්ටරියක් හදමු. අපි Others ලට එම දිරෙක්තරි එකත read, write සහ execute යන permission තුනම දෙමු. එකියන්නේ අන්තිම තුනේ කැල්ල මෙන්න මේ වගේ "rwx" මේක සමාන වෙනව 7 ට. හරි අපි 757 permission එක එම ඩිරෙක්ටරි එකට දෙමු.

ට්‍රයි su -l binix (මෙහිදී binix ගෙ password එක දෙන්න )
nix@Dell ~ $ su -l binix
Password:
binix@Dell ~ $

ට්‍රයි mkdir -m 757 ~/my_share
binix@Dell ~ $ mkdir -m 757 ~/my_share
binix@Dell ~ $

පොඩ්ඩක් ඉන්න ඔයාලට පුලුවන්වුනද මම දැන් දීපු කමාන්ඩ් එකේ පොඩි වෙනසක් තියෙනව කියල දැක ගන්න . අපි කලින් පාඩම් වලදී කලේ නමේ "mkdir ~/my_share" වගේ කමාන්ඩ් එකක් බාවිතා කරලා directory යක් හදපු එකනෙ . ඇයි මෙවර mkdir සමග m කියන option එක යොදල ඩිරෙක්ටරියක් සැදුවේ . මට මේ විදියට m ඔප්ෂන් එක දීමෙන් file permission එක 757 සෙට් කරගන්න පුළුවන්වුණා. හරියට "chmod 757 ~/my_share" දුන්න වගේ. දැන් ඔයාල දන්නව අපි අලුතින් directory එකක් හදන ගමන්ම ඒකට ඕනකරන permission එක m ඔප්ෂන් එක මගින් දෙන්න පුළුවන් කියල.

අපි දැන් ls පාරක් දාල බලමු
ට්‍රයි ls -l ~/my_share

binix@Dell ~ $ ls -l ~/my_share
total 0

හ්ම් අපිට "my_share" directory එකේ permission ගැන කිසිම දෙයක් ලැබුනෙ නැ. නමුත් අපිට් ලැබුනෙ "my_share" directory එක ඇතුලෙ දේවල් ගැන විස්තරයක්. මේ රිසල්ට් එකේ හැටියට directory එක හිස් (total 0) කියන එක විතරයි අපිට් ලැබුනේ . (මම ඔයාලට මේ "total" කියල පෙන්නුම් කරන්න කුමක්ද කියල අන්තිමට කියන්නම්)

අපි මේ "my_share" ඩිරෙක්ටරිය හැදුවේ binix ගෙ home ඩිරෙක්ටරිය (~) ඇතුලේ කියල ඔයාලට තේරෙනවා. අපි දැන් binix ගෙ හෝම් directory එකට ගිහිල්ල ls පාරක් දාමු .
ට්‍රයි cd ~ සහ ls -l

binix@Dell ~ $ cd ~
binix@Dell ~ $ ls -l
total 4
drwxr-xrwx 2 binix binix 4096 Jun 21 20:54 my_share
binix@Dell ~ $

හරි මේ පාර අපිට "my_share" කියන directory එකේ විස්තර ටික පේනවා . දැන් ඔයාලට මෙහෙම හිතෙනව ඇති . අපිට යම්කිසි ඩිරෙක්ටරි එකක විස්තරයක් දැනගන්න ඕන වෙලාවට අපි ඒ ඩිරෙක්ටරියේ මවු ඩිරෙක්ටරියට ගොස් ls කල යුතුයි කියල. අපි එහෙම කරන්න ඕන නෑ. අපිට කෙලින්ම ls වලින් විස්තර ටික ගන්න පුලුවන් . එකට අපි ls ට d ඔප්ෂන් එක දෙන්න ඕන. මෙන්න මේ විදියට .

ට්‍රයි ls -dl ~/my_share
binix@Dell ~ $ ls -dl ~/my_share
drwxr-xrwx 2 binix binix 4096 Jun 21 20:54 /home/binix/my_share
binix@Dell ~ $

අපිට අන්තිමට මෙහෙම කියන්න පුළුවන්
ls -l <directory_name> යෙදුවිට අපිට <directory_name> එක ඇතුලේ තිබෙන files සහ directories ලැයිස්තුවක් ලබාගතහැකි අතර
ls -dl <directory_name> යෙදුවිට අපිට <directory_name> එකේ විස්තර පමණක් ලබා ගැනීමට හැකි බව.


දැන් binix එයාගේ my_share ඩිරෙක්ටරිය ඇතුලෙ හදනව තව අලුත් directory එකක් අපි එකට දාමු "mp3_binix" කියල
ට්‍රයි mkdir ~/my_share/mp3_binix
binix@Dell ~ $ mkdir ~/my_share/mp3_binix
binix@Dell ~ $

logout හෝ exit කමාන්ඩ් එක දීමෙන් අපිට binix ගෙන් logout වීමට පුළුවන .
binix@Dell ~ $ logout
nix@Dell ~ $


දැන් සිස්ටම් එකට winix ගෙන් ලොග් වෙලා හදනව "mp3_winix" කියල ඩිරෙක්ටරි එකක් "binix" කලින් හදපු "my_share" ඩිරෙක්ටරිය තුල. (my_share හි Others ල හට r w x තුනම තිබේ, එමනිසා සිස්ටම් එකේ සිටින ඕනෑම user කෙනෙකුට file සහ directory සැදිය හැක)
මේ බලන්න
nix@Dell ~ $ su -l winix
Password:
winix@Dell ~ $ mkdir /home/binix/my_share/mp3_winix
winix@Dell ~ $

දැන් අපි "my_share" එකට ls පාරක් දාමු . මෙන්න මේ වගේ .
winix@Dell ~ $ ls -l /home/binix/my_share/
total 8
drwxrwxr-x 2 binix binix 4096 Jun 21 21:05 mp3_binix
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
winix@Dell ~ $

logout හෝ exit කමාන්ඩ් එක දීමෙන් අපිට winix ගෙන් logout වීමට පුළුවන .
winix@Dell ~ $ logout
nix@Dell ~ $


ඉහත ආකාරයෙන්ම අපි minix ගෙන් ලොග් වෙලා හදනව "mp3_minix" කියල ඩිරෙක්ටරි එකක් "binix" ට අයිති "my_share" ඩිරෙක්ටරිය ඇතුලෙ.

nix@Dell ~ $ su -l minix
Password:
minix@Dell ~ $ mkdir /home/binix/my_share/mp3_minix
minix@Dell ~ $

දැන් අපි "my_share" එකට ls පාරක් දාමු
minix@Dell ~ $ ls -l /home/binix/my_share/
total 12
drwxrwxr-x 2 binix binix 4096 Jun 21 21:05 mp3_binix
drwxrwxr-x 2 minix minix 4096 Jun 21 21:22 mp3_minix
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
minix@Dell ~ $

logout හෝ exit කමාන්ඩ් එක දීමෙන් අපිට minix ගෙන් logout වීමට පුළුවන .
minix@Dell ~ $ logout
nix@Dell ~ $

දැන් අපි binix ගෙ "my_share" දිරෙක්ටරිය ඇතුලෙ "mp3_binix","mp3_minix" සහ "mp3_winix" කියල ඩිරෙක්ටරි 3ක් හැදුව. ඒවගේම අපි දන්නව binix හදපු "mp3_binix" ඩිරෙක්ටරිය ඕනෑම user කෙනෙකුට delete කරන්න පුළුවන් කියල. මොකද "my_share" ඩිරෙක්ටරි එකට තියෙන්නේ "757" ඒකියන්නෙ "rwxr-xrwx" මෙහි Others ලට r w x යන තුනම හිමි වෙලා තියෙනව . w තියෙන නිසා create කරන්න සහ delete කරන්න පුළුවන්.

දැන් අපි minix ගෙන් ලොග් වෙලා binix ගෙ "mp3_binix" ඩිරෙක්ටරිය delete කරමු .
මුලින්ම
nix@Dell ~ $ su -l minix
Password:

ට්‍රයි rm -r /home/binix/my_share/mp3_binix
minix@Dell ~ $ rm -r /home/binix/my_share/mp3_binix
rm: remove write-protected directory '/home/binix/my_share/mp3_binix'? y
minix@Dell ~ $

අපි "mp3_binix" එක delete කරන්නට යෑමේදී mp3_binix හි Owner "minix" නොවන නිසා මෙම ප්‍රශ්නය අසන ලදී "rm: remove write-protected directory '/home/binix/my_share/mp3_binix'?" අපි එයට පිළිතුර ලෙස "y" සදහන් කිරීමෙන් "mp3_binix" ඩිලීට් වුණා . අපිට /home/binix/my_share ඩිරෙක්ටරිය ls කිරීමෙන් එය තහවුරු කරගත හැක.

minix@Dell ~ $ ls -l /home/binix/my_share
total 8
drwxrwxr-x 2 minix minix 4096 Jun 21 21:22 mp3_minix
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
minix@Dell ~ $


අපි ඊළගට binix ගෙන් ලොග් වී නැවත වරක් "mp3_binix_new" නමින් නව ඩිරෙක්ටරියක් සදගනිමු .

nix@Dell ~ $ su -l binix
Password:
binix@Dell ~ $ mkdir /home/binix/my_share/mp3_binix_new
binix@Dell ~ $ ls -l /home/binix/my_share
total 12
drwxrwxr-x 2 binix binix 4096 Jun 21 22:04 mp3_binix_new
drwxrwxr-x 2 minix minix 4096 Jun 21 21:22 mp3_minix
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
binix@Dell ~ $

දැන් මම ඔයාලට "Sticky Bit" එක binix ගෙ "my_share" ඩිරෙක්ටරියට ( /home/binix/my_share) සෙට් කරන විදිය කියල දෙන්නම්. අපි ඒ සදහාත් යොදාගන්නේ chmod මයි.
ප්‍රථමයෙන්ම "my_share" ඩිරෙක්ටරියේ දැනට පවතින permission ටික මතක් කරගනිමු . හරි අපි එයට දුන්නෙ "rwxr-xrwx" (757)

ඊළගට binix ගෙන් ලොග් වෙලා මෙන් මේ කමාන්ඩ් එක බාවිතා කිරීමෙන් අපිට "Sticky Bit" එක සෙට් කරගන්න පුළුවන්.

ට්‍රයි chmod o+t ~/my_share හෝ chmod +t ~/my_share (මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ )
binix@Dell ~ $ chmod o+t ~/my_share
binix@Dell ~ $

දැන් ls පාරක් දෙමු

ට්‍රයි ls -dl ~/my_share
binix@Dell ~ $ ls -dl ~/my_share
drwxr-xrwt 5 binix binix 4096 Jun 21 22:04 /home/binix/my_share
binix@Dell ~ $

දැන් අපි "chmod o+t" දීමට පෙර සහ පසු "my_share" directory එකේ permission ටික සංසන්දනය කරලා බලමු.

පෙර "rwxr-xrwx"
පසු "rwxr-xrwt"

ඔයාලට එකපාරටම මේක වෙනසක් ඇසට නොපෙනෙන්න පුළුවන්, කමක් නෑ මම කියන්නම් මොකක්ද වෙනස කියල. ඔයාල බල්ලන්න Others ලට අයිති තුනේ කෑල්ල දෙස. දැක්ක නේද Otehrs ගෙ කලින් තිබුන x වෙනුවට දැන් තියෙන්නෙ t එකක් කියල . මෙන මේ t එක තමයි "Sticky Bit" නියෝජනය කරන්නෙ.

දැන් අපි නැවතත් minix ගෙන් ලොග් වෙලා binix විසින් හදන ලද "mp3_binix_new" කියන ඩිරෙක්ටරිය delete කරමු.

binix@Dell ~ $ logout
nix@Dell ~ $ su -l minix
Password:
minix@Dell ~ $ rm -r /home/binix/my_share/mp3_binix_new
rm: remove write-protected directory '/home/binix/my_share/mp3_binix_new'? y
rm: cannot remove '/home/binix/my_share/mp3_binix_new': Operation not permitted
minix@Dell ~ $

හ්ම් මේ පාරනම් delete වුනේ නෑ. මේ බලන්න කියල තියන දේ "rm: cannot remove '/home/binix/my_share/mp3_binix_new': Operation not permitted". ඒ කියන්නෙ "Sticky Bit" එක වැඩකරලා තියෙන බව තමයි.

අපි දැන් බලමු minix ට පුලුවන්ද කියල winix හදපු "mp3_winix" එක delete කරන්න පුලුවන්ද කියල .
minix@Dell ~ $ rm -r /home/binix/my_share/mp3_winix
rm: remove write-protected directory '/home/binix/my_share/mp3_winix'? y
rm: cannot remove '/home/binix/my_share/mp3_winix': Operation not permitted

හ්ම් "mp3_winix" එකත් බැ තමයි.

දැන් බලමු minix ට එය හදපු "mp3_minix" එකවත් delete කරන්න පුලුවන්ද කියල .
minix@Dell ~ $ rm -r /home/binix/my_share/mp3_minix
minix@Dell ~ $

හරි ඒකනම් පුලුවන්වුනා. අපි ls පාරක් දීල චෙක් කරගනිමු.
minix@Dell ~ $ ls -l /home/binix/my_share
total 8
drwxrwxr-x 2 binix binix 4096 Jun 21 22:04 mp3_binix_new
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
minix@Dell ~ $

ඔව් minix හදපු "mp3_minix" delete වෙලා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා කොහොමද මේ "Sticky Bit" එක වැඩ කරන්නෙ කියල.

අපි දැන් binix ගෙන් ලොග් වෙලා mp3_binix_new එක delete කරමු.
minix@Dell ~ $ logout
nix@Dell ~ $ su -l binix
Password:
binix@Dell ~ $ rm -r ~/my_share/mp3_binix_new
binix@Dell ~ $ ls -l ~/my_share
total 4
drwxrwxr-x 2 winix winix 4096 Jun 21 21:06 mp3_winix
binix@Dell ~ $

හරි binix ට mp3_binix_new ඩිලීට් කරන්න පුළුවන්.

දැන් අපිට මෙහෙම කියන්නත් පුළුවන්. යම්කිසි directory එකට Others ල හට write permission තිබුනත් එම ඩිරෙක්ටරියට "Sticky Bit" සෙට් කරලඇතිවිට. එම directory එක තුල තිබෙන files හා directories ආදිය delete කිරීමට හැකියාව ඇත්තේ ඒවායේ අයිති කරුට පමණි.

දැන් අපි "Sticky Bit" ඉවත් කරන ආකාරය බලමු .
මේ සදහා මුලින්ම root හෝ "Sticky Bit" සෙට් කිරීමට යොදාගත් user ගෙන් ලොග් විය යුතුයි . අපේ උදාහරණයේදී අපි යොදා ගත්තේ binix. අපි දැනට binix ගෙන් තමයි ලොග් වෙලා ඉන්නෙ. එක නිසා කෙලින්ම "Sticky Bit" ඉවත් කරන කමාන්ඩ් එක දෙමු.

ට්‍රයි chmod o-t ~/my_share හෝ chmod -t ~/my_share
binix@Dell ~ $ chmod o-t ~/my_share
binix@Dell ~ $

අපි ls පාරක් දීල වෙරිෆයි කරගනිමු.
binix@Dell ~ $ ls -dl ~/my_share
drwxr-xrwx 3 binix binix 4096 Jun 21 22:44 /home/binix/my_share
binix@Dell ~ $

හරි දැන් අපිට t හොයාගන්න බැ. එකියන්නේ "Sticky Bit" එක ඉවත්වෙලා කියන එක තමයි.

අද පාඩම ඉවර කරන්න කලින් මෙටිකත් කරලා බලමු .
දැන් අපි බලමු binix හදපු "my_share" කියන directory එකට. winix ට පුලුවන්ද කියල බලමු "Sticky Bit" එක සෙට් කරන්න.

binix@Dell ~ $ logout
nix@Dell ~ $ su -l winix
Password:
winix@Dell ~ $ chmod o+t /home/binix/my_share
chmod: changing permissions of '/home/binix/my_share': Operation not permitted
winix@Dell ~ $

හ්ම් winix ට බැ binix ගෙ directory එකකට "Sticky Bit" සෙට් කරන්න. එකේ තේරුම තමයි තමන්ගෙ නොවන directories වලට "Sticky Bit" සෙට් කරන්න බෑ.

හොදින් මතක තියාගන්න root ට සහ "Owner" ට පමණයි "Sticky Bit" සෙට් කරන්න හා ඉවත් කරන්න පුළුවන්.
** root ට පුළුවන් අනුන්ගෙ directory එකකට "Sticky Bit" සෙට් කරලා තිබුනත් ඒකෙ ඇතුලෙ තියෙන files සහ directories ඩිලීට් කරන්න.

දැන් මම ඔයාලට කියන්නම් අපේ UNIX / Linux සිස්ටම් එකේ පහසුවෙන්ම "Sticky Bit" එක සෙට් කරපු තැනක් බලාගන්න විදිය
ජස්ට් ls -dl /tmp
minix@Dell ~ $ ls -dl /tmp
drwxrwxrwt 19 root root 12288 Jun 21 23:33 /tmp

දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇයි /tmp එකට "Sticky Bit" සෙට් කරලා තියෙන්නේ කියල. මේ /tmp කියන directory එක ඇතුලෙ /etc/passwd ෆයිල් එකෙ ඉන්න users ල ඔක්කොටම file හා directory හදන්න පුළුවන්. නමුත් අනුන්ගෙ දේවල් delete කරන එක වළක්වන්න තමයි "Sticky Bit" සෙට් කරලා තියෙන්නේ.

/etc/passwd එකේ දේවල් මේ විදියට බලාගන්න පුළුවන්
cat /etc/passw

තව පොඩි දෙයක් මම ඔයාලට කියනව කියල කිව්ව නේද? දැන් මම මුලින් කියපු "total" ගැන කතා කරන්නයි සුදානම .

අපි ls -l කමාන්ඩ් එක දුන්නම total කියල පෙන්නන්නෙ current ඩිරෙක්ටරි එකේ තියෙන files ටික Disk Blocks කියක් used කරලා තියෙනවද කියල. Generally UNIX වල block සයිස් එක 1024 byte. ඒ වුනාට මේ අගය 512 ගුණාකාර වලින් තියාගන්න පුළුවන්.

යලිත් මෙවැනි පාඩමකින් හමුවෙමු.
ස්තුතියි!






 
Last edited: