Dhamma Padaya

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
17.jpg
පින්වත් දරුවනේ, මේ කෙලෙස්වල ස්වභාවය ඉතාමත් ම භයානක යි. දැන් බලන්න දේවදත්ත කියන්නේ කවුද? යශෝදරාව ගේ සහෝදරයා. රාහුල කුමාරයා ගේ මාමා. සිද්ධාර්ථ කුමාරයා ගේ මස්සිනා. කොයිතරම් ළඟ ඥාතියෙක් ද. යශෝදරා දේවිය රහත් භික්ෂුණියක් බවට පත් වුණා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මහා භද්*ර කල්පයේ හතර වෙනි බුදු රජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වය ලබා ගන්නට සිද්ධාර්ථ කුමාරයාට පුළුවන් වුණා. නමුත් දේවදත්ත විකෘති ආශාව නිසා ම, මාන්නය නිසා ම, බද්ධවෛරය නිසා ම, ක්*රෝධ කිරීම නිසාම, පලිගැනීම නිසා ම, ප්*රධානත්වයට ඇති ආශාව නිසා ම අවීචිමහා නරකාදියෙහි ඉපදෙන විදිහට කර්ම රැස් කරගත්තා. දැන් දේවදත්ත කල්පයක් පුරාවට ඒ නරකාදියේ මොහොතක සුවයකින් තොරව දුක් විඳිනවා. ආනන්තරීය පාප කර්ම කරගත්තා.

පින්වත් දරුවනේ, ආනන්තරීය පාපකර්ම පහක් තියෙනවා. මේවාට ආනන්තරීය පාපකර්ම කියල කියන්නේ, මෙලොව මරණියෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙලින් ම අවීචිමහා නරකාදියෙහි උපදින නිසාය. ඒ ආනන්තරිය පාප කර්ම පහ මොනවා ද?

1. තමන් ගේ මව් ඝාතනයට පත් කිරීම.
2. තමන් ගේ පියා ඝාතනයට පත් කිරීම.
3. රහතන් වහන්සේ නමක් ඝාතනයට පත් කිරීම.
4. බුදු රජාණන් වහන්සේ ගේ ශරීරයෙන් ද්වේශ සහගත ලෙස ලේ පිටවන ලෙස තුවාල කිරීම.
5. සමඟිව සිටින සංඝයා භේද කොට තම පක්ෂයට ගැනීම.

චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කළ කෙනෙක් මේ පවින් සදහට ම නිදහස් වෙනවා. මේ පව්වලට මූලික හේතුව වන්නේ අසත්පුරුෂකමත්, කෙළෙහි ගුණ නොදන්නා කමත්, බලපවත්වන පෘතග්ජන ජීවිතය යි. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වීම පිණිසවත් මාර්ගය ප්*රගුණ කරන්නේ නැතිනම් මේ අනතුරට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ජීවිතයේ මෙවැනි පව් නො කළත් වෙන ජීවිතයක වුණත් තමා අතින් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අපට තිබෙන එකම රැකවරණය නම් මේ ගෞතම බුද්ධ සාසනය තුළ දී ම, මේ ජීවිතය තුළ දී ම චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගැනීමම යි.

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
12. සුමනා දේවිය නම් කුමරිය ගේ කථාව - පින් කළ කෙනා දෙලොව ම සතුටු වෙයි
.​


පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු ඉතා සැදැහැවත් පිරිසක් එදා දඹදිව සිටියා. ඔවුන් අතරින් අනේපිඬු සිටුතුමා අග්*ර වූ දායක පින්වතා වශයෙන් අගතනතුරු ලැබුවා. අනේපිඬු සිටුතුමා ගේ නම සුදත්ත. ඔහු ඉතාමත් දක්ෂ ව්*යාපාරිකයෙක්. දවසක් රජගහනුවර ව්*යාපාර කටයුතු සඳහා පිටත් වුණා. රජගහනුවර සිටුවරයෙකු ගේ නිවසක රාත්*රී ආහාර ගෙන සතුටු සාමීචි කථාවේ යෙදී සිටියදී බුදු රජාණන් වහන්සේ ගැන අසන්න ලැබුණා. බුදු රජාණන් වහන්සේ යන නාමය ඇසූ පමණින් ම මේ සුදත්ත සිටුතුමා උද්දාමයට පත් වුණා. වචනයෙන් කිව නො හැකි තරම්ම ප්*රීතියට පත්වුණා. “හරි ම දුර්ලභ යි ... හරි ම දුර්ලභ යි ... ඔව් මං අහල තියෙනවා. බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින් කියලා. ඇත්තෙන් ම මට ඒ බුදු රජාණන් වහන්සේව දැකගන්න ඇත්නම්, එක බණපදයක් අහගන්නට ඇත්නම්, ඊට පස්සේ මං මළත් කමක් නැහැ.” සුදත්ත සිටුතුමා එදා තම නවාතැනට ගියේ කිව නො හැකි තරම් ප්*රීතියකින්. ඇත්තෙන් ම එදා මෙයාට නින්ද ගියේ නැහැ. බුදු ගුණ ගැන ම හිත හිතා හිටියා. රාත්*රියේ අවදි වුණා. වටපිට බලද්දී හොඳට එළිය වැටිල වගේ පෙනුනා. මෙතුමා එළිවුණා කියල හිතාගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වුණා. අතරමගදී සොහොන ළඟින් ගමන් කරද්දී සිතට පොඩි භයක් ආවා. එතකොටම කළුවර වෙලා ගියා. සුදත්ත සිටුතුමාට එළි වෙලා වගේ පෙනුනේ බුදු ගුණ සිතීමෙන් සිතේ ඇති වුණ ප්*රසන්න බව නිස යි. නමුත් ඇත්තට ම තවමත් කළුවරයි. එකවරට ම කළුවර වැටුනු වෙලාවේ සුදත්ත සිටුතුමා නැවතුනා. අහසින් හඬක් ඇසුනා.

“සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණිකුණ්ඩලා
ඒකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝති සෝළසිං”

සියයක් ඇතුන් ලැබුණ ද - සියයක් අසුන් ලැබුණ ද
වෙළඹුන් යෙදූ ලස්සන - රථ සියයකුත් ලැබුණ ද
මිණිකොඬොල් අභරණවලින් - යුතු කතුන් දහසකුත් ලැබුණ ද
උතුම් සම්බුදු සමිඳූන් - බැහැදකින්නට තබන පියවර
සොළොස් කලාවෙන් බෙදා බැළුව ද - එක් කලාවක් ගත්ත ද
එය වටිනවා හැම විට - අර සියළු දෙයටත් වඩා

මේ හඬ ඇසෙනවාත් සමඟ ම සුදත්ත සිටුතුමාට ආයෙමත් බුදු ගුණ මතක් වෙන්න පටන් ගත්තා. භය නැතුව ගියා. කළුවර නැතුව ගියා. පාරතොට පැහැදිලි ව පෙනෙන්න ගත්තා. ඔය විදිහට තුන් වතාවක් ම කළුවර වුණා. තුන් වතාවක් ම ඔය ගාථාව ඇසුණා. වේළුවනාරාමය දෙසට යද්දී බුදු රජාණන් වහන්සේ රුක් සෙවණක වැඩ සිටියා. “පින්වත් සුදත්ත, මෙහි එන්න” කියලා කරුණාවෙන් කථා කළා. සුදත්ත සිටුතුමාට හරි සතුටුයි. බුදු රජාණන් වහන්සේ තමා ගේ නමින් ම අමතා කථා කළා කියලා. උන්වහන්සේ ළඟට ගිහින් බිම දිගා වෙලා වන්දනා කළා. බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. සෝවාන්ඵලයට පත් ශ්*රාවකයෙක් බවට පත් වුණා. ආපසු සැවැත් නුවර බලා පිටත් වුණ සුදත්ත සිටුතුමා සැවැත් නුවරට වඩින බුදු රජාණන් වහන්සේ ප්*රධාන ශ්*රාවක සංඝරත්නයට නිරතුරුව දන්පැන් පිදුවා. දුගී මගී අසරණ අයටත් දන්සැල් දුන්නා. මේ නිසාම මේ සුදත්ත සිටුතුමා අනේපිඬු සිටුතුමා නමින් ප්*රසිද්ධ වුණා. පස්සෙ කාලෙක අනේපිඬු සිටුතුමා තමා පදිංචිව සිටි සැවැත්නුවරින් බුදු රජාණන් වහන්සේ උදෙසා ආරාමයක් තනවා පූජා කරන්න කල්පනා කළා
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ජේත නම් කුමාරයෙකුට අයිති ඉතා ම ලස්සන උද්*යානයක් තිබුණා. සැවැත් නුවරට දුරත් නැහැ. ළඟත් නැහැ. නිශ්ශබ්දතාවයත් තියෙනවා. අනේපිඬු සිටුතුමා ගේ සිත ගියේ මේ ජේත කුමාරයා ගේ උද්*යානයට ම යි. ජේත කුමාරයා මේ උයනට හරි ආශයි. කිසිසේත් විකුණන්න කැමැති වුණේ නැහැ. දිනක් අනේපිඬු සිටුතුමා ජේත කුමාරයා මුණ ගැහෙන්න ගියා. උද්*යානය විකුණනවා නේද කියලා බල කරමින් අහන්න පටන් ගත්තා. අන්තිමේ දී ජේත කුමාරයා කිව්වා “සිටුතුමනි, ඔහොම නොවේ, මං මගේ උද්*යානය පුරාවට රන්කාසි ඇතිරුවත් දෙන්නේ නැහැ” කියලා. එතකොට අනේපිඬු සිටුතුමා කිව්වා “ජේත කුමාරයා ... හරි හරි ... ඔන්න එහෙනම් මං උද්*යානය ගත්තා.” ජේත කුමාරයා මෙහෙම ඇහුවා “සිටුතුමනි, ඒ කොහොම ද?” “ඇයි කුමාරය, දැන් ඔබ කිව්වේ රන්කාසි ඇතිරුවත් දෙන්නෙ නැහැ කියලා. දැන් මං හෙට උදේ ඉඳලා රන්කාසි අතුරන්න පටන් ගන්නවා.” ජේත කුමාරයා විශ්වාස කළේ නැහැ. නමුත් පසුවදා උදේ බලද්දී අනේපිඬු සිටුතුමා ගේ සේවකයන් කරත්තවලින් රන්කාසි පටවාගෙන ඇවිදින් ජේත කුමාරයා ගේ උයනේ අතුරන්න පටන් ගත්තා. අන්තිමේ දී ජේත කුමාරයා ගේ උයනේ කොටසක් ඉතුරුවෙද්දී රන්කාසි ඉවර වුණා. ජේතකුමාරයා කල්පනා කළා. “මේක නම් මහා පුදුම දෙයක්. ශ්*රද්ධාව තියෙනවා කියලා කෙනෙකුට මෙහෙම වියදම් කරන්න පුළුවන් ද, රන්කාසි අතුරගෙන යද්දී සිටුතුමා ප්*රීතියෙන් සිනහ වුණා. හරිම පුදුම යි. මේ මනුස්සයාට ලෝභකම කියල දෙයක් නැද්ද. හම්බකරපු දේවල් මෙහෙම වියදම් කරන්න නම්, මීට වඩා වටා දෙයක් මෙයාට ලැබිලා ඇති.” ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා “පින්වත් සිටුතුමනි, ඇත්තෙන් ම ඔබේ මේ පරිත්*යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සේ මේ උද්*යානයට මගේ නම දාන්න කැමැති ද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුණා. ඊට පස්සේ ජේත කුමාරයා ගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.
18.jpg
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
අනේපිඬු සිටුතුමා ගේ පවුලේ සියළු දෙනාම පාහේ මඟඵල ලැබුවා. තමන් ගේ දරුවන්, ලේලිලා, බෑණලා, කවුරුත් මඟඵල ලාභී ශ්*රාවකයන් වෙනවා කියන්නේ මොන තරම් වාසනාවක් ද? අනේපිඬු සිටුතුමාට ඒ වාසනාව ලැබුණා. අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා. වැඩිමහළු කෙනා මහා සුභද්*රා, මද්දුම දියණිය චුල්ල සුභද්*රා, බාල දියණිය සුමනාදේවී. ඉතින් මේ බාල දියණිය අසනීප වුණා. අසාධ්*ය තත්වයට පත් වුණා. මරණාසන්න වුණා. එතකොට ඒ දියණිය මෙහෙම කල්පනා කළා. “මේ ජීවිතය අස්ථිර දෙයක් ම යි. මගේ වසඟයේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. මට මේ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරන මාර්ගය ම යි දියුණු කරගන්න ඕන. ඇත්තෙන් ම මගේ පියාණන් වැඩිපුර උනන්දු වෙන්නේ දන් දීම ගැන ම යි. ධර්මාවබෝධය ගැන තව තවත් උනන්දු කරවන්න මට පුළුවන් වුණොත් ඒක තමයි මට පියා වෙනුවෙන් දෙන්න තියෙන දේ.” සුමනාදේවිය මෙහෙම කල්පනා කර කර සිටිද්දී අනේපිඬු සිටුතුමා තම බාලදියණිය ගේ රෝගාතුර වීම ගැන කණස්සල්ලෙන් වගේ එතැනට පැමිණියා. මෙහෙම ඇහුවා “මගේ පින්වත් දුව සුමනා” “ඇයි පින්වත් මලනුවනි” කියලා සුමනාදේවිත් පිළිතුරු දුන්නා. මේ පිළිතුරෙන් අනේපිඬු සිටුතුමා පුදුමයෙන් වගේ තම දියණිය දෙස බලා සිටියා. දියණිය මෙසේ පවසන්නේ මක් නිසාද කියා ඔහුට තේරුණේ නැහැ. “අනේ මගේ දුවේ, ඔයාට අසනීප තත්වය හොඳටම වැඩියි නේද? ඒ නිසා නේද ඔයා ඔහොම දොඩන්නේ?” එතකොට සුමනා දේවිය කිසි කලබලයක් නැතුව මේ පිළිතුර දුන්නා. “නැහැ මලනුවනි, මං මේ අසනීපය නිසා දොඩවනවා නොවෙයි.” ඒ වුණාට අනේපිඬු සිටුතුමාට තම දියණිය කියන දෙය තේරුනේ නැහැ. “එතකොට පින්වත් දුවේ, ඔයා මරණයට භය නැද්ද?” “නැහැ මලනුවනි, මං මරණයට භය කෙනෙක් නොවේ” කියලා සුමනා දේවිය දෑස් පියාගත්තා. මරණයටපත් වුණා. සිටුතුමා මේ ගැන දිගින් දිගට කල්පනා කළා. මගේ දුව බොළඳ කෙනෙක් නොවේ. ලොකු අර්ථයක් ඇතුවයි මෙහෙම කථා කළේ. මං මේ කාරණය බුදු රජාණන් වහන්සේගෙන් අහනවා කියලා හිතා ගත්තා. සුමනා දේවිය ගේ අවසන් කටයුතුවලින් පස්සේ බුදු රජාණන් වහන්සේ බැහැ දකින්න ගිය අනේපිඬු සිටුතුමා මෙකරුණ සැළ කළා. බුදු රාජාණන් වහන්සේ සිටුතුමාට පැහැදිලි කළා. “පින්වත් සිටුතුමනි, ඔය සුමනා දේවිය පොඩි දැරිවියක් වුණාට ඉතාමත් ඥානවන්තයි. ඔබට කල්පනා කරන්න යමක් අවසන් මොහොතේ ලබා දුන්නා. ඇය සකදාගාමී වෙලා හිටියේ. ඔබ සෝතාපන්න වුණ කෙනෙක්. ඔබව ධර්ම මාර්ගයෙහි උනන්දු කරවීම පිණිස යි ඇය එසේ පැවසුවේ. දැන් ඇය ඉතාම සතුටින් තුසිත දෙව්ලොව ඉපදිලා ප්*රීතියෙන් ඉන්නවා. පින් නිසා ලබන සතුට කොතරම් සැනසිල්ලක් ද?” ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

පින්වත් දරුවනේ, දෙවිවරුන් අතර මෙන්න මෙහෙම කථාබහක් වෙනවා. ඒ තමයි බුදු සසුන පිරිහී යන කාලෙට දිව්*යලෝක දෙවිවරුන්ගෙන් හිස් වෙනවා. නමුත් බුදු සසුන බබලන කාලවල දී දෙව්ලොව දෙවිවරුන්ගෙන් පිරෙනවා කියලා. මේ කියමනේ ලොකු තේරුමක් තියෙනවා. ඒ තමයි තෙරුවන් සරණ ගිය සිල්ගුණදම් රකින බොහෝ දෙනෙක් දෙව්ලොව උපදින බව. නමුත් බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නේ දෙවියන් ගැන වැරදි විදිහට යි. දිව්*යලෝකවල ගිහින් වැඩක් නැහැ. පිනක් දහමක් කරන්න බැහැ. දෙවියන්ට නිවන් දකින්නත් බැහැ. මඟඵල ලබන්නත් බැහැ කියල යි. මෙය ඉතාම වැරදි අදහසක්. දැන් ඔබ දකින්න ඇති මිනිස් ලොව මඟඵල ලැබූ පින්වත් උදවිය මරණින් මතු දිව්*යලෝකවල උපත ලබා සැප සේ සිටින ආකාරය. මේ ගාථාවලින් විස්තර කරන්නෙත් ඒක ම යි. එහෙම නම් දිව්*ය ලෝකයේ උපත ලැබීම ධර්මයෙහි හැසිරුනු අයට විශේෂයෙන්ම ලැබෙන දෙයක් බව අපට පෙනෙනවා. දැන් මේ සුමනා දේවිය පවා තුසිත දෙවියන් අතරේ ඉපදුනා. දැන් සතුටින් කල් ගෙවනවා. සුමනා දේවිය මිනිස් ලොවදීත් සකදාගාමී තත්වයට දියුණු වෙලා හිටියා. ඇයට දෙව්ලොව දිත් ඉතුරු මාර්ගඵල දියුණු කරගන්න පුළුවන්. දෙවියන්ට මඟඵල ලබන්න බැරිනම් මඟඵල නො ලබන ලොවක මඟඵල ලාභී ශ්*රාවකයින් උපදීවි ද? මේ නිසා මේ ගැන නො දන්නා බොහෝ දෙනෙක් දෙව්ලොව උපත පවා අහිමි කරගන්නවා. මිනිස්ලොව වුණත් යළි යළි උපදින එක දුර්ලභ දෙයක් ම යි. මෙලොව පරලොව දෙකේ ම සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ පින් කරපු කෙනාට විතරයි. එතකොට බුදු රජාණන් වහන්සේ මේ ගාථාවෙන් පින්කරපු කෙනා හැටියට පෙන්වා වදාළේ මඟඵල ලාභී ශ්*රාවකයාව නොවේ ද? ජීවිතයේ රැකවරණය පිණිස කෙනෙකුට අනුගමනය කළ හැකි එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.


 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
13.ධමිමික උපාසක මහතාගේ කථා වස්තුව
පින් කළ විට මෙලොවන් පරලොවත් සතුටක් ම යි ලැබෙන්නේ​
පින්වතුනේ,පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්*ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි.ඵ් චතුරාර්ය සත්*ය ධර්මය කවුරැත් කථාබස් කරනවා නමි,ඵ් ධර්මය අනුගමනය කිරිමට වෙහෙස මහන්සි වෙනවා නමි,ඵ් බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා.අන්න ඵවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා.හොදට පින් රැස් කරගන්න පුළුවන්කම ලැ*බෙනවා.බොහෝ **දෙනෙක් පින් ගැන කථා කළත්, පින්කරන හැටි දන්නෙ නැහැ.නමුන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයෙන් පින් ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරගන්න පුළුවනි.නරක තැන් වල උපත නොලබා,දෙවිලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් ඵතර වන්නට පුළුවනි.හැබැයි ඵ් හැම සැපක් ම ලබන්නට පුළුවන් වන්නේ පින් කරන කෙනාට විතරයි.
[/SIZE][/B]
16.jpg
පින්වතුනේ,පින්වත් දරුවනේ,ඔයාල අහල ඇති සැවැත් නුවර කියන නගරය ගැන.ඵ් කාලේ කොසොල් ජනපදයේ අගනුවර සැවැත් නුවරයි. සැවැත් නුවර හත් කෝටියක ජනකායක් ජීවත් වෙලා තිබෙනවා.ඵයින් පන් කෝටියක්ම බුදුරජාණන් වහන්සේ ගේ මගඵල ලාභී ශ්*රාවක පිරිසයි.කොයිතරමි යහපතක් ද! ඉතින් ඵ් කෝටි ගණනක් සිටිය පින්වත් ශ්*රාවක පිරිසෙන් කෙනෙක් ගැනයි දැන් ඔබට කියා දෙන්නේ.මෙ පින්වත් උපාසක මහතාගේ නම ධමිමික.ඵයාගේ ජීවිතය ඵ් නමටම ගැලපෙන ඵකක්.මෙයා ඉතාමත් ම ධාර්මික යි.මෙ පින්වත් උපාසක මහතාගේ බිරිදත් ඉතාම සීලවන්ත වූ ගුණවන්ත වූ උපාසිකාවක්.මෙයාලට දරැවන් දාහතර දෙනෙක් සිටියා.සෑහෙන්න ලොකු පවුලක් වුනත් හැමොම සීලවන්තයි.පුතුන් හත් දෙනෙකුත්,ගැහැණු දරැවන් හත් දෙනෙකුත් සිටියා.
මෙ පවු*ලේ සියලු දෙනා නිතර නිතර සිල් රකිනවා.දන් පුදනවා.භාවනා කරනවා.ධර්ම සාකචිඡා කරනවා.බුද්ධෝපස්ථාන සං*ඝෝපස්ථාන කරනවා.කාටත් උදවි කරනවා. මෙ උපාසක මහත්මයා දිනපතා භාවනා කරන කෙනෙක්.හොදට හිත දියුණු කරන කෙනෙක්.මෙ විදියට පින් දහමි කරමින් සතුටින් ජීවත් වෙනවා.අන්තිමෙ දී මෙයා වයසට ගිහින් මරණාසන්න වෙනවා.දැන් මෙයා ඇදට වැටිලයි ඉන්නේ.
මෙ උපාසක මහත්මයට ස්වාමීන් වහන්සේලා දැකීමටත්, උතුමි බණ ඇසීමටත් මහත් ආශාවක් ඇති වුණා. “අනේ මගේ දරැවනේ...මට මෙ හුස්ම ටික යන්න කලියෙන් උතුමි නිවන් මගෙහි වඩින පින්වත් ස්වාමීන් වහන්සේලාව දැක බලා ගන්න ඇත්නමි *කොයි තරමි අගේ ද, උන්වහන්සේලාගෙන් බණ පදයක් අසන්නට ඇත්න*මි *කොයි තරමි අගේ ද”කියලා කිවිවා. දරැ පිරිස දෙවිරමි වෙහෙරට ගිහින් ස්වාමීන් වහන්සේලාට *මෙ කරැණ දන්වා සිටියා. ස්වාමීන් වහන්සේලාව ධමිමික උපාසක මහතා දකින්නට බොහෝ ම සතුටු වුණා. “පින්වත් දරුවනේ, බොහෝ ම හොදයි...ඔය ධමිමික උපාසක මහත්මයා අපි දන්න කාලයේ ඉදලාම සීලවන්තයි.නිතර දන් පැන් දෙනවා. හොදට භාවනාත් කරනවා. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීමට මෙ උපාසක මහත්මයා ගේ සිතේ තිබුණේ පුදුමාකාර කැමැත්තක්. බුදුරජාණන් වහන්සේ ගැනත්,ශ්*රී සද්ධර්මය ගැනත්,ආර්යන් වහන්සේලා ගැනත්, ඵ් උපාසක මහත්තයා ගේ සිතේ මහා ශ්*රද්ධාවක් තිබුණා.ඵ් නිසා ඵබදු කෙනෙක් බලන්න යන ඵකට අපි හරි කැමැත්තියි”කියලා ස්වාමීන් වහන්සේලා දහසය නමක් කැමැත්*තෙන්ම පිටත් වුණා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
නිවසට වැඩම කරලා ධමිමික උපාසක මහත්මයා සමග සතුටින් කථා බස් කළා. “පින්වත් උපාසක මහත්මයා,මොන වගේ ධර්මයක්ද අහන්න කැමැති.” “අනේ පින්වත් ස්වාමීන් වහන්ස,මට මෙ ධර්මය මී පැණි වලටත් වඩා රහයි.මගේ ජීවිතයේ දැන් මෙ අතපය වලංගු නැති වුණාට බොහෝම ප්*රයෝජන ගත්තා. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරන්න හිතා *ගෙන ම මං හොදට සතර සතිපටිඨානය පුරැදු කළා. ඵ් නිසා පින්වත් ස්වාමීන් වහන්ස, ඵ් සතිපටිඨාන සුත්*ර දේශනාව අහන්න මං හරි කැමැතියි.ඵය වදාරණ සේක්වා!” “හොදයි පින්වත් උපාසක මහත්මයා, බොහෝම හොදයි. අන්තිම මොහොතේ ධර්මය පමණක් සිහිවන ඵක මොන තරමි ලාභයක් ද!ඵහෙනමි හොදින් අහගෙන ඉන්න”කියලා ඵ් ස්වාමීන් වහන්සේලා සතිපටිඨාන සුත්*රය සජ්ඣායනා කරන්න පටන් ගත්තා. ඇදේ හාන්සිවෙලා හිටිය ධමිමික උපාසක මහත්මයා දෑස වසා ගෙන,වන්දනා කරගෙන හරිම ප්*රීතියෙන් අහගෙන සිටියා. හොදට සිත යොමු කර ගෙන සිටියා.
ටික වෙලාවක් යන විට මෙ උපාසක මහතා ඉදිරියේ දිව්*යලෝකවලින් දෙවිවරැ ඇවිදින් හිට ගත්තා.ඵක ඵක දිව්*යලෝක යට ඵන්න කියලා ආරාධනා කරන්න පටන් ගත්තා. උපාසක මහතාට විතරයි මෙය පෙනෙන්නේ. සතිපටිඨාන සුත්*ර දේශනාව අසා සිටීමට මෙය හරිම බාධාවක් වුණා.ඵතකොට උපාසක මහත්මයා ඵ් දෙවිවරැන්ට ටිකක් ඉන්න කියලා අත ඔසවලා දැනුමි දුන්නා.අර ස්වාමීන් වහන්සේලාට මෙය පෙනුණේ දැන් ඇති කියනවා වගේ.ඵ් ස්වාමීන් වහන්සේලා හිතුවා“හා... දැන් මෙ ධමිමික උපාසක මහත්මයාට සිත තැන්පත් කරගන්න මෙය ප්*රමාණවත් ඇති.ඵ් නිසා තමයි ඔය නවත්වන්න කියලා කියන්නේ” කියලා හිතලා ආපසු විහාරයට වැඩියා. ධමිමික උපාසක මහතා ඵ් සැනින් මරණයට *පත්වෙලා තුසිත දෙවිලොව දිව්*ය කුමාරයෙක් ව උපත ලැබුවා.
වෙහෙරට වැඩිය ස්වාමීන් වහන්සේලා ධමිමික උපාසකතුමා සතිපටිඨාන සුත්*ර දේශනාව අතරමග නැවැත්තුව නිසා තමන් ආපසු විහාරයට වැඩිය බව බුදුරජාණන් වහන්සේට සැළ කර සිටියා. “පින්වත් මහණෙනි,ඵතැන සිදු වුනේ ඵ්ක නොවෙයි. ධමිමික උපාසකතුමාට දිව්*යලෝකවලින් දෙවිවරැ ඇවිදින් ඵ් දිව්*යලෝකවල ඉපදීම පිණිස සිත පිහිටුවන්න කියලා ඇරයුමි කරන ඵක කරදරයක් වුණා. ඵ් දෙවිවරැන්ට කලබල නොවී පොඩිඩක් නවතින්න කියලායි අත උස්සලා කිවිවෙ.ඔබ පැමිණ ටික වෙලාවකින් ධමිමික උපාසකතුමා මිය ගියා.දැන් ඵයා දිව්*ය කුමාරයෙක්. දිව්*ය සැප විදිනවා.පින් කරපු කෙනාට ඵහෙම තමයි”කියලා බුදුරජාණන් වහන්සේ මෙ ගාථාව වදාළා:

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

පින්වතුනේ,පින්වත් දරුවනේ, පින් රැස් කිරීම ඔනෑම නුවණැති කෙනෙකුට කරන්න පුළුවනි.ඔබට ඔබ සමාදන් වෙන සිල් පද පහ රැක ගන්න පුළුවන් නමි,ඵ්කත් පිනක්.පොඩි පිනක් නොවෙයි. ඵ්ක ලොකු පිනක්.ඵ් වාගේම පොහොය දවසට උපෝසථ සිල් ආරක්ෂා කරනවා නමි,ඵ් රැස් කරන පිනත් මෙපමණයි කියලා කියන්න බැරි තරමි විශාලයි.දිනක් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්*රෝධාරාමයට වැඩම කළ වෙලාවෙ උන්වහන්සේගේ ඥාතීන් වන ශාක්*ය වංශිකයින් පිරිසක් උන්වහන්සේව බැහැ දකින්න ආවා. “පින්වත් ශාක්*යවරැනි, ඔබ උපෝසථ දවසට,ඵ් කියන්*නේ පොහොය දවසට සිල් ආරක්ෂා කරනවා ද?” “අනේ ස්වාමීනී,අපට ඵ්කට වෙලාවක් නැහැ නෙ. මෙ වැඩපළ වල අවසානයක් වෙන්නෙ නැහැ නෙ. පොහොය දවසට වුනත් මොකක් හරි වැඩක් යෙදෙනවා.ඵතකොට සිල් සමාදන් වෙන්න ලැබෙන්නේ නැහැ.” “පින්වත් ශාක්*යවරැනි..... ඵ්ක ඔබ සියලු දෙනාට ම විශාල අලාභයක්මයි.මහත් ම පාඩුවක් ම යි. පින්වත්ශාක්*යවරැනි,මෙහෙම හිතන්න.ඔන්න කෙනෙක් රස්සාවකට යනවා.දවසම මහන්සි වෙලා වැඩ කළ විට පඩිය හැටියට රන්කහවනුවක් ලැබෙනවා. ඵතකොට ඵ්ක ලොකු ගණනක් නේද?” “ඵහෙමයි ස්වාමීනී”“ඉතින්තවකෙනෙක්වෙනරස්සාවක්කරනවා. ඵයාට දවසට කහවනු සියයක පඩියක් ලැබෙනවා. තවකෙනෙකුට තව රස්සාවක් ලැබෙනවා. ඵයාට කහවනු දහසක පඩියක් ලැබෙනවා. තවකෙනෙකුට ඉතාම හොද රස්සාවක් ලැබෙනවා. ඵයාගේ පඩිය දිනකට කහවනු ලක්ෂය යි. පින්වත්ශාක්*යවරැනි, දැන් මොකද හිතෙන්නේ? ඵහෙම කෙනෙක් අවුරැදු සියයක් මුළුල්ලේ දිනපතා කහවනු ලක්ෂයක් ලැබෙන රස්සාවක් කළොත් මොන විදිහේ ධනවතෙක් වෙවිද?”
අර ශාක්*යවරැ පුදුම වුණා.ඇස් ලොකු වුණා.උගුර පෑදුවා.හිනහ වෙවී පිළිතුරැ දුන්නා. “හප්පා... ස්වාමීනී,ඉතින් කහවනු ලක්ෂයක් දිනකට පඩිය හැටියට ලැබෙන රස්සාවක් කර ගන්න පුළුවන් නමි ආයෙ වෙන මොකවත් ඔන නැහැ. අවුරැදු සියයක් රස්සාවක් කළොතින් ඵයා ඉතින් සිටුවරයෙක්ම යි.නිකං සිටුවරයෙක් නෙවෙයි,මහා සිටුවරයෙක්.” “පින්වත් ශාක්*යවරැනි,නෑ.ඇත්තෙන්ම ඵයාට ලොකු මුදලක් නෑ කියන්න පුළුවනි.යමි කෙනෙක් පොහොය දවසට හිරැ නැගෙන වෙලෙ ඉදලා,පසුදා හිරැ නැගෙන තුරාවට දවසක් පුරාවට අට සිල් ආරක්ෂා කළොත් ඵයා ලබන ධනය ඔයිට වඩා ගොඩක් වැඩියි.ඵ් නිසා පින්වත් ශාක්*යවරැනි, සිල් රැකීම කියන්නේ සැප ලැබෙන දෙයක්මයි.” “ස්වාමීනී,ඵහෙනමි අපි හැකි හැම දව*සෙ ම සිල් රකින ඵක අත්හරින්නේ නැහැ.
පින්වතුනේ,පින්වත් දරුවනේ,අපේ ජීවිතයේ වැඩි වශයෙන් ම කෙරෙන්නේ කාලය නාස්ති වීමයි.තේරැමක් නැති දේවල් වෙනුවෙන් අපි පුදුම විධියට කාලය වනසනවා. සිල් රකින්න කාලය ගන්නේ ඉතාමත්ම අඩුවෙනි.තාවකාලික සතුට වෙනුවෙන් නමි ඔනෑතරමි කල්මරාවි.ඵ් නිසා අපට මෙ ලැබෙන කාල*යෙන් ප්*රයෝජන ලැබීමට නමි සීලය නැමති පින රැස් කරන්න ඔනැ.ඵ් වාගෙම දන් දීම නැමති පින රැස් කරන්නත් ඔනැ. ඵ් වාගෙම භාවනා කිරීම නැමති පින රැස් කරන්නත් ඔනැ. අපට නිරතුරැව ම මෛත්*රී භාවනාව කළ හැකි නමි,ඵ් හැම මොහොතක ම රැස් වන පින මෙතැකැ යි කියා ප්*රමාණ කරන්න බැහැ. ඵ් නිසා පින රැස් කරන මිනිස් ජීවිතය අපට ලැබිලා තියෙනවා.බුද්ධ ශාසනය පවතින කාලයකුත් ලැබිලා තියෙනවා.උතුමි ධර්මයත් ලැබිලා තියෙනවා. අපි සැප ලබා දෙන පින් හැකිතාක් රැස් කර ගනිමු.

