ශ්‍රී ලංකාවේ Assemble කරනු ලබන වාහන අතරෙන් ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නවීන පෙනුමකින් සමන්විත රථයක් ලෙස DFSK 580 රථය අභිමානයෙන් දැක්විය හැක. SUV රථයක් ලෙස නිර්මාණයකර ඇති මෙම රථයෙහි මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන නවීන තාක්ෂණයන් බොහොමයක් භාවිතා කර ඇත. විශේෂයෙන්ම මෙහි ඇති උපාංග හා ආරක්ෂාව සැලකීමේදී මෙම රථය යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොට නිර්මාණය වන්නක් ලෙස අපට හඳුනාගත හැක. එබැවින් ඉහළ තාක්ෂණයකින් හා වඩා වැඩි ආරක්ෂාව කින් යුතු යුතුව ශ්‍රී ලංකාවේ එකලස් වන්නා වූ මෙම රථය ඉන්දුනීසියාවේ නිර්මාණය වන්නකි. DFSK 580 රථය ආසන 7 කින් යුක්ත රථයක් වන අතර ලංකාවේ සීයට 30ක අමතර කොටස් දායකත්වයකින් යුතුව ලංකාවේදී එකලස් වීම සිදුවේ. මෙතරම් ඉහළ තාක්ෂණයකින් යුක්ත රථයක් ශ්‍රී ලංකාවේ දී එකලස් වීමත් එහි අමතර කොටස් සඳහා සියයට 30ක දායකත්වයක් ලංකාවෙන් සිදුවීමක් තුළ අපට ද ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බර විය හැකි අතර මෙමගින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව ද මනාව පැහැදිලිවේ.
Engine
1.5L ධාරිතාවයකින් යුතු මෙම එන්ජිම DVVT (Dynamic variable valve timing) තාක්ෂණය සහිත එන්ජිමක් වේ. එමෙන්ම ටර්බෝ චාජරයකින් හා intercooler තාක්ෂණයෙන් මෙම රථයේ එන්ජිම බලගන්වා ඇත.
මෙම එන්ජිම 110kW ඉහළ බලයකින් යුක්ත වන අතර මෙහි ව්‍යවර්තය 230 Nm ක් වේ. මෙම එන්ජිමෙහි ව්‍යවර්තය සැලකීමේදී විශේෂ අවස්ථා තුනක් දැක් විය හැක.
- ඉහල ව්‍යවර්තය අගයක් පැවතීම - 230 Nm ක් වැනි අගයක්
- අඩු එන්ජින් වේගයකදී එම ඉහළ ව්‍යවර්තය අගයට ළඟා වීම - එන්ජිමෙහි වේගය 1800 rpm වැනි අගයකදී
- ළඟාවූ ඉහළ ව්‍යවර්තය අගය 4000 rpm දක්වා ස්ථිරව පවත්වා ගැනීම - Flat torque curve
CVT transmission
ස්වයංක්‍රිය ගියර පද්ධතියක් සහිත මෙම රථයට CVT ආකාරයේ Transmission පද්ධතියක් එක්කර ඇත. ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). එමෙන්ම මෙම ගියර පෙට්ටිය manually ගියර මාරුකලහැකි Triptronic තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කොට ඇත. CVT තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත. මෙම රථයෙහි ස්වයංක්‍රිය ගියර පද්ධතිය supply කරනු ලබන්නේ ලොව ප්‍රසිද්ධ Punch Powertrain ආයතනයෙනි. එමෙන්ම මෙම රථයෙහි ගියර පද්ධතිය සඳහා Snow mood ස්විචයක් ඇති අතර හිම සහිත රටවල දී හිම මත ලිස්සා නොයමින් ධාවනය කිරීම සඳහා මෙය වැදගත් වේ. නමුත් ශ්‍රී ලංකාවේදී මෙය එතරම් වැදගත් නොවුවත් ලිස්සන මතුපිටක රථය ධාවනය කිරීමේදී මෙම Option එක ඔබට භාවිතයට ගත හැක. මෙවන් වූ option මගින් ද පැහැදිලි වන්නේ මෙම රථය විශේෂයෙන් ම යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොට නිර්මාණය වන රථයක් බවයි.
