IT / Software Engineering ක්‍ෂෙත්‍රය ගැන කෙටියෙන්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,648
    6,965
    113
    United States
    0*w2RqYABW9h3Jl1SI.jpg


    A / L රිසල්ට් වලින් පසු IT / Software Engineering පිලිබදව Degree එකක් කිරීමට බලාපොරොතතු වෙන ඔබ වෙනුවෙන් යම් අත්වැලක් වීමට මෙම සටහන ලියා තබමි.

    බොහොමයක් අයගේ අවධානය IT / Software Engineering වෙත යොමුවිමට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු සලකන්න පුළුවන්

    • රැකියා අවස්ථා බහුල විම හා ඉහල වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට හැකිවීම.
    • පෞද්ගලික අද්‍යාපනය ආයතන බහුල වීම.
    • කුඩාකාලයේ සිට පරිගණක සමග සිටිම නිසා ඇතිවුන ආසාව හා පුරුදු බව.
    මේකෙන් පලවෙනි හේතුව නිසා ඔබ මේ විෂය තෝරාගන්නවා නම් මුලින්ම දෙපාරක් හිතලා බලන්න ඕනේ. පිටින් සුන්දර ලෙස පෙනුනාට IT / Software Engineering ක්‍ෂෙත්‍රය කියන්නේ ටිකක් stressful , වැඩ වැඩි වගේම සමහරුන්ට ඉක්මනට එපා වෙන එකක් . විශේෂයෙන් වැඩිපුර වෙලාවක් පුටුවක් උඩ ඉන්න වෙන එක නම් කොහොමත් වලක්වගන්න බෑ . ඒ විතරක් නෙවේ ලංකාවේ තියන හොදම Degree එකේ Batch Top උනත් ප්‍රයෝගිකව වැඩක් කරන්න හැකියාව නැතුව Survive වෙන්න අමාරු තැනක්.

    දැන් බලමු IT / Software Engineering කියන ෆීල්ඩ් එකේ තියන විවිද අංශ ( Job Avenues )

    1. Software Engineering

    මේ කියන්නේ සරලව කියනවනම් Programming එහෙමත් නැත්නම් Coding කරන එක. Software Engineering වලදී මුලික වශයෙන්ම තියෙන්නේ software coding කරන එක. මේ අංශයෙන් ඉදිරියට යනවානම් අනිවාර්යෙන්ම එක Programming Language එකක්වත් හොදින් දැනගන්න වගේම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. වැඩිපුරම රැකියා අවස්ථා වගේම ලේසියෙන් වැඩි පඩියක් ලබන්න පුළුවන් මේ අංශයේ.

    2. Software Quality Assurance

    මේ කියන්නේ සාදන software system test කරන එක. ටෙස්ට් කරන එකේදී කරන්නේ system එක තේරුම් අරන් ඒක හරියට වැඩකරනවද කියලා බලන එක. system එකක් හොදින් තේරුම් අරන් ප්‍රයෝගිකව හිතලා test කරන්න හැකියාව ඕනේ . ඒවගේම දැන් industry එක automated testing වලට යන නිසා යම් දුරකට code කිරීමේ හැකියාවත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මට code කරන්න බෑ / අසා නැ කියල Software Quality Assurance පැත්තට යන්න එපා.

    3. Systems/Support Engineering

    Software system දාන Servers / Cloud services සම්බන්ධව තිබෙන දේවල් තමයි මේ අංශයට අදාළ වෙන්නේ. මේ පැත්තෙන් ඉදිරියට යනකොට ඒ ඒ technologies / platforms වලට අදාලව තිබෙන certifications එහෙමත් නැත්නම් සහතික ලබාගන්න එක වැදගත් වෙනවා. (උදා- AWS / Microsoft azure / Redhat වගේ ). Software system එකේ ප්‍රශ්නයක් උනාම මුලින්ම සහයට එන්නෙත් එහෙම ප්‍රශ්න නොවෙන්න වගබලා ගන්නත් වගකීම තිබෙන්නේ මේ අංශයට . Software Company විතරක් නෙවේ වෙනත් අංශ වල කම්පැනි වලත් රැකියා අවස්ථා තිබෙන අංශයක් ( උදා — බැංකු , රජයේ ආයතන )

