DFCC Credit Card ප්‍රශ්ණයක් 








මචං අපේ office එකට ආව DFCC Credit Card agentල වගයක්. උන් ටෝක් කරල paysheet එහෙම බලල කිවුව අනිවා credit limit එක අවම 100, 000 ලැබෙනව, card එක free දෙන්නෙ අවුරුද්දකට ඕන්නම් ඒ අතර cancel කරගන්න පුලුවන් කියල. ඒ නිසා credit limit එක 100,000වත් නැත්නම් හරි card එක සෙට් වෙන්නෙ නැත්නම් හරි card එක cancel කරගන්න පුලුවන් නිසා මමත් apply කලා. මෙන්න ඒ පාර card center එකෙන් call කරල කියපි credit limit එක 50,000යි කියල. මං ආයෙ call කරල කිවුව card එක cancel කරන්න කියල. එතනින් කිවුව branch එකට ගිහින් letter එකක් දෙන්න කියල. මට bank එකට යන්න වෙලාවක් set වුනේ නෑ exam එකක් නිසා. මං සතියකින් විතර යන්න හිටියෙ තාම card එක active කරලත් නැති නිසා. මෙන්න ඒ අතරෙ මට මැසේජ් එකක් එනව මගෙ රු. 1900ක් outstanding තියෙනව කියල. මං තව card එක අතට අරන් වත් active කරලත් නෑ. මොකක්ද බන් මේකට කරන්නෙ. මං මේ bank එකට යන්න කලින් advice එකක් ගන්න බැලුවෙ.






Last edited: