දර්ගා නගරයේ නිවී තිබූ ගිනි රාජපක්ෂලා විසින් බොදු බලේ යවා යලි අවුලූවති: ප්‍රදේශයට ඇඳිරි නීතිය-----
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාත්‍යන්තරය විසින් නම් කර ඇති බොදු බල සේනා සමාගම විසින් අලූත්ගම දර්ගා නගරයේ අද ඇතිකරන ලද ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් පසු එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
දර්ගා නගරය වනාහී බහුතර මුස්ලිම් වරුන් සිටින නගරයකි. මීට දින කිහිපයකට පෙර 12 දා පොසොන් පොහොය දින දර්ගා නගරයේ පන්සලක හාමුදුරු නමක් සහ මුස්ලිම් කිහිප දෙනෙක් අතර ආරවුලක් ඇති විය. එහිදී හාමුදුරු නම කියා සිටියේ තමාට මුස්ලිම් වරුන් පහර දුන් බව වන අතර මුස්ලිම් වරුන් කීවේ පටු මගක වෑන් රථයක සහ මෝටර් බයිසිකලයක ගමන් කළ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වූ බවත් එක් වාහනයක හාමුදුරු නමක් සිටි නමුත් ගැටුම සිදුවූයේ රියැදුරා සමග මිස හාමුදුරුනම සමග නොවන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සමාගමේ පිරිස් එහි සිංහල ජනතාව උසි ගන්වමින් පාරට බැස උද්ඝෝෂනය කළේ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ බව කියමිනි. පසුව පොