Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හොද අදහසක් අපෙන් උපරිම සහයෝගය.....
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    නිවන කියන්නෙ නිවීම. ඒ නිවීම සදාකාලිකයි. ආපහු වෙනස් වෙන්නෙ නෑ. මේ ලොකෙ පවතින කිසි දෙයක් ගැන ආසාවක් ඇල්මක් මගේ මගේ කියලා අල්ලගන්න අවශ්‍යතාවයක් නිවන් ලබපු කෙනෙක්ට නැහැ. හිතන්න හැම බැදීමකින්ම නිදහස් වෙලා ලෝබය, ද්වේශය, දුක, ඊර්ශ්‍යාව වගේ කෙලෙස් නැති හිතකට මොන තරම් සහනයක් දැනෙනවා ඇද්ද කියලා. ඒ නිසා අත්විදින සැහැල්ලුව විස්තර කරන්න භාෂාව පොහොසත් මදි..
     
    • Like
    Reactions: Zodiac

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    pin sidda wena wedak, hamuduru kenek hambawenda yanda widiyak nethuwa hitiye, prashna nang godak thiyenawa, puluwan ewwa ahannang,
    danata ekak ahannang,

    eka bauddha kathwaka ahala thiyenawa, pawe barapathala kama nodenuwathwa eka eka thara thirame aya giya athma wala karapu paww walata aniwarayen paww me athme gewapu widiya, loku podi bedayakin thorawa,
    prashnaya, e pawe wipaka nodenuwathwa kireema nisa aniwarayenma gewanda sidda wenawada, e paww danna nisa me athmedima ekata piliyamak karanda puluwanda kiyana eka, dharma getaluwak nang newei, puluwan kenek udawwak karanda
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    man danna vidiaytanam api danne nati karana dewal walata danuwath karan dewala walata ekama vidiyata vipaka denne ne. eath meka matath tiyana getaluwak sawamin wahanseta kiyaal pilithura hoyaganimu.
    puluwan kenek innawana uttara denna.
    natinam man mekat hamuduruwanta yawannam.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මුලින්ම කියන්න ඕන මේක මහා සංග්‍රාමයක ආරම්බයක් නොවේවා
    ඇත්තටම සචි මේක හොද වැඩක් එළකිරි එකට අවශ්‍යම තිබූ දෙයක්

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Good start sis! Keep it up!
    ලොකු අයියේ මේ හොද වැඩේට හරස් කපන අය අයින් කිරීම ඔබට අයිති දෙයකි :):)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    pin sidda wena wedak, hamuduru kenek hambawenda yanda widiyak nethuwa hitiye, prashna nang godak thiyenawa, puluwan ewwa ahannang,
    danata ekak ahannang,

    eka bauddha kathwaka ahala thiyenawa, pawe barapathala kama nodenuwathwa eka eka thara thirame aya giya athma wala karapu paww walata aniwarayen paww me athme gewapu widiya, loku podi bedayakin thorawa,
    prashnaya, e pawe wipaka nodenuwathwa kireema nisa aniwarayenma gewanda sidda wenawada, e paww danna nisa me athmedima ekata piliyamak karanda puluwanda kiyana eka, dharma getaluwak nang newei, puluwan kenek udawwak karanda

    ප්‍රශ්නය එච්චර clear නෑනෙ :oo:
    ඔය අහන්නෙ, නොදැනුවත්ව (චේතනාවකින් තොරව) කරපු දෙයක් පවක් වෙනවද කියන එකද?? එහෙම නැත්තම් පවක් බව නොදැන (ඒත් චේතනාවක් ඇතිව
    ) කරපු ඒවා ගැනද??
     
    පවු පල දෙන අවස්ථා කීපයක් තියෙනවා

    දිට්ඨධම්ම වේදනීය කර්ම - මේ ආත්මය තුලම විපාක දෙන කර්ම
    උපපජ්ජ වේදනීය කර්ම - ඊලග ආත්ම භාවයේ විපාක දෙන කර්ම
    අපරාපරිය වේදනීය කර්ම - නිවන් දක්නා භවය දක්වා කවර ‍හෝ භවයක විපාක දෙන කර්ම
    අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වී යන කර්ම

    පවු විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. එහෙම නොවෙන විට ඒවා අහෝසි වෙලා යනවා. හැබැයි පවු වලට පින් කැපිල යනවා කියලා එකක් නෑ. බුදු හාමුදුරුවන්ටත් පවු පල දුන්නා. ඒවගේම අංගුලිමාල තෙරුන් පවා නිවන් දැක්කා. ඒ නිසා අවස්ථාව ලැබුනාම පින පව දෙකම පල දෙනවා.

