Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
කෙනෙක් සොවාන් වෙන්න අවශ්‍ය සුදුසුකම මොකක්ද?
එ සදහා මොනවගෙ දෙවල් ද කරන්න ඔනෙ
මන් අහලා තියනවා අප අතර එහෙම අය ඉන්නවා කියලා.
 
heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මටත් තියෙනවා අහගන්න එව ටිකක්...පුලුවන් නම් මේවට ටිකක් ගැඹුරින් උත්තර දෙන්න...

    1.බුදුදහම ආගමක්ද? දර්ශනයක්ද?

    2.නිවනින් පසුව විඤ්ඤාණයට මොකද වෙන්නේ?

    3.නිවන් දැකීම යනු සියල්ල දැන ගැනීමක්ද?

    4.බුදුවරයෙක් යනු කවරෙක්ද?

    තව ඒව තියෙනවා...පස්සේ අහන්නම්...
     
    සෝතාපත්ති අංග 4 කියන්නේ මොනවටද

    සෝවාන් පුද්ගලයාගේ අංග හතර

    1.සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවු නොසෙල්වෙන, නොවෙනස් ශ්‍රද්ධාව.

    2.ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇතිවු නොසෙල්වෙන, නොවෙනස් ශ්‍රද්ධාව.
    3.ආර්යය මහා සංඝරත්නය කෙරෙහි ඇතිවු නොසෙල්වෙන, නොවෙනස් ශ්‍රද්ධාව.
    ( ශ්‍රද්ධානුසාරී ඉන්දියේ පිහිටීම )

    4.ආර්යය කාන්ත ශිලයෙහි පිහිටීම.

    මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
    මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
    මෙන්න මේකයි ප්‍රශ්නේ
    රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?

    මෙහිදී පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ ධර්මය අකාලික බවයි.
    එනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව ඕනෑම කාලයක දී ඒ ආකාරයෙන් ම අවබෝධ කළ හැකි බව යි,
    බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේ යම්කෙනෙකු ධර්ම මාර්ගයේ ගමන්කොට යම් මාර්ග ඵලකට පැමිණියේද අදටද එලෙසම එය වලංගු බවයි.

    බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මඤචකයේ වැඩ සිටිනවිට සුබද්‍ර නම් භික්ෂුව,
    "ස්වාමීනී භාග්‍යයවතුන් වහන්ස, ලෝකය කවදාහෝ රහතුන්ගෙන් හිස්වන්නේදැයි?" බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලදී.
    එයට පිළිතුරුදුන් බුදුරජාණන් වහන්සේ දේශනාකර සිටියේ භික්ෂුන්වහන්සේලා හොදින් වාසයකරනතුරු ලෝකය රහතුන්වහන්සේලාගෙන් හිස්නොවන බවයි.

    යම් පුද්ගලයෙක් ඒ ශ්‍රී සද්ධර්මය සීල,සමාධි,ප්‍රඥා වශයෙන් දියුණුකරමින් ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ නිවැරදිව ගමන්කරයිද, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සෝවාන් සකදාගාමී, අනාගාමි ,අරහත් මාර්ග ඵල වශයෙන්අවබෝධ කර ගත හැකිය. එනම් මේ බුද්ධශාසනය පවතිනතුරු (එනම්
    චතුරාර්ය සත්‍යය ආනාවරණයවී පවතිනතාක්කල්) රහතන් වහන්සේලා පහල වීමේ හැකියාව පවතින බවයි.

    එම නිසා ප්‍රසිද්ධියේ පෙනී නොසිටන පමණින් රහතන්වහන්සේලා වර්ථමානයේ වැඩනොසිටන බව ප්‍රකාශකිරීමට නොහැක.

    May 7, 2009
    175
    33
    0
    Lankaawe
    [FONT=&quot]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
    [FONT=&quot]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ.. :oo:
    [/FONT]
    [FONT=&quot]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට... :([/FONT]
    1. [FONT=&quot]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT=&quot]කාටද ඕනෙ..[/FONT]? [FONT=&quot]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ.. :)[/FONT]
    [FONT=&quot]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
    [FONT=&quot]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT=&quot]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
    [FONT=&quot]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..:baffled:( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
    [FONT=&quot]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT=&quot]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT=&quot]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...:([/FONT]
    [FONT=&quot]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT=&quot]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
    [FONT=&quot]මට තේරුම් කර දෙන්න... :rolleyes:
    [/FONT]
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මටත් තියෙනවා අහගන්න එව ටිකක්...පුලුවන් නම් මේවට ටිකක් ගැඹුරින් උත්තර දෙන්න...

    1.බුදුදහම ආගමක්ද? දර්ශනයක්ද?

    2.නිවනින් පසුව විඤ්ඤාණයට මොකද වෙන්නේ?

    3.නිවන් දැකීම යනු සියල්ල දැන ගැනීමක්ද?

    4.බුදුවරයෙක් යනු කවරෙක්ද?

    තව ඒව තියෙනවා...පස්සේ අහන්නම්...

    1) මම විශ්වාස කරන දෙයක් තමයි බුද්ධාගමේ ආගමික ලක්ෂණ සහ දාර්ශනික ලක්ෂණ කියන දෙකම තියනව කියන එක ... මේ ගැන් දැනුම අඩු හින්දා මම වැදියම යමක් කියන්න යන්නෙ නැ

    2)හොඳ උදාහරණයක් තමයි ... ගිනි කූරක් නිවිල ගියාට පස්සෙ කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒ ගින්දර කොහෙද ගියේ කියල ?? මොකද්ද දෙන්න පුලුවන් උත්තරය ??? නිවනත් ඒ වගේ .... සසර සැර්සරනව කියන්නේ ...අපි එක භවයක ඉදල අනිත් භවයට යන්න හෙතු රැස් කරනව ...ඉතින් මරණය ආවම මේ හිත කරන්නේ අර රැස් කර ගත්ත කර්ම අනුව ... අනිත භවයට යන්වා ....ඒත් නිවන් දැක්කම වෙන්නෙ මේ රැස් කිරිල්ල නැති කරනව ... ඉලග භවයට යන්න ඔනි හෙතු නැති කරනව ..ඉතින් මරණය ආවම ඒ කෙනාට අල්ල ගන්න කියල තැනක් නැ ඉන්න කියල තැනක් නැ, අර හිත (හිත කියන්නෙත් ශක්තීන්ගේ එකතුවක්) නැත්තම් ශක්තීන් ටික නැති වෙලා යනවා

    3)නිවන් දැකීම කියන්නේ සියල්ල දැන ගැනීම නෙවෙයි .. නිවන් දැකීම කියන්නේ ලෝකයේ නියම ස්භාවය දැකීම ....
    උදාහරණයක් ලෙස ලස්සන කාන්තාවක් දකින නිවන් ලාභියා .. දකින්නේ ඒ සිරුර නෙවෙයි ... මස්,ඇට,නහර වෙලින් සැදිච්ච එකතුවක් ... ඒ එකතුව දකින පුද්ගලයා එතනින් එහාට දකිනව .. මේ එකතුවෙත් මස් කියල දෙයක් ඇට කියල දෙයක් නැ ඒවාත් තව දුරටත් බෙදද්දී තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන භූතයන් පමණයි කියල ...එතකොට අපි දකින ඇලෙන කාන්තා රූපෙ නෙවෙයි ඔහු දකින්නේ...

    4)බුදුවරයෙක් යනු මාර්ග උපදේශකයෙක් ... මුලා වෙලා ඉන්න මිනිසුන් පිරි ලෝකයේ මිනිසෙක්ව ඉපිද , ඒ මිනිසුන් තුලින් උදැසන පිපුන නෙළුමක් සේ ඉහලට මතුව ...නිවන් නැතිනම් සදා කාලික නිවන් දැකීමේ මාර්ගය පෙන්වනව ....
    බුදුන්ම වරක් දේශනා කරනවා ... තමන් බ්‍රහ්මයෙක්වත්, යක්ශයෙක්වත්, ගාන්ධර්වයෙක්වත්, මිනිසෙකුත් නොවේ කියලා බුදු කෙනෙකු යනු මග පෙන්වන්නෙක් පමනයි
     
    • Like
    Reactions: malkavi

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කෙනෙක් සොවාන් වෙන්න අවශ්‍ය සුදුසුකම මොකක්ද?
    එ සදහා මොනවගෙ දෙවල් ද කරන්න ඔනෙ
    මන් අහලා තියනවා අප අතර එහෙම අය ඉන්නවා කියලා.

    සෝවාන් වෙන්න අවශ්ය වන්නේ තෙරුවන් සරණ යැමත් බුදුන් වදාල අරි අට මගෙහි ගමන් කිරීමත් එමගින් දස බැමි එකින් එක බිඳ දැමීමත් ....
    සරලව කිව්වොත් ආර්‍ය සත්‍යය සතර අනුගමනය කිරීම...
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    [FONT=&quot]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
    [FONT=&quot]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ.. :oo:
    [/FONT]
    [FONT=&quot]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට... :([/FONT]
    1. [FONT=&quot]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT=&quot]කාටද ඕනෙ..[/FONT]? [FONT=&quot]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ.. :)[/FONT]
    [FONT=&quot]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
    [FONT=&quot]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT=&quot]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
    [FONT=&quot]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..:baffled:( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
    [FONT=&quot]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT=&quot]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT=&quot]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...:([/FONT]
    [FONT=&quot]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT=&quot]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
    [FONT=&quot]මට තේරුම් කර දෙන්න... :rolleyes:
    [/FONT]

    මට ආසාවක් ආවා ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න...තෙරෙන් නැති දෙයක් තියේයි නම් අහන්න...

    ඇයි නිවන් දකින්න ඕන?

    සංසාරය පුරා අපි දුක් විඳිනවා...මේ දුක අවසාන කරන්න තියෙන්නේ නිවන් දැකීමෙන් තමයි!

    බුද්ධාගමේ ආත්මයක් කියල දෙයක් කතා කරන් නෑ...මොකද මේ භවයේ ඉඳලා ඊලඟ භවයට යනකොට අපේ ආත්මයක් ගමන් කරන්නේ නෑ...ගමන් කරන්නේ අපේ සිත...ආත්මයක් කිව්වම අපිට තේරෙන්නේ අපි මැරුනම කිසියම් නොපෙනෙන සිරුරක් අපේ ඇඟේ ඉඳලා වෙනත් ඇඟකට යනවා කියන දේ හින්දා...

    මම කිව්වනේ ඔයාගේ සිතයි ඊලඟ ආත්මයට ගමන් කරන්නේ කියල...එ හින්දා බල්ල විදියට ඉපදෙන්නෙත් ඔයාමයි.ඔයාගේ හිතමයි.

    මේ නිසා මේ භවයෙන් ඊලඟ භවයට යන හිත නැති කිරීම තමා නිවන් දැකීම කියන්නේ.එතකොට ඔයාගේ නැවත ඉපදීමක් සිදුවෙන් නෑ...

    දැන් මම කිව්ව නේ සිත නැති කරාම නිවන් දැක්ක වෙනව කියල. ඉතින් මේ නිවන් දැකීමෙන් පස්සේ අපිට කිසිම දෙයක් දැක්කට,ඇහුවට,කෑවට,රස විඳට කිසිම දෙයක් දැනෙන් නෑ.කිසිම සතුටක් වත් දුකක්වත් ඔයාගෙ හිතට දැනෙන් නෑ...

    පොඩි විස්තරයක් කිව්වේ.ගොඩාක් සරලව.තෙරෙන් නැති දෙයක් තිබුනොත් අහන්න...
     
    • Like
    Reactions: malkavi

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    [FONT=&quot]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
    [FONT=&quot]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ.. :oo:
    [/FONT]
    [FONT=&quot]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට... :([/FONT]
    1. [FONT=&quot]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT=&quot]කාටද ඕනෙ..[/FONT]? [FONT=&quot]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ.. :)[/FONT]
    [FONT=&quot]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
    [FONT=&quot]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT=&quot]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
    [FONT=&quot]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..:baffled:( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
    [FONT=&quot]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT=&quot]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT=&quot]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...:([/FONT]
    [FONT=&quot]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT=&quot]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
    [FONT=&quot]මට තේරුම් කර දෙන්න... :rolleyes:
    [/FONT]

    වෙන ආගමක කෙනෙක් නිසා සරලව මෙහෙම පැහැදිලි කරන්නම්, මට වඩා හොද උත්තරයක් සමහරවිට වෙන කෙනෙක් දෙයි :)

    අනාත්ම කතාව විස්තර කරන්න මම දන්නෙත් නෑ හරියටම.. :confused: සරලව නැවත ඉපදීම ගැන මෙහෙම හිතන්න,
    අපි ඊලග ආත්මෙ බල්ලෙක් වෙලා ඉපදුනොත් බල්ලෙක්ගෙ ඇඟ ඇතුලට ගියා වගේ කියලා හිතා ගන්නකො :baffled: එතකොට අපි "මම" කියලා දැන් හිතන් ඉන්න physical body එක අපිට නෑ.. ඊට පස්සෙ අපිට බල්ලෙක් හැටියට තමයි ඉන්න/හිතන්න වෙන්නෙ!

    අනික් ආගම් වල හැටියට ස්වර්ගයෙන් සියල්ල අවසන්, ඒක උතුම්ම සැපත කියලා සලකන්නෙ.. හැමෝම බලන්නෙ ස්වර්ගයට යන්න.. ඒත් වෙන ආගම් වල ස්වර්ගයට නිවන සමාන කරන්න බෑ.. :no: බුදුදහමේ හැටියටත් කෙනෙක්ට පින් කරලා දිව්යලෝකෙ යන්න පුලුවන්, ඒත් ඒක තාවකාලිකයි, සැප විදලා කවදා හරි දවසක වෙනත් භවයක උපදිනවා.. එතකොට ආයෙ ආයෙ ඉපදෙන එක තමයි වෙන්නෙ.. නැවත ඉපදීම නවත්වපු කෙනෙක් තමයි නිවන් දැකපු කෙනෙක් හැටියට සලකන්නෙ, බෞද්ධයෙක්ගෙ අවසන් අරමුණත් ඒකයි (නිවන් දැකීම)

    ඔය වගේ ප්‍රශ්න වලට උත්තර සරලව තියෙනවා මෙතන :D
    http://www.elakiri.com/forum/showthread.php?t=686962

    5th chapter එකෙ තියෙනවා "නැවත ඉපදීම" ගැන
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සෝවාන් වෙන්න අවශ්ය වන්නේ තෙරුවන් සරණ යැමත් බුදුන් වදාල අරි අට මගෙහි ගමන් කිරීමත් එමගින් දස බැමි එකින් එක බිඳ දැමීමත් ....
    සරලව කිව්වොත් ආර්‍ය සත්‍යය සතර අනුගමනය කිරීම...
    බොහොම පින්
    මන් මෙක ගැන අහලා තියෙන විදිය මිට වඩා හැබැයි සරලයි. එත් මට හරි දෙ අහගන්න ඔනෙ. තවත් ඉන්නවද මෙ ගැන අදහස් තියන අය
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    බොහොම පින්
    මන් මෙක ගැන අහලා තියෙන විදිය මිට වඩා හැබැයි සරලයි. එත් මට හරි දෙ අහගන්න ඔනෙ. තවත් ඉන්නවද මෙ ගැන අදහස් තියන අය

    mata oka hariyatama mathaka naa...mokadda karunu 10kin 3-4k withara nathi karama sowan wenawa kiyala mathakai...e karunu 10 mathaka naa:no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ එලකිරි සාමජිකයින් බෞද්ධාගම ගැන සෑහෙන්න කරුනූ දන්නවානේ... මේ වගේ ධර්මය ගැන හොඳ දැනුම තියෙන සාමාජියකයින් එන්න එක අපිට ලොකු ආඩම්බරයක්.... :):)
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    බොහොම පින්
    මන් මෙක ගැන අහලා තියෙන විදිය මිට වඩා හැබැයි සරලයි. එත් මට හරි දෙ අහගන්න ඔනෙ. තවත් ඉන්නවද මෙ ගැන අදහස් තියන අය

    මේ ගැන කියද්දි ඉස්සෙල්ලාම කියන්න වෙන්නෙ දස සංයෝජන ගැන..

    අපිව මේ අනන්ත සංසාරෙට බැද දමාගෙන ඉන්න බැමි තමයි මේවා..

    1)සක්කාය දිට්ඨි - මමය මගේය හැගීම
    2)විචිකිච්චා - බුදුන් දහම් සගුන් ඇතුළු කරුණු 8 පිළිබද සැකය
    3)සීලබ්බත පරාමාස - විවිධ වෘතයන්ට පෙළඹීම හා වහල්වීම
    4)කාමරාග - පස්කම් සැප පිළිබද ඇල්ම
    5)පටිඝ - ක්රෝධය
    6)රූපරාග - රූපාවචර බ්රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
    7)අරූපරාග - අරෑපාවචර බ්රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
    8)මාන - තමන්ට වඩා අන් අය උස්, සම හෝ පහත් ලෙස සිතීම
    9)උද්දච්ච -සිතේ නොසන්සුන් බව
    10)අවිජ්ජා - සත්‍ය නොදැනීම

    මෙයින් මුල් කරුණු 3 මුලුමනින්ම දුරු කල කෙනා සෝවාන් පලයට පත්වූවෙක් විදියට සලකනවා..
    ඊලග කරුණු දෙක ක්ෂය (අඩු) කල තැනැත්තා සකෘදාගාමී විදියට හදුන්වනවා.
    එම කරුණු දෙකත් මුළු මනින්ම නැති කල තැනැත්තා අනාගාමී විදියට හදුන්වනවා..
    අවසාන කරුණු පහ ඇතුළුව සංයෝජන 10ම මුළුමනින්ම නැතිකළ තැනැත්තා නිවන් ලැබූවෙක් විදියට හදුන්වන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    [FONT=&quot]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
    [FONT=&quot]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ.. :oo:[/FONT]

    [FONT=&quot]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට... :([/FONT]
    1. [FONT=&quot]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT=&quot]කාටද ඕනෙ..[/FONT]? [FONT=&quot]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ.. :)[/FONT]
    [FONT=&quot]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
    [FONT=&quot]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT=&quot]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
    [FONT=&quot]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..:baffled:( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
    [FONT=&quot]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT=&quot]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT=&quot]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...:([/FONT]
    [FONT=&quot]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT=&quot]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
    [FONT=&quot]මට තේරුම් කර දෙන්න... :rolleyes:[/FONT]

    නිකමට හිතන්න ඔයා දුර ගමනක් යනව කියලා, යන අතරමගදි රැ වෙනෙවා ලගම තියෙනව උලු හෙවිලි කරපු අම්බලමක් ...ඔයා රැ එලි වෙනකන් ඉන්න එතන තෝර ගන්නව ...ඊට පස්සේ දවසේ උදේන්ම ඔයා ඒ අම්බලම එහෙම්ම තියෙන්න ඇරල ඔයා අයෙත් ඔයාගෙ ගමන යනව ....ඔහොම්ම යද්දි එදත් රැ වෙනෙව ... එදා ඔයාට දකින්න ලැබෙනවා පොල් අතු වහලෙත දාපු ටිකක් පරණ තැනක් ...ඔයා කරන්නේ එදා රැ නතර වෙන්න එතන තෝර ගන්නවා ....
    ටිකක් දිග කතාවක්නෙ , දැන් අපි එමු ඔයාගෙ ප්‍රශ්නෙට ඔයා මේ ආත්මෙ කොල්ලෙක් ... හරියට අර උළු හෙවිලි කල ගෙදර වගේ ... පහු වෙනිද ඔයා අ ගෙදර දාල යනව ... හරියට ඔයා මැරිල කොල්ල කියන කෙනාට සමු දෙනව වගේ ...ඊට පස්සේ ඔය නතර වෙන්නේ පොල් අතු පැලක .. හරියට බල්ලෙක් වෙලා ඉපදුනා වගේ....
    යම් තරමකට තේරෙනවද තැන් දෙකක් එකම කෙනා ... ඒ කියන්නේ අපි මැරෙනව කියන්නේ මේ අම්බලම අත ඇරල වෙන අම්බලමකට යනව වගේ...

    නිවන් දකිනව කියන්නේ සරළව කිව්වොත් කතාවේ කිව්ව වගේ ඔයා යන්න ආපු ගමනේ ගමනාන්තයට යෑම වගේ .... බුදුදහමින් කියල දෙන්නෙ මග තොට එන කරදර වලින් බේරිලා ගමනාන්තයට යන ක්‍රමය...
    "මම මමද නොවේ , මම මම නොවේද නොවේ ... " ... මේක උදින් තියන තේරුම නෙවෙයි තියෙන්නෙ ඉතා ගැඹුරු තේරුමක් තියනව ... ඒක තෙරුන් ගන්න කලින් බුදුදහමේ සරළ තැන් තෙරුන් ගෙන ඉන්නව නන් ලේසි වේවි....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපේ එලකිරි සාමජිකයින් බෞද්ධාගම ගැන සෑහෙන්න කරුනූ දන්නවානේ... මේ වගේ ධර්මය ගැන හොඳ දැනුම තියෙන සාමාජියකයින් එන්න එක අපිට ලොකු ආඩම්බරයක්.... :):)

    ඔව්, මෙහෙම thread එක යන එක ගැන සංතෝස වෙන්න ඕනෙ.. ඒත් සෑහෙන කට්ටියක් එලකිරියෙන් යන්නම ගිය එක ලොකු පාඩුවක් :dull:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මේ ගැන කියද්දි ඉස්සෙල්ලාම කියන්න වෙන්නෙ දස සංයෝජන ගැන..

    අපිව මේ අනන්ත සංසාරෙට බැද දමාගෙන ඉන්න බැමි තමයි මේවා..

    1)සක්කාය දිට්ඨි - මමය මගේය හැගීම
    2)විචිකිච්චා - බුදුන් දහම් සගුන් ඇතුළු කරුණු 8 පිළිබද සැකය
    3)සීලබ්බත පරාමාස - විවිධ වෘතයන්ට පෙළඹීම හා වහල්වීම
    4)කාමරාග - පස්කම් සැප පිළිබද ඇල්ම
    5)පටිඝ - ක්රෝධය
    6)රූපරාග - රූපාවචර බ්රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
    7)අරූපරාග - අරෑපාවචර බ්රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
    8)මාන - තමන්ට වඩා අන් අය උස්, සම හෝ පහත් ලෙස සිතීම
    9)උද්දච්ච -සිතේ නොසන්සුන් බව
    10)අවිජ්ජා - සත්‍ය නොදැනීම

    මෙයින් මුල් කරුණු 3 මුලුමනින්ම දුරු කල කෙනා සෝවාන් පලයට පත්වූවෙක් විදියට සලකනවා..
    ඊලග කරුණු දෙක ක්ෂය (අඩු) කල තැනැත්තා සකෘදාගාමී විදියට හදුන්වනවා.
    එම කරුණු දෙකත් මුළු මනින්ම නැති කල තැනැත්තා අනාගාමී විදියට හදුන්වනවා..
    අවසාන කරුණු පහ ඇතුළුව සංයෝජන 10ම මුළුමනින්ම නැතිකළ තැනැත්තා නිවන් ලැබූවෙක් විදියට හදුන්වන්න පුළුවන්
    බොහොම පින් ඔයාට
    ඔව් ම්න අහලා තියෙන්නෙ මෙහෙම තමයි.
    මෙ පිලිබද විස්තරයක් කිරිමට පුලුවන්ද. පලවෙනි කරුනු තුන.
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    බොහොම පින් ඔයාට
    ඔව් ම්න අහලා තියෙන්නෙ මෙහෙම තමයි.
    මෙ පිලිබද විස්තරයක් කිරිමට පුලුවන්ද. පලවෙනි කරුනු තුන.

    ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම්.. මේ කරුණු වලින් මුල් පහ ඕරම්භාගිය සංයෝජන විදියට හදුන්වනවා. ඒකට හේතුව දිව්‍ය මනුශ්‍ය සතර අපාය කියන භව වල සත්ත්වයාව බැදතබන්නේ මෙම සංයෝජන නිසා. ඉතිරි පහ උද්දම්භාගිය. රූප අරූප බ්රහ්ම ලෝක වල උපදින්න හේතුවෙන්නේ මේවා..

    අපි මේවායින් මුල් කරුණ මුලින්ම බලමු.

    සක්කාය දිට්ඨි

    සක්කාය දිට්ටි කියන්නේ ආත්ම දෘෂ්ඨිය. අපි හිතනවා මේ ඉන්නෙ මම කියලා. මේ දේවල් මගේ කියලා. මේවා අයිති මට කියලා. මම දක්ෂයි. මේ මගේ කොන්ඩෙ. මගේ මූණ ලස්සනයි. මේ මගේ පොත කියලා.

    ඒත් ඒක අමූලික මුලාවක්. මේ රූපය මගේ නම් මේ ඉන්නේ මම නම් මට පුළුවන් වෙන්න එපැයි කොන්ඩෙ සුදු වෙන එක නවත්තන්න. හම රැළි වැටෙන එක නවත්නත්න. පොත දිරල යන එක නවත්තන්න.

    සත්වයා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු කියන කොටස් හැර වෙන මුකුත් නෙවෙයි..
    ස්කන්ධ කිව්වේ පංචස්කන්ධය. (රූප, වේදනා,සංඥා, සංඛාර, විඥ්ඥාන). ඉතිරි ඒවා , ඒ කියන්නේ ආයතන, ධාතු ගැන බුදු දහම ගැන වැඩිදුර ඉගෙන ගත්තොත් දැනගැනීමට ලැබෙයි. මෙහෙම බැලුවාම ‍මේ පංචස්කන්ධයේ හැම කොටසකටම පොදු ලක්ෂණයක් තියෙනවා.

    ඒ හැම දෙයක්ම අනිත්‍යයි.. දුකයි.. ඒ නිසා මගේ කියලා කියන්න පුළුවන් කිසිවක් නැහැ. මේක නොතේරෙන තාක් කල් තියෙන්නේ සක්කාය දිට්ධිය තමයි...
     
    Last edited:
    Status
    Not open for further replies.