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
14. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථාව - ලෝකයට බණ දෙසමින් එය තමන් නො පිළිපදින විට තමාට ඵලක් නැත. ලෝකයට වැඩිය බණ නො කියන නමුත් තමා එය පිළිපදී නම් එහි ඵල ලබන්නේ තමා ම ය

.
පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කිරීම නිසා බොහෝ දෙනෙකුට මහත් යහපතක් සැළසුනා. තරුණ මහළු කවුරුත් ජීවිතාවබෝධය කිරීමේ කැමැත්තෙන් බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ කාලයෙහි පැවිදි වුණ කවුරුත් පාහේ තම ආචාර්ය ස්වාමීන් වහන්සේලා යටතෙහි ධර්මය ඉගෙන ගත යුතු යි. ඒ ධර්මය ඉගෙන ගන්නා ක්*රමය ඉතාමත් පැහැදිලි ලෙස බුදු රජාණන් වහන්සේ අපට උගන්වා වදාළා. ඒ කාලයේ පළමුවෙන් ම කරන්නේ සද්ධර්ම ශ්*රවණය යි. පොත්පත්වල ලියවීමක් තිබුණේ නැහැ. ඒ කාලයේ හිටිය මිනිසුන් හොඳට අකුරු දන්නවා. ලිපි ලියනවා. වෙන පොත්පත් තියෙනවා. නමුත් ධර්ම ගෞරවය නිසා ම පුරුදු කළේ කටපාඩමින් දරාගෙන සිටීමම යි. ඒ නිසා සවන් දීමට ලොකු තැනක් තිබුණා. එය බොහෝ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, හොඳින් සවන් යොමා අසන්න. කියා දෙන්නම්” වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් ම ධර්මය අසන කෙනා ගේ සැළකිල්ල ඒ අසන දෙයට යොමු කිරීම පිණිස පවසා වදාළ තැන් හමු වෙනවා. ධර්මය ඇසීමෙන් ලත් දැනුමට කියන්නේ ‘සුත’ කියල යි. එය ධර්මය ඉගෙනීමෙහි පළමු පියවර යි. ‘සුතා’ කියලා සඳහන් වන්නේ එය යි.

දෙවෙනි කරුණ ඒ විදිහට සවන් දුන්න ධර්මය මතක තබා ගත යුතු යි. එයට කියන්නේ ධාරණය කර ගැනීම කියල යි. එය හඳූන්වන්නේ ‘ධතා’ වශයෙනුයි. ඒ කාලයේ සිටි බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර නිතර ධර්මය ඇසුවා. මතක තබා ගත්තා.

මතක තබාගත් ධර්මය අමතක නො වීමට නම් වචනයෙන් පුරුදු කළ යුතු යි. වචනයෙන් පුරුදු නො කළොත් කලක් යන විට අමතක වෙලා යනවා. ඒ නිසා ඒ උතුම් බුද්ධ දේශනා වචනයෙන් පුරුදු කිරීම ධර්මය ඉගෙන ගන්නා කවුරුත් ඉතාම කැමැත්තෙන් පුරුදු වුණා. එය හඳූන්වන්නේ ‘වචසා පරිචිතා’ කියල යි.

ඒ විදිහට වචනයෙන් පුරුදු කරන ලද ධර්මය නිතර නිතර අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු යි. එහි තේරුම විමස විමසා බැලිය යුතු යි. එය භාවනාවක් වැනි දෙයක්. බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස නුවණින් විමස විමසා බලනවා. එය හඳූන්වන්නේ ‘මනසානුපෙක්ඛිතා’ කියල යි.

තමන් ඉගෙනගත් ධර්මය හොඳට නුවණින් විමසන කොට ටිකෙන් ටික අවබෝධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒ ධර්මය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. අතරමං වෙන්නේ නැහැ. මේක මොකක් ද කිය කියා කලබල වෙන්නේ නැහැ. ඒ තේරුම තුළ එයා ඍජුව ඉන්නවා. ඒකට කියන්නේ ‘දිට්ඪියා සුප්පටිවිද්ධා’ කියල යි.

පින්වත් දරුවනේ, කට පාඩමින් දරාගත යුතු ධර්මය ඔය තරම් පැහැදිලි ලෙස උගන්වන ක්*රමයක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එතකොට ඒ රහතන් වහන්සේලා ධර්මය ප්*රගුණ කරපු ආකාරය කොතරම් ම සාර්ථක ද කියල ඔබට වැටහෙනවා ඇති. ඔය විදිහට ධර්මය උගන්වද්දී උන්වහන්සේලා ඒ ධර්මය සැදැහැවතුන්ට දේශනා කළා. උතුම් බුදු බණ ඇසූ බොහෝ දෙනෙක් මහත් සතුටට පත් වුණා. සැවැත් නුවර වාසය කළ යහළුවන් දෙදෙනෙකුට බණ අසන්ට ලැබුණා. ධර්මය ඇසීමෙන් පසු ඒ දෙදෙනා ම පැවිදි වෙන්න තීරණය කළා. පැවිදි වෙලා කලින් කිවූ ආකාරයෙන් ඒ දෙදෙනා ම ධර්මය ඉගෙන ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් තරමක් වයසයි. අනෙක් ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක්. ඉතින් අර වයසක ස්වාමීන් වහන්සේ මෙහෙම කල්පනා කළා. “මම මහණ වුණේ වයසට ගිහිල්ල යි. ඇත්තෙන් ම මට ධර්මය ඉගෙනගන්න ආසා නමුත් පාඩම් හිටිනවා අඩුයි. ඒ වුණාට මට හොඳට භාවනා කරන්න පුළුවන්. අනෙක් තරුණ ස්වාමීන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නා නිසා මං භාවනාවට වැඩිපුර කාලය ගත කිරීම ගැන ආචාර්ය ස්වාමීන් වහන්සේ අසතුටු වෙන එකක් නැහැ” කියලා මේ ස්වාමීන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන දිගට ම භාවනා කළා. රහතන් වහන්සේලාත් මේ ස්වාමීන් වහන්සේට භාවනාව දියුණු කරගන්නා ආකාරය කියල දුන්නා. වැඩිය පාඩම් නොසිටින නිසා ධර්මය ඉගෙන ගැනීම මඟහැරුනා. වැඩිය බණ කියන්නත් අමාරුයි. ගොඩක් දන්නෙත් නැහැ. නමුත් දන්නා ධර්මය ගැන පුදුමාකාර අවබෝධයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සුළුකලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
19.jpg
අනෙක් යහළු ස්වාමීන් වහන්සේ එතරම් වයසක කෙනෙක් නොවෙයි. හොඳට පාඩම් හිටිනවා. ලස්සනට කියන්නත් පුළුවනි. කලක් යන කොට උතුම් බුද්ධ දේශනා රාශියක් කට පාඩමින් කියන්න පුළුවන් වුණා. මේ ස්වාමීන් වහන්සේ මේ ගැන සතුටු වෙවී හිටියා මිසක් භාවනාවට උනන්දුවක් දැක්වූවේ නැහැ. අන්තිමේ දී මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඉගෙන ගැනීමට බොහෝ පිරිස් එන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික ප්*රසිද්ධ වුණා. ඒ ප්*රසිද්ධියත් සමඟ ම ඒ ස්වාමීන් වහන්සේ ආඩම්බර වුණා. පිරිස් පිරිවරාගෙන සතුටු වුණා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසන බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කරගත්තා.

කලක් ගත වෙන විට අර වයසක ස්වාමීන් වහන්සේ ළඟට පැමිණි ඇතැම් ස්වාමීන් වහන්සේලා හොඳට භාවනාව ප්*රගුණ කරගෙන රහතන් වහන්සේලා බවට පත් වුණා. අර ධර්ම කථික ස්වාමීන් වහන්සේ ගේ ගෝල ස්වාමීන් වහන්සේලා පවා මේ ස්වාමීන් වහන්සේ ළඟට වඩිනවා. භාවනාව ඉගෙන ගන්නවා. ඒ වයසක ස්වාමීන් වහන්සේත් තමන් ගේ යහළු ධර්ම කථික ස්වාමීන් වහන්සේට බොහෝ ප්*රශංසා කරනවා. දහම් කරුණු මතක තබා ගැනීමේ හැකියාව අගය කරනවා. නමුත් ධර්ම කථික ස්වාමීන් වහන්සේ සිත දියුණු නොකළ කෙනෙක් නිසා තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට කැමැති වුණේ නැහැ. සතර සතිපට්ඨානය දියුණු නො කළ නිසා තමන් ගේ සිත ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හිතේ ස්වභාවය ගැන අනුන්ට බණ කිව්වා මිසක් තමන් අනුගමනය කළේ නැහැ.

දිනක් අර වයසක ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේව බැහැදැකීමට ජේතවනාරාමයට වැඩම කළා. බුදු රජාණන් වහන්සේව වැඳපුඳාගෙන සතුටු වුණා. ඊටපස්සේ කලකින් නො දැක්ක අර ධර්ම කථික යහළු ස්වාමීන් වහන්සේව බැහැ දකින්න උන්වහන්සේ සිටි තැනට වැඩියා. එතකොට ඒ ධර්මකථික ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිවරා ගෙන ධර්මය උගන්වමින් සිටියා. මේ වයසක ස්වාමීන් වහන්සේව දුටු ගමන් ධර්මය ඉගෙන ගනිමින් සිටි ස්වාමීන් වහන්සේලාට මහත් සතුටක් ඇති වුණා. උන්වහන්සේ වයසක නමුත් ඉතාමත් ප්*රසන්න යි. ඉතාමත් ශාන්ත යි. ගමන් විලාශය ඉතාම සංසුන්. කථාබහත් ඉතාමත් ම සංවරයි. අහගෙන ඉන්න ආසයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේව අර ස්වාමීන් වහන්සේලා වටකර ගත්තා. ආදරයෙන් වන්දනා කළා. තොරතුරු අහන්න පටන් ගත්තා. ධර්මකථික ස්වාමීන් වහන්සේට මේ ගැන සතුටක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. “මේ ආයුෂ්මතුන් වයසට ගිහින් මහණ වුණේ. හරියකට බණක් කියා ගන්නවත් බැහැ. පාඩම් හිටින්නෙත් නැහැ. ඉතින් භාවනා කළා කියල හොඳට ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් ඒකෙන් අනුන්ට කිසි ලාභයක් නැහැ නෙව. මං මේ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ගැන පටලැවෙන ආකාරයට ප්*රශ්න අසන්න ඕන. පිළිතුරු දීගන්න බැරිව යන කොට අනෙක් අයට තේරේවි.” මේ විදිහට හිත හිත හිටියා. මේ ධර්ම කථික ස්වාමීන් වහන්සේ තම යහළු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව දන්නේ නැහැ. නමුත් බුදු රජාණන් වහන්සේ මේ කාරණය හොඳට දන්නවා. බැරිවෙලාවත් ධර්ම කථික ස්වාමීන් වහන්සේ අර වයසක ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු දෙන්න බැරි ආකාරයට ප්*රශ්න ඇසුවොත් අර ධර්ම කථික ස්වාමීන් වහන්සේට ඒ භික්ෂුව හෙළා දැක කථාකිරීමට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙතරම් ධර්මය ඉගෙන ගෙනත් ආර්ය උපවාද කොට තමන්ට ධර්ම අවබෝධ කරන අවස්ථාව අහිමි කරනවා.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
මේ ධර්ම කථික භික්ෂුව ඔය විපතින් බේර ගන්න ඕන යන කරුණාව බුදු රජාණන් වහන්සේ තුළ ඇති වුණා. උන්වහන්සේ ඒ වෙලාවේ එතැනට වැඩම කළා. පනවන ලද ආසනයේ වැඩහිටියා. බුදු රජාණන් වහන්සේ අර වයසක ස්වාමීන් වහන්සේගෙන් පිරිස් මැද තොරතුරු අහන්න පටන් ගත්තා. “ඉතින් පින්වත් භික්ෂුව, එහෙ ගත කරන කාලෙදි හොඳට භාවනා කරගන්න ඇති නේද?” “එහෙමයි ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, මට උතුම් කළ්*යාණ මිත්*රයන් වහන්සේලා ගේ ඇසුර ලැබුණා. මං හොඳට භාවනා කළා. හැම තිස්සේ ම සිහියෙන් ම යි හිටියේ.” “ඉතින් පින්වත් භික්ෂුව, ඉන්ද්*රිය සංවරය ඇති කරගත්තා ද?” “එහෙමයි ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අස්ස කරත්තයක් එළවන රියැදුරෙක් රැහැන් පොට අතින් අල්ලාගෙන ඒ අශ්වයන්ව උවමනා මාර්ගයේ යොදවනවා වගේ මං ඉඳූරන් සංවර කර ගත්තා. ස්වාමීනී, මං හිත කැළඹෙන දේවල් දිහා බැලුවේ නැහැ. ධර්මාවබෝධයට බාධා වන කිසි ම දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. නාසයට දැනෙන දේවල් පස්සේ ගියේ නැහැ. පිණ්ඩපාතෙ වඩිද්දී ලැබෙන දානය ගැන මං කල්පනා කර කර හිටියෙ නැහැ. කුසගිනි නිවා ගැනීමට භාවනාව දියුණු කරගැනීමට උපකාර වීම පිණිස ම යි මං දානෙ ගත්තේ. සීතල උණුසුම වුණත් මං ගණන් ගත්තේ නැහැ. ස්වාමීනී මං හිත ගැන හරිම කල්පනාවෙන් හිටියා.” “පින්වත් භික්ෂුව, බොහෝ ම හොඳ යි. බොහෝම හොඳ යි. ඉතින් පංච නීවරණ යටපත් කරගෙන උත්සාහයෙන් යුතුව සමාධිය දියුණු කරගන්න ලැබුණා ද?” “එහෙම යි ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, මං හොඳට සමාධිය දියුණු කළා. පළමු වෙනි ධ්*යානය දියුණු කළා. දෙවෙනි ධ්*යානය දියුණු කළා. තුන්වෙනි ධ්*යානය දියුණු කළා. හතරවෙනි ධ්*යානය දියුණු කළා.” “පින්වත් භික්ෂුව, බොහෝම හොඳයි. අෂ්ට සමාපත්ති දක්වා සිත දියුණු කළේ නැද්ද?” “ස්වාමීනී භාග්*යවතුන් වහන්ස, මං ඒකත් කළා.” “පින්වත් භික්ෂුව, බොහෝ ම හොඳ යි. එතකොට රාග ද්වේශ මෝහ සිතෙන් ඉවත් කරලා ඒ සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා ද?” “එහෙමයි භාග්*යවතුන් වහන්ස, මටත් භාග්*යවත් බුදු රජාණන් වහන්සේ ගේ අනුශාසනාව කරගන්න පුළුවන් වුණා. රාග, ද්වේශ, මෝහවලින් නිදහස් වෙන්න පුළුවන් වුණා. මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්න පුළුවන් වුණා.” “සාධු සාධු පින්වත් භික්ෂුව, මාගේ ශ්*රාවකයන් මෙහෙම තමයි. සසර දුකින් මිදීම ඉලක්ක කරගෙන ම යි ධර්මයේ හැසිරෙන්නේ” කියලා බුදු රජාණන් වහන්සේ අර ධර්මකථික භික්ෂුව දෙස බැලුවා. ධර්ම කථික භික්ෂුව බිම බලාගෙන හිටියා. කලින් තිබුණු ආනුභාවය නැතුව ගියා. ධර්මය ලෝකයට කිය කියා හිටියට මදි. තමා අවබෝධ කරගැනීම පිණිස ඒ ධර්මයේ හැසිරෙන්න ඕන ම යි. බුදු රජාණන් වහන්සේ ඉතාම ලස්සනට ගාථා දෙකකින් එකරුණ පෙන්වා වදාළා.

Lordbuddha.jpg
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප්*රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරම යි. ලෝකයට කොයිතරම් බණ කිය කිය හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලා ගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදු රජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සළස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනත් පස්ගෝ රසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි ඒව ලැබෙන්නේ. ධර්මයේ නො හැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේ ම යි.

නමුත් ඇතැම් අය ඉන්නවා. වැඩිය කිය කිය ඉන්නේ නැහැ. දන්නා ධර්මය ටිකක් වුණත් කමක් නැහැ. එය තමන් ඉතා හොඳින් ප්*රගුණ කරනවා. ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට අනුව කල්පනා කරනවා. ධර්මය තුළට පැමිණෙනවා. ධර්මයෙන් උගන්වන්නේ කෙලෙස් දුරු කිරීම ගැන යි. ධර්මයේ හැසිරෙන කෙනා කෙලෙස් දුරු කරනවා. එනිසා ම නිකෙලෙස් සිතකින් යුතුව කිසිවෙකට නො ඇලී නිදහස් සිතින් කල් ගෙවනවා. එවැනි උතුමන් සසර දුකින් එතෙර වෙලා පිරිනිවන් පානවා.

 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
බොහෝ දෙනාගේ හිතසුව පිනිස සහ,මෙම ත්‍රෙඩ් එක නැවත යාවත්කාලීන කීරීම අවශ්‍ය බව අපගේ පින්වත් මිතුරන් දන්වා තිබුනා,ඒ සෑම දෙනාටම උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝදය පිනිසම මේ පින හේතු වෙවා..........
නමෝ බුද්ධාය!
~ ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ~