Dhamma Padaya

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
දෙවැනි ගාථා රත්නය​

මට්ටකුණ්ඩලී කුමරු ගේ කථාව - පිනක් කළෝතින් සැපමයි ලැබෙන්නේ​



2.jpg

පින්වත් දරුවනේ, අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතා ම ලෝභ තාත්ත කෙනෙක් හිටියා. එයා ගේ එක ම පුතා ගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කණේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. රන් කැබලි දෙකක් තමන් ම තලලා කරාබු ජෝඩුවක් හදලා ඒ පුතා ගේ කණේ පැළඳූව නිසා තමයි මට්ටකුණ්ඩලී යන නම ලැබුණේ. කෑම බීමවත් හරියකට ලැබුණේ නැහැ. අන්තිමේ දී මේ දරුවාට පාණ්ඩු රෝගය හැදුනා. මුදල් වියදම් වෙන ලෝභයට අදින්නපුබ්බක වෙදමහතුන් ළඟට ගිහින් කථා බස් කරමින් සිටිනා අතරේ “ම් ... ම් .... වෙද මහත්තයෝ පාණ්ඩු රෝගයක් හැදුනොත් මොන වගේ බෙහෙතක් ද හොඳ?” කියලා අහනවා. වෙද මහත්තුරු දැන ගත්තා මෙයා කරන්නේ කපටිකම බව. ලෙඩේ වැඩි වෙන බෙහෙත් කිව්වා. අදින්නපුබ්බක ඒ බෙහෙත් ගෙනැවිත් තම පුතාට පොවනවා. ලෙඩේ වැඩි වුණා. මරණාසන්න වුණා. ලෙඩාව බලන්න අහළ පහළ උදවිය ගෙදර ආවොතින් දේපොල වස්තුව දකීවි යන බියෙන් ගෙයි පිළිකන්නේ ලෑලි ඇඳක පුතාව නිදි කෙරෙව්වා. එදා මරණාසන්න වේදනාවෙන් පෙළුන මේ දරුවා පින්වන්ත කෙනෙක් බව බුදු රජාණන් වහන්සේ දිවැස් නුවණින් දැක්කා. දැකලා ඒ දරුවා දෙසට බුදු රැස්මාලාවක් එව්වා. ඒ දෙස බලද්දී කරුණාබර දෑස් ඇති බුදු රජාණන් වහන්සේව තමයි මට්ටකුණ්ඩලීට දකින්ට ලැබුණේ. මට්ටකුණ්ඩලීට හරි සතුටුයි. “මට තාත්තා සැළකුවෙත් නැහැ. ගෙදර කවුරුවත් ආදරය කළෙත් නැහැ. මං අමාරුවෙන් ඉන්න වෙලාවේ බුදු රජාණන් වහන්සේ මාව බලන්න වැඩියා. උන්වහන්සේ මං වගේ පොඩි දරුවන්ට කොයිතරම් ආදරේද! අනේ සාදු ! සාදු!! මමත් බුදු රජාණන් වහන්සේට තමයි ආදරේ. බුදු රජාණන් වහන්සේ ළඟ මට හැමදාම ඉන්න ඇත්නම් කොතරම් හොඳද!” මට්ටකුණ්ඩලී හැම දුකක් ම අමතක කරලා හරිම සතුටු සිතින් හිටියා. අම්මට තාත්තටත් මෙත් සිත වැඩුවා. සතුටු සිතින් මිය ගියා. දිව්*ය කුමාරයෙක් වෙලා දෙව්ලොව උපන්නා. බුදු රජාණන් වහන්සේ ඒ ගැන ගාථාවකින් වදාළේ මෙහෙමයි.
ඉතින් පින්වත් දරුවනේ, මට්ටකුණ්ඩලී මැරුණට පස්සේ තමයි ලෝභ තාත්තගේ ඇස් දෙක ඇරුනේ. එයා සොහොනට ගිහින් පුතා ගැන සිහි කර කරා අඬනවා. මට්ටකුණ්ඩලී දිව්*ය කුමාරයාට මෙය දිවැසින් දැක ගන්න ලැබුණා. “අනේ මේ මගේ තාත්තා නේද! මං අසනීපව සිටිද්දී මට ආදරේ කළේ නැහැ. මං මැරුණාට පස්සේ අඬනවා. මෙය නුවණැති කෙනෙක් කරන දෙයක් නෙවෙයි. තාත්තා මට ආදරේ නැතුවාට මං තාත්තට ආදරෙයි. තාත්තට නුවණ ලබා දීල පින් කරන්න පුරුදු කළොත් ඒකෙන් පින් සිදු වෙන්නෙත් මට ම යි” කියලා මට්ටකුණ්ඩලී දිව්*ය පුත්*රයා එදා සොහොනේ පැත්තකින් වාඩිවෙලා ඉකි ගස ගසා ඇඬුවා. අදින්නපුබ්බකට සොහොනේ අඬන දරුවා දකින්න ලැබුණා. ළඟට ගියා. ආදරයෙන් කථා කළා. “අනේ පින්වත් ලස්සන පුතේ, ඇයි ඔයා ඔය අඬන්නේ? ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.” “අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් ඕනෑ. ඒක නැතිකමටයි මං අඬන්නේ.” “අය්යෝ පුතේ, ඒක සුළු දෙයක් නෙ. මට පුළුවනි ඔයා කැමැති නම් රත්තරනින් හරි, රිදියෙන් හරි ලස්සන රෝද දෙකක් හදලා දෙන්න.” “එපා ... එපා ... මට �නෑ ඒ රෝද නෙවෙයි. ඉරත් හඳත් දෙකක් තමයි මං කැමැති රෝද දෙක.” අදින්නපුබ්බකට හිනා ගියා. “හොහ් හෝ ... මෝඩ දරුවෝ, ඔයාට තේරෙන්නේ නැද්ද ඔය ඉර හඳ දෙක රෝද හැටියට ගන්න පුළුවන් ද?” “මම ද මෝඩ? මාම ද මෝඩ? මම අඬන්නේ ඇස් දෙකට පේන දෙයක් ඉල්ලල යි. ඔයා අඬන්නේ ඇස් දෙකට නො පෙනෙන දෙයක් ඉල්ලල යි. ඉතින් මම ද මෝඩ?” අදින්නපුබ්බක කල්පනාවට වැටුණා. පුදුම හිතුනා. මේ ළමයා හරි නුවණක්කාරයෙක්. මගේ යහපතට ම යි මේ ඇවිදින් ඉන්නේ. “අනේ පුතේ, ඔයා කවුද?” ළමා වේශය නැති වෙලා දිව්*ය කුමාරයෙක් පෙනී සිටියා. “තාත්තේ, මං මට්ටකුණ්ඩලී. මාව බේර ගත්තේ බුදු රජාණන් වහන්සේ. ඉතින් තාත්තාත් බුදු රජාණන් වහන්සේව සරණ යන්න. ඔය හැඬීම නවත්වලා තියෙන මිළ මුදල් වියදම් කරලා පොඩි දරුවන්ට උදව් කරන්න. නැති බැරි අයට පිහිට වෙන්න. වෙහෙර විහාර හදන්න. එතකොට තාත්තටත් පින් රැස් කරගෙන සැප ලබන්න පුළුවන්. ලෝභකම කියන්නේ කිළුටක් මයි. ඒ නිසා ලෝභකම දුරු කරන්න.” පින්වත් දරුවනේ, ඊට පස්සේ ඒ තාත්තා මහා දානපතියෙක් වුණා. ගොඩාක් පින් රැස් කරගත්තා. පින්වන්ත දරුවෙකුට මොන තරම් හොඳ දේවල් කරන්න පුළුවන් ද?
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
තෙවැනි ගාථා රත්නය

ථුල්ලතිස්ස තෙරුන් ගේ කථාව - වෛරය සිතමින් සිටියොත් සංසිඳෙන්නේ නෑ. අවෛරයෙන් ම යි වෛරය සංසිඳෙන්නේ.

3.jpg

පින්වත් දරුවනේ අපේ බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් නුවරට වැඩියා නෙ. තම පියාණන් වන සුද්ධෝදන රජතුමාටත්, තම පුංචි අම්මා වන ප්*රජාපතී ගෝතමී දේවියටත්, තම බිසව වශයෙන් සිටි යසෝදරා කුමරියටත්, රාහුල කුමරුටත්, අන් හැමටත් කරුණාවෙන් වැඩම කළ ගමනේ දී ඇති වුණ පැහැදීම නිසා බොහෝ දෙනෙක් පැවිදි වුණා. ශාක්*ය වංශය බුදු රජුන් උපන් පරපුරයි. ඒ වගේ ම කෝලය වංශය මහමායා දේවිය ගේ පරපුරයි. රෝහිණී ගංඟාව ඒ ශාක්*ය කෝලිය වංශ දෙකේ ම ජනපදවල සුවිශාල කුඹුරු යායවල් තෙත් කරමින් ගලා බසිනවා. ඉතින් ඇතැම් ග්*රීස්ම ඍතුවල දී රෝහිණී ගංඟාවේ ජලය සිඳෙනවා. එතකොට ඔවුන් ඒ ජලය බෙදා ගැනීමට ගන්නා උත්සාහයේ දී ඇතැම් විට කලකෝලාහල හට ගන්නවා. එවැනි කෝලාහලයක් හට ගැනීමට සූදානම් වෙද්දී බුදු රජාණන් වහන්සේ එයට මැදිහත් වුණා. අඬදබර සංසිඳෙව්වා. සාමය ඇති කළා. ඒ සතුටට ශාක්*ය කෝලිය වංශ දෙකෙන් කුමාරවරු පන්සියය බැගින් මහණ වුණා. බුදු රජාණන් වහන්සේ ගේ නැන්දා කෙනෙකු ගේ පුතෙක් හිටියා. ඔහු ගේ නම තිස්ස කුමාරයා. මාළිඟාවේ සැපට හැදුනු තරබාරු ඇඟක් තියෙන මේ තිස්ස කුමාරයත් පැවිදි වුණා. රජකුලයෙන් පැවිදි වුණ නිසා ඔහු හරි ආඩම්බරයි. තරබාරු නිසා කවුරුත් හැඳින්වූයේ ථුල්ලතිස්ස කියල යි. ථුල්ල කියන්නේ ස්ථූල කියන එකයි. මේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේ කාටවත් ගරු සරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ ගේ ඥාතිකම හිතට අරගෙන වත්පිළිවෙත් නොකර මහ තෙරුන් වහන්සේලා වාඩි වෙන පුටුවල වාඩි වෙලා සැදැහැවතුන්ගෙන් සැළකිලි ලබමින් සතුටු වෙනවා.

දවසක් ඉතා සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ වෙලාවේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ලොකු පුටුවක වාඩිවෙලා ගාම්භීරලීලාවෙන් හිටියා. අර උතුම් ස්වාමීන් වහන්සේ හිතුවේ වැඩිහිටි මහතෙර කෙනෙක් කියල යි. ඉතින් ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. එතකොටවත් නැගිට්ටේ නැහැ. ගරුසරු කළේ නැහැ. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඇහුවා “ඔබ වහන්සේට දැන් වස් කීයක් වෙනවා ද?” කියලා. එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ වහා නැගිට තමන් ගේ ලාබාලකම පවසා සිටියා. එතකොට ඒ උතුම් ස්වාමීන් වහන්සේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේට අවවාද කළා. “බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න �න. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ.” මේ අවවාදයට ථුල්ලතිස්ස තෙරුන් කිපුනා. හයියෙන් කෑ ගැසුවා. හඬා වැළපුනා. හඬ හඬාම බුදු රජාණන් වහන්සේ ළඟට වේගයෙන් ගියා. ගිහින් අර ස්වාමීන් වහන්සේට විරුද්ධව පැමිණිලි කළා. කරුණු කාරණා විමසා බැලූ මහා කාරුණික බුදු රජාණන් වහන්සේ අවවාද කොට වදාළා. “පින්වත් තිස්ස, බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න �න. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ. දැන් ඔබ ඒ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්න.” එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගේ අවවාදයටවත් අවනත වුණේ නැහැ. එයාට මහා අසාධාරණයක් වුණා කියලයි හිතාගෙන ඉන්නේ. මේ රළුපරළු ගතිගුණ නිසා ම ගුණවතුන් ගේ බසට අවනත නො වුණ නිසා ම අතීත සංසාරෙදීත් මේ කෙනා මහ කරදරවලට වැටිල තියෙන බවට බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා. එයට කලින් ගාථා දෙකකින් ඉතා ලස්සනට කාටත් වැදගත් වෙන ධර්මයක් වදාළා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
3. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ
යේ තං උපනය්හන්ති වේරං තේසං න සම්මති

තේරුම:

මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට
මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින්
වෛරය මතු වෙන විලසට - යළි යළි මෙය සිතනා විට
ඔවුන් ගෙ වෛරය කිසිදා - නැත සංසිඳිලා යන්නේ

4. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ
යේ තං න උපනය්හන්ති වේරං තේසූපසම්මති

තේරුම:

මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට
මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින්
වෛරය මතු වෙන විලසට - මේ අයුරින් නො සිතන විට
ඔවුන් ගෙ පවතින වෛරය - සංසිඳෙමින් නැතිවන්නේ

එතැන සිටිය ස්වාමීන් වහන්සේලාට මේ ථුල්ලතිස්ස තෙරුන් ගේ අතීත ජීවිත කථාව අසන්ට කැමැත්තක් ඇති වුණා. මහා කාරුණිකයන් වහන්සේ ඒ අතීත සිදු වීම කියා දුන්නා.

ඔන්න ඈත අතීත කාලෙක බරණැස් නුවර කාලදේවලක නමින් තවුසෙක් හිටියා. ඔහු හිමාල වනාන්තරයේ භාවනා කරන කෙනෙක්. බොහෝකල් ගත වුණහම රසවත් ආහාරපාන ටිකක් වැළඳීමේ අදහසින් නගරයට ආවා. ඇවිදින් වළං හදන කෙනෙකු ගේ සාලාවක නතර වුණා. එදා ම නාරද නමින් තවත් තවුසෙක් ඒ කුඹල් හලේ රාත්*රිය ගත කිරීමට පැමිණුනා. කුඹල්කරුවාගෙන් නවාතැන් ගැනීමට අවසර ඉල්ලද්දී කලින් පැමිණි තවුසාගෙන් අසා ඔහු කැමැතිනම් නවතින්න කියල පැවසූ නිසා කාලදේවලගෙන් අවසර අරගෙන නැවතුනා. සුහද කථාබහේ යෙදුනා. දෙදෙනා ම නින්දට ගියා. නාරද තවුසා නිදාගනිද්දී කාලදේවල තවුසා ඒ කිට්ටුවෙන් ම යි නිදාගත්තේ. නමුත් රෑ යාමයේ ඔහු එතැනින් නැගිට සාලාවේ දොරකඩ ළඟ හරහට නිදාගත්තා. නාරද තවුසා මැදියම් රැයේ නැගිට සාලාවෙන් පිටතට යද්දී දොරහරහට නිදා සිටි කාලදේවල තවුසාගේ හිස බැඳි ජටාව පෑගුනා. ඔහු මහ හඬින් කෑ ගැසුවා. “ඒයි ... මොකාද ඔය? මොකද මගේ ජටාව පෑගුවේ?”

“අනේ පින්වත් තවුසාණෙනි, ඔබතුමා ඔතැන සැතපී ඉන්න බව මා දැන ගෙන හිටියේ නෑ. මට සමාවෙන්න” කියා එළියට ගියා. එතකොට කාලදේවල තවුසා මෙහෙම හිතුවා. “දැන් මේ පුද්ගලයා එළියට බසිද්දී මා ගැන නො සළකා මාව පාගා ගෙන ගියා. දැන් ආපසු එද්දිත් ආයෙමත් මාව පාගාවි” කියලා හිස තිබූ පැත්තට පා දමා ගෙන පා තිබූ පැත්තට හිස දමා ගෙන නිදාගත්තා. නාරද තවුසා ඇවිදින් කල්පනා කළා “මේ පැත්තෙන් ගියොත් මෙතුමා ගේ හිස ආයෙමත් පෑගෙන්න පුළුවනි. ඒ නිසා පා තිබෙන පැත්තෙන් යන්න ඕන” කියලා ඒ පැත්තෙන් යද්දී ආයෙමත් ඔහු ගේ පයට ජටාව පෑගුනා. කාලදේවල තවුසා කෝපයෙන් ගිගුම් දුන්නා. “නුඹ හිතාමතාමයි මේ දේ කළේ. ආයෙමත් මගේ බෙල්ල පෑගුවා. දැනගනින් මා නුඹට කරන දේ” “අනේ, පින්වත් තවුසාණෙනි, මට සමාවුව මැනැව. මා මේ ගමන සිතුවේ ඔබ තුමා ගේ පා ඇති තැනින් යන්නයි. නමුත් ඔබ තුමා ඒ පැත්තට හිස දමා සැතපී සිටින බව මා දැන සිටියේ නැහැ. අනේ මට සමාවුව මැනැව.” “සමාව? ... නුඹ දැනගනින්. නුඹ මගේ තරම නො දැනයි හිස පෑගුවේ. නුඹට හෙට හිරු දකින්න ලැබෙන්නේ නෑ. හෙට හිරු උදාවෙන විට නුඹේ හිස සත්කඩකට පැලෙනවා. පැලෙනවා ම යි” කියලා පොළොවට අත් ගගහා සාප කළා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

නාරද තාපස තුමා නිශ්ශබ්ද වුණා. ඇතුළට ගිහින් වාඩි වුණා. භාවනා කළා. විමසලා බැ�වා මේ නිස්කාරනේ තමන් ගෙ පිටට වරද පටවලා කරපු සාපය කවුරු කරා ද යන්නේ කියලා. බලද්දී නාරද තවුසාට අවබෝධ වුණා. “වැරදිකාරයා කාලදේවලම යි. ඔහු ගේ නපුරුකම ම යි මේකට මුල. ඔහු ගේ වෛර සිත ම යි මේකට මුල. එනිසා හිරු නගිද්දී ඔහු ගේ හිසමයි සත්කඩකට පැලෙන්නේ.” නාරද තවුසාට කාලදේවල ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා. මේ පුද්ගලයා තේරුමක් නැතුව විපතට පත්වෙනවා. නපුරුකම නිසා ම යි මේක වෙන්නේ. මං මොහුව බේරාගන්න �න කියලා පසුව දා හිරු උදාවීම ඍද්ධි බලයෙන් වැළැක්වුවා. රජමාළිඟාව මිදුලට රැස් වූ ජනකාය ඝෝෂාකරන්න ගත්තා. බරණැස් රජතුමාට කන්නලව් කළා. “අහෝ දේවයන් වහන්ස, මොකක් ද මේ වුණේ. මේ කළුවර නැතිවෙන්නෙ නෑ. හිරු උදා වෙන්නේ නෑ. මොකක්දෝ වින්නැහියක් සිදු වෙලා තියෙනවා. අහෝ දේවයන් වහන්ස, මෙයින් අපව ගලවා ගත මැනව.” රජතුමා කලබල වුණා. කරුණු සොයා බැ�වා. අන්තිමේ දී කුඹල් සාලාවක හිමාල වනයෙන් ආපු තවුසන් දෙදෙනෙකු සිටින බව දැනගත්තා. ඔවුන් සොයාගෙන ගියා. නාරද තවුසා කාරණය පැහැදිලි කළා. “පින්වත් රජතුමනි, මගේ අතින් වරදක් සිදු වුණේ නෑ. මා සාලාවෙන් එළියට යද්දී මේ තාපසයා වැරදි තැනක සැතපී සිටි නිසා මා නො දැනුවත්ව ඔහු ගේ හිස පෑගුනා. මා සමාව ඉල්ළුවා. ආපසු එද්දී ඔහු පා දමා සිටි පැත්තෙන් මා පැමිණුනා. ඒ වතාවෙත් ඔහු හිස දමා තිබුණේ ඒ පැත්තට යි. ආයෙමත් හිස පෑගුනා. මා ඉතාම බැගෑපත්ව සමාව ඉල්ළුවා. මොහු මට සමාව දුන්නේ නැහැ. ඒ වෙනුවට මට ශාප කළා. හිරු නැගෙද්දී මගේ හිස සත්කඩකට පැලේවා කිව්වා. නමුත් මං නිවැරදියි. හිරු නැගුණොත් සත් කඩකට පැලෙන්නේ ඔහු ගේ හිසයි. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් හිරු උදා වෙන්ට නො දී ඉන්නේ මා විසිනුයි. ඔහු මගෙන් සමාව ගත්තොත් මේ ප්*රශ්නය සමථයකට පත් වෙනවා.” රජතුමා කාලදේවල තවුසා ළඟට ගියා. ගිහින් ඉතා බැගෑපත් වුණා. නාරද තවුසා ළඟට ගිහින් සමාව ගන්න කියා ඉල්ලා සිටියා. මේ ආඩම්බරකාර මෝඩ කාලදේවල රජතුමා ගේ පැමිණීම නිසා තවත් හිතට ගත්තා. සමාව ගන්න කැමැති වුණේ ම නැහැ. අන්තිමේ දී රජතුමාට කේන්ති ගියා. කාලදේවල බලෙන් ඇදගෙන ගිහින් නාරද තවුසා ගේ දෙපා අභියස නලල තැබෙව්වා. සමාව ඉල්ලෙව්වා. නාරද තවුසා සමාව දුන්නා. හිසේ ප්*රමාණයට ලොකු මැටි ගුලියක් හිස මත තබා ගෙන ගඟට බසින්න කිව්වා. හිරු උදා වෙන කොට ම ඒ මැටි ගුලිය පමණක් වතුරෙන් උඩ සිටින ලෙස ගිලෙන්න කිව්වා. එතකොට ම නාරද තවුසා ඍද්ධිය අත්හැරියා. හිරු උදාවුණා. කාලදේවලගේ හිස මත වතුරෙන් උඩ තිබුණු අර මැටිගුලිය හත්කඩකට පිපිරුණා.

පින්වත් දරුවනේ, නපුරුකමට ලැබෙන විපාක හරි පුදුමයි. පුහු අහංකාරකමත්, ආඩම්බරකමත්, මාන්නයත් නිසා වැඩිහිටියන් ගේ අවවාද පිළිනොගන්නා අය කොතරම් ඉන්නවා ද. ඔවුන් හැම තිස්සේ ම ජීවිතයේ අවුල් හදා ගන්නවා. වෛර බැඳගන්නවා. පලිගැනීමට මාන බලනවා. පව් පුරවා ගන්නවා. ඒ නිසා වෛර නොකර සිටීම ම යි උතුම්. තමන්ට තව කෙනෙකුගෙන් සිදු වුණු අඩුපාඩු සිත සිතා නො සිටීමම යි උතුම්. වෛරය ඇති වෙන දේ නො සිතා මෙත් සිත පැතිරවීම මයි උතුම්.
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
~ MAGE RATATA DALADA HIMI SARANAI ~
~ MAGE DAYATA DALADA HIMI SEWANAYE ~
~ sAPATHIN SAPIRUNU NIWAHAL DERANAYE ~
~ OBATHIN MAHATA ME HAM URUMAYE ~



~ BUDDAANU BAWENA NETH SITH PAHAN WI ~
~ METH MAL PIPILA KARUNA DAYAWE ~
~ SANGANU BAWENA SITH NETH PAHAN WI ~
~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~
~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~
~~~~ HELADERANA JANA JAYATHU JAYAMANGALANI ~~~~
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධම්ම පදය-යමක වර්ගය
සතරවැනි ගාථා රත්නය​

කාලි යකින්නිය ගේ කථාව - වෛරයෙන් වෛරය නො සංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ.


4.jpg

ඒ දිනවල අප ගේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියේ. ඒ සැවැත් නුවර ම බොහෝ ම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මාට පුදුම සහගත දෙයක් දකින්ට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසළ කවුදෝ කෙනෙක් හිටගෙන සිටියා. කළුම කළු යි. ලොකු ඇස් දෙකක් තිබුණා. දල දෙකක් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා හිටියේ ගෙදර නොවෙයි. අම්මා භය වුණා. දරුවාට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිව දැක්කේ. ඒ යක්ෂණියක්. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිල හිටියා. ඒ යකින්නි දරුවා ගේ ලේ බීලා. ඒ අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ඒ දෙමාපියන්ට ආයෙමත් දරු සිඟිත්තෙක් ලැබුණා. ඒ දරු සිඟිත්තාවත් මේ පව්කාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ආයෙමත් ඒ දෙමාපියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි, තාත්තයි හරිම බයෙන් ඉන්නේ. මෙයාලට හිතා ගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකක් ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් දරුවා ආරක්ෂා කරගෙන හිටියා.

දවසක් මේ අම්මා නාන තොටුපලට දරුවා රැගෙන ගියා. දරුවාව නාවලා ඉවුරෙන් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළුපාට තිතක් වගේ දෙයක් එන හැටි එකවර ම අම්මාට දකින්නට ලැබුණා. අම්මාට කාරණය වැටහුණා. “අනේ ... බුදු සමිඳූනේ ... අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුල් කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ මගේ දරුවා බේරගන්න” කියලා. ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. අම්මා කෙලින් ම දිව්වේ ජේතවනාරාමයට යි. ඒ අම්මා ගේ වාසනාව. දරුවාගෙත් වාසනාව. බුදු රජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිටියා. අම්මා විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදු රජාණන් වහන්සේ ඉදිරියේ දරුවාව තිබ්බා. “අනේ මගේ බුදු රජාණන් වහන්ස, මේ දරුවා ඔබ වහන්සේට බාරයි. මේ දරුවාව ආරක්ෂා කරදෙන සේක්වා! අනේ මගේ බුදු රජාණන් වහන්ස, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාව ම කාල දැම්මා. මේ දරුවා බිල්ලට ගන්න ආයෙමත් ආවා.” යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදු රජාණන් වහන්සේ යක්ෂණියට කථා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන්, බොහෝ තැති අරගෙන, කරබාගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. “එම්බා යක්ෂණී, දැන් නුඹ මා මේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පව්කාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කන එක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මේ ගාථාව හොඳින් තේරුම්ගනින්.”
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
යක්ෂණිය අඬන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේට වන්දනා කළා. රැස්වුණ පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්*රශ්නය කුමක් ද කියා කාටවත් තේරුණේ නැහැ. ඈත අතීතයේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම්වලට ගොදුරුව එන ආකාරය ගැන බුදු රජාණන් වහන්සේ කියා දුන්නා.

මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවෙයි. මේ යක්ෂණියයි, මේ අම්මයි එක ම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියේ. ඒත් මේ සැවැත් නුවර ම යි. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමඟ විවාහ වුණා. ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නෑ. ඔහු ගේ පවුලේ දෙමාපියන් ඒ ගැන කනගාටු වුණා. දරුසම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩුදබර කළා. අන්තිමේ දී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝ සැළකිලි ලැබුණා. කලින් විවාහ වුණ කාන්තාව මැයට ඊර්ෂ්*යයා කළා. “නංගියේ ... මට නම් දරුසම්පත් ලබන්න වාසනාවක් නැහැ තමයි. නමුත් ඔයාට දරුසම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්න. මං ඔයාට උදව් කරන්නම්.” ටික කලකින් දෙවෙනි කාන්තාවට දරුසම්පතක් පිහිටියා. ඇයට හරි සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාව ගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්*යයාව ඇති වුණා. හොර රහසේ ම මව් කුසේම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්මා යාන්තමින් බේරුණා. කාටවත් මේ කරුණ සොයාගන්ට බැරිවුණා. ඒ දෙවෙනි කාන්තාවට ආයෙත් දරුසම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටම කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව්කුසේ සිටින දරුසම්පත වැනසෙන්න හොර රහසේ ම බෙහෙත් දුන්නා. ඒ දරුවාත් මැරුවා. ඒ වතාවෙදි ගෙදර සියළු දෙනා ම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙන කොට දෙවෙනි කාන්තාවට ආයෙමත් දරුසම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත් කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව්කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මා ගේ කුස ඉදිරියට නෙරා ආවා. එතකොට අර නපුරු ස්ත්*රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවාව මරණකල් ඉවසුමක් නැහැ. ඇය හොර රහසේ ම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව්කුසේ ම දරුවා මැරුණා. නමුත් ඒ දරුවා මව්කුස තුළ වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මාට ඇති වුණ දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඒ ද්වේශයෙන් දෑස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑගසන්න පටන් ගත්තා. “ඒයි ... සැතිරියේ ... තී දැනගනින්. මගේ කලින් දරුවන් දෙදෙනා ම මව් කුසේම මරල දැම්මේ තී තමයි. මේ වතාවෙදිත් දරුවයි, මාවයි දෙන්නා ම මරාගත්තා. ඒයි සැතිරියේ ... මං ජාති ජාතිත් තිගෙන් පලිගන්නවා. මං තිගේ දරුවන්වත් මරණවා, මරණවා ම යි. තීවත් මරණවා, මරණවා ම යි” කිය කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු ඔවුන් සත්තු වෙලා ඉපදුනා. එකිනෙකා ගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවෙදීත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වැනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙල යි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනක් ම මරා දැම්මා. තුන් වෙනි දරුසිඟිත්තා මරන්න සූදානම් වෙද්දී තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ.

බුදු රජාණන් වහන්සේ අතීත ජීවිත කථාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුනා. සිතක හට ගන්නා වෛරය මොනතරම් දුරක් යනවා ද! භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සසර පුරුද්දක් හැටියට වගෙයි. වෛරය මේ තරම්ම භයානක ද? මිනිස් ලොව තිරිසන් ලොව, ප්*රේත ලොව ආදී කොයි ලෝකෙදි වුණත්, වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා. පලිගන්නවා. වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. එහෙම නම් පින්වත් දරුවනේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේ ම වෛර නො කිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. වෛර නො කිරීමම යි උතුම්. එනිසා ම යි සංසිඳීම ඇති වන්නේ.
 
Last edited: