Dhamma Padaya

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
වෛරය නැමැති විෂ නසන උතුම් ඖෂධය

වෛරයක් ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්*රී සිත නිසාත් වෛරය දුරු වෙලා යනවා.

ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතු වෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇති කරගැනීම යි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසා ම වෛරය නැති වෙනවා.

කරුණාව ඇති කරගන්ට මහන්සි ගනිද්දිත් නැවත නැවතත් වෛර ඇති වෙන කරුණ ම මතු වෙවී එන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනැත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම හිත හිත ඉඳල වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්*යස්ථ කරගන්න ඕන. එතකොටත් වෛරය නැති වෙනවා.

ඇතැම් අවස්ථාවල දී එහෙම කරලත් වෛරය දුරු වන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇතිවන කරුණ මෙනෙහි නො කර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නො සිතා වෙන දෙයක් ම දිගින් දිගට ම සිහි කිරීමෙන් වෛරය නැති වෙලා යනවා.

ඇතැම් විට ඒත් මේ වෛරය නොසංසිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙහෙමයි හිතන්න ඕන. “කවුරුත්, තමන් ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතා මතා කරන දේවල් නෙව. ඒකෙන් මෙයත් නිදහස් වෙලත් නැහැනෙ. මේ පුද්ගලයාට තියෙන්නෙත් කර්මය ම උරුම කරගත්තු ජීවිතයක්. කර්මය ම යි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නෙ. කර්මය ම යි දායාදය කරගෙන තියෙන්නෙ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරකක් කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදය වෙන්නෙත් එච්චරම යි” කියල ඒ උපන් වෛරය දුරින් ම දුරු කර දමන්න ඕන.


මෙත් වඩමු​

මෙත් වඩමු​

මෙත් වඩමු​


Source-http://www.gautamabuddha.ca/SinhalaBanaBavana.aspx
 
Last edited:

koondeGoda

Member
Nov 28, 2007
4,892
35
0
₪ Hyper_Cube ₪
hdgpure said:
වෛරය නැමැති විෂ නසන උතුම් ඖෂධය

වෛරයක් ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්*රී සිත නිසාත් වෛරය දුරු වෙලා යනවා.

ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතු වෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇති කරගැනීම යි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසා ම වෛරය නැති වෙනවා.

කරුණාව ඇති කරගන්ට මහන්සි ගනිද්දිත් නැවත නැවතත් වෛර ඇති වෙන කරුණ ම මතු වෙවී එන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනැත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම හිත හිත ඉඳල වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්*යස්ථ කරගන්න ඕන. එතකොටත් වෛරය නැති වෙනවා.

ඇතැම් අවස්ථාවල දී එහෙම කරලත් වෛරය දුරු වන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇතිවන කරුණ මෙනෙහි නො කර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නො සිතා වෙන දෙයක් ම දිගින් දිගට ම සිහි කිරීමෙන් වෛරය නැති වෙලා යනවා.

ඇතැම් විට ඒත් මේ වෛරය නොසංසිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙහෙමයි හිතන්න ඕන. “කවුරුත්, තමන් ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතා මතා කරන දේවල් නෙව. ඒකෙන් මෙයත් නිදහස් වෙලත් නැහැනෙ. මේ පුද්ගලයාට තියෙන්නෙත් කර්මය ම උරුම කරගත්තු ජීවිතයක්. කර්මය ම යි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නෙ. කර්මය ම යි දායාදය කරගෙන තියෙන්නෙ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරකක් කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදය වෙන්නෙත් එච්චරම යි” කියල ඒ උපන් වෛරය දුරින් ම දුරු කර දමන්න ඕන.

sadhu sadhu sadhu..Dharmaya ascharyawath..

mathreeya pathiraweema ithama honda deyak ..api kawruth eya purudu karanna one
obata pin mithura..:)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
5. කොසඹෑ නුවර රණ්ඩු දබර කරපු භික්ෂූන් ගේ කථාව - රණ්ඩු දබරවලින් වැනසෙන්නේ ඒ උදවියම බව බෙහෝ දෙනෙක් දන්නේ නැහැ

5.jpg

පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ චතුරාර්ය සත්*ය ධර්මය කියා දීම පිණිස යි. ඒ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නො කළ නිසා ම යි අපි සියළු දෙනා ම මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්නට බැරිව සිටින්නේ. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නොකළ සියළු දෙනා ම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒ අනතුර චතුරාර්ය සත්*යය අවබෝධ නො කළ හැමෝට ම තියෙනවා. මේ භයානක සංසාරයෙන් එතෙර කරවන ධර්මය බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා හට කියා දෙන කොට බුද්ධිමත් මිනිසුන් විතරක් ඒ ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ ධර්මයෙහි හැසිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සංසාරයෙන් එතෙර වෙනවා. නමුත් බුද්ධිමත් නැති කෙනා කොතරම් පිරිසිදු අදහසින් පැවිදි වුණාත්, බුද්ධිමත් නැති කම නිසා ම ඒ මූලික අරමුණෙන් බැහැර වෙනවා. ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට හසු වෙනවා. සමාජ තත්වය ලබා ගැනීමේ ආශාවෙන් නො මඟ යනවා. අන්තිමේ දී ඔවුන්ට චතුරාර්ය සත්*ය ධර්මය ම යි අහිමි වන්නේ.

ඉතින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙදිත් චතුරාර්ය සත්*යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙක ම හිටියා. තමා තමන්ව පිළිසරණ කර ගෙන අනුන් කළ නො කළ දේ ගැන නොව තමා කළ නො කළ දේ ගැන සොයා බලමින් තමා ගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ සිටියා. නමුත් සුළු සුළු කරුණුවලට ආරවුල් හදා ගෙන වෛර බැඳගෙන දුර නොබලා වැඩකළ නොහික්මුණ ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේලාත් එකල සිටියා. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිද්දී පවා ඒ භික්ෂූන් වහන්සේලාට තමන් ගේ සිතේ ඇති වෙන දුෂ්ටකම හඳූනාගන්නට බැරිව ගියා. බුදු බණටවත් අවනත වුණේ නැහැ. ඉතින් ඒ නිසා ම ඔවුන් ලොකු අවුලක් හදා ගත්තා. ඒක වුණේ මෙහෙම යි.

කොසඹෑ නුවර ඝෝෂිත කියල මහා ධනවත් සිටුවරයෙක් සිටියා. ඔහු විශාල මුදලක් වියදම් කරලා භික්ෂූන් වහන්සේලා දහස් නමක් වැඩසිටින්න පුළුවන් විහාරයක් කරවලා බුදු සසුනට පූජා කළා. ඒ විහාරය හැඳින්වූයේ ඝෝෂිතාරාමය යන නමින්. අන්න ඒ විහාරයෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතර පන්සිය නමක් විනය පුරුදු කළා. පන්සිය නමක් ධර්මය පුරුදු කළා.

එක් දිනක් ඒ ධර්මකථික භික්ෂූන් ගේ නායක ස්වාමීන් වහන්සේ අමතක වීමකින් වැසිකිලි බඳූනේ වතුර ඉවත් නො කොට වැඩම කළා. ඇත්තෙන් ම ඒක සුළු දෙයක්. සුළුවෙන් විසඳාගන්න තිබුණා. නමුත් විනයධර භික්ෂූන් වහන්සේලා එය මහා ලොකු වරදක් ලෙස, බරපතල විදිහට කථා කළා. මෙය මුල් කරගෙන දෙපිරිසම බෙදුනා. දායකයොත් බෙදුනා. නමුත් ප්*රධාන දායක පින්වතුන් සමඟි කරන්න මහන්සි ගත්තා. ආඩම්බරකම වැඩිනිසා සමඟි වුණේ නැහැ. අන්තිමේ දී බුදු රජාණන් වහන්සේ තුන්වතාවක් ම වැඩම කරලා සමගි වෙන්න කියලා කරුණාවෙන් අවවාද කළා. දීඝීති කෝසල ජාතකයත් දේශනා කළා.

ඔන්න එකොමත් එක කාලෙක බරණැස් නුවර බරණැස නමින් ධනවත් රජකෙනෙක් හිටියා. ඒ රාජධානිය කිට්ටුවෙන් ම දීඝීතිකෝසල නමින් ප්*රාදේ.ය රජෙක් හිටියා. ඔහු එතරම් ධනවත් නැහැ. අර බරණැස් රජතුමා ඒ රාජ්*යය ආක්*රමණය කරන්න කල්පනා කළා. දීඝිතකෝසල රජතුමාට මෙය සැළ වුණා. රජතුමා රජකම අත්හැරලා බිසවත් සමඟ පැන ගියා. ගෙවල්වල කුලී වැඩ කරමින් ජීවත් වුණා. බරණැස් රජතුමා ගේ චරපුරුෂයන්ට මේ දෙදෙනාව හසු වුණා. අත් අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාට ම මරණීය දණ්ඩනය නියම වුණා. ඒ දෙදෙනා ගේ ගෙලෙහි රතු වඳමල් මාලාවන් පැළදෙව්වා. මල බෙර ගසමින් වීදියක් ගානේ රැගෙන ගියා. ඒ යද්දී දීඝිතිකෝසල රජතුමා ගේ දීඝාවු නම් පුත්කුමරා ගුරුගෙදර සිට මව්පියන් සොයාගෙන එමින් සිටියා. දංගෙඩියට තම දෙමව්පියන් රැගෙන යන විට සෙනඟ පීරාගෙන මේ පුත් කුමරා ඉදිරියට පැන්නා. දීඝීතිකෝසල රජතුමා පුත්කුමරාව හඳූනාගත්තා. කෑගහලා මෙහෙම කිව්වා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. මේ රජතුමාට පුතෙක් ඉන්න බව කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා එය කාටවත් තේරුනේ නැහැ. පුත්කුමරා හරිම ඥානවන්තයි. තම පියාණන් ගේ අන්තිම අවවාදය සැණෙකින් අවබෝධ වුණා. පස්සෙන් පස්සට ගිය පුත් කුමරා සෙනඟ අතරට වැදී නො පෙනී ගියා. රජතුමාත් බිසවත් මැරුම් කෑවා. ඔවුන් ගේ අතපය ඉරා තැන තැන එල්�වා. එදා රෑ රහසේ පැමිණි පුත් කුමාරා මිනිසුනට මුදල් දී මව්පියන් ගේ සිරුරු කැබලි එකතු කොට ආදාහනය කළා. ඒ පළාත අත්හැරලා පැන ගියා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

දීඝාවු කුමාරාගේ හිතේ දැන් තිබෙන්නේ එකම එක දෙය යි. එනම් මව්පියන් මැරූ රජතුමාගෙන් පලිගැනීම පමණයි. මේ කුමරා හොඳින් වැඩුනා. ලස්සන පෙනුමක් ඇති වුණා. රජවාසලට සේවා පිණිස බැඳූනා. අන්තිමේ දී රජ්ජුරුවන් ගේ සිත දිනා ගැනීමට මේ කුමරා සමත් වුණා. රජතුමා ගේ හොඳම යහළුවා බවට මොහු පත් වුණා. දිනක් පිරිස සමඟ රජතුමා දඩයමේ ගියා. එදා අස්රිය පැදෙව්වේ දීඝාවු කුමාරයා විසිනුයි. පිරිසෙන් වෙන් වෙන පරිදි රජතුමාව ඈතට අරගෙන ගියා. වනයේ අතරමං කෙරෙව්වා. රජතුමා තනිවුණා. දඩයමේ ගිය රජතුමාට හරි මහන්සියි. රජතුමයි, කුමාරයයි විතරයි දැන් ඉන්නේ. රජතුමාට නිදිමත යි. කුමාරයා ගේ උකුලේ හිසතබා සැතපුන රජතුමා මොහොතකින් නින්දට වැටුණා. කුමාරයාට අතීත සිදු වීම් එකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. කෝපය උහුලගන්න බැහැ. “ඔව් ... දැන් මම මේ පුද්ගලයාව මරල දානවා. මගේ දෙමාපියන් වැනසූ මේ සතුරාව මොහොතක්වත් ජීවත් කරවිය යුතු නැහැ” කියලා හෙමිහිට කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. කඩුමිට තදින් මිරිකා ගත්තා. ඒ සැණින් ම එදා මහපාරේ මරණය කරා යමින් සිටි තම පියා ගේ අන්තිම අවවාදය රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. “ඔව්, මගේ පියාණෙනි, මං ළඟ බලන්නේ නෑ. දුර බලනවා ම යි” කියලා කුමාරයා හිතුවා. කඩුව හෙමිහිට කොපුවේ දමා ගත්තා. මොහොතකින් කුමාරයාට එය අමතක වුණා. ආයෙමත් වෛරය ඇති වුණා. කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. හරි පුදුමයි! පියා ගේ අවවාදය පුත් කුමරා ගේ හිතේ නැවතත් රැව්පිළිරැව් දුන්නා. ආයෙමත් කඩුව කොපුවේ දමා ගත්තා. තුන්වෙනි වතාවෙත් පුත් කුමරා මේ වතාවේ නම් මරණවා ම යි කියලා කොපුවෙන් කඩුව ඇදලා ගත්ත. පියා ගේ අවවාදයෙහි මනාව පිහිටි මේ බුද්ධිමත් කුමරා ගේ සිතේ යළි යළිත් ඒ අවවාදය රැව්පිළිරැව් දුන්නා. අන්තිමේ දී කඩුව කොපුවේ දමාගත් පුත් කුමරා සුසුම් හෙළන්න පටන් ගත්තා. රජතුමා තිගැස්සිලා ඇහැරුනා. රජතුමා හොඳටම භය වෙලා. ඇස් ලොකු වෙලා. වේගයෙන් හුස්ම ගන්නවා. “දරුවා ... මං දැන් මහා භයානක හීනයක් දැක්කා. මගේ අතින් අර දීඝීතිකෝසල රජතුමාත්, එම බිසවත් මරණයට පත් වුණා. ඔවුන් ගේ පුතෙක් කඩුවක් රැගෙන මාව මරන්න උත්සාහ කළා. දරුවා ... මට හිතාගන්න බැහැ. මෙහෙම හීනයක් පෙනුනේ මක් නිසා ද? කියලා. මට හිතාගන්න බැහැ.” දීඝාවු කුමරා වේගයෙන් නැගිට්ටා. කොපුවෙන් කඩුව අතට ගත්තා. රජතුමා ගේ කෙස්වැටිය වමතින් අල්ලා ගත්තා. බියකරු බැල්මක හෙළුවා. දත්කූරු සපමින් මෙහෙම කිව්වා. “එම්බල රජතුමනි, ඒ පුත් කුමරා මම යි. මගේ දෙමාපියන් මැරූ පලිය ගන්නට දැන් වෙලාව පැමිණුනා.” රජතුමා හොඳට ම භය වුණා. වෙව්ලන්නට පටන් ගත්තා. ජීවතදානය ඉල්ලා සිටියා. සමාව ඇයැද සිටියා. ඒ සැණින් ම පුත් කුමරාට ආයෙමත් පියා ගේ අවවාදය මතක් වුණා. පුත් කුමාරා කඩුව වීසි කළා. රජතුමා ඉදිරියේ වැඳ වැටුණා. සමාව ඉල්�වා. ජීවිතදානය ඉල්ලා සිටියා. අන්තිමේ දී එකිනෙකා ආදරයෙන් වැළඳ ගත්තා. එකිනෙකා යළි කිසිදා විරුද්ධ නොවන බවට සපථ කරගත්තා. රජතුමා මාළිඟාවට පැමිණ ඒ පුත් කුමරාට තම දියණිය සරණපාවා දුන්නා. අන්තිමේ දී රජකමත් දුන්නා. අවවාදය නිතර නිතර සිහි කොට ඒ අවවාදයට අනුව කටයුතු කිරීමෙනුයි යහපත සිදු වුණේ. මේ අයුරින් බුදු රජාණන් වහන්සේ අවවාදයට කීකරුවීම ගැන ඉතාම පැහැදිලි ලෙස කියල දුන්නා. නමුත් ලාභසත්කාරවලින් අන්ධ වූ ඒ භික්ෂූන් වහන්සේලාට අඩදබර කිරීමේ භයානකකම තේරුණේ නැහැ. එකට එක කිරීමේ භයානකකම තේරුණෙත් නැහැ. එක්තරා භික්ෂුවක් බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණ මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, විවේකයෙන් සිටින සේක්වා! බණ භාවනාවෙන් කල් ගෙවන සේක්වා! අපි මේ ආරවුල හදාගත්තේ ප්*රසිද්ධ වීම පිණිස යි” කියා පැවසීමට තරම් විළිබිය නැති කරගත්තා. මහාකාරුණික බුදු රජාණන් වහන්සේ සියල්ල හැරදමා පාරිලෙය්*ය වනයට වැඩම කොට මහත් සැනසීමෙන් යුතුව හුදෙකලා විවේකයෙන් වැඩසිටියා. රැලෙන් වෙන් වූ ඇත් රජෙක් ද හුදෙකලාවේ සිටීමට කැමැත්තෙන් ඒ වනයේ නැවතී සිටියා. ඒ ඇත් රජුත් බුදු රජාණන් වහන්සේට ඇප උපස්ථාන කළා.

කොසඹෑ නුවර සිටි සැදැහැවත් ගිහි පින්වතුන් තුළ මහා සිත් වේදනාවක් හට ගත්තා. ඔවුන් බලවත් කම්පාවට පත් වුණා. බුදු රජාණන් වහන්සේ පාරිලෙය්*ය වනයට වැඩම කරවීම නිසා ඒ භික්ෂූන් කෙරෙහි අප්*රසාදය තවත් වැඩි වුණා. ඒ ගිහි පින්වතුන් පිණ්ඩපාතය නො දෙන්නට කතිකා කරගත්තා. ඔවුන් සමඟි වී බුදු රජාණන් වහන්සේගෙන් සමාව රැගෙන පැමිණෙන තුරා මුළු කොසඹෑ නුවර ඇවිද ගියත් ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය ලැබුණේ නැහැ. ගිහි පින්වතුන් ගේ දඩුවමින් ඒ අහංකාර භික්ෂූන් මෙල්ල වුණා. ලාභසත්කාර නැති වීම ගැන බිය වුණා. කම්පා වුණා. එනිසා ම සමඟි වෙන්න තීරණය කළා. සමඟිව බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් සමාව ඉල්ලා සිටියා. ඔවුනට සමාව දී වදාළ මහාකාරුණිකයන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දෙසා වදාළා
.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

පින්වත් දරුවනේ, කලකෝලාහලවල පැටළුන විට වෙන කිසි දෙයක් මත නෑ. හොඳ නරක මතක නෑ. යහපත අයහපත මතක නෑ. බොහෝ දෙනෙක් සිතට එන එන දේ කරනවා. ඒ වෙලාවට සතුරන් කරන්නේ ඒ කලකෝලාහල තව තවත් අවුස්සන එකයි. තව තවත් අවුල් කරන එකයි. නූල්පන්දුවක් පැටලෙනවා වගේ අඬදබර කරන පිරිසත් ඔහේ පැටලෙනවා. අවසානයක් වෙන්නේ නැහැ. අන්තිමේ දී එයින් විනාශ වෙන්නේ තමන් ම යි. අඬදබරවලට මැදි වී ද්වේශ සහගත සිතින් යුතුව සිටින කෙනා යහපත අයහපත වෙන් වශයෙන් නො දකින නිසා ම කුසල්වලින් පිරිහෙනවා. ගුණවත්කමින් පිරිහෙනවා. මනුස්සකමින් පිරිහෙනවා. සත්තු වගේ ජීවත් වෙනවා. ඔවුන් සිතන්නේ පලි ගැනීමෙන් සතුටු වීම විතරයි. එබඳූ පිරිහුණු පිරිසක් අතරේ සීල, සමාධි, ප්*රඥා ප්*රගුණ වෙන්නේ නෑ. ධර්ම කථාව රැඳෙන්නේ නෑ. සැනසීම ඇතිවන්නෙත් නෑ. එකිනෙකා ගුණධර්මවලින් පිරිහිලා විනාශ වෙලා යනවා. අන්තිමේ දී අපායේ ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ නිසා පින්වත් දරුවනේ, සමඟිය පිණිසම යි කටයුතු කළ යුත්තේ. සමාදානය පිණිස ම යි කටයුතු කළ යුත්තේ. එක්සත්ව එක් සිත්ව වැඩ කිරීම පිණිස ම යි කටයුතු කළ යුත්තේ. බුදු රජාණන් වහන්සේ වදාළේ ශ්*රාවක සංඝයා ගේ සමඟිය සැපයක් (සුඛා සංඝස්ස සාමග්ගි) කියල යි. සමඟි වූවන් ගේ බණ භාවනාව සැපයක් (සමග්ගානං තපෝ සුඛෝ) කියල යි. යම් හෙයකින් සමඟි වූ සඟ පිරිසක් බෙදීමට කටයුතු කරනවා නම්, එයින් සිදු වන්නේ ආනන්තරීය පාපකර්මය යි. ඒ තුළින් ලැබෙන කටුක විපාක විඳින්න තිබෙන්නේ කල්පයක් ආයුෂය ඇති නිරයේ ඉපදිලයි. නමුත් බිඳූනු සඟ පිරිස සමඟි කරනවා නම්, ඒ තුළින් ලැබෙන සැප විපාක කල්පයක් සුගතියෙහි ඉපදීම පිණිස හේතු වන බව බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා. එනිසා සමඟිය ම යි සැපය.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
6. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලා ගේ කථාව - අසංවර වූ හීන වීරිය ඇති කෙනා කිසි දියුණුවක් ලබන්ට බැහැ. සංවර වූ වීරියවන්ත කෙනා හැම දෙය ම ජය ගන්නවා.​
6.jpg
පින්වත් දරුවනේ, ඒ කාලයේ සේතව්*ය කියල නගරයක් තියෙනවා. එහි මහාකාල, මජ්ක්ධිම කාල, චුල්ල කාල කියල පුතාල තුන් දෙනෙක් සිටින පවුලක් හිටියා. ඔවුන් රැකියාවට කළේ වෙළදාමයි. වෙළදාම නිසා ඔවුන් ගේ අතමිට සරු වුණා. මහා ධනවතුන් වුණා. එක් කාලෙක මහාකාල නම් වූ වැඩිමහළු සොහොයුරාත්, චුල්ල කාල නම් වූ බාල සොහොයුරාත් වෙළඳාම පිණිස සැවැත් නුවරට පැමිණියා. සැවැත් නුවර දී මේ වෙළඳ සොහොයුරන්ට බුදු රජාණන් වහන්සේ ගැන අසන්ට ලැබුණා. මුළු නගරය ම සාමකාමි යි. බොහෝ නිවෙස්වල සවස් යාමයේ තෙරුවන් වන්දනා කොට භාවනා කරනවා. බණකථා අසනවා. හරිම ප්*රීතියෙන් කල් ගෙවනවා. මේ වෙනස ගැන වෙළඳ සොහොයුරන් පුදුමයට පත් වුණා. ඔවුන්ටත් සැවැත් නුවර ජේතවනාරාමයට යන්නට ආශා හිතුනා. දිනක් සවස් යාමයේ මේ දෙදෙනා දෙව්රම් වෙහෙරට ගියා. බුදු රජාණන් වහන්සේව දැක ගත්තා.

එදා බුදු රජාණන් වහන්සේ ඉතාම ලස්සනට උතුම් ධර්මය කියා දුන්නා. මේ ඉපදෙන මැරෙන සසර ගමන ඉතාම භයානකයි. සිතේ ඇති වෙන ලෝභයත්, ද්වේශයත්, මුලාවත් නිසා සත්වයන් කෙලෙසී යනවා. එසේ කෙලෙසී ගිය මිනිසුන් සිත කය වචනය යන තිදොරින් කර්ම රැස්කොට අපායෙහි ඉපදෙනවා. නමුත් චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්*රශ්නය විසඳාගන්න පුළුවනි. හැබැයි කෙනෙකුට ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළොත් ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවනි. සාමාන්*ය ගිහි ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඒකට හේතුව කාමසැපයට ම යි ගිහි ජීවිතය තියෙන්නේ. කෙලෙස් උපදින මාවතක් වගෙයි. හැමතිස්සේ ම මොකක් හරි දෙයකට හිත බැඳිල යනවා. ඒ වුණාට මේ පැවිදි ජීවිතය නම් හරීම නිදහස්. ආකාශය වගෙයි.

