IT / Software Engineering ක්‍ෂෙත්‍රය ගැන කෙටියෙන්

Mr.Severus

Member
Mar 23, 2022
11
12
3
0*w2RqYABW9h3Jl1SI.jpg


A / L රිසල්ට් වලින් පසු IT / Software Engineering පිලිබදව Degree එකක් කිරීමට බලාපොරොතතු වෙන ඔබ වෙනුවෙන් යම් අත්වැලක් වීමට මෙම සටහන ලියා තබමි.

බොහොමයක් අයගේ අවධානය IT / Software Engineering වෙත යොමුවිමට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු සලකන්න පුළුවන්


  • රැකියා අවස්ථා බහුල විම හා ඉහල වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට හැකිවීම.
  • පෞද්ගලික අද්‍යාපනය ආයතන බහුල වීම.
  • කුඩාකාලයේ සිට පරිගණක සමග සිටිම නිසා ඇතිවුන ආසාව හා පුරුදු බව.
මේකෙන් පලවෙනි හේතුව නිසා ඔබ මේ විෂය තෝරාගන්නවා නම් මුලින්ම දෙපාරක් හිතලා බලන්න ඕනේ. පිටින් සුන්දර ලෙස පෙනුනාට IT / Software Engineering ක්‍ෂෙත්‍රය කියන්නේ ටිකක් stressful , වැඩ වැඩි වගේම සමහරුන්ට ඉක්මනට එපා වෙන එකක් . විශේෂයෙන් වැඩිපුර වෙලාවක් පුටුවක් උඩ ඉන්න වෙන එක නම් කොහොමත් වලක්වගන්න බෑ . ඒ විතරක් නෙවේ ලංකාවේ තියන හොදම Degree එකේ Batch Top උනත් ප්‍රයෝගිකව වැඩක් කරන්න හැකියාව නැතුව Survive වෙන්න අමාරු තැනක්.

දැන් බලමු IT / Software Engineering කියන ෆීල්ඩ් එකේ තියන විවිද අංශ ( Job Avenues )

1. Software Engineering

මේ කියන්නේ සරලව කියනවනම් Programming එහෙමත් නැත්නම් Coding කරන එක. Software Engineering වලදී මුලික වශයෙන්ම තියෙන්නේ software coding කරන එක. මේ අංශයෙන් ඉදිරියට යනවානම් අනිවාර්යෙන්ම එක Programming Language එකක්වත් හොදින් දැනගන්න වගේම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. වැඩිපුරම රැකියා අවස්ථා වගේම ලේසියෙන් වැඩි පඩියක් ලබන්න පුළුවන් මේ අංශයේ.

2. Software Quality Assurance

මේ කියන්නේ සාදන software system test කරන එක. ටෙස්ට් කරන එකේදී කරන්නේ system එක තේරුම් අරන් ඒක හරියට වැඩකරනවද කියලා බලන එක. system එකක් හොදින් තේරුම් අරන් ප්‍රයෝගිකව හිතලා test කරන්න හැකියාව ඕනේ . ඒවගේම දැන් industry එක automated testing වලට යන නිසා යම් දුරකට code කිරීමේ හැකියාවත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මට code කරන්න බෑ / අසා නැ කියල Software Quality Assurance පැත්තට යන්න එපා.

3. Systems/Support Engineering

Software system දාන Servers / Cloud services සම්බන්ධව තිබෙන දේවල් තමයි මේ අංශයට අදාළ වෙන්නේ. මේ පැත්තෙන් ඉදිරියට යනකොට ඒ ඒ technologies / platforms වලට අදාලව තිබෙන certifications එහෙමත් නැත්නම් සහතික ලබාගන්න එක වැදගත් වෙනවා. (උදා- AWS / Microsoft azure / Redhat වගේ ). Software system එකේ ප්‍රශ්නයක් උනාම මුලින්ම සහයට එන්නෙත් එහෙම ප්‍රශ්න නොවෙන්න වගබලා ගන්නත් වගකීම තිබෙන්නේ මේ අංශයට . Software Company විතරක් නෙවේ වෙනත් අංශ වල කම්පැනි වලත් රැකියා අවස්ථා තිබෙන අංශයක් ( උදා — බැංකු , රජයේ ආයතන )

4. IT / Network Engineering

IT වලදී වෙන්නේ ආයතනයක තිබෙන පරිගණක ඇතුළු අනෙක් උපකරණ නඩත්තුව , configuration වගේ දේවල් හා ආයතනයේ අයට අවශ්‍ය උපදෙස් දෙන එක. Networking කියන්නේ ඒ වගේම ආයතනයේ පරිගණක ජාලය සම්බන්ද දේවල්. IT හා Networking ගොඩක් වෙලාවට එකට යන අංශ දෙකක් ඒ නිසා දෙකම සම්බන්දව දැනුම තියෙන්න ඕනේ. මේ පැත්තෙන් ඉදිරියට යනකොට ඒ ඒ technologies / platforms වලට අදාලව තිබෙන certifications එහෙමත් නැත්නම් සහතික ලබාගන්න එක වැදගත් වෙනවා. ( උදා- Cisco CCNA ) Software Company විතරක් නෙවේ වෙනත් අංශ වල කම්පැනි වලත් රැකියා අවස්ථා තිබෙන අංශයක් ( උදා — බැංකු , රජයේ ආයතන )

5. Business Analyst

මේ අය තමයි software එක පාවිච්චි කරන අය එක්ක කතාබහ කරලා අවශ්‍යතාවය හරියටම අරගෙන Engineering team එකට බාර දෙන්නේ . මේ අයගේ වගකීම තමයි Engineering හා Business අතරේ අතරමැදියා විදිහට කටයුතු කරන එක. මේ පැත්තෙන් ඉස්සරහට යන්න හොද English භාෂා හැසිරවීමේ හැකියාවක් ( කතා කිරීම හා ලිවිම ) වගේම business එකක් තේරුම් ගැනීමේ හැකියාව ඕනේ. ඒවගේම තමයි Software Engineering ගැනත් දැනුමක් ඕනේ.

මේ විෂය ගැන ඉගෙනගන්න තිබෙන ප්‍රධාන පාඨමාලා කිහිපයක් පහත තිබෙනවා


රජයේ විශ්වවිද්‍යාල ( පුර්නකාලින )

  • Computer Science And Engineering (engineering) (University Of Moratuwa)
  • Electrical And Information Engineering (engineering) (University Of Ruhuna)
  • Information Technology(University Of Moratuwa)
  • Information Technology & Management (University Of Moratuwa)
  • Computer Science(University Of Colombo School Of Computing)
  • Computer Science(University Of Kelaniya)
  • Computer Science(University Of Jaffna)
  • Computer Science(University Of Ruhuna)
  • Computer Science(Eastern University — Trincomalee Campus)
  • Information & Communication Technology (Rajarata University Of Sri Lanka)
  • Information & Communication Technology (University Of Jaffna — Vavuniya Campus)
  • Information Systems (University Of Colombo School Of Computing)
  • Software Engineering(University Of Kelaniya)
  • Computer Science & Technology (Uva Wellassa University Of Sri Lanka)
  • Industrial Information Technology (Uva Wellassa University Of Sri Lanka)
  • Business Information Systems(special)(University Of Sri Jayewardenepura)

රජයේ විශ්වවිද්‍යාල ( භාහිර )

පුද්ගලික විශ්වවිද්‍යාල හා ආයතන

( මිට අමතරව තවත් තැන් තිබෙනවා . මම තෝරාගත්තේ මගේ අත්දැකීම් අනුව මට මුණගැසී ඇති හොද උපදිධාරින් බිහිකළ තැන් )

ඉහත තියෙන මොන පාඨමාලාවක් හැදෑරුවත් හොදින් මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ක්‍ෂෙත්‍රය කියන්නේ බොහොම තරගකාරී එකක්. උපාදිය හා විශ්විද්‍යාලය අනුව මුලින් රස්සාවක් හොයාගැනීම හා මුල් පඩිය යම් දුරකට තීරණය වෙන්න පුළුවන් නමුත් අවුරුදු 2,3 කින් තමන්ගේ ගමන්මග තීරණය වෙන්නේ තමන්ගේම හැකියාව අනුව. තරගයෙන් දිනන්න නම් නිතරම අලුත් වෙන තාක්ෂනය එක්ක යාවත්කාලින ( update ) වෙන්න ඕනේ.

ඒවගේම තමයි තමන්ගේ මුල් උපදියේදී හොදින් සිද්දාන්ත ගැන ඉගෙන ගන්න ඕනේ ඒ වගේම අනිවාර්යෙන් එක programming language එකක් ගැන ඉගෙන ගන්න හා coding කරන්න දැනගන්න ඕනේ. ( ඉහත තියෙන අංශ 5න් මොකක් අවසානයේ තොරගත්තත් ) . ඒවගේම තමන්ගේ උපාධියේ උගන්වන දේවල් වලට අමතරව අන්තර්ජාලයෙන් ඕනේ තරම් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒවගේ තනියෙම ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් ගැන උදාහරණ


ඉතින් ඇත්තටම ආසාව තිබෙනවානම් අදම උනත් ඔබගේ ගමන ආරම්භ කරන්න පුළුවන්. ඔබට ජය !!!

( අදහස් , යෝජනා හා ප්‍රශ්න කමෙන්ටු හරහා ඉදිරිපත් කරන්න )


1625755323250-png.134448


හැමෝටම සුභ දවසක්...😗 :love2:🤗....
රජයේ විශ්වවිද්‍යාල වල මීට අමතරව Pera Computer Engineering Degree එක, ජපුර computer Engineering Degree එක, සබරගමුවේ අලුතෙන් පටන් ගත්ත Software Engineering Degree එක, Moratuwa Artificial Intelligence Degree එක තියෙනවා.
 

Mr.Severus

Member
Mar 23, 2022
11
12
3
Bump


Pera computer science ekak thiyanwada,campus book eke nane
------ Post added on Nov 8, 2021 at 8:31 AM
ඒකට මුලින් Engineering යන්න ඔනේ. First year ඉවර වෙද්දි exam results wlin කැමති field එක තෝරගන්න පුලුවන්. එතනදි තෝරගන්න පුල්වන් result එකක් තිබ්බොත් විතරයි ඒකට යන්න පුලුවන්.
 

Mr.Severus

Member
Mar 23, 2022
11
12
3
Computer science wenama faculty tynwanh oya kalin dala tynwa wge.maths krpu ayata vtri dnna taramin krnna plwn.Pera CS eka physical eka assed khd tynne hriytma dn nee.
Computer science danna trmin hdi starting salary unt gdk hdi.
Pera වල CS faculty එකක් නෑ වෙනම. Physical ගිහින් CS subject එකක් විදිහට තෝරගන්න පුලුවන්. නැත්නම් මන් උඩ කියල තියෙන විදිහට engineering ගිහින් computer engineering කරන්න පුලුවන්.
Colombo, kelaniya ,ruhuna wge gattot Computer science kiyla වෙනම degree ප්‍රොගැම එකක් තියෙනව. ඊට අමතරව physical වගේ ගිහිල්ලත් subject තෝරගද්දි CS subjects තෝරගන්න පුලුවන්.