බුදු දහමේ උගන්වන පින්, පව්, කුසල් අකුසල් සංකල්ප 4 න්,
පවක් යනු.....
තමාටත් අනුන්ටත් අයහපතක් වන කායික, වාච්ක, මානසික ක්‍රියාවක් සිදුකොට සිතේ ඇතිවන නොසතුටයි. වැරැදි ක්‍රියාවක් සිදුකර සැඟවීමට උත්සහ කර එය අනිකාට සැඟවුවද, තමාට සැඟවිය නොහැක. එ නිසා ඔහු පසු තැවිල්ලට පත්වේ.
අකුසලයක් යනු...
පුද්ගලයාගේ ආධයාත්මයෙහි පවත්නා යහපත් කුසලතා නැති කර ගැනීමයි. අයහපත් චේතනාවකින්, මෙම යහපත් කුසලතා නැති වේ.
උදාහරණයක් ලෙස.
කරුණාව ඇති කරගත යුතු මොහොතේ අකරුණාව ඇති වු විට, අකරුණාවෙන් කරුණාව යටපත් වේ. එවිට සිදුවන්නේ කුසලතාව නැති වී යාමයි. එය අකුසලයකි. මෙත්‍රිය නමැති යහපත් කුසලතාව, ද්වේශය නැමැති.. චේතනාවෙන් යටපත් වු විට එයද අකුසලයකි. මෙහිදිද සිදුවන්නේ... මෙත්‍රිය නැතිවී ක්‍රෝධය ඇති වීමයි.
පව හා කුසලය අතර සම්බන්ධය ගත් කල සැම පාපි ක්‍රියාවක්ම අකුසලයක් වේ. එයට හේතුව සැම පාප කර්මයකින් ම පුද්ගල සන්තානයේ පවත්නා මෙත්‍රිය, කරුණාව, දයාව, අවිහිංසාව යන යහ ගුණ ධර්ම නැතිවී යනු ඇත.
නමුත් සැම, අකුසලයක්ම පාපි ක්‍රියාවක් නොවේ.
උදාහරණයක් ලෙස,
නිවැරදි විවාහයක් ගත කිරීමට කිසිඳු බාධාවක් බුදු දහමේ නැත. විවාහ වීම පාපි ක්‍රියාවක් නොවේ. නමුත් ලොකොත්තර ජීවිතය දෙස බැලු කල එය අකුසලයකි. එනම්, විවාහයෙන්, රාගය, කාමය, මමත්වය යටපත් වී මමත්වය වැඩි වේ. නිවන් දැකීමට රාගය යටපත් කර විරාගය ඇති කල යුතුය. නමුත් විවාහයෙන් සිදුවන්නේ එය නොවේ. ඒ නිසා විවාහය ලොකොත්තර ජීවිතය හා බැලු කල පාපයක්, නොවුවද අකුසල කර්මයකි.
පින හා කුසල් අතර ඇති සම්බන්ධතාවය....
උදාහරණයක් ලෙස,
අපි විසින් බුදුන් හට මල් පුජා කොට "පුජේමි බුද්ධං..." යනුවෙන් ගාථාවේ අරුත නොදැන...කිවිය යුතු නිසා ප්‍රකාශ කරන හෙයින් එය පිනක් පමණක් වන අතර කුසලයක් සිදු නොවේ.
නමුත් එහි අර්ථය මෙනෙහි කරමින් ගාථාව කියන විට අප තුල කුසලතාවය වර්ධනය වන විට එක කුසලයක් වන අතරම පිනක්ද වේ.
එම නිසා පිනක් වන සියලු අවස්තාවක්ම කුසලයක් නොවන අතර, කුසලයක් වන සැම අවස්තාවකම පිනක් සිදුවේ.
සාකච්ඡාවට විවෘතයි.