(මෙන්න සවමින් වහන්සෙගෙන් මෙ ප්‍රශ්නටය ලැබුනු පිලිතුර අනිත් අයටත් මෙය වැදගත් වෙයි කියල හිතනවා)
[FONT=comic sans ms,sans-serif][/FONT][FONT=comic sans ms,sans-serif]
[/FONT]
[FONT=comic sans ms,sans-serif]
තෙරුවන් සරණ යි..
ගොඩක් උතුම් ඒ වගේ දෙයක් පටන් ගත්ත එක... මෙම පිළිතුරු කැමති කෙනෙක් ගේ නමකින් දමන්න.. දාන්නෙ කවුද කියල සදහන් කිරීම අවශ්‍ය නැහැ. අපිට ඕනෙ පුද්ගලික ප්‍රතිරූපයක් ගෙනියන්ට නො වෙයි. කොහෙන් හෝ නිවැරදි ධර්මය මිනිසුන් අතරට යන්නට යි.
පිළිතුර.....
නිවන කියා කියන්නේ කුමක් ද කියන ගැටලුවට, බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඇසුරෙන් අපිට පැති කිහිපයක් ඔස්සේ පිළිතුරු දෙන්නට පුලුවන්.
නිරෝධ සඤ්ඤාව නම් වූ උසස් සමාපත්තිය වඩන භික්ෂුවක්, නිවන අරමුණු කරගෙන එය සිහි කරන ආකාරය බුදු රජාණන් වහන්සේ මේ විදියට දේශනා කළා.
"ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපදිපටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. "
"එය ම යි ශාන්ත, එය ම යි ප්‍රණීත එනම්, සියලු සංස්කාරයන් සංසිදීගිය, සියලු උපධීන් (කෙළෙස් සහිත ව රැස් කරගත් සියල්ල) බැහැර වී ගිය, කෙළෙසුන් කෙරෙන් විරාගී වූ, සියලු කෙළෙසුන් නිරුද්ධ වී ගිය නිවන යි."
මෙම ප්‍රකාශය අනුව අපිට නිවන කිහිප ආකාරයකින් හදුන්වා දෙන්ට පුලුවනි.
"නිවන යනු පරම ශාන්තිය යි.
නිවන යනු පරම ප්‍රණීත භාවය යි.
නිවන යනු සියලු ම සංස්කාරයන් ගේ සංසිදීයෑම යි.
නිවන යනු සියලු උපධීන් බැහැර වී යෑම යි.
නිවන යනු පරම විරාගී භාවය යි.
නිවන යනු සියලු කෙළෙසුන් නිරුද්ධ වී යෑම යි."
තවත් අවස්ථාවක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ රාධ කියන ස්වාමීන් වහන්සේ අමතා මේ විදියට දේශනා කොට වදාළා.
"තණ්හක්ඛයෝ හි රාධ නිබ්බානං", "රාධ තණ්හාව ක්ෂය වීම ම නිවන යි."
ඒ වගේ ම නිරෝධ ආර්ය සත්‍ය විස්තර කරන අවස්ථාවන් ව ලදී බුදු රජාණන් වහන්සේ මේ විදියට දේශනා කොට වදාළා,
"කතමඤ්ච භික්ඛවේ දුක්ඛනිරෝධං අරියසච්චං..? තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. "
"මහණෙනි, දුක් නැති වීම (නිවන) නම් වූ ආර්ය සත්‍ය යනු කුමක් ද...? ඒ තණ්හාවේ ම ඉතුරු නැති ව නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැර දැමීමක් ඇද්ද, බැහැර කිරීමක් ඇද්ද, (තණ්හාවෙන්) නිදහස් වීමක් ඇද්ද, නො ඇල්මක් ඇද්ද, එය යි.."
ඒ අනුව තවත් පසෙකින් ගත් විට තණ්හාව ඉතුරු නැතිව ම නිරුද්ධ වී යෑම නිවන හැටියට හදුන්වන්ට පුලුවන්.
සරළ ව ම කියනවා නම්, සියලු දුක් දොම්නස්, හැඩීම් වැළපීම්, සුසුම් හෙලීම් බිය සන්ත්‍රාස ආදී සියල්ල නිරුද්ධ වී ගිය ස්වභාවය නිවන ලෙස හදුන්වන්ට පුලුවනි.
[/FONT]