Dhamma Padaya

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    SAAAAADUUUUUUUUUU SSSSAAAAAAAADDDDD
    SSSSSSAAAAAAAAAAAAAAADDDDDDDDDDDDDDDUUUUUUUUUUU...............................
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ධම්ම පදය-යමක වර්ගය
    8. උපතිස්ස කෝලිත කලණ මිතුරන් ගේ කථාව - නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු දෙය හිමි කරගනියි.

    පින්වත් දරුවනේ, උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියල ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ඒ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේ ගේ පැවිදි වෙන්න කලින් තිබුණු නම යි. මුගලන් මහ රහතන් වහන්සේ ගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියල කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ ප්*රඥාවෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. වරක් කෙනෙක් ඇවිදින් බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවේ ගෞතම බුද්ධ රාජ්*යයේ සෙන්පතියා කවුද කියා ය. එවිට බුදු රජාණන් වහන්සේ විසින් සෙන්පතියා වශයෙන් හඳූන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේව ය. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධිබලයෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ගේ ජීවිතය හරිම පුදුමයි. හරිම ආශ්චර්ය යි.

    උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සන යි. රත්තරන් පාටින් ඔහු ගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණයා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්. �නෑ ම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනා ගේ යහළුකම වුණත් හරි ම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකට ම යි හැදුනේ වැඩුනේ. දෙදෙනා ම අඹ යහළුවෝ. ඒ කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි ඒ දෙන්නා ම උපන්නේ. උපතිස්ස තරුණයා ගේ උපන්ගම වුණේ රජගහ නුවර නාලක නම් වූ බමුණු ගම යි. කෝලිත තරුණයාත් රජගහ නුවර ම උපන් කෙනෙක්.

    දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳූ මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේ ගිරග්ගසමජ්ජ කියල යි. මේ උත්සවයේ තිබුණේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණ යි. නොයෙක් රසමසවුළුවලින් පිරි ආහාරපානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුණා. හැමෝ ම සතුටු වුණා. එක ම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුණා. කා බී විනෝද වුණා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක් ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තියෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. “ඇත්තෙන් ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නේ කන බොන එකයි, සිංදු අහන එක යි, නටන එකයි විතර ද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේ දී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක් ම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙළක් සොයා ගෙන යමු. මොකක් ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවට ම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත්*ය තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේ ද?” කියලා ඔවුන් කතාබස් කළා.

    පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණ කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදු රජාණන් වහන්සේ ගේ කාලෙ පවා ඒ ආගමික පරිසරයේ වෙනසක් තිබුණේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුන හිතුන දේවල් කිය කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. ඒ දිනවල ම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා ප්*රසිද්ධ යි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, ඒ සංජය පිරිවැජියා ගේ ආශ්*රමය කරා පසුව දා ම පිටත් වුණා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුණා. විනෝද වෙවී කල් ගෙවනවාට වඩා සත්*යය සොයා යෑම කොතරම් උතුම් ද කියා ඒ පිරිසත් උපතිස්ස කෝලිත දෙදෙනා සමග ම සංජය ගේ ආශ්*රමයට පැමිණියා. සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් බොහො ම ප්*රසිද්ධ කෙනෙක්. ඒ නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහු ගේ අතවැසි තවුසන් බවට පත් වුණේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජය ගේ ධර්මය ඉක්මණින් ඉගෙන ගත්තා. ඉතා සුළුකලකින් ම ඒ ධර්මයෙන් ප්*රයෝජනයක් නැති වගත් මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුණා. දිනක් දෙදෙනා ම කතිකා කරගත්තා. “පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාවබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඩේ අපි නිදහසේ පිටත් වෙලා යන එක යි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුණොත් නො වැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි.” මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    පින්වත් දරුවනේ, ගෞතම බුදු රජාණන් වහන්සේ ලොව පහළ වුණේ චතුරාර්ය සත්*ය ධර්මය ලෝකයට හෙළි කර දීම පිණිස ම යි. ඒ බව උන්වහන්සේ වදාළ පළමු දේශනාව වන දම්සක් පැවැතුම් සූත්*ර දේශනාවෙන් හොඳින් ම ඔප්පු වෙනවා. ඒ දේශනාව වදාළේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන මිගදාය නම් සුන්දර වනයක යි. ඒ දෙසුම අහගෙන හිටියේ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන ස්වාමීන් වහන්සේල යි. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා පිරිස ඉතා ඉක්මණින් වැඩි වුණා. හොඳ බුද්ධිමත් තරුණ පිරිස් හරිම ආශාවෙන් පැවිදි වුණා. සිල් රැක්කා. භාවනා කළා. ධර්මය අවබෝධ කළා. සුන්දර සිත් ඇති රහතන් වහන්සේලා බවට පත් වුණා. උන්වහන්සේලා හරිම නිදහස් සිතෙන් මං මාවත් පුරා වැඩම කළා. නුවණැති මිනිසුන්ට මේ ධර්මය කියල දුන්නා. හරිම වාසනාවන්ත යුගයක් බිහි වුණා.

    ඉතින් දරුවනේ, ඒ දිනවල බුදු රජාණන් වහන්සේ වැඩ සිටියෙත් රජගහ නුවර ම යි. රජගහ නුවරට වැඩම කළ බුදු රජාණන් වහන්සේගෙන් දහම් ඇසීමේ වාසනාව බිම්බිසාර රජතුමාටත් උදාවුණා. ඔහු සෝවාන් වූ ගිහි ශ්*රාවකයෙක් බවට පත් වුණා. රජතුමාට හරි සතුටුයි. ධර්මාවබෝධයෙන් ලැබුණු ප්*රීතිය නිසා රජකම ලැබුණු දවසටත් වඩා සතුටු වුණා. බුදු රජාණන් වහන්සේ ආරාම පිළිගැනීමට අවසර දුන් බව දැනගෙන රජතුමා තවත් සතුටු වුණා. ඔහුට තිබුණා ලස්සන උද්*යායනයක්. හැම තැන ම වවල තිබුණේ සිහින් කොළ තිබෙන ලස්සන උණ පඳූරු යි. ලස්සනට මල් වවල තිබුණා. හැම තැන ම ලේනුන් පිරිල හිටියා. ඒ උද්*යානය නම් කරල තිබුණේ ලේනුන් ගේ අභය භූමිය කියල යි. රජතුමා එය වේළුවනාරාමය නමින් බුදු රජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජාව තමයි පළමුවෙන් ම ලැබුණු ප්*රධාන ආරාමය වුණේ. වේළු කියන්නේ උණ ගසට යි. උණගස්වලින් පිරුණු වනයක් නිසා ඒ ලස්සන උද්*යානය වේළුවනාරාමය නමින් හැඳින්වුණා. ඒ වගේ ම ගිජ්ක්ධකූට පර්වත මුදුනේත් නිස්කලංක පරිසරයක කුටි තනවා පූජා කළා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩින ඉතා සුන්දර යුගයක් රජගහ නුවර බිහි වුණා.

    එදා අස්සජී මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින මාවතේ තරුණ උපතිස්ස තවුසා ද ගමන් කරමින් සිටියා. ඒ රහතන් වහන්සේ ගේ සුන්දර ඉරියව් දුටු සැණින් තරුණ උපතිස්සයන් ඇස පිය නො හෙළා බලා සිටියා. “ම් ... අමුතුම කෙනෙක්. අමුතුම සංවරයක්. ශාන්ත ගමනක්. නිවී ගිය පෙනුමක්. හරි පුදුමයි! මං බොහෝ ම තවුසන් දැක තිබෙනවා. පිරිවැජියන් දැක තිබෙනවා. විවිධාර විමුක්ති ගවේෂකයන් දැක තිබෙනවා. නමුත් මේ ශ්*රමණයන් වහන්සේ තුළින් ඒ කිසිවෙක් තුළ නො තිබූ වෙනසක් මට පේනවා. නිසැකව ම මේ ශ්*රමණයන් වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක් ම යි.” උපතිස්ස පිරිවැජියා අස්සජී මහරහතන් වහන්සේ පසුපසින් ගමන් කළා. උන්වහන්සේ ඉතා සංසුන් ලෙස පිඬුසිඟා වැඩීමෙන් ලබාගත් දානය රැගෙන වළඳන්නට තැනක් සොයා ගෙන පිටත් වුණා. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ පසුපසින් ම ගමන් කළා. උන්වහන්සේට පැන් පිළිගැන්වූවා. දන් වැළඳීමෙන් පසුව අස්සජී මහරහතන් වහන්සේ සමඟ උපතිස්ස පිරිවැජියා කථාවට වැටුණා. අස්සජී මහරහතන් වහන්සේ දෙස ඇස පිය නොහෙළා බලා සිටියා. ඉතා දීප්තිමත් නෙත් යුග තුළින් අසාමාන්*ය කාන්තියක් විහිදුනා. ඒ මද සිනහවෙන් අහිංසක පිවිතුරු බවක් දිස් වුණා. උන්වහන්සේ කථා කරන හැම වචනයක ම අවංකකමත්, සත්*යයත් දිළිසෙන්න වුණා. “පින්වත් උපතිස්ස, ඇත්තෙන් ම මේ පැවිදි ජීවිතයට මං අළුත් කෙනෙක්. මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ඇති ජීවිතාවබෝධය මහා සාගරය වගේ පළල් එකක්. අහස වගේ අනන්ත එකක්. හිරු එළිය වගේ දීප්තිමත් එකක්. එනිසා පින්වත් උපතිස්ස ඔබට විස්තර වශයෙන් කියන්න තරම් මා තුළ දැනුමක් නැහැ. ඒ නිසා මා හිතන්නේ වඩාත් ම හොඳ දෙය නම් ඒ මාගේ ශාස්තෘන් වහන්සේ මුණගැසෙන එකයි.” “පින්වත් ස්වාමීනී, ඒකෙ ඇත්තක් තියෙනවා. නමුත් ඔබ වහන්සේ ගැන මගේ සිතේ ඇති වුණ පැහැදීම අනන්ත යි. ඇත්තෙන් ම ස්වාමීනී, මගේ ජීවිතයේ ප්*රථම වතාවටයි මෙතරම් සුන්දර චරිතයක් මුණ ගැසුනේ. ඔබ වහන්සේ ගේ හැම ඉරියව්වක් ම මාව වසඟයට පත් කළා. අනේ ස්වාමීනී, ඉතා ස්වල්පයක් වුණත් කමක් නැහැ. ඔබවහන්සේ දන්නා දෙය මට පවසා වදාළ මැනැව. තේරුම් ගැනීම මා සතු දෙයක්. ඒ ගැන මට විශ්වාස යි.” අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා දෙස බලා ඉතා අහිංසක ලෙස ගාථාවකින් උන්වහන්සේ තේරුම්ගත් ධර්මය මෙසේ පැවසුවා.

    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ
    තේසඤ්චයෝ නිරෝධෝ - ඒවං වාදී මහාසමණෝ

    හේතූන්ගෙන් උපදින - යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
    ඒ හේතූන් පිළිබඳ - වදහළ සේක තථාගතයාණෝ
    යම් තැනක ඒ සියළු හේතූන් - සදහටම නැති වේ නම්
    එබඳූ දහමකි අප ගේ - මහාසමණිඳූ වදාරන්නේ
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක් ම යි. මේ උපතිස්ස තරුණයා ගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුම යි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීව ද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහට ම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුණේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුණා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුණා. උපතිස්ස තරුණයා බුදු රජාණන් වහන්සේ ගේ සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. උපතිස්සට ඉතාමත් ම සතුටුයි. මුව නො සෑහෙන සේ අස්සජී මහරහතන් වහන්සේට ප්*රශංසා කළා. උන්වහන්සේ ගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුණා. සෑහීමකට පත් වුණා. රටක් රාජ්*යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයග්*රාහී ලීලාවෙන් තම මිත්*ර කෝලියන් සොයා පිටත් වුණා. දුරින් ම පැමිණෙන උපතිස්සයන් ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අළුත් යුගයක ආලෝකයක් දිස් වුණා. ඒ දෑස්වලින් උදාර සොයා ගැනීමක ආනුභාවය පැතිරුණා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලාසිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජී මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහු ගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදු රජුන් ගේ ධර්මය සදහට ම පිහිටියා. ඔහුත් සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. දෙදෙනා ම කෙලින් ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයා ගෙන යි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනා ම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළා. “පින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේ දී අපි මෙතැනත් නැවතුනා. ඔබතුමා අප ගේ ගුරුවරයෙක් ලෙස ඒ අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිණුනා. අප මෙතෙක්කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුණා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ඒ ජීවිතාවබෝධය යි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ ප්*රඥාවකින් යුතු කිසිවෙකින් වසාලිය නො හැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන්*ය වූ ඍද්ධබලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙලා සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අප ගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේ ය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේ ගේ ශ්*රාවකභාවය යි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.” ලාභසත්කාරවලින් වසඟ වූ සිත් ඇති අවාසනාවන්ත සංජය පිරිවැජිය ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්*රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා. “ඔව්, ඥානවන්ත උදවිය ශ්*රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියළු දෙනාට ම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැලා මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඒ දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. දෙසීය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වේවලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නො පෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth


    10.jpg

    වේළුවනාරාමයෙහි දම්සභාමණ්ඩපයෙහි වැඩසිටි බුදු රජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊ ළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊ ළඟ අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. මේ දෙදෙනා මාගේ අග්*ර ශ්*රාවකවරුය.” ඒ මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා ප්*රමුඛ සියළු දෙනා බුදු රජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබ වහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳූරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබ වහන්සේ අලෝකය වන සේක. රෝගපීඩාවලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණන් වන සේක. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. අපි වනාහී ශ්*රාවකයෝ වෙමු. අප ගේ හිරු මඬල ඔබ වහන්සේ ය. අපි වනාහී තරු කැල වෙමු. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබා දෙන සේක්වා.” උපතිස්ස කෝලිතයන් ප්*රධාන සියල්ලෝ ම ඒහිභික්ෂු නම් වූ අති උත්තම වූ පැවිදිභාවයක් ලැබූහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිද්දි බව යි. එය එක්තරා හාස්කමකින් සිදු වෙන දෙයකි. එනම්, බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක “පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ ඒ සියළු දෙනාගේ හිස රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත්*ර අතුරුදහන් වුණා. කණකර ආභරණ අතුරුදහන් වුණා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුණා. මේක මහා පුදුමයක්. කොහොම ද මෙය වෙන්නෙ කියල අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි. නමුත් පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා ඒ පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියළු දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලක දී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වුණා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත් වුණා. සංජය පිරිවැජියා ගේ පිරිහීම ගැන හැම තැනම පැතිරුණා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කර ගෙන ගිය පුහු වර්ණනාවේ නිශ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුණා. මෙය මුල් කරගෙන බුදු රජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    hdgpure said:

    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ
    තේසඤ්චයෝ නිරෝධෝ - ඒවං වාදී මහාසමණෝ

    හේතූන්ගෙන් උපදින - යම්තාක් දෙය ඇද්ද මෙලොවේ
    ඒ හේතූන් පිළිබඳ - වදහළ සේක තථාගතයාණෝ
    යම් තැනක ඒ සියළු හේතූන් - සදහටම නැති වේ නම්
    එබඳූ දහමකි අප ගේ - මහාසමණිඳූ වදාරන්නේ

    සාදු! සාදූ! සාදූ!
    බොහොම පින් මිතුර ඔබට... :)

    තෙරුවන් සරණයි!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth

    11.jpg
    පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් ඇදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබා ගැනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට
    දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදා ගැනීම පිණිස, කෑම වේලක් පිරිමසාගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුක යි. එයාලා කිසිසේත් ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප්*රයෝජනය විතරයි සළකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන් ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත් ම ආගමක් ඇදහිය යුතු නෑ.

    පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන් ම අනුවණ මෝඩයෙක් ම යි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමා ව රවටා ගන්නා පුද්ගලයෙක් ම යි. ඒ විදිහට තමන් ගේ තාවකාලික වාසිය විතරක් බලන පුද්ගලයා ඒ ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. තමන් වැටුණු වලෙන් ගොඩ එන්න බැරිව අන්තිමේ දී ඒ නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.

    නමුත් පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොම ද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලට ද? මොන වගේ කරදර කම්කටොළුවලට ද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරි ද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරි ද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරි ද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන් ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතව ද? ඔය වගේ දේවල් අපට ප්*රශ්න හැටියට තියෙන බව ඇත්තෙන් ම අපි දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නො පෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප්*රශ්නවලට විසඳූම් ලබාගන්න පුළුවන් කියල යි. නමුත් අපට පැහැදිලිව ම පේනවා ඒ ක්*රමයෙන් විසඳූම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එහෙත් පැහැදිලිව ම මේ සියළුම ප්*රශ්න විසඳාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදු රජාණන් වහන්සේ. සියළුම ප්*රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නො වී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සාරවත් දේ කියල කියන්නේ එයට යි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්*යය ධර්මය යි. පින්වත් දරුවනේ, අපට අඳූරත්, එළියත් වෙන් කොට හඳූනාගන්න පුළුවන් වගේ ම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳූනා ගැනීමට පුළුවන් විය යුතු යි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ධම්ම පදය-යමක වර්ගය
    9. නන්ද මහරහතන් වහන්සේ ගේ කථාව - ධර්මය තුළින් සිත නො රැකුණොත් අමාරුවේ වැටෙනවා. ධර්මය තුළ රැඳූනු සිත හැම තිස්සේ ම රැකෙනවා.​
    පින්වත් දරුවනේ, අපේ සිද්ධාර්ථ කුමාරයා ගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේ දි. ඊටපස්සේ බිසව බවට පත් වුණේ ප්*රජාපති ගෞතමී දේවිය යි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන් ගේ ම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්*රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුණා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියල යි.

    සම්බුද්ධත්වයෙන් පසු බුදු රජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කථා කළා නෙ. සුද්ධෝදන රජතුමා ගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුණාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත් වුණේ නන්ද කුමාරය යි. නන්ද කුමාරයා ගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්*යයත්, අළුතෙන් රජමැඳූරට පිවිසීමේ මංගල්*යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්*යයත් එක දවසේ ම කිරීමට යි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදු රජාණන් වහන්සේ මාළිඟාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමා, ප්*රජාපතී බිසව මඟඵල ලැබූ බවත් ඔබ දන්නවා. ඉතින් එදා බුදු රජාණන් වහන්සේ රජමාළිඟාවේ දහම් දෙසලා ආපසු නිග්*රෝධාරාමයට වඩින්න සූදානම් වුණා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන හිටියා. “පින්වත් නන්ද, මේ පාත්*රය ගන්න” කියලා නන්ද කුමාරයා ගේ අතට බුදු රජාණන් වහන්සේ තම පාත්*රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන් ගේ සහෝදරයා බුදු රජාණන් වහන්සේ නමක් නිසා. බුදු රජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්*රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාළිඟවේ පඩිපෙළ ළඟ දී හෝ දොරටුව ළඟ දී හෝ පාත්*රය ආපසු ගනීවි කියල යි. නමුත් බුදු රජාණන් වහන්සේ පාත්*රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසා ම උන්වහන්සේත් සමඟ ම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදු වුණා. ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්*යාණී නම් අතිශයින් ම ලස්සන කුමාරිය මාළිඟාවේ උඩුමහළේ සඳළුතලයේ සිට බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මණින් ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මණින් ම එනවා කියන අදහසින් සිනහ වුණා. අන්තිමේ දී නන්ද කුමාරයා පාත්*රයත් අරගෙන නිග්*රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්*රෝධාරාමයේ දී පාත්*රය බුදු රජාණන් වහන්සේ ගේ අතට දුන්නා. බුදු රජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුණොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්*යාණිව මතක් වෙන්න ගත්තා. ආපසු මාළිඟාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදු රජාණන් වහන්සේ ම පැවිදි වෙන්න කියනවා. තමන් ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොම ද? ඒක කොහොමත් ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමැති වුණා. පින්වත් දරුවනේ, බැලු බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුණා වගේ. ඔටුනු පළඳින්න හිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුණා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැන දී සිතිය යුත්තේ අපි බලන පිළිවෙලට නොවෙයි. බුදු රජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළට යි.
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    12.jpg

    පින්වත් දරුවනේ, මේ සංසාරය කියල කියන්නේ සතර අපායෙහි වැටි වැටී යන ගමනක්. ඒ ගැන බුදු රජාණන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගෙන තියෙනවා. යම් කෙනෙක් සක්විති රජවෙලා උපන්නොත් ඒක මේ සාමාන්*ය රජකමකට වඩා ඉතාමත් ම ශ්*රේෂ්ඨ දෙයක්. ඒකට හේතුව නම් ඒ සක්විති රජතුමා ධර්මයෙන් මිසක්, අධර්මයෙන් රජ කරන්නේ නැතිකමයි. ඔහු අවිආයුධවලින් තොරව රටවැසියා සීලයෙහි පිහිටුවලා, ධර්ම රාජ්*යයක් බිහි කරනවා. ඒක විශාල පිනක්. ඒ පින නිසා ම ඒ සක්විති රජුත් මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. නමුත් ඒ දෙවියන් ගේ දිව්*ය ආයුෂ අවසන් වුණාට පස්සේ නිරයේ උපදින්න වුණත් පුළුවනි. තිරිසන් අපායේ උපදින්න වුණත් පුළුවනි. ප්*රේතලෝකයෙහි උපදින්න වුණත් පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනා ඔනෑම අපායක උපදින්න පුළුවන් බව යි. ඔහුට තිබෙන්නේ එවැනි අනතුරක් නම්, ඒ සක්විති රජකම ඉතාම තාවකාලික එකක් නොවේ ද? නමුත් පින්වත් දරුවනේ, ඉතා දිලිඳූ කෙනෙක් වුණත් චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරලා සෝවාන් වුණොත් එයා මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. ඉතින් ඒ කෙනා ඒ දිව්*ය ආයුෂ අවසන් වුණාට පස්සේ එක්කෝ මිනිස් ලෝකෙට ඒවි. එහෙමත් නැත්නම් ආයෙමත් දෙවියන් අතර උපදීවි. ඒ කෙනා කිසිසේත් ම සතර අපායේ වැටෙන්නේ නැහැ. එහෙමනම් වඩාත් ම රැකවරණයක් තියෙන්නේ කාට ද? සක්විති රජතුමාට ද? සෝවාන් වුණු දුප්පත් කෙනාට ද? මේ නිසා බුදු රජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීම ම යි වඩාත් ශ්*රේෂ්ඨ ලෙස දැක්කේ. උන්වහන්සේ මෙහෙම වදාළා. “මේ මහා පොළොවේ අධිපතිකම ලබනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සියළු ලොවට අධිපති වනවාටත් වඩා, සෝවාන් වීම උතුම්” කියලා. ඒ නිසා නන්ද කුමාරයා ගේ පැවිදි වීම ගැන අපි සිතන්න ඔනෑ ඔය විදිහට ම යි. එහෙම නැත්නම්, අපට මේ වෙනස තේරුම් ගන්න බැරිව යනවා.

    ඉතින් පින්වත් දරුවනේ, නන්ද කුමාරයා පැවිදි වුණා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ ලස්සන සිවුරු පොරොවනවා. වටිනා පාත්*රයක් පරිහරණය කරනවා. ඇතැම් විට ඇස්වල අඳූන් පවා ගානවා. මෙයා පැවිදි වුණා ලස්සනට ඉන්න ම යි කල්පනාව. වනයට ගියත්, ගස් සෙවණට ගියත්, තනි වුණ හැම වෙලාවෙම ජනපද කල්*යාණිය ගේ රූපය ගැන හිත හිතා ඉන්නවා මිසක්, ධර්මය සිහි කරන්නේ නැහැ. එතකොට නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිහි නුවණ පිරිහෙනවා. රාග සිත් ඇති වෙනවා. අන්තිමේ දී ජනපද කල්*යාණිය ගැන හිතල හිතල හිත හොඳට ම විසිරුණා. සිහිනෙන් පෙනෙන්නෙත් ජනපද කල්*යාණි ඔහුට අඬගසන ආකාරය යි. අන්තිමේ දී සිත හදා ගැනීම හොඳට ම බැරි වුණා. සිවුරු හැර යන්න තීරණය කළා. ස්වාමීන් වහන්සේලාට කිව්වා. “අනේ ... මට හරි අමාරුයි. ඇඟ බරයි. සිතට සැහැල්ලුවක් නෑ. කරන්න ඔන කුමක් ද කියල මට තේරෙන්නෙ නෑ. මං මේ සිල් රකින්නේ සතුටින් නොවේ. මං ආපහු මාළිඟාවට යනවා.” මෙය ඇසූ ස්වාමීන් වහන්සේලාට මහත් අනුකම්පාවක් හට ගත්තා. ශරීරයක් තුළ තිබෙන අපවිත්*ර දේවල් ගොඩක්ම යි. ඇස්වලින් කඳූළු ගලනවා. කබ ගලනවා. කණින් කලාඳූරු ගලනවා. නාසයෙන් සොටු ගලනවා. කටින් කෙළ ගලනවා. ඇඟෙන් දහඩිය ගලනවා. මල මූත්*ර ගලනවා. මේවා හැර මේ සිරුරින් කවදාවත් සුවඳක් හමන්නේ නැහැ. අපවිත්*ර දේවල් පිරුණු අලංකාර භාජනයක් වගේ. ඒ පිට ඔපයට තමයි සියළු දෙනාම රැවටෙන්නේ. රහතන් වහන්සේලාට, නන්ද ස්වාමීන් වහන්සේ ගැන මහත් අනුකම්පාවක් හට ගත්තා. ස්ත්*රියක ගේ රුවට වසඟ වී සිතෙහි හටගත් රාගයට මුලා වී අමාරුවේ වැටෙන්නයි යන්නේ ආයෙ ආයෙමත් මැරෙන උපදින සංසාරෙටම යි වැටෙන්න යන්නේ. බුදු රජාණන් වහන්සේට නන්ද ස්වාමීන් වහන්සේ ගේ මේ කලකිරීම ගැන සැළ කළා
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    එදා බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬගසා වදාළා. “පින්වත් නන්ද, මෙහෙ එන්න ... අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. එතකොට ම බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුම යි. “ෂා ...! එහෙනම් මේක තමයි දිව්*ය ලෝකෙ කියන්නේ. හා ... හරීම පුදුම යි. අන්න ... අන්න ... දිව්*ය අප්සරාවන් එනවා. අන්න .. දිව්*ය අප්සරාවන් එන්නේ මේ පැත්තට යි. ෂා ...! හරී ම ලස්සන යි. හිස කෙස් රන්වන් පාට යි. දෑස් නිල්වන් පාට යි. පාවල යටිපතුල් රෝසපාට යි. හැබෑ ම ලස්සන යි.” නන්ද ස්වාමීන් වහන්සේ ගේ අසංවර හිතට වැටහුණේ මේ දිව්*ය අප්සරාවන් ගේ රූප ශෝභාව විතරම යි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්*ය අප්සරාවන් හැමෝ ම ඈත සිටන් ම බුදු රජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කථාබස් කළා. නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිත ඒ දිව්*ය අප්සරාවන් කෙරෙහි මුළුමණින් ම වසඟ වුණා. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදු රජාණන් වහන්සේ දිහා ඇස් පිය නො හෙළා බලා සිටියා. “පින්වත් නන්ද, දැන් ඔබට මොකක් ද හිතෙන්නේ? වඩාත් ම ලස්සන කවුද? ජනපද කල්*යාණි ද? දිව්*ය අප්සරාවන් ද?” “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, මට තවමත් පුදුම යි. තවමත් සිතා ගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම් ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවා ද කියලා මං දෙව්ලොව යනකල් ම දැන ගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්*ය අප්සරාවන් ගැන සිතත් දී ජනපද කල්*යාණි ගැන මට හිතෙන්නේ හේනක පිලිස්සුනු වැඳිරියක් වගේ කියල යි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්*ය ශරීර දැක්ක විට යි.” “එහෙමනම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත් ධර්මයෙහි හැසිරුණොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේ වි.” නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුණා. සතුටින් හිනා ගියා. වචන පැටළුනා. “ස් ... ස්වාමීනී, .... ඇ ..... ඇත්තට ම ද? ඕක ඇත්තක් ම ද? දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා ද?” “ඔව් පින්වත් නන්ද, දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා.” නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක් ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල්පද ටික පිරිසිදුවට රැකගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංසකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්*රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳූන් සෝදල දැම්මා. සාමාන්*ය පැවිද්දෙක් බවට පත් වුණා. හැමෝට ම පුදුම යි. කොහොම ද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මණින් වෙනස් වුණේ? ටිකෙන් ටික ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්*රශ්න කළා. “හා ... ආයුෂ්මත් නන්දයන් ගණුදෙණුවක් කරගත්ත� නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්*ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවා නේද?” රහතන් වහන්සේලා ගේ මේ කථාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් වුණා. දිව්*ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුණා. එපා වුණා. අන්තිමේ දී උන්වහන්සේ හුදෙකලා වුණා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියළු කෙලෙසුන් දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ඳ නන්ද ස්වාමීන් වහන්සේ ජයගත්තා. ආශාව පරාජයට පත් වුණා. මෙය නිමිති කොට බුදු රජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    13.jpg
    පින්වත් දරුවනේ, නො වටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආශයි. ඒ නිසා ම අධ්*යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තියෙන මාර්ග නැති කරගන්නවා. අන්තිමේ දී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කාලෙ ප්*රේම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒව ගැන ම කථාබස් කර කර ඉන්නවා. ඒ තුළින් ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේ දී ඒ නිසා ම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා. සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවල දී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේ දී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්*රයන් පිරිවරාගන්නවා. ශරීර සෞඛ්*ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආශයි. මේ නිසා ම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා. මේ හැමදෙයින් ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තියෙන නිසා ම යි මෙවැනි දෙය සිතට ඇතුළු වෙන්නේ. වහලේ හොඳට හෙවිළි කරලා නැතිනම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වාගන්නේ කොහො ම ද? පිරිහුණු සිතක් ඇති කෙනා ගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොම ද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුව යි. ඒ නිසා තමන් ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමා ව විනාශ කර දමන්නේ තමා නො දැන සිටිද්දිම යි. ඒ තරම් භයානක යි.

    පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීය යි. බාහිර කෙනෙකුට මොන ම ක්*රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වෙන්නේ රාගය, ද්වේශය, මුලාව ආඩම්බරකම, ඊර්ෂ්*යයාව, පලිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නො දැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නො ඇලීම, මෛත්*රිය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුණත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්*රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේ ම යි. යහපතක් ම සැළසෙනවා. අයහපතින් වළකිනවා.
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ධම්ම පදය-යමක වර්ගය
    10. චුන්දසූකරික ඌරුවැද්දා ගේ කථාව - පව් කරන කෙනාට උරුම වෙන්නේ ශෝකය විතරයි



    15.jpg
    පින්වත් දරුවනේ, අපි පව් ගැන අහල තියෙනවා. පින් ගැනත් අහල තියෙනවා. පව් කියන්නේ දුක ලබා දෙන දෙයට යි. පින කියන්නේ සැප ලබා දෙන දෙයට යි. පව් කරන කෙනා ගේ ඉරණම කොතරම් ම දුක්ඛිත ද කියලා අපට නම් සිතලාවත් ඉවර කරන්න බැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් දුකට අකැමැතිනම්, එළිපිටවත්, රහසේවත් පව් කරන්න එපා කියල යි. ඉතින් සමහර අය පව් කරන්න හරි කැමැති යි. එහෙම වෙන්නේ ඇයි කියලා අපට හිතා ගන්න අමාරුයි. පින් තිබෙද්දී පව තෝරාගන්නවා. එතකොට එයා පින අත්හරිනවා, පව් රැස් කරනවා. එවැනි අවාසනාවන්ත පුද්ගලයෙක් ගැන කථාවක් කියා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.

    පින්වත් දරුවනේ, රජගහනුවර වේළුවනාරාමය ගැන අපි කිවූ විස්තර ඔබට මතක ඇති. ඒ ලස්සන වේළුවනාරාමයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා. බොහෝ දෙනෙක් සැන්දෑ යාමයේ මල් අරගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. උන්වහන්සේට මල් පූජා කරනවා. උන්වහන්සේ ලස්සන බණ කථා කියා දෙනවා. ජීවිතය යහපත් කරගන්න උවමනා හැම දෙයක්ම කියා දෙනවා. ඉතින් හැමෝටම හරීම සතුටු යි. සතුන් මර මරා හිටපු අය එයින් වැළකුණා. සොරකම් කරමින් සිටි අය එයින් වැළකුණා. සල්ලාල ජීවිත ගෙවපු අය ඒ වැරදි ජීවිතය අත්හැර දැම්මා. බොරු කිය කිය හිටපු අය සත්*යවාදී වුණා. මත්පැන් බොන අය, පෙරන අය ඒ සියළු දෙය අත් හැරියා. කොයිතරම් හොඳ ද! අපි අහල තියෙනවා යමක් නිතර දකින්න ලැබෙන කොට ඒකෙ වටිනාකම පෙනෙන්නෙ නෑ කියලා. ඒ වගේ වේළුවනාරාමයෙහි බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා, උදේවරුවේ පිණ්ඩපාතේ වඩිනවා, හැමතැනම රහතන් වහන්සේලා වැඩසිටිනවා, චතුරාර්ය සත්*යය ධර්මය ඇහෙනවා, ඒ වුණාට ඇතැම් අයට ඒ ගැන කිසි වටිනාකමක් පෙනෙන්නේ නෑ.

    වේළුවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිත ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එයාට ගැලපෙන නෝන කෙනෙකුයි, ළමයි ටිකයි හිටියා. මේ තැනැත්තා ඌරන් මරණ පුද්ගලයෙක්. ඒක මෙයා ගේ රස්සාව, යම් හෙයකින් වේළුවනාරාමයට ගොඩ වෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක් ම අත්හැරලා වෙන රස්සාවක් හොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුණා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරණ හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. ඊට පස්සේ වේදනාවෙන් කෑගසන ඌරා ගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙන ම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිස යි. අන්තිමේ දී මස් කරලා විකුණනවා. වයස පනස් පහ වනතුරු ම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එක ම යි. ටිකෙන් ටික මෙයා අසනීප වුණා.
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    දින කිහිපයක් එක දිගට ඌරන් මරණ හඬ චුන්ද සූකර ගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරණ බව යි. අන්තිමේ දී ඇත්ත හෙළි වුණා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකරට මරණාසන්න වෙලා පණ අදිනවා. දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳට ම බය වෙනවා. හය්යෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකු ගේ විලාපය ම යි. මෙයා සතියක් ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොද හෙළුවා. මෙයා ඉපදුනේ කොහේද කියල දැන ගන්න බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයා ගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුන බව යි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වදවේදනා විඳින බව යි. ඒ කරුණ අරභයා බුදු රජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

    ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති
    සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

    තේරුම:

    පව් රැස් කරනා මිනිසා - මෙලොව ශෝක වෙයි එනිසා
    පරලොවදිත් ශෝක වෙමින් - දෙලොව ම දුක් වෙයි එනිසා
    තමා විසින් රැස් කරගත් - පව් ගැන සිහිපත් වෙන විට
    ශෝක වෙවී දුක් විඳිමින් - තැවෙයි නිතර දුකින් යුතුව

    පින්වත් දරුවනේ, පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේ දී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුණත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරු යි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවට ම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකැමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින් ම දුරු කරදමන්න ඕන.
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ධම්ම පදය-යමක වර්ගය
    11. දෙව්දත් ගේ අවසන් කාලය - පව් කළ තැනැත්තා එනිසා ම බොහෝ සේ තැවේ


    පින්වත් දරුවනේ, දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. මේ අවාසනාවන්ත පුද්ගලයා ගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුක යි. බුදු රජාණන් වහන්සේ ව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින් ම ඍද්ධි ප්*රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුණ සියළු කුසල් නැති කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දෙව්දත් ගේ ක්*රෝධය හරිම අසාමාන්*ය එකක්. හරිම විකෘති ආශාවක්. පලිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කුමන්ත්*රණය කරලා සෑහීමකට පත් වීමක් නැහැ. තමන් ගේ එකම සිහිනය වුණේ බුදු රජාණන් වහන්සේ ගේ විනාශය දැකීම ම යි. කළුගල් පර්වතයක හිස ගසාගන්නා අන්ධයෙක් වගේ දෙව්දත් බුදු රජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා.

    එක්තරා අවස්ථාවක අජාසත් රජතුමා ගේ හමුදා පිරිසෙන් තිස් දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝ ම බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත්*රණය හෙළිදරව් කරලා පැවිදි වුණා. අජාසත් රජතුමා ගේ ඇත් සේනාවේ අති භයානක ඇතෙක් හිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක්. නාලාගිරි කියල යි ඌට කිව්වේ. දේවදත්ත බුදු රජාණන් වහන්සේ පිඬු සිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයා ගත්තා. එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රා කල ගෙඩි දහසයක් පෙව්වා. ඌ හොඳට ම වෙරි වුණා. ඊට පස්සේ ඇත් ගොව්වන් ලවා හෙණ්ඩුවෙන් ඇනල ඇනලා මේ ඇතාව හොඳට ම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුණා. කණ් දෙක පළල් කරගත්තා. නැට්ට ඔසවා ගත්තා. පොළොවේ පස් හාරන්න පටන්ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන්ගත්තා. හොඬවැල ඔසවාගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරල වීසි කළා. කඩපිල් කුඩුපට්ටම් කළා. මෙය දුටු මිනිසුන් සී සී කඩ දිව්වා. මහපාර එකම යුධ පිටියක් වුණා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කීතු ඉරල දැම්මා. පිස්සෙක් වගේ එක පිම්මේ ඉස්සරහාට දුවගෙන එනවා. බුදු රජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා. බුදු රජාණන් වහන්සේ ගේ කීම නිසා ආයෙමත් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසට වුණා. බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කථා කොට දහම් දෙසුවා. ඇතා දමනය වුණා. ඉතාම හීලෑ ඇතෙක් බවට පත් වුණා. තිරිසන් සතෙකුව පවා බුදු රජාණන් වහන්සේට එරෙහිව යොදවන්නට දේවදත්ත නො හැකි වුණා. අන්තිමේ දී මේ අසත්පුරුෂයා මේ විදිහට කල්පනා කළා. “මේ වැඩේ හරි යන්නේ නැහැ. මං ශ්*රමණ ගෞතමයන් වහන්සේව විනාශ කිරීමට හදන හදන උපක්*රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියල අනුන් ලවා මේක කරන්න බැහැ. හොඳම වැඩේ මගේ අතින් ම මෙයාව විනාශ කරන එක යි” කියලා දවසක් දේවදත්ත හොර රහසේ ම ගිජ්ක්ධකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නොවේ. පොඩි ගල්කන්දක්. කඳූ මුදුනේ කුටි දෙකයි තියෙන්නෙ. ඉතින් එතැන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදු රජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියා. දේවදත්ත ඒ කඳූ මුදුනේ ඇති විශාල ගලක් පහළ සක්මන් කරමින් සිටි බුදු රජාණන් වහන්සේ ගේ හිසට ඉලක්ක කොට තල්ලු කළා. ගල වේගයෙන් පහළට වැටෙද්දී ඒ කන්දෙන් තව ගලක් මතු වෙලා අර ගල ඒකෙ වැදුනා. වැදිලා වෙන පැත්තකට විසි වුණා. එහෙම විසිවෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදු රජාණන් වහන්සේ ගේ වම් සිරිපාදයේ මහපට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන්ගත්තා. දේවදත්ත ඉක්මණින් ම හැංගුනා. බුදු රජුන් ගේ ලේ සෙළවීමේ ආනන්තරීය පාපකර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින් පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදු වෙන මේ භයානක පාපකර්ම නිසා දුකට වැටෙන්නේ තමන් ය කියලා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරන්නට ගිය ඒ ඝාතන සැළැස්මත් අසාර්ථක වුණා.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ඊ ළඟට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සඟ පිරිස බිඳවන්නයි. සංඝ භේද පාපකර්මය කරන්න යි. අන්තිමේ දී කරුණු පහක් මුල් කරගෙන අළුත පැවිදි වූ පන්සියයක සඟ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුණා. අළුත පැවිදි වූ පන්සියයක් ස්වාමීන් වහන්සේලා කල්*යාණ මිත්*රයෙක් කියලා දේවදත්තට රැවටුනා. තමන් ළඟ හිටියොත් ඉක්මණින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂූන් වහන්සේලා සියළු දෙනා ම තමන්ට අවනත කරගත්තා. අවනත කරගෙන ගයා .ර්ෂ කියන තැනට ගිහින් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අමතා වදාළා “සාරිපුත්ත, මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අළුත පැවිදි වූ භික්ෂූන් කල්*යාණ මිත්*රයන් හඳූනාගැනීමට අසමර්ථ වුණා. දේවදත්ත ගේ පවිටු අදහස්වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මණින් බේරගන්න.” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ගයාශීර්ෂය බලා වැඩම කළා. අධික මාන්නයකින් පෙළෙන, ප්*රධානත්වය ලබාගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක, ප්*රීතියෙන් කෑ ගැසුවා. “පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද හරි? දැන් පැහැදිලියි. මම යි හරි. දැක්ක නේද මා කරා අග්*රශ්*රාවකයන් වහන්සේලා එන ආකාරය. බුදු සසුන තියෙන්නේ කවුරු අතේ ද කියා දැන් මහණෙනි, නුඹලාට පේනවා ද?” සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ළං වන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැවසුවා. “එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මාගේ දකුණු පසෙන් වාඩි වෙන්න. එම්බා මොග්ගල්ලාන මාගේ වම්පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට ස්වල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න.” දේවදත්ත හාන්සි වුණා. ඒ සැණින් ම හොඳට ම නින්ද ගියා. සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී, දේවදත්තට රැවටී සිටි අර අළුත පැවිදි වී සිටි ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුණා. සැබෑ කල්*යාණ මිත්*රයා කවුරුන්ද යන වග අවබෝධ වුණා. චතුරාර්ය සත්*යයත් අවබෝධ වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි ප්*රාතිහාර්ය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. අන්තිමේ දී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර පන්සියයක් භික්ෂූන් වහන්සේලාම බුදු රජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. දේවදත්ත වගේ ම ඔහු ගේ යහළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දී කවුරුත් නෑ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමඟ පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. “මහලොකුවට කෑ ගහනවා. හැමෝම බේරගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු පන්සිය දෙනත් අර සැරියුත් මුගලන් දෙන්න ආපහු අරගෙන ගිහිල්ල. මුන්දැ තවමත් ගොරව ගොරව බුදි” කියලා කෝකාලික දේවදත්ත ගේ පපුවට වැළමිටෙන් ඇන්නා. දේවදත්ත ඇහැරුණා. කලබලයට නැගිට්ටා. ඇස් ලොකු කරගෙන වටපිට බැ�වා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දී කටින් උණු ලේ පිටවුණා. දේවදත්ත අසනීප වුණා. මාස නවයක් ම දුක් වින්ඳා. එන්න එන්න ම අමාරුයි. තමන් ගේ අතින් සිදු වෙච්ච වැරදි එකින් එක චිත්*රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදු රජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දීත් උන්වහන්සේ ඒ කිසිවෙකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදු රජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. “අනේ ... මාව කොහොම හරි බුදු රජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබා ගෙන සැවැත් නුවර බලා පිටත් වුණා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත්ව පිපාසයක් ඇති වුණා. ඒ වගේ ම ඇඟපත පුරා මහා දැවිල්ලක් හට ගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙල හිටගත්තා විතරයි පොළොවෙන් ගිනිදැල් ඇවිත් දේවදත්ත වෙළාගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමය දෙස බලා මම බුදුන් සරණ යමියි කියමින් පොළොවේ කිඳා බැස්සා. මේ සිදු වීම බුදු රජාණන් වහන්සේට සැළවීමෙන් පසු මෙම ගාථාව වදාළා.