උතු නියාමය - උදය දහවල රාත්‍රිය සති මාස අවුරුදු ආදී වශයෙන් කාලය ගතවීම , ඒ ඒ කාලවලට අනුව සිදුවන් වෙනස්කම් (ස්වභවික පරිසරයේ).
බීජ නියාමය - භීජයට සරිලන ඵල ලැබීමේ ශක්තියයි, එනම් වී පැලයකින් වී පමනක් ලැබීමත්... අඹ පැලයකින් අඹ පමනත් ලැබීමත් මෙයින් පැහැදිලි වේ....
කම්ම නියාමය - තමා කළ කුසලාකුසල කර්ම අනුව හොද හෝ නරක ප්‍රතිඵල ලැබීමයි...
ධම්ම නියාමය - නාම රුපධර්මයන්ගේ හටගැනීම සහ නිරුද්ධ වීම පිලිබඳ ක්‍රියා පටිපාටියයි.
නාම යනු ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා සහ මනසිකාර යන චතසිකයයි ...
රෑප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ,යන සතර මාහා භූත රෑපත් ඒහා සම්බන්ද උපාදාය රෑපත්ය.මේ නාම රෑපයන්ගේ එකතුවෙන් සත්වයා බිහිවී පරිණාම වී මරණය කරා ගමන් කරයි. මෙම හට ගැනීම පැවතීම සහ නැතිවීම යන අනුපිළිවෙල ක්‍රියාවලිය ධම්ම නියාම නම් වේ.
චිත්ත නියාමය - ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ප්ංච ඉන්ද්‍රියන් හා ගැටුනු පසු පහලවන සිත්වල ස්භාවයයි. මෙය යහපත් හෝ අයහපත් විය හැකී,සරළ ලෙස චිත්ත නියාමය යනු අප සිතන පතන ආකාරයයි