SRS Airbags
අනතුරකදී රියදුරුගේ හා අනෙක් මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම රථයේ Airbag පද්ධතියක් ඇතුළත්කොට ඇත. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය වන්නේ අනතුරකදී මගීන්ගේ ආරක්ෂාව සඳහා side air air bag පද්ධතියක්ද මෙම රථයට ඇතුළත් කොට තිබීමයි. එහිදී ඉදිරිපස ගමන් ගන්නා මගීන්ගේ ආසන තුළ රඳවා ඇති විශේෂ airbag පද්ධතියක් මගින් ඔවුන්ව පැත්තෙන් සිදුවන කම්පනයන් ගෙන් ආරක්ෂාව සලසනු ලබයි
Tire Pressure Monitoring System (TPMS)
මෙම රථයට Tire Pressure Monitoring System එකක් ඇතුලත් කොට ඇති අතර එමගින් නිරන්තරයෙන්ම රථයෙහි රෝද 4 හි පවත්නා වායු පීඩනය රියදුරාට දක්වනු ලබයි. එම පහසුකම නිසා ඔහුට විටින් විට ටයරයන් හී පීඩනය මැන බැලීම අවශ්‍ය නොවන අතර යම් ටයර් එක පීඩනයෙහි අඩුවක් පවතින්නේ නම්වහාම ඒ බව රියදුරාට මෙම පද්ධතිය මගින් දැනුම් දෙනු ලබයි. මෙම පද්ධතිය හේතුවෙන් ටයරයෙහි පැවතිය යුතු නිවැරදි පීඩනය අඛණ්ඩව පවත්වා ගත හැකි බැවින් එය ටයරයෙහි කල් පැවැත්මට මෙන්ම රථයේ හා මගීන්ගේ ආරක්ෂාවටද ඉතා වැදගත් වේ.
Cruise Control system
Cruise control පද්ධතියක් මෙම රථයට ඇතුළත් කර ඇති අතර අධිවේගී මාර්ගයක වැනි ස්ථානයක එක දිගට රථය දීර්ඝ වේලාවක් ධාවනය කිරීමේදී රියැදුරුට ඇති වන විඩාව මග හැරීම සඳහා මෙය වැදගත් වේ . එහිදී ඔහුට අවශ්‍ය ස්ථිර වේගයක රථය ගමන් කිරීමට සලස්වා ත්වර පාදිකයෙන් (accelerator) කකුල ඉවතට ගත හැක. එමෙන්ම රියදුරට ඕනෑම මොහොතක මෙම පද්ධතිය අක්‍රිය කළ හැකි අතර තිරිංග යෙදීමක දී මෙම පද්ධතිය ස්වයංක්‍රියවම අක්‍රිය විම සිදුවේ.
Electric Parking Brake
මෙම රථයෙහි Parking break සඳහා විශාල ප්‍රමාණයේ ලීවරයක් නොමැති අතර එය ඉලෙක්ට්‍රොනික ස්විච්යක් ආධාරයෙන් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි ආකාරයට නිර්මාණය කර ඇත. එමෙන්ම Seat belt පැළඳ ගියරය D අවස්ථාවට යේදීමෙන් පසු, Acceleratorය ක්‍රියාත්මක කිරීමත් සමගම ස්වයංක්‍රියව Parking brake ක්‍රියාවිරහිතවීම ද ධාවනය වඩා පහසු කරන්නකි.
Sunroof
ස්වභාවික පරිසරයේ අසිරිය වඩා වැඩියෙන් අත්විඳීම සඳහා මෙම රථයට sunroof පහසුකම් ද ලබා දී ඇත. තවද එය රථයෙහි ආකර්ෂණීය පෙනුම වැඩි කිරීමටද දායක වී ඇත.
Power Shutter Operation by remote key
මෙම රථයෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් නම් රථයෙහි සියලුම shutters remote key එක ආධාරයෙන් ඉහළ පහල කිරීමේ හැකියාවයි.එම පහසුකම ප්‍රයෝගිකව රථය භාවිතයේ දී ඉතාමත් පහසුවක් ඔබට ගෙන දෙනු ඇත. මන්දයත් ඔබ ඉතාමත් දැඩි අව් රශ්මියක් යටතේ රථය නවත්වා ඇති අවස්ථාවකදී එහි පවතින අධික තාපය ඉවත් කිරීම සඳහා ඔබ රථය වෙත පැමිණීමට ප්‍රථමයෙන්ම යම් දුරක දී remote key එක ආධාරයෙන් රථයෙහි සියලුම shutters පහළට ගැනීම සිදුකල හැක. ඒ තුලින් හොඳ වාතාශ්‍රයක් රථය තුලය ගමන් කිරීමට සලස්වා රථය තුළ පවතින අධික තාපය ඉන් ඉවත් කිරීමේ හැකියාවහැකියාව ද මින් ඔබට සැලසේ. එමෙන්ම ඔබ රථයෙන් බැස රථය ලොක් කර ඉවතට යන අවස්ථාවකදී වුවද, යම් හෙයකින් ඔබගේ රථයේ වීදුරුවක් විවෘත විවෘතව පවතින්නේ නම් ඔබට නැවත රථය වෙත නොපැමිණ ම remote key එක ආධාරයෙන් වීදුරුව ඉහලට එසවීමේ හැකියාව ද මින් සලසා ඇත.
වැඩිදුර විස්තර සඳහා මෙතන Click කරන්න..