    4. IT / Network Engineering

    IT වලදී වෙන්නේ ආයතනයක තිබෙන පරිගණක ඇතුළු අනෙක් උපකරණ නඩත්තුව , configuration වගේ දේවල් හා ආයතනයේ අයට අවශ්‍ය උපදෙස් දෙන එක. Networking කියන්නේ ඒ වගේම ආයතනයේ පරිගණක ජාලය සම්බන්ද දේවල්. IT හා Networking ගොඩක් වෙලාවට එකට යන අංශ දෙකක් ඒ නිසා දෙකම සම්බන්දව දැනුම තියෙන්න ඕනේ. මේ පැත්තෙන් ඉදිරියට යනකොට ඒ ඒ technologies / platforms වලට අදාලව තිබෙන certifications එහෙමත් නැත්නම් සහතික ලබාගන්න එක වැදගත් වෙනවා. ( උදා- Cisco CCNA ) Software Company විතරක් නෙවේ වෙනත් අංශ වල කම්පැනි වලත් රැකියා අවස්ථා තිබෙන අංශයක් ( උදා — බැංකු , රජයේ ආයතන )

    5. Business Analyst

    මේ අය තමයි software එක පාවිච්චි කරන අය එක්ක කතාබහ කරලා අවශ්‍යතාවය හරියටම අරගෙන Engineering team එකට බාර දෙන්නේ . මේ අයගේ වගකීම තමයි Engineering හා Business අතරේ අතරමැදියා විදිහට කටයුතු කරන එක. මේ පැත්තෙන් ඉස්සරහට යන්න හොද English භාෂා හැසිරවීමේ හැකියාවක් ( කතා කිරීම හා ලිවිම ) වගේම business එකක් තේරුම් ගැනීමේ හැකියාව ඕනේ. ඒවගේම තමයි Software Engineering ගැනත් දැනුමක් ඕනේ.

    මේ විෂය ගැන ඉගෙනගන්න තිබෙන ප්‍රධාන පාඨමාලා කිහිපයක් පහත තිබෙනවා

    රජයේ විශ්වවිද්‍යාල ( පුර්නකාලින )

    • Computer Science And Engineering (engineering) (University Of Moratuwa)
    • Electrical And Information Engineering (engineering) (University Of Ruhuna)
    • Information Technology(University Of Moratuwa)
    • Information Technology & Management (University Of Moratuwa)
    • Computer Science(University Of Colombo School Of Computing)
    • Computer Science(University Of Kelaniya)
    • Computer Science(University Of Jaffna)
    • Computer Science(University Of Ruhuna)
    • Computer Science(Eastern University — Trincomalee Campus)
    • Information & Communication Technology (Rajarata University Of Sri Lanka)
    • Information & Communication Technology (University Of Jaffna — Vavuniya Campus)
    • Information Systems (University Of Colombo School Of Computing)
    • Software Engineering(University Of Kelaniya)
    • Computer Science & Technology (Uva Wellassa University Of Sri Lanka)
    • Industrial Information Technology (Uva Wellassa University Of Sri Lanka)
    • Business Information Systems(special)(University Of Sri Jayewardenepura)

    රජයේ විශ්වවිද්‍යාල ( භාහිර )

    පුද්ගලික විශ්වවිද්‍යාල හා ආයතන

    ( මිට අමතරව තවත් තැන් තිබෙනවා . මම තෝරාගත්තේ මගේ අත්දැකීම් අනුව මට මුණගැසී ඇති හොද උපදිධාරින් බිහිකළ තැන් )

    ඉහත තියෙන මොන පාඨමාලාවක් හැදෑරුවත් හොදින් මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ක්‍ෂෙත්‍රය කියන්නේ බොහොම තරගකාරී එකක්. උපාදිය හා විශ්විද්‍යාලය අනුව මුලින් රස්සාවක් හොයාගැනීම හා මුල් පඩිය යම් දුරකට තීරණය වෙන්න පුළුවන් නමුත් අවුරුදු 2,3 කින් තමන්ගේ ගමන්මග තීරණය වෙන්නේ තමන්ගේම හැකියාව අනුව. තරගයෙන් දිනන්න නම් නිතරම අලුත් වෙන තාක්ෂනය එක්ක යාවත්කාලින ( update ) වෙන්න ඕනේ.

    ඒවගේම තමයි තමන්ගේ මුල් උපදියේදී හොදින් සිද්දාන්ත ගැන ඉගෙන ගන්න ඕනේ ඒ වගේම අනිවාර්යෙන් එක programming language එකක් ගැන ඉගෙන ගන්න හා coding කරන්න දැනගන්න ඕනේ. ( ඉහත තියෙන අංශ 5න් මොකක් අවසානයේ තොරගත්තත් ) . ඒවගේම තමන්ගේ උපාධියේ උගන්වන දේවල් වලට අමතරව අන්තර්ජාලයෙන් ඕනේ තරම් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒවගේ තනියෙම ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් ගැන උදාහරණ

    ඉතින් ඇත්තටම ආසාව තිබෙනවානම් අදම උනත් ඔබගේ ගමන ආරම්භ කරන්න පුළුවන්. ඔබට ජය !!!

    ( අදහස් , යෝජනා හා ප්‍රශ්න කමෙන්ටු හරහා ඉදිරිපත් කරන්න )


    1625755323250-png.134448


    හැමෝටම සුභ දවසක්...😗 :love2:🤗....
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    රජයේ විශ්වවිද්‍යාල ( පුර්නකාලින )
    • Computer Science And Engineering (engineering) (University Of Moratuwa)
    • Electrical And Information Engineering (engineering) (University Of Ruhuna)
    • Information Technology(University Of Moratuwa)
    • Information Technology & Management (University Of Moratuwa)
    • Computer Science(University Of Colombo School Of Computing)
    • Computer Science(University Of Kelaniya)
    • Computer Science(University Of Jaffna)
    • Computer Science(University Of Ruhuna)
    • Computer Science(Eastern University — Trincomalee Campus)
    • Information & Communication Technology (Rajarata University Of Sri Lanka)
    • Information & Communication Technology (University Of Jaffna — Vavuniya Campus)
    • Information Systems (University Of Colombo School Of Computing)
    • Software Engineering(University Of Kelaniya)
    • Computer Science & Technology (Uva Wellassa University Of Sri Lanka)
    • Industrial Information Technology (Uva Wellassa University Of Sri Lanka)
    • Business Information Systems(special)(University Of Sri Jayewardenepura)

    Koi bn Peradeniya?? :angry: :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරිම වැදගත් කාලින දෙයක්. හරිම සතුටුයි බන් වැදගත් ත්‍රෙඩ් එකක් වැටෙන එකට.
    දේවල් දෙක තුනක් එකතු කරන්නම්.

    1. මේ පැත්තට අයිස් පාර ගහලා කෝඩ් එකක් ගහගෙන ලොකු සලරි එකක් බලාපොරොත්තු වෙන අය මම හුගක් දැකල තියෙනවා. ඔයා මේකේ එක ටිකක් උඩට අරන් තියනවා. තව ටිකක් ගැබුර කිව්වා නම් හරි

    2. software engineering/ IT කියනේ ටිකක් වෙනස් පැති දෙකක්. SE කියන එකේදී හරිම අදහස සිස්ටම් එකක් මුල සිට අගටම නිර්මාණය කිව්වොත් හරි. මෙහෙම හිතන්න ඔයාට පොඩි රොබෝ ආම් එකක් හදන්න දෙනවා. එකේ මැකනිකල් පාට් එක සහ එලෙක්ට්‍රික් පාට එක අදාළ අය කරනවා. එතැන ඉදන් ලෝ ලෙවල් ප්රෝග්‍රමින්ග් වල ඉදන් අන්තිම රෝබෝවා මැනේජ් කරන ඇප්ලිකේෂන් එක එනකන් අයිති SE කෙනෙක්ට. IT පැත්තේ අය ගත්තොත් අර ලෝ ලෙවල් ලේයර් එක අයිති වෙන්නේ නැ . දෙන ඩේටා ටික අරගෙන management system එකක් හදන එක තමා අයිති වෙන්නේ. ඒ වගේම මේක Computer science එක්ක පටලව ගන්නත් එපා.

    ලංකාවේ කරුමෙන්ට කැම්පස් වල මේ වගේ ලෙවල් එකකට උගන්නනේ නැ . ඒ සිස්ටම් එක නම් ලොකුවටම වෙනස් වෙන්න ඕනේ. අලුතෙන් එන නංගිලා


    Business Analyst Role
    ------------------------------
    මේ අය තමයි software එක පාවිච්චි කරන අය එක්ක කතාබහ කරලා අවශ්‍යතාවය හරියටම අරගෙන Engineering team එකට බාර දෙන්නේ
    100% හරි දෙයක්. එත් මේ පැත්තට යන්න හදන අයට කියන්නේ දැන් ලංකාවේ වෙන්නේ ඕක නෙමේ. software එක හදලා ඉවර උනාම හදපු එකා එක්ක කතා කරලා අනලිස් එකක් කරන ගානට ඇවිත් තියෙන්නේ. Business Analyst කියන රෝල් එක තමා මේ පැත්තේ තියන වැදගත්ම රෝල් එක. උ තමා ගේ හදන්නේ කොහොමද කොච්චර බඩු යනවද බාස් කුලිය කොච්චර යනවද? එස්ටිමෙට් ටයිම් එක කොච්චරද වගේ වැදගත්ම දේවල් ලැබෙන දත්ත අනුව කල්පනා කරලා අවසන් නිගමනය දෙන්නේ. ඒ එන ප්‍රතිපල මත තමා Engineer කෙනෙක් සිස්ටම් එක හදන්න ගන්නේ. ඒ නිසා Business Analyst හරියටම ඉගෙන ගෙන හොද කෙනෙක් එක්ක වැඩ කලොත් ඉතාමත්ම ඉහල වැටුපක් ගන්න පුළුවන් මේකෙන් තමා


    මල්ලිලා මේ ලින්ක් වලට ගිහින් රෙජිස්ටර් වෙලා ඉගෙන ගන්න. තේරෙයි මොන තරම් ලොකු ලෙවල් එකක් අපි අල්ලන්න ඕනෙද කියල

    1. EDX කියන planform එක. මේක Harvard University එක හදපු එකක්. දැන් ලෝකෙටම ඕපන් කරලා තියෙන්නේ. මේකෙන්
    අදාළ කොස් එකට සේටෆිකෙට් එකක් ගන්නත් පුළුවන් pay කරලා. නැත්නම් කෝස් එක ෆලෝ කරන්නත් පුළුවන්
    https://www.edx.org/search?q=Computer Science


    2. Stanford Engineering Everywhere (google ලොක්කෝ දෙන්න ඉගෙන ගත්ත තැන )
    මේක තමා මම මුල ඉදන් ඉගෙන ගත්ත තැන. ඉස්සර නම් මිට වඩා හුගක් කොස් තිබ්බා ෆ්‍රී. දැන් වැදගත්ම කොස් ටික
    වතරයි තියෙන්නේ
    https://see.stanford.edu/Course/

    මේකේ තියනවා වටිනා කෝස් එකක් CS229 - Machine Learning- මේක අනිවාර්යෙන් බලන්න
    https://see.stanford.edu/Course/CS229
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    open university degree එක ගැන තියෙන විස්තරේ ටිකක් එඩිට් වෙන්න ඕන, ඒක දාල තියෙන්නේ වැරදි කැටගරි එකකට. මම දන්නා තරමින් එක බාහිර පාඨමාලාවක් නෙවෙයි, ඕපන් යුනිවසිටි එකේ හැම පාඨමාලාවක් ම අභ්‍යන්තර ශිෂ්‍යයන් විදිහට බඳවාගෙන කරන පාඨමාලා. ඕපන් එකෙත් කම්පියුටර් රිලෙටඩ් ඩිග්‍රී 3ක් තියෙනවා, ඉංජිනීරින් ෆැකල්ටි එකෙන් කම්පියුටර් ඉංජිනීරින්, සොෆ්ට්වෙයා ඉංජිනීරින්, සහ නැචුරල් සයන්ස් ෆැකල්ටි එකෙන් IT විදිහට.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    open university degree එක ගැන තියෙන විස්තරේ ටිකක් එඩිට් වෙන්න ඕන, ඒක දාල තියෙන්නේ වැරදි කැටගරි එකකට. මම දන්නා තරමින් එක බාහිර පාඨමාලාවක් නෙවෙයි, ඕපන් යුනිවසිටි එකේ හැම පාඨමාලාවක් ම අභ්‍යන්තර ශිෂ්‍යයන් විදිහට බඳවාගෙන කරන පාඨමාලා. ඕපන් එකෙත් කම්පියුටර් රිලෙටඩ් ඩිග්‍රී 3ක් තියෙනවා, ඉංජිනීරින් ෆැකල්ටි එකෙන් කම්පියුටර් ඉංජිනීරින්, සොෆ්ට්වෙයා ඉංජිනීරින්, සහ නැචුරල් සයන්ස් ෆැකල්ටි එකෙන් IT විදිහට.
    අභ්‍යන්තර එකක් මම කරනව
    ගෞරව උපාධියක් දෙන්නෙ