මේ වෙළඳ සොහොයුරන් දෙදෙනා බණ අසාගෙන සිටියා. මහාකාල හිටියේ ඉතාම හොඳින් සවන් දීගෙන යි. බුදු රජාණන් වහන්සේ වදාළ හැම බණ පදයක් ම මෙයාට අවබෝධ වුණා. මෙතරම් උතුම් අවස්ථාවක් ආයෙ කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා මෙයාට තේරුණා. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ගන්ධ කුටියට වැඩියා. මහාකාල ලොකු කල්පනාවකට වැටුණා. එයා චුල්ලකාලට මෙහෙම කිව්වා. “මල්ලියේ, ඔයා ගෙදර යන්න. වෙළහෙළඳාම් කටයුතු කර ගන්න. අනෙක් අයට හොඳින් සළකන්න. මං මහණ වෙනවා. මං ආයෙමත් ගිහි ගෙදරට බැඳෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේව මුණ ගැසුන වෙලාවේ මේ ලැබුණ දුර්ලභ අවස්ථාව අත්හැරගන්න මම කැමැති නැහැ.” “එහෙම කොහොම ද? එතකොට ඒ අක්කලාට මං මොකක් ද කියන්නේ? දරුවන්ට මං මොනවා ද කියන්නේ? අපි මෙච්චර මහන්සියෙන් කරපු ව්*යාපාර කඩාකප්පල් කරන්න ද ඔයා හදන්නෙ? අනික ඔය �නතරම් ගිහි ගෙදර ඉදගෙන මිනිසුන් ධර්මයෙහි හැසිරෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්නෙ එහෙම කරන්න.” “නෑ මල්ලියේ, මිනිසුන් ඕන කෙනෙක් එහෙම කරපුවාවේ. මට �න ඒක නොවෙයි. බුදු රජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයක් ගත කරගෙන නිවන හොයාගෙන ගියා. උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. මේ ජීවිතය තුළ දී ම ඒ නිවන අවබෝධ කිරීම පිණිස පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වලා දුන්නා. ඉතින් මේ අවස්ථාව මට මඟහැරුණොත් ආයෙ ආයෙමත් මට උපදින්න සිද්ධ වේවි. ඒ නිසා මල්ලියේ මං නැවත ගෙදර යන්න කොහෙත්ම කැමැති නෑ. මං මේ සෑම දෙයක් ම අත්හරිනවා. මට ඕන කරන්නේ මේ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීම විතරයි.” අය්යයි මල්ලියි දෙන්නා ඔය විදිහට වාද කළා. අන්තිමේ දී අය්යා ජය ගත්තා. මල්ලි කල්පනා කළේ වෙන දෙයක්. “ඔව්, අය්යා මහණ වුණාට කමක් නෑ. පැවිදි වීම කියන්නේ හොඳ දෙයක් නෙ. අය්යත් මහණ වෙනවා නම්, මං විතරක් තනියම ආපහු යන්නේ මොකට ද? එහෙම නම් මමත් මහණ වෙනවා” කියල හිතාගෙන එයා මහාකාලට මෙහෙම කිව්වා. “ඔව් අය්යේ, ඔයා හරි කොහොම වුණත් අපි කවුරුත් වයසට ගිහින් මැරිලා යනවා නෙ. අපි කරපු පින්පව් අරගෙන යනවා නෙ. ඉතින් මේ හැම දෙයක් ම මේ ජීවිතයේ අවසන් කරලා නිවන අවබෝධ කරන එක හොඳයි කියලා මමත් කල්පනා කළා.” මහාකාලට හරිම සතුටුයි. එයා මල්ලිව සතුටින් වැළඳගත්තා. ඒ දෙදෙනා ඉතාමත් සතුටින් පැවිදි වුණා.

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
08.jpg


පැවිදි වුණාට පසු මහාකාල ස්වාමීන් වහන්සේ ඒ ගැන ඉතාමත් වගකීම් සහිතව කල්පනා කළා. බුදු රජාණන් වහන්සේ උගන්වන ආකාරයට ම සිත කය වචනය හසුරුවන්නට ඕන කියල දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා. කළණ මිතුරන් ගේ ඇසුරේ ම කල්ගත කරන්න හිතට ගත්තා. ඒ නිසා මහාකාල ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් කෙනෙක් වුණා. ඇස් කණ් ආදී ඉඳූරන් හොඳට සංවර කරගත්තා. දමනය වුණා. හිත ඇවිස්සෙන ලාමක දේවල්වලට ඉඩ දුන්නේ නැහැ. දානය වැළඳූවෙත් ජීවිතය පවත්වා ගැනීම විතරම යි. රස තෘෂ්ණාවට හසු වුණෙත් නැහැ. ශ්*රද්ධාව හොඳින් පැවැත්වුවා. ගෙවෙන හැම තත්පරයකින් ම උපරිම ප්*රයෝජන ගත්තා. වීරියවන්ත වුණා. සමාධිය දියුණු කළා. සුළු කලක දී අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නමුත් චුල්ලකාල ස්වාමීන් වහන්සේ ජීවිතයේ ඇති බැරෑරුම්කම ගැන කල්පනා කළේ නෑ. කම්මැලිකමෙන් කල්ගත කළා. හොඳට නිදාගත්තා. ප්*රණීත ආහාරපාන ලැබුණ දවසට හොඳට වැළඳූවා. ඇතිපදමට වැළඳූවා. ආයෙමත් නිදාගත්තා. ගිහි ගෙවල්වල ජීවත් වෙන උදවිය දිහාබල බලා සතුටුවුණා. භාවනා කරන්න උත්සාහ ගත්තේ නෑ. ඉඳූරන් සංවර කරගත්තේ නෑ.

දිනක් පන්සියයක් ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන බුදු රජාණන් වහන්සේ සේතව්*ය නුවරට වැඩම කළා. සේතව්*ය නුවර ඇට්ටේරියා වනයෙහි වැඩසිටියා. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මේ මහාකාල චුල්ලකාල ස්වාමීන් වහන්සේලාව ඒ නගරයේ වැසියන් හඳූනාගත්තා. ඔවුන් ගේ නිවසට දැනුම් දුන්නා. දිනක් චුල්ලකාල ස්වාමීන් වහන්සේට ගෙදර දානයට ඇරැයුමක් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සතුටින් ගෙදරට වැඩියා. දන්වළඳා අවසානයේ ධර්මය දේශනා කළා. පින් අනුමෝදන් කොට ආපසු වැඩම කිරීම පිණිස අසුණෙන් නැගිට්ටා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරුන් ඇවිදින් වට කරගත්තා. “හා .... හා ... මේ මොක ද? දැන්ම ම පිටත් වෙන්න ද හදන්නෙ? මෙච්චරකලක් මුන්දැලාට මොකද වුණේ කියල සොයාගන්නට බැරිවයි හිටියේ. දැන් ඉතින් කොහේ යන්න ද? ආ ... මේ සරම ගන්නවා. හා ... කෝ ... ඔය සිවුර අයින් කරන එක යි ඇත්තේ” චුල්ලකාල ස්වාමීන් වහන්සේ හොඳට ම බිය වුණා. පැනල යන්න ලැබුණේ නැහැ. ඒ භාර්යාවන් උන්වහන්සේව බලෙන් ම සිවුරු හැරෙව්වා. ගිහි රෙදි ඇන්ඳෙව්වා. දැන් පවුලේ උදවියට හරිම සතුටුයි. මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගෙදර පිරිසටත් චුල්ලකාල සිවුරු හැරීම ගැන ආරංචි වුණා. ඔවුන්ට හරි සතුටුයි. “හරි ... අපේ එක්කෙනාට කරන්න තියෙන්නෙත් ඔය ටික ම තමයි.” ඔවුන් පසුව දා ම මහාකාල ස්වාමීන් වහන්සේ සොයා ගොස් දානයට ආරාධනා කළා. ඒ ඇරැයුම පිළිගත් මහාකාල ස්වාමීන් වහන්සේ පසුව දා එම නිවසට වැඩම කළා. පිළිගැන්වූ දානය වැළඳූවා. අනුමෝදනා බණ දේශනා කළා. ආපසු වඩින්නට සිතා ගෙන අසුණෙන් නැගිට්ටා. ඒ මොහොතේ ම මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරු සඟවාගෙන සිටි ගිහි ඇඳූම් අතට ගෙන උන්වහන්සේව වට කරගත්තා. “හා ... හා ... ආපහු වඩින්න වගේ. ඒව කොහේද ... දැන් ඉතින් මේ වතුපිටි බලාගෙන මල්ලිත් එක්ක වෙළහෙළඳාම් කරගෙන ඉන්න එකයි ඇත්තෙ.” මහාකාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෑස පියාගත්තා. කෙමෙන් කෙමෙන් පොළොවෙන් උඩට ඉස්සුනා. බිරින්දෑවරුන් පස්සට වීසි වුණා. ඇස් ලොකු වුණා. පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මහාකාල ස්වාමීන් වහන්සේ පොළොවෙන් උඩට නැගී අහසින් වැඩියා. සියළු දෙනා දෑත් වැඳගෙන ඒ දෙස බලා සිටියා. උන්වහන්සේ නො පෙනී ගියා. බිරින්දෑවරුන් එකිනෙකා බිරාන්ත වෙලා මූණට මූණ බලාගත්තා.

මහාකාල ස්වාමීන් වහන්සේට වන්දනා කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ සහෝදර ස්වාමීන් වහන්සේව බලෙන් සිවුරු හරවා ගත්තා” කියා පවසා සිටියා. එවේලෙහි භාග්*යවත් බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාළා.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
පින්වත් දරුවනේ, ජීවිතය ජය ගන්නේ ඉතාමත් සුළු පිරිස යි. බොහෝ දෙනෙක් පරාජයට පත් වෙනවා. සාමාන්*ය ලෝකයා මුදල් තිබීම, යානවාහන තිබීම, ඉඩකඩම් වතුපිටි තිබීම, ලොකු සමාජ තත්වයක් තිබීම, ජයග්*රහණය හැටියට සළකනවා. එය යම් කිසි ජයග්*රහණයක් තමයි. නමුත් ජීවිතයක ලොකුම ජයග්*රහණය වන්නේ චතුරාර්ය සත්*යය අවබෝධ කිරීම ය. ඒත් එය අවබෝධ කළ හැක්කේ කාටද යන්න වග අටවෙනි ගාථාවෙන් හොඳින් ම පැහැදිලි වෙනවා.

පින්වත් දරුවනේ, වීරිය නැති, කාමසැපයෙහි ඇළුණු, ඉඳූරන අසංවර තැනැත්තා මේ ලෝකයට බැඳෙන්නේ සිතාගත නො හැකි වේගයෙනි. බුදු රජාණන් වහන්සේ එය පෙන්වා වදාළේ සුළඟින් කඩා වැටෙන දුබල ගසක් ලෙස ය. මාරයා ඒ තැනැත්තාව වසඟ කරන්නේ ඔහු තුළ ඇති දුර්වලකම් පාදක කොට ගෙන ය. මාරයා යනු මේ ලෝකයෙහි පැවැත්ම හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන සයෙහි පැවැත්මට අධිපති තැනැත්තා ය. චතුරාර්ය සත්*යය අවබෝධය යනු ඒ ඇස්කණ් ආදියෙන් නිදහස් වීම යි. එසේ ජීවිතාවබෝධය තුළින් තණ්හාවෙන් නිදහස් වීම ගැන මාරයා කැමැති නැත. ඔහු නිතරම කැමැති වන්නේ පුද්ගලයා ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බැඳී සිටීම ගැන යි. ඒ නිසා හත්වෙනි ගාථාවෙහි සඳහන් දුර්වලතාවලින් හෙබි පුද්ගලයාව එයට බැඳ තැබීම සුළු දෙයකි. ඔහු වහා එයට හසු වෙයි.

පින්වත් දරුවනේ, රහතන් වහන්සේ ගේ ස්වභාවය කොතරම් අසිරිමත් ද! උන්වහන්සේ කිසිවකට නො ඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින් ම දකිති. ඉඳූරන් සංවර කර ගෙන සිටිති. ලොවෙහි ඇති සියළු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසු නොවේ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවේ. ඒ රහතන් වහන්සේ ගේ වීරිය හැම මොහොතේ ම පවතී. සිහි නුවණ මැනැවින් පවතී. මාරයාට කිසිසේත් ම උන්වහන්සේව යට කළ නො හැකිය. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩ සිටින්නේ මහාගල් පර්වතයක් පරිද්දෙනි. කොතරම් සුළඟ හැමුව ද එය සොළවාලිය නො හැකි ය. මාරයා කවර දෙයක් කළ ද රහතන් වහන්සේව වෙනස් කළ නො හැකි ය. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණි. බුදුවරුන් ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලා ය.
 

koondeGoda

Member
Nov 28, 2007
4,892
35
0
₪ Hyper_Cube ₪
giyo said:
~ MAGE RATATA DALADA HIMI SARANAI ~
~ MAGE DAYATA DALADA HIMI SEWANAYE ~
~ sAPATHIN SAPIRUNU NIWAHAL DERANAYE ~
~ OBATHIN MAHATA ME HAM URUMAYE ~



~ BUDDAANU BAWENA NETH SITH PAHAN WI ~
~ METH MAL PIPILA KARUNA DAYAWE ~
~ SANGANU BAWENA SITH NETH PAHAN WI ~
~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~
~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~
~~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~~

:) :)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය

7. දේවදත්ත ගේ කථාව - සිතේ කෙලෙස් කහට ඇති කෙනාට කසාවතින් ඇති ඵලය කිම? කසාවත සුදුසු වන්නේ කෙලෙස් කහට නැති කෙනාට නොවේ ද?

8.jpg


පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරකට පසු තම පියරජතුමා ප්*රධාන රටවැසියන්හට උතුම් ධර්ම ලබා දීම පිණිස මහාකරුණාවෙන් කිඹුල්වත් නුවරට වැඩිය වග ඔයාලා දැනටමත් දන්නවා. බුදු රජාණන් වහන්සේ ගේ වැඩම කිරීමෙන් පසු මුළු කිඹුල්වත් පුරය ම වෙනස් වුණා. ශාක්*යවංශිකයන් තිසරණයේ පිහිටි පිරිසක් බවට පත් වුණා. බුදු රජාණන් වහන්සේට ශාක්*යසිංහ, ශාක්*යමුනි, ආදිච්චබන්ධු ආදී උදාර නම්වලින් ගෞරව කළා. උන්වහන්සේ ගේ ඥාතීන් වන නන්ද කුමාරයා, ආනන්ද කුමාරයා, භගු කුමාරයා, කිම්බිල කුමාරයා ආදී පිරිසත් උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ වගේ ම දේවදත්ත කුමාරයාත් පැවිදි වුණා. දේවදත්ත කියන්නේ රජ පවුලට අයත් කෙනෙක්. යසෝධරා දේවිය ගේ වැඩිමහල් සහෝදරයා වුණේ දේවදත්ත. ඉතින් දේවදත්ත ඉතාම ලස්සන රූපයක් ඇති කෙනෙක්. මහානුභාව සම්පන්න පෙනුමක් ඇති කෙනෙක්. දක්ෂ කෙනෙක්. මොහු පැවිදි වුණ විට පැවිද්දන් අතරේ දේවදත්ත ගේ රුව ලස්සනට කැපී පෙනුනා. දේවදත්ත ඉතා හොඳින් සිල්පද ආරක්ෂ කළා. චිත්ත සමාධිය ඇති කරගත්තා. කොටින් ම නොයෙක් වෙස්ගන්න පුළුවන් ආකාරයේ ඍද්ධිබලත් ඇති කරගත්තා. දේවදත්ත ගේ දක්ෂකම ගැන හැමෝම සතුටු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් දේවදත්ත ගැන බොහෝ ම ප්*රශංසාවෙන් කතා කළා. ටිකෙන් ටික දේවදත්ත ප්*රසිද්ධ භික්ෂුවක් වුණා. සියළු දෙනා ම බොහෝ සෙයින් ගෞරව කරන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා ගේ සිත දිනා ගන්නට දේවදත්ත සමත් වුණා. මේ විදිහට සමාජයේ නායකත්වයට පැමිණෙද්දී දේවදත්ත කල්පනා කළේ ඒ සාසනයේ සැබෑ නායකත්වය තිබිය යුත්තේ තමන්ට බවයි. තමන් කැමැති පරිද්දෙන් සඟ පිරිස පාලනය කිරීමේ පවිටු ආශාවක් දේවදත්තට ඇති වුණා. දේවදත්ත මෙහෙම කල්පනා කළා. “දැන් ඉතින් භාග්*යවතුන් වහන්සේ විවේක ගන්න එකයි හොඳ. මමත් දැන් ප්*රසිද්ධ කෙනෙක්. අනික මම ළඟ ම ඤාතියා. මම තමයි ඊ ළඟට මේ සසුනේ නායකත්වයට එක ම සුදුස්සා වෙන්නේ. දැන් සඟ පිරිස හසුරුවන එක මට හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ පිරිස කෙරෙහි ලොකු කැක්කුමක් තියෙනවා.” දේවදත්ත හැම තිස්සේ ම පිරිසේ යහපත වෙනුවෙන් කැප වූ කෙනා හැටියට උජාරුවෙන් පෙනී හිටියා. ඒ ගැන ම සතුටු වුණා. දිනක් බුදු රජාණන් වහන්සේ ළඟට ගිය දේවදත්ත උන්වහන්සේට වන්දනා කොට මෙහෙම ඉල්ලීමක් කළා. තුන්වතාවක් ම මේ ඉල්ලීම කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, දැන් භික්ෂු පිරිස අතිවිශාල යි. විවිධාකාර ප්*රදේශවලින් පිරිස පැමිණ පැවිදි වෙනවා. මේ සඟ පිරිස වෙනුවෙන් ඔබ වහන්සේ සෑහෙන සේවාවක් කළා. දැන් ඔබ වහන්සේට කිසි ම විවේකයක් නැහැ. ඒ නිසා ස්වාමීනී, මාව විශ්වාස කරන්න. මට මේ පිරිස හොඳට හසුරුවන්න පුළුවන්. ඒ කවුරුත් මා කියන දෙයට හොඳින් සවන් දෙනවා. එනිසා මේ සඟ පිරිස මට භාර දෙන්න.” බුදු රජාණන් වහන්සේ දේවදත්ත දෙස අනුකම්පාවෙන් බලා සිටියා. කෙලෙස් තවන වීරියෙන් යුතුව කෙලෙසුන්ගෙන් මිඳීමට උත්සාහ නො කොට තාවකාලිකව ලැබෙන ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට දේවදත්ත හසු වුණා. පවිටු ආශාවන්ගෙන් සිත වෙළා ගත්තා. චතුරාර්ය සත්*යය අවබෝධය සම්පූර්ණයෙන් ම අමතක වුණා. තථාගතයන් වහන්සේ කවුද යන වග අමතක වුණා. සමාජ නායකත්වයට ම සිත යොමු වුණා. බුදු රජාණන් වහන්සේ දේවදත්තට අවවාද කළා. “දේවදත්ත, සැරියුත්ත මුගලන් හටවත් මම සඟ පිරිසේ නායකත්වය භාරදීල නෑ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වය ශාස්තෘවරයෙක් යටතේ පවතින දෙයක්. එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. මෙවැනි ඉල්ලීම් මින්මතු නො කළ යුතු යි.” බුදු රජාණන් වහන්සේ ගේ අවවාදය පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවත්ත නිහතමානී වුණේ නෑ. එදා බුදු රජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශ කොට හෝ බුදු සසුනේ නායකත්වය ලබා ගැනීමේ උමතු ආශාවෙනි. දේවදත්ත කෙමෙන් කෙමෙන් තමා ගේ අදහස ඉෂ්ඨ කර ගැනීම පිණිස ම මහන්සි වුණා. පවිටු දේවදත්ත හඳූනා නොගත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් ඔහු ගේ මායාකාරීබස්වලට රැවටුනා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඒ කාලයේ රජගහනුවර සැදැහැවත් පිරිස බොහෝ දන්පැන් පිළියෙල කොට භික්ෂූන් වහන්සේලාට ආදරයෙන් ඇප උපස්ථාන කරනවා. චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනින් පිඬුසිඟා වඩින දකින අයුරු මහත් ශ්*රද්ධාවෙන් දැක බලා සතුටු වෙනවා. එක් කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්*රධාන භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩින අතරේ රජගහ නුවරට වැඩම කළා. බොහෝ සැදැහැවතුන් එක් ව ඒ සියළු ස්වාමීන් වහන්සේලාට මහාදානයක් පිළියෙල කළා. එහිදී එක් ධනවත් පින්වතෙක් ඉතාමත් වටිනා වස්ත්*රයක් සිවුරක් පිණිස සකසා එම දානයේ දී පූජා කිරීමට සූදානම් කළා. රජගහනුවර මහත් කීර්තියක් දරා සිටි දේවදත්ත හට ඒ සිවුර සුදුසු යැ යි බොහෝ දෙනෙක් කියා සිටියා. “මේ අහන්න ... අපේ ස්වාමීන් වහන්සේලා වැඩිකල් මෙහෙ රැඳෙන්නේ නෑ. චාරිකාවේ වඩිනවා. අපට නිතර මුණ ගැහෙන්නෙත් නෑ. නමුත් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නොවේ. අපේ පවුලෙ කෙනෙක් වගේ. නිතර අපේ සැප දුක් සොයා බලනවා. දරුවන් ගේ ලෙඩට දුකට සෙත් පතනවා. මංගල උත්සවවලදී ආශිර්වාද කරනවා. අපි කාගෙත් කරදරයේ දී පිහිට වෙනවා. ඒ නිසා ඔය වටිනා වස්ත්*රය වඩා සුදුසු වන්නේ දේවදත්තයන් වහන්සේට ම යි.” එතකොට තව පිරිසක් මෙහෙම කිව්වා. “එහෙම කියන්න එපා. අපි පුද්ගලික වාසි බලල පින් කරන්න හොඳ නැහැ. අපි පින් කළ යුත්තේ කොහොම ද කියල බුදු රජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. රාග, ද්වේශ, මෝහ ප්*රහාණය කොට වදාළ රහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සැරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා දෙස ඔබ නොබලන්නේ මක් නිසාද? පුන් සඳ පායා බැස යන පරිද්දෙන් සැමදාම අහසේ දිලෙන අළුත් සඳක් පරිද්දෙන් නො ඇළුනු සිතින් උන්වහන්සේලා කල් ගෙවනවා. නෙළුම් කොළයෙහි නො රැඳෙන දිය බිදුව රූරා පහළට හැලෙන පරිද්දෙන් උන්වහන්සේලා කිසිවෙකට නො ඇලී වාසය කරනවා. තමා ගේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට පවා නො ඇළුනු ඒ රහතන් වහන්සේලා ගිහියන් ගේ සැපදුක්වලට ඇලී සිටීවි ද? ඒ නිසා අප පැහැදිය යුත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට නො වේ ද? ඔය වස්ත්*රය සුදුසු වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට ම යි.” එතකොට දේවදත්ත පාක්ෂික පිරිස හඬනඟා කෑ ගැසුවා. “ඔයාල කියයි ... ප්*රශ්නයක් වුණහම තමයි දේවදත්තයන් වහන්සේ ගේ වටිනාකම තේරෙන්නේ. දේවදත්තයන් වහන්සේ මොන තරම් සිල්වත් ද! කවුරු කොහොම කිව්වත්, නිවන් මගේ ඉදිරියෙන් ම සිටින්නේ දේවදත්තයන් වහන්සේ කියල යි අපි කියන්නේ. දේවදත්තයන් වහන්සේ තුන්සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පාංස කූල සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පිණ්ඩපාතයෙන් ම යි ජීවත් වෙන්නේ. ආරණ්*යයේ ම යි ජීවත් වෙන්නේ. ඒ විතරක් ද? දේවදත්තයන් වහන්සේ කිසි දවසක පිළිහුඩු වර්ගයක් වළදන්නේ නැහැ. නිර්මාංශ, එළවළු ආහාරයෙන් ම යි උන්වහන්සේ සතුටු වෙන්නේ. ධර්ම විනය උදෙසා උන්වහන්සේ �නෑ දෙයක් කරාවි. ඒ නිසා දේවදත්තයන් වහන්සේට ම යි ඔය වස්ත්*රය සුදුසු.” අන්තිමේ දී සැදැහැවත් පිරිස නිහඬ වුණා. දේවදත්ත ගේ පක්ෂය ගත් පිරිස ජය ගත්තා. දානයෙන් පසුව දේවදත්තට එම වස්ත්*රය පූජා කළා. ඒ අලංකාර වටිනා වස්ත්*රය සිවුරක් බවට පත් කළ දේවදත්ත ඉතා මැනැවින් ඒ සිවුර පොරොවාගෙන මහා තේජාන්විත ලීලාවෙන් පිරිස් පිරිවරාගෙන එහේ මෙහේ ඇවිදින්න පටන්ගත්තා. අවබෝධයෙන් ම තිසරණයෙහි පිහිටි සැදැහැවත් ගිහි පින්වතුන්ට මෙය අප්*රසන්න දර්ශනයක් වුණා. ඒ ගිහි පින්වතුන් තැනින් තැන දොස් කියන්න පටන් ගත්තා. “සැරියුත් මහරහතන් වහන්සේට ම යි ඔය සිවුර සුදුසු වන්නේ. අනේ අපේ ඇත්තන්ට මොලේ පෑදෙන්නෙ නැති හැටි. පුද්ගලික වාසිය බලාගෙන ම යි දානමාන පිරිකර දෙන්නෙත්.” මෙම කථාව හැම තැන ම පැතිරුණා. බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මේ කථාව කියැවුණා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ “අතීත සසරේදීත් දේවදත්ත ඔහොම තමයි. තමා ගේ වාසිය පිණිස සිවුරු පොරොවා ගෙන තියෙනවා” යැ යි පවසා මේ ගාථා දෙක වදාළා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
9.jpg


පින්වත් දරුවනේ, දේවදත්ත කියල කියන්නේ අමුතුම පුද්ගලයෙක්. ඉතාමත් ම මෝඩයි. ඉතාමත් ම උඩඟුයි. ඉතාමත් ම දරුණු යි. පිරිහුණු මනසක් ඇති කෙනෙක්. හැබැයි එයා හිටියේ නම් සියළු දෙය ම අවබෝධ වුණ කෙනෙක් වගේ. හරියට හිතට අරගෙන හිටියා. බුදු රජාණන් වහන්සේ ගේ බුද්ධත්වය පව බලහත්කාරයෙන් ලබා ගන්නට පුළුවන් දෙයක් කියල යි මේ මෝඩ දේවදත් හිතුවේ. රජපවුලේ කෙනෙක් නිසා ඉතාම ලස්සන රන්වන් සිරුරක් තිබුණා. රහතන් වහන්සේ නමක් වගේ බිමට යොමු කළ ඇස් ඇතිව ගමන් කළා. සියළු සතුන් කෙරෙහි කරුණාව දක්වන කෙනෙක් වගේ ඇඟවීම පිණිස නිර්මාංශ ආහාරයෙන් යැපුනා. ඔහු ගේ අසත්පුරුෂකමත් කෙලෙහි ගුණ නො දන්නාකමත් බාහිරින් දැන ගන්නට බොහෝ දෙනෙකුට බැරි වුණා. ඉතා සූක්ෂම විදිහට අජාසත් කුමාරයාව රවට්ටා ගත්තා. තමන් කියන �නෑම දෙයක් අනුගමනය කරන මට්ටමට ඒ කුමාරයාව හිතවත් කරගත්තා. අන්තිමේ දී රජකම ගැන බොරු සැකයක් ඇති කරවලා බිම්බිසාර නම් වූ පියරජු ලවා අජාසත් කුමාරයා බලෙන් ම රජකම ගන්න තරමට පෙළඹෙව්වා. එතැනින් නතර වුණේ නැහැ. බිම්බිසාර පියාණන්ව තම පුතා වන අජාසත් කුමරු ලවා ම ඝාතනය කරවන්නට තරම් මේ පාපමිත්*ර සේවනය බලවත් වුණා.

පින්වත් දරුවනේ දේවදත්ත සිවුරක් පොරොවාගෙන හිටියත්, රහතන් වහන්සේලා මැද ඔහු වාඩි වී සිටියත් සංවර ලීලාවෙන් පෙනී හිටියත්, චාටුබස් කථා කරමින් මිනිසුන් ව රවට්ටා ගත්තත්, ඔහු ගේ ජීවිතයෙන් පැතිර ගියේ දුගඳක් ම යි. දැන් බලන්න දේවදත්තට උතුම් පැවිදි බව ලැබුණා. බුදු රජාණන් වහන්සේ ගේ ළඟම ඥාතියා වෙන්න ලැබුණා. රහතන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණා. උතුම් ශ්*රී සද්ධර්මය ශ්*රවණය කරන්න ලැබුණේ බුදු රජාණන් වහන්සේ ගෙන් ම යි. ඒ ධර්මය මතකයේ රඳවාගෙනත් හිටියා. ස්වාමීන් වහන්සේලා අතරේ කල්*යාණමිත්*රයෙකු ගේ වේශයෙන් පෙනී හිටියා. අසත්පුරුෂකම නිසා ම ඒ උතුම් ධර්මයේ අර්ථ වැටහුණේ නැහැ. ඒ අසත්පුරුෂකම අවාසනාවන්ත දේවදත්ත තුළ සසර පුරාවට ම පිහිටපු එකක්.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
එකමත් එක කාලෙක දේවදත්ත වැදි කුලයක උපන්නා. වැදි නායකයෙක් වුණා. සතුන් දඩයම් කරමින් ජීවත් වුණා. ඒ වනාන්තරයෙහි ඡද්දන්ත නම් හස්ති රාජයෙක් වාසය කළා. ඒ හස්ති රාජයා ඉතාමත් සුන්දර යි. මහානුභාව සම්පන්න යි. ඔප දැමූ හක්ගෙඩියක පෙනුම ඇති ඉතා අලංකාර දල හයක් මේ ඇතාට පිහිටා තිබුණා. දෙපැත්තේ දල තුන බැගිනුයි පිහිටා තිබුණේ. අනික් සියළු ඇතුන් මේ ඇතා පිරිවරාගෙන වනයේ ඇවිද්දා. දවසක් දඩයමේ ගිය වැදි නායකයා. මේ ඇතා දැක පුදුමයට පත් වුණා. වනපඳූරකට මුවා වී ඇස්පිය නොහෙලා බලාගෙන හිටියා. ඒ ලස්සන ඇත්දල දෙස බලාගෙන තළුමරමින් කෙල ගිල්ලා. “ෂා ... ! පුදුමාකාර ඇතෙක් නෙව. විශ්මිත ඇතෙක් නෙව. කොයි ලෝකෙන් ආපු සතෙක් ද මන්දා? මගෙ ජීවිතේට මෙවැනි ආනුභාව සම්පන්න හස්ති රාජයෙක්ව දැකල නෑ. මේ ඇත්දල කපාගත්තෝතින් මට ආයෙ දඩයම්වලින් වැඩක් නෑ.” ඊට පස්සේ වැද්දා ඡද්දන්ත හස්ති රාජයා පස්සේ කුරුමානම් ඇල්ලුවා. එහෙත් ඒ ඇතා ළඟට කිට්ටු වෙන එක ලෙහෙසි නැහැ. දවසක් මේ වැදි නායකයා තව පුදුම දෙයක් දැක්කා. පඳූරකට මුවා වී බලා සිටියා. එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා දණගසාගෙන කාටදෝ වන්දනා කරනවා. විපරම් කරල බැලුවා. හරිම පුදුම යි. මහවනාන්තරය මැද්දේ කුඩා ගල්ලෙනේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටිනවා. උන්වහන්සේ මුළු සිරුරම සිවුරෙන් වසාගෙන සිටියා. සීතලට වෙන්න ඇති. වැදි නායකයා තව තවත් කිට්ටුවුණා. “ඔව් ... භික්ෂුවක් නේද! ඔව් ... ඔය ඇතා මිනිහෙකුට වඩා හීලෑ වෙලා නෙව ඉන්නෙ. අර අර ... මහා භක්තියකින් ඒ භික්ෂුවට වඳිනවා. ඒ භික්ෂුව අර ඇතා ගේ හොඬවැලට අත තිබ්බා. අර ... ලස්සන ඇත් දලවලටත් අත තියලා සෙත් පැතුවා. ෂා ...! මට ළංවෙන්න විදිහක් නැහැ නෙව.” ඊට පස්සේ වැදි නායකයා උපායක් කල්පනා කළා. මේ ඇතා දලහයකින් යුක්තයි. විශේෂ ඇතෙක්. මිනිහෙකුට වඩා භක්තිවන්තයි. මට කරන්න තිබෙන්නේ එකම දෙය යි. මමත් සිවුරක් පොරෝගන්නවා. අර භික්ෂුව ගේ වේශය මමත් ගන්නවා. එතකොට මට බොහෝ ම පහසුවෙන් මගේ වැඩේ කරගන්න පුළුවනි. වැදි නායකයා ඒ භික්ෂුව කවුද කියා හඳූනන්නේ නෑ. ඒ සාමාන්*ය භික්ෂුවක් නොවෙයි. අබුද්ධෝත්පාද කාලවල දී එනම් බුදු සසුන අතුරුදහන් වූ කාලවල දී පමණක් ලෝකයෙහි පහළ වන අසාමාන්*ය වූ අද්විතීය වූ මහා පුණ්*යවන්තයෙක්. පසේ බුදු රජාණන් වහන්සේ නමක්. වැදි නායකයා ඒ පසේ බුදු රජාණන් වහන්සේ ගේ සිවුරක් සොරකම් කර ගත්තා. වනයේ ඈතට ගියා. ඇත් රජා ගැවසෙන සීමාවේ අඳූරු ගුහාවකට වැදුනා. සිවුර පේන්න සැළැස්සුවා. සිවුර දුටුගමන් ඇත් රජාට හරි සතුටුයි. ඇත්රජා හොඬය ඔසවා කුඤ්ජනාද කළා. ටිකෙන් ටික සිවුර ළඟට ළං වුණා. වැද්දා ඇතා කිට්ටු වෙනකල් හිටියා. ඇත් රජාට කිසි භයක් නැහැ. පරම අවිහිංසාවෙන් යුතු පසේ බුදු රජාණන් වහන්සේ ගේ සිවුරේ පහස පවා ඇත් රජාට සැපයක්. ඇත්රජා ආදර භක්තියෙන් යුතුව තව තවත් සිවුරට ළං වුණා. වන්දනා කළා. මුළුමණින් ම සිවුරින් ඇඟ වසා සිටි වැදි නායකයාව ඇත් රජාට පෙනෙන්නේ නෑ. ටික වේලාවකින් සිවුර ඇතුළෙන් තියුණු ලෙස මුවහත් කළ කියතක් එළියට ආවා. දැන් ඇත් රජා හොඬවැල දිගු කරගෙන දණ ගසාගෙන ඉන්නවා. අර කියතින් ඇතා ගේ දලකපන්න පටන් ගත්තා. ඇතා හිතුවේ මේ සිවුර ඇතුළේ ඉන්නේ තමන් සැමදා ආදර භක්තියෙන් වන්දනා කළ ශාන්ත සිත් ඇති උත්තමයන් වහන්සේ කියා ය. ඇත් රජාට කිසිවක් සිතාගත නො හැකි ය. ඇති රජා කලබල වුණේ නැහැ. ඉවසා ගෙන සිටියා. ආදරභක්තියෙන් සිටියා. සියළු වේදනා උසුලාගෙන සිටියා. කෙමෙන් කෙමෙන් ඇත් දල එක එක කපද්දී සිවුරු පොරවා සිටි වැද්දා ඇත් රජා ගේ සොඬවැල පාගා ගත්තා. ලේවැගිරෙමින් මස් සිදුරු කරමින් ඇත්දල කපන්නට පටන් ගත්තා. ඇත්රජා මහත් වේදනාවෙන් දෑස් විවර කොට බලා සිටිද්දී පෙනුනේ තමා ආදරයෙන් වන්දනා කරන සිවුර විතරයි. අන්තිමේ දී ඇත් රජා පහන් සිතින් මිය ගියා. සිවුර පොරවා සිටි කෲර වැද්දා ඇත්දල සයම කපා ගෙන ගියා.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
පින්වත් දරුවනේ, සමහර අවස්ථාවල දී පවිටු සිත් ඇති පුද්ගලයන් උදාර තනතුරුවලට පත් වෙනවා. එතැන ඉඳලා ඒ පාපී පුද්ගලයා ඒ තනතුරෙන් මත් වෙනවා. ලාමක ආශාවට වසඟ වෙනවා. අන්තිමේ දී ඒ තනතුර තුළින් පව්මයි රැස් කරන්නේ. එවැනි පුද්ගලයන් රජවෙලා, ආයතනවල ප්*රධානීන් වෙලා බොහෝ දෙනෙකුව විපතට ඇදල දානවා. ඉතිහාසයේ ඕනෑතරම් එවැනි පවිටු පුද්ගලයන් සමාජයේ නායකත්වයට පත් වෙලා අන් අයවත් වනසා ගෙන තමනුත් වැනසී යන සිදු වීම් ගැන දැන ගන්න ලැබෙනවා. ඒ තුළින් බොහෝ දෙනෙක් පව් රැස් කර ගන්නවා. එවැනි පවිටු පුද්ගලයින් උදාර තැනක ප්*රධානියෙක් වීම අවාසනාවක් ම යි.

ඇත්තෙන් ම උදාර තනතුරක් ලැබිය යුත්තේ උදාර පුද්ගලයෙකුට ම යි. උදාර පුද්ගලයා නිසා තනතුර බබලනවා මිසක්, ඒ තනතුරට මුවාවෙලා ඔහු බබලන්නේ නැහැ
. උදාර පුද්ගලයා සියළු දෙනා ගේ යහපතට කැමැති යි. ඉවසන කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. ආරවුල් සංසිඳවන කෙනෙක්. ධාර්මික කෙනෙක්. අයහපත අත්හරින කෙනෙක්. යහපත සමඟ එක් වෙන කෙනෙක්. හොඳ නරක හඳූනාගන්නා කෙනෙක්. සත්පුරුෂ කෙනෙක්. කෙලෙහිගුණ දන්නා කෙනෙක්. උදාර පුද්ගලයා නිසා බොහෝ දෙනෙක් පින් කරගන්නවා. යහපත උදාකරගන්නවා. සැපතට පත් වෙනවා. උදාර පුද්ගලයා ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලින් මත් වෙන්නේ නැහැ. ගිජු වෙන්නේ නැහැ. මහපොළොවේ අධිපති බවට පොරකන්නේ නැහැ. නො ඇළුනු සිතින් ඉන්නා කෙනෙක්.

අයහපත් පුද්ගලයා විවිධාකාර වෙස්ගන්නා හෙයින් හඳූනාගත නො හැකි ය. තම කාර්යය උදෙසා ඔහු විවිධ චාටුබස් කිය යි. විවිධ වෙස් ගනියි. බොරුවෙන් ඇත්ත වසාලයි. පිරිස බිඳවයි. කුමන්ත්*රණ කරයි. අවස්ථාව ලද විගස පලිගනියි. ගුණමකු වෙයි. කෙලෙහි ගුණ නො දකියි. සමාජ ආධිපත්*යයට ආශා කරයි. ලාභ, සත්කාර, කීර්ති, ප්*රශංසාවලට වසඟ වෙයි. ඊර්ෂ්*යයාවෙන් පෙළෙයි. ඕනෑම පවිටු දෙයක් කිරීමට පෙළඹෙයි. එනිසා අසත්පුරුෂ බාලයන් හා ඇසුර නොකළ යුතු දෙයකි. සත්පුරුෂ කල්*යාණ මිත්*රයන් පමණක් ඇසුරු කිරීමෙන් සළසාගත හැකි යහපත වචනයෙන් කිව නො හැකි තරම් අතිවිශාල දෙයකි.
 
Last edited: