Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    රහතන් වහන්සේලා නෙවෙයි පොදුවේ භික්ෂුන් දෙපිරිසක් ඉන්නවා. ධර්මධර, විනයධර.. ජනතාව සමග ගොඩක් වෙලාවට වැඩකරන්නේ ධර්මධර තෙරවරු. සැරියුත් හාමුදුරුවො ආනන්ද හාමුදුරුවො වගේ. ඒත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ඇතැම් රහත් තෙරවරු වනගත වෙලා ආරණ්‍යවාසීව ඉදලා තියෙනවා මහජනයාගෙන් ඈත් වෙලා.

    මහා කාශ‍යප හාමුදුරුවෝ...මතක් කරපු හින්දා කට්ටියට දැන ගන්න කියන්න හිතුනා. මහා කාශ‍යප හාමුදුරුවෝ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ රූපයට සමාන රූපයකින් යුක්ත විච්ච හාමුදුරු කෙනෙක්... බුදු හිමි එක්ක කොච්චර සමීපව ඇසුරු කලාද කියනවා නම්....බුදු හාමුදුරුවන් හට කාශයප හිමිට ලැබුණු සිවුරක්...පවා හුවමාරු කරන් තියෙනවා. කාශයප හාමුදුරුවො පිණ්ඩිපාතේ වැඩියට පස්සේ, බුදුහාමුදුරුවෝ....පිණ්ඩිපාතේ වඩින කොට මිනිස්සු කල්පනා කලා ලු ඇයි මේ බුදු හාමුදුරුවෝ....දෙපාරක් පිණ්ඩිපාතේ වඩින්නේ කියලා.

    එ හින්දා.. බුදු හාමුදුරුවන්ට අගරුවක් වේ කියලා හිතලා....වනගතව තමා කාශයප හිමි වාසය කරලා තියෙන්නේ. පළමු ධර්ම සංගායනාවේදි...ඇති වු ගැටළු වල්දි....මහා කාශයප හිමි විසින් ඉදිරිපත් කරපු හැම යෝජනාවකටම මුළු රහතන් වහන්සේලා සියලු දෙනාම එකඟ උනාලු...එ තරම් ලොකු ගරුත්වයක් කාශයප හිමිට තිබිලා තියෙනවා.
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama

    ආහ් අර ගුහාවක සත්තු වගයක් හිර කරපු කතාව නේද?
    එතනදි ඒක පවක් බව නොදැන කලත් පවක් වෙනවා :( මොකද ඒ දෙය කරන්න "චේතනාවක්" තිබ්බා නෙ.. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක අසාධාරනයි කියලා, ඒත් එහෙම බැලුවොත් කෙනෙක්ට පුලුවන් වෙන ආගමකට ගිහින් කරපු පව් වලින් shape වෙන්න නෙ? ;)

    ඒත් චේතනාවක් නැතුව කලා නම් පවක් නෑ (උදා - පෑගිලා මැරෙන කූඹී )

    ගිය දෙයට පසුතැවිලි වෙන්න එපා කීයටවත් :D මිනිස්සු 999ක් මරපු අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් උනා.. පව් වල බලපෑම පින් වලින් අඩු කරන්න පුලුවන්

    ekata piliyamak nodenuwathkama nisa paww wipaka gena denagath dawase indan boho welawata mathak wenawa,amathaka karanda amarui, sathage loku podi bedayak ne neda?,
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පංච නියාම ධර්ම​

    උතු නියාමය - දේශගුණික සාධක වල බලපෑමෙන් සිදුවන දෑ (භෞතික නියාමය)
    බීජ නියාමය - මවු පිය ලක්ෂන දරුවන්ට ලැබීම (ජීව විද්‍යාත්මක නියාමය)
    චිත්ත නියාමය‍ - සිතේ ස්වභාවය මනසේ ක්රියාකාරීත්වය අනුව සිදුවන දෑ
    ධම්ම නියාමය - හේතුළුල ධර්මතාවය
    කම්ම නියාමය - කුසල අකුසල ක්රියා විපාක අනුව සිදුවන දේ
    හ්ම්ම් අහලා නම් තියනවා එත් දැන් මෙ නියාම 5 යෙදෙන්නෙ මොනවගෙ තැන් වලටද?.
     
    • Like
    Reactions: Sachchaka

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පංච නියාම ධර්ම​

    චිත්ත නියාමය‍ - සිතේ ස්වභාවය මනසේ ක්රියාකාරීත්වය අනුව සිදුවන දෑ
    ධම්ම නියාමය - හේතුළුල ධර්මතාවය

    මේ දෙක පැහැදිලි කරන්න පුලුවන්ද? :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
    මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
    මෙන්න මේකයි ප්‍රශ්නේ
    රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?

    තවමත් ඒ ධර්මය අපි අතර සුලභව පවතිනව , ඒ නිසා අනිවා රහතන් වහන්සෙලා අපි අතර ඉන්න ඔනි
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම මේ ප්‍රශ්නේ.........දි මකුළුවාගේ පැත්තෙන් බැලුවොත්.... මම කරලා තියෙන්නේ....ලොකු වැරැද්දක් නේද. චේතනාව තමා වැදගත් වෙන්නේ. එත්...එක් අයෙකුගේ යහපත වෙනුවෙන්...තවත් කෙනෙකු දුකට පත් කිරීමක් නේද සිදුවෙලා තියෙන්නේ.

    එතනදි කාගේ උනත් චේතනාව වෙන්නෙ මකුලුව බඩගින්නෙ තිබීම නෙවෙයි ... දැලේ පැටලුන සතාව බේරා ගැනීම ...
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    ඔව් එහෙම කියන්නත් පුළුවන් කොහම වුනත් දැන් ඉන්නවා නම් ඉන්න ඕන පසේ බුදුවරු
    :)

    රහත් භාවයෙන් පසුව ස්වාමින් වහන්සෙලා මිනිස් ඇසුරට එතරම් ප්‍රිය කරන්නේ නැ .. මොකද වරක් බුදුන්ම දේශනා කරල තියනවා

    පෘතග්ජනයන් කොතනද එතන දුෂිතයි කියලා ...

    අපිට කියන්න බැ රහතන් වහන්සෙලා නැ කියල ...
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    පංච නියාම ධර්ම​

    උතු නියාමය - දේශගුණික සාධක වල බලපෑමෙන් සිදුවන දෑ (භෞතික නියාමය)
    බීජ නියාමය - මවු පිය ලක්ෂන දරුවන්ට ලැබීම (ජීව විද්‍යාත්මක නියාමය)
    චිත්ත නියාමය‍ - සිතේ ස්වභාවය මනසේ ක්රියාකාරීත්වය අනුව සිදුවන දෑ
    ධම්ම නියාමය - හේතුළුල ධර්මතාවය
    කම්ම නියාමය - කුසල අකුසල ක්රියා විපාක අනුව සිදුවන දේ

    thnx, hethupala darmathawaya gena wistara karanda dannawada, vdo eke theruna widiyata niwanin pasu athiwana thathwaya damma niyamaya wage kiyala kiyanawa, :confused:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    ආහ් අර ගුහාවක සත්තු වගයක් හිර කරපු කතාව නේද?
    එතනදි ඒක පවක් බව නොදැන කලත් පවක් වෙනවා :( මොකද ඒ දෙය කරන්න "චේතනාවක්" තිබ්බා නෙ.. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක අසාධාරනයි කියලා, ඒත් එහෙම බැලුවොත් කෙනෙක්ට පුලුවන් වෙන ආගමකට ගිහින් කරපු පව් වලින් shape වෙන්න නෙ? ;)

    ඒත් චේතනාවක් නැතුව කලා නම් පවක් නෑ (උදා - පෑගිලා මැරෙන කූඹී )

    ගිය දෙයට පසුතැවිලි වෙන්න එපා කීයටවත් :D මිනිස්සු 999ක් මරපු අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් උනා.. පව් වල බලපෑම පින් වලින් අඩු කරන්න පුලුවන්

    අංගුලිමාල හාමුදුරුවො රහත් වෙන්නේ රහත් වීමට තරම් අනුසස් තිබුන නිසා ... සමහරක් පව් පිං මගින් අඩු හෝ අහොසි කරගන්න පුලුවන්
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ දෙක පැහැදිලි කරන්න පුලුවන්ද? :)

    ඇයි දෙකක්....5 ම පැහැදිලි කරන්නම්....

    උතු නියාමය - වර්ශයේ එ ඒ කාලයට සිදුවන සෘතු වෙනස්කම්.....උෂ්ණත්වය, සීතල වගේ කිසිවෙකුගේ උත්සහයකින් තොරව සිදුවන දේ.

    බීජ නියාමය - ඒ ඒ බීජයන්ට ආවේනික ලක්ෂන පවතිනවා. හරියට සුර්යකාන්ත මල් හිරු යන දෙසටම හැරීම වගේ දේ....

    කර්ම නියාම - පුද්ගලයෙකු විසින් සිදු කල කුසල හා අකුසල අනුව සැප හෝ දුක පල දීම.

    ධර්ම නියාම - සෝවාන් ඵලයට පත් පුද්ගලයා..භව 7 කට වඩා ඉපදීමක් නොමැති වීම. ඔහු අතින් අකුසල් කර්ම සිදු නොවීම වගේ දේ.

    ච්ත්ත නියාම - සිත් තුල පවතින නියති ස්වභාවය.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දැන් මෙ නියාම 5 යෙදෙන්නෙ මොනවගෙ තැන් වලටද?.

    මම දන්නා තරමින්... :)

    කම්ම නියාමය - කර්මය අනුව සිද්ධ වෙන සියල්ල

    උතු නියාමය - ඉර්තුව අනුව ( කාලගුන / දේශගුනය ) අනුව වෙන දේවල්..

    බීජ නියාමය - දෙමව්පියන්ගෙ ලක්ශන අපිට එන එක :) සුදු / කලු / උස / මහත / හැඩරුව එන එක :) අම්මා තාත්තා දෙන්නම කලු නම් ළමයා කලු වෙන්නෙ පවක් නිසා නෙවෙයි, මේ නියාම ධර්මයට අනුව

    අනික් 2 දන්නෙ නෑ :no:
     
    Last edited:

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේ දෙක පැහැදිලි කරන්න පුලුවන්ද? :)

    අපේ ඇස කන නාසය දිව ශරීරය එක එක අරමුණු වල ගැටුනාම (රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ) සිත් කෝටි ගානක් ඇතිවෙනවා. මෙහෙම කාගෙවත් මෙහෙයවීමක් නැතිව සිත් ඇතිවීම තමයි චිත්ත නියාමය. අපේ ශරීරය මුළුමනින්ම වගේ ක්රියාත්මක වෙන්නෙ සිතේ බලයෙන්. සිතක් පහල වෙන කාලයට කියන්නේ ක්ෂණයක් කියලා. එච්චර ඉක්මනින් සිත් ඇතිවෙලා නැතිවෙනවා. ‍මෙහෙම කුසල අකුසල සිත් පහල වෙන්නේ චිත්ත නියාමය අනුව.

    ආලෝකය තියෙන කොට අදුර දුරු‍වෙනවා. ජලය පහත් බිම් වලට ගලනවා. වයස යනවිට හම රැලි වැටෙනවා. දුර්වල වෙනවා. මේවගේ ධර්මතාවන් තමයි ධර්ම නියාමය.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අංගුලිමාල හාමුදුරුවො රහත් වෙන්නේ රහත් වීමට තරම් අනුසස් තිබුන නිසා ... සමහරක් පව් පිං මගින් අඩු හෝ අහොසි කරගන්න පුලුවන්

    ඔව්, කලින් ගොඩක් පින් රැස් කරලා තියෙන්න ඇති :yes:
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ

    බීජ නියාමය - ඒ ඒ බීජයන්ට ආවේනික ලක්ෂන පවතිනවා. හරියට සුර්යකාන්ත මල් හිරු යන දෙසටම හැරීම වගේ දේ....

    බීජනියාමය කියන්නේ ජීව විද්‍යාත්මක නියාම ධර්මය. මවුපියන්ගෙ ජානමය ලක්ෂන දරුවන්ට ලැබෙනවනෙ. එහෙම ලැබෙන්නෙ බීජ නියාමය නිසා. උදාහරණයක් විදියට පාරම්පරික රෝග දරුවටත් ලැබෙනවා. ඒ වගේම දෙමව්පියෝ කළු සමක් තියෙන අයනම් දරුවත් ඒ විදියයි. ශාක පැත්තෙන් ගත්තොත් අඹ ඇටයකින් හට ගන්නේ අඹ පැලයක් මිසක් කොස් පැලයක් නෙවේනෙ. අනික් ජීවවිද්‍යාත්මක ගුණත් මව් ශාකය වගේ.

    සමහරු හිතනවා හැමදේම වෙන්නෙ කර්මය නිසා කියලා. තමන්‍ට දියවැඩියාව වැලදිලානම් කලින් දෙම්පියන්ටත් ඊටකලින් පරම්පරාවටත් ඒ රෝගෙ තියෙනවා නම් ඒක බොහෝ දුරට කර්මය නිසා වුනු දෙයක් නෙමේ. බීජ නියාමය නිසා වුණු දෙයක්. දැන් පැහැදිලි ඇති මන් හිතන්නෙ.

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??

    (මෙන්න සවමින් වහන්සෙගෙන් මෙ ප්‍රශ්නටය ලැබුනු පිලිතුර අනිත් අයටත් මෙය වැදගත් වෙයි කියල හිතනවා)

    [FONT=comic sans ms,sans-serif][/FONT][FONT=comic sans ms,sans-serif]
    [/FONT]

    [FONT=comic sans ms,sans-serif]

    තෙරුවන් සරණ යි..

    ගොඩක් උතුම් ඒ වගේ දෙයක් පටන් ගත්ත එක... මෙම පිළිතුරු කැමති කෙනෙක් ගේ නමකින් දමන්න.. දාන්නෙ කවුද කියල සදහන් කිරීම අවශ්‍ය නැහැ. අපිට ඕනෙ පුද්ගලික ප්‍රතිරූපයක් ගෙනියන්ට නො වෙයි. කොහෙන් හෝ නිවැරදි ධර්මය මිනිසුන් අතරට යන්නට යි.

    පිළිතුර.....

    නිවන කියා කියන්නේ ‍කුමක් ද කියන ගැටලුවට, බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඇසුරෙන් අපිට පැති කිහිපයක් ඔස්සේ පිළිතුරු දෙන්නට පුලුවන්.

    නිරෝධ සඤ්ඤාව නම් වූ උසස් සමාපත්තිය වඩන භික්ෂුවක්, නිවන අරමුණු කරගෙන එය සිහි කරන ආකාරය බුදු රජාණන් වහන්සේ මේ විදියට දේශනා කළා.

    "ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපදිපටිනිස්සග්ගෝ වි‍රාගෝ නිරෝධෝ නිබ්බානං. "

    "එය ම යි ශාන්ත, එය ම යි ප්‍රණීත එනම්, සියලු සංස්කාරයන් සංසිදීගිය, සියලු උපධීන් (කෙළෙස් සහිත ව රැස් කරගත් සියල්ල) බැහැර වී ගිය, කෙළෙසුන් කෙරෙන් විරාගී වූ, සියලු කෙළෙසුන් නිරුද්ධ වී ගිය නිවන යි."

    මෙම ප්‍රකාශය අනුව අපිට නිවන කිහිප ආකාරයකින් හදුන්වා දෙන්ට පුලුවනි.

    "නිවන යනු පරම ශාන්තිය යි.
    නිවන යනු පරම ප්‍රණීත භාවය යි.
    නිවන යනු සියලු ම සංස්කාරයන් ගේ සංසිදීයෑම යි.
    නිවන යනු සියලු උපධීන් බැහැර වී යෑම යි.
    නිවන යනු පරම විරාගී භාවය යි.
    නිවන යනු සියලු කෙළෙසුන් නිරුද්ධ වී යෑම යි."

    තවත් අවස්ථාවක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ රාධ කියන ස්වාමීන් වහන්සේ අමතා මේ විදියට දේශනා කොට වදාළා.

    "තණ්හක්ඛයෝ හි රාධ නිබ්බානං", "රාධ තණ්හාව ක්ෂය වීම ම නිවන යි."

    ඒ වගේ ම නිරෝධ ආර්ය සත්‍ය විස්තර කරන අවස්ථාවන් ව ලදී බුදු රජාණන් වහන්සේ මේ විදියට දේශනා කොට වදාළා,

    "කතමඤ්ච භික්ඛවේ දුක්ඛනිරෝධං අරියසච්චං..? තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. "

    "මහණෙනි, දුක් නැති වීම (නිවන) නම් වූ ආර්ය සත්‍ය යනු කුමක් ද...? ඒ තණ්හාවේ ම ඉතුරු නැති ව නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැර දැමීමක් ඇද්ද, බැහැර කිරීමක් ඇද්ද, (තණ්හාවෙන්) නිදහස් වීමක් ඇද්ද, නො ඇල්මක් ඇද්ද, එය යි.."

    ඒ අනුව තවත් පසෙකින් ගත් විට තණ්හාව ඉතුරු නැතිව ම නිරුද්ධ වී යෑම නිවන හැටියට හදුන්වන්ට පුලුවන්.

    සරළ ව ම කියනවා නම්, සියලු දුක් දොම්නස්, හැඩීම් වැළපීම්, සුසුම් හෙලීම් බිය සන්ත්‍රාස ආදී සියල්ල නිරුද්ධ වී ගිය ස්වභාවය නිවන ලෙස හදුන්වන්ට පුලුවනි.

    [/FONT]
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ධර්ම නියාම - සෝවාන් ඵලයට පත් පුද්ගලයා..භව 7 කට වඩා ඉපදීමක් නොමැති වීම. ඔහු අතින් අකුසල් කර්ම සිදු නොවීම වගේ දේ.

    ච්ත්ත නියාම - සිත් තුල පවතින නියති ස්වභාවය.

    අපේ ඇස කන නාසය දිව ශරීරය එක එක අරමුණු වල ගැටුනාම (රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ) සිත් කෝටි ගානක් ඇතිවෙනවා. මෙහෙම කාගෙවත් මෙහෙයවීමක් නැතිව සිත් ඇතිවීම තමයි චිත්ත නියාමය. අපේ ශරීරය මුළුමනින්ම වගේ ක්රියාත්මක වෙන්නෙ සිතේ බලයෙන්. සිතක් පහල වෙන කාලයට කියන්නේ ක්ෂණයක් කියලා. එච්චර ඉක්මනින් සිත් ඇතිවෙලා නැතිවෙනවා. ‍මෙහෙම කුසල අකුසල සිත් පහල වෙන්නේ චිත්ත නියාමය අනුව.

    ආලෝකය තියෙන කොට අදුර දුරු‍වෙනවා. ජලය පහත් බිම් වලට ගලනවා. වයස යනවිට හම රැලි වැටෙනවා. දුර්වල වෙනවා. මේවගේ ධර්මතාවන් තමයි ධර්ම නියාමය.

    මේ දෙක තමයි දන්නෙ නැතුව හිටියෙ :D

    ඒ කියන්නෙ චිත්ත නියාමය නිසාද කර්මය කියන එක ඇති වෙන්නෙ?? :oo:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තවමත් ඒ ධර්මය අපි අතර සුලභව පවතිනව , ඒ නිසා අනිවා රහතන් වහන්සෙලා අපි අතර ඉන්න ඔනි

    මට තියෙන ගැටළුව බුදු හාමුදුරුවෝ පළමු ධර්ම දුත පිරිසට දුන් උපදේශය..... මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිනිස දෙව් මිනිසුන්ට සැප සුව පිනිස චාරිකාවේ යෙදෙන්න. ධර්මය දේශනා කරන්න කියලා.... ඒ හින්දා දැනට රහත් හිමිවරු ඉන්න පුලුවන්ද.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බීජනියාමය කියන්නේ ජීව විද්‍යාත්මක නියාම ධර්මය. මවුපියන්ගෙ ජානමය ලක්ෂන දරුවන්ට ලැබෙනවනෙ. එහෙම ලැබෙන්නෙ බීජ නියාමය නිසා. උදාහරණයක් විදියට පාරම්පරික රෝග දරුවටත් ලැබෙනවා. ඒ වගේම දෙමව්පියෝ කළු සමක් තියෙන අයනම් දරුවත් ඒ විදියයි. ශාක පැත්තෙන් ගත්තොත් අඹ ඇටයකින් හට ගන්නේ අඹ පැලයක් මිසක් කොස් පැලයක් නෙවේනෙ. අනික් ජීවවිද්‍යාත්මක ගුණත් මව් ශාකය වගේ.

    සමහරු හිතනවා හැමදේම වෙන්නෙ කර්මය නිසා කියලා. තමන්‍ට දියවැඩියාව වැලදිලානම් කලින් දෙම්පියන්ටත් ඊටකලින් පරම්පරාවටත් ඒ රෝගෙ තියෙනවා නම් ඒක බොහෝ දුරට කර්මය නිසා වුනු දෙයක් නෙමේ. බීජ නියාමය නිසා වුණු දෙයක්. දැන් පැහැදිලි ඇති මන් හිතන්නෙ.

    :yes: මේකේ විදයාත්මක පසුබිම තමා වර්ණදේහ....මේ තුලින් තමා මේ විදිහට පරපුරෙන් පරපුරට ලක්ෂණ රැගෙන යන්නේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙන්න.....මගෙන් තවත් ප්‍රශ්ණයක්.........වෙනස තියෙන්නේ. උත්තරේ මම දන්නවා. ඕගොල්ලන්ගේ අදහස් බලන්න ඕනේ.

    1. පින කියනදේටමද, කුසල් කියන්නේ ?
    2. පව කියනදේටමද, අකුසල් කියන්නේ ?
     
    Status
    Not open for further replies.