    මේක අහවල් කර්මයක් කියලා හරියටම කියන්න අපට බැහැ බුදු කෙනෙකුට ඇර. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කර්ම විශය අචින්ත්‍යයි කියලා. නමුත් ආනන්තරිය පාප කර්මයක් නම් අනිවාර්යෙන් පල දෙනවාම තමයි.

    තමන් කරන හොද නරක ගොනා පසුපස එන කරත්තෙ වගේ තමන්ගෙ පිටුපසින්ම එනවා කියලා තමයි සාමාන්‍ය‍යෙන් කියන්නෙ.
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
    මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
    මෙන්න මේකයි ප්‍රශ්නේ
    රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?
     
    :yes::yes:

    බුදු හාමුදුරුවන්ට අවසන් කාලෙ හැදුනා කියන කොන්දේ අමාරුව, ගිය ආත්මයක කෙනෙක්ට තදින් පහර දීපු එකක් නිසා කියලා මම අහලා තියෙනවා
    අංගුලිමාල තෙරුන්ට නම් උනේ අන්තිම ආත්මෙ කරපු පව් "අහෝසි" වීමක් නෙ? :)

    මොනවා උනත් ඕනෙම පවකට/පිනකට චේතනාව තමයි බලපාන ප්‍රධානම දේ.. චේතනාවක් නැතුව කරපු දෙයකට පවක්/පිනක් නෑ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........
    ප්‍රාණගාතය වැරදි බව අපි හැමොම දන්නවා.
    හිතලා. බලන්න. මෙහෙම අවස්තාවක්...

    මකුළු දැලක එතී ඉන්න සමනලයෙක්...මම නිදහස් කරනවා. ඒ දේ මම කරන්නේ...

    1. ආම්ස දානය (කැම, බීම, වස්ත්‍ර වැනි දේ දන් දීම)
    2. අභය දානය (මරණයට, වදයට, විපතට පත් වු කෙනෙකු මුදා හැරීම)
    3. ධම්ම දානය (ධර්මය දන් දීම, බෙදා දීම වැනි ක්‍රියාවන්)

    මේ දාන තුනෙන් මම මේ අවස්තාවේ කරන්නේ අභය දානය. එතකොට අපි හැම කෙනෙක් ම දන්නවා. මකුළුවා තමන්ගේ ජීවිතය රැක ගන්නේ..තමන්ගේ දැලේ එතුනු සතුන්ගෙන්...එ ස්වභාව ධර්මයාගේ නියමයක්... අපි එ දේ බිඳ දැමීම තුලින් එ සත්වයාට හා ස්වභාව ධර්මයාට අනිසි බලපැමක් සිදුකරනවා නේද?
    :)
     
    ඒක ඇත්ත ඇයි එක ආත්මයක කරපු පවක් හේතුවෙන්
    අප මහා බුදුරජාණන් වහන්සේට තදබල හිසේ කැක්කුමක් තිබුනා කියලා මම අහල තියනවා :):)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::yes:

    බුදු හාමුදුරුවන්ට අවසන් කාලෙ හැදුනා කියන කොන්දේ අමාරුව, ගිය ආත්මයක කෙනෙක්ට තදින් පහර දීපු එකක් නිසා කියලා මම අහලා තියෙනවා
    අංගුලිමාල තෙරුන්ට නම් උනේ අන්තිම ආත්මෙ කරපු පව් "අහෝසි" වීමක් නෙ? :)

    මොනවා උනත් ඕනෙම පවකට/පිනකට චේතනාව තමයි බලපාන ප්‍රධානම දේ.. චේතනාවක් නැතුව කරපු දෙයකට පවක්/පිනක් නෑ

    ඔව්....මේ වගේ බුදු බවට පත් වුනත්...පෙර භව වලදි සිදු වුනු වැරදි වලට කර්මය ක්‍රියාත්මක උනා.

    මට සම්පුරණ අවස්තා ටික නම් දාන්න මතක නැ. එත්

    1. දේවදත්ත ගලක් පෙරලු අවස්තාවේ....වැටුණු ගල් පතුරෙන් පාදය තුවාල වී ලේ ගැලීම.

    2. චුන්ද කර්ම පුත්‍රයාගේ දානයෙන් පසුව උදරාබාදයක් වැළඳිම.

    මේ දේ සිදුවුනේ බොසත් අවදියේ උනු අකුසල් නිසා.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........
    ප්‍රාණගාතය වැරදි බව අපි හැමොම දන්නවා.
    හිතලා. බලන්න. මෙහෙම අවස්තාවක්...

    මකුළු දැලක එතී ඉන්න සමනලයෙක්...මම නිදහස් කරනවා. ඒ දේ මම කරන්නේ...

    1. ආම්ස දානය (කැම, බීම, වස්ත්‍ර වැනි දේ දන් දීම)
    2. අභය දානය (මරණයට, වදයට, විපතට පත් වු කෙනෙකු මුදා හැරීම)
    3. ධම්ම දානය (ධර්මය දන් දීම, බෙදා දීම වැනි ක්‍රියාවන්)

    මේ දාන තුනෙන් මම මේ අවස්තාවේ කරන්නේ අභය දානය. එතකොට අපි හැම කෙනෙක් ම දන්නවා. මකුළුවා තමන්ගේ ජීවිතය රැක ගන්නේ..තමන්ගේ දැලේ එතුනු සතුන්ගෙන්...එ ස්වභාව ධර්මයාගේ නියමයක්... අපි එ දේ බිඳ දැමීම තුලින් එ සත්වයාට හා ස්වභාව ධර්මයාට අනිසි බලපැමක් සිදුකරනවා නේද?
    :)
    තර්කානුකුල ප්‍රශ්නයක් බ්‍රෝ එතනදිත් අපි කරන චේතනාව වැඩ ගත්වෙන්නේ:)
    අපි හිතන්නේ මකුළුවා බඩගින්නේ මැරෙන්න කරන වැඩක් නෙමේ නේ :no:
    අපි හදන්නේ තවත් කෙනෙකුගේ ජීවිතය බේරන්නනේ ඉතින් අපිට එතනින් පවක් සිදු වන්නේ නෑ
    :no::)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    :yes::yes:

    බුදු හාමුදුරුවන්ට අවසන් කාලෙ හැදුනා කියන කොන්දේ අමාරුව, ගිය ආත්මයක කෙනෙක්ට තදින් පහර දීපු එකක් නිසා කියලා මම අහලා තියෙනවා
    අංගුලිමාල තෙරුන්ට නම් උනේ අන්තිම ආත්මෙ කරපු පව් "අහෝසි" වීමක් නෙ? :)

    මොනවා උනත් ඕනෙම පවකට/පිනකට චේතනාව තමයි බලපාන ප්‍රධානම දේ.. චේතනාවක් නැතුව කරපු දෙයකට පවක්/පිනක් නෑ
    ඔව් අංගුලි මාලට පව පලදුන්නෙ නෑම කියන්නත් බෑ. එත් සැර අඩු උනා. උන්වහන්සෙ පිඩු සිගා වැඩලා හැමදාම වගෙ එන්නෙ කොහෙ හරි තුවාල කරගෙනලු. එ කොහෙහරි අහක යන ගලක් හරි උන්වහන්සෙගෙ ඇගෙ වදිනවාලු.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
    මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
    මෙන්න මේකයි ප්‍රශ්නේ
    රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?

    මගේ නම් අදහස නැහැ. එත් ලංකාවේ විශාල ලෙස මිහිඳු හාමුදුරුවො වැඩියට පස්සේ ඉඳලා තියෙනවා.
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    ප්‍රශ්නය එච්චර clear නෑනෙ :oo:
    ඔය අහන්නෙ, නොදැනුවත්ව (චේතනාවකින් තොරව) කරපු දෙයක් පවක් වෙනවද කියන එකද?? එහෙම නැත්තම් පවක් බව නොදැන (ඒත් චේතනාවක් ඇතිව
    ) කරපු ඒවා ගැනද??

    chethnawak ekka kare, eth pawe wipaka nodenuwathwa, ewa karanakota bauddha agama gena monawathma danneth ne, e wunata podi 9,10,11 wasare wage, bauddha kathawe nang podi lamai kattiyak winodeta sathek hira karala giya waradatath eeta pahu athmawala a widiyatama paww gewwa wenass widiyakata, gathnayak kare nethi nisa gathanayak une ne e lamainta,
     
    Status
    Not open for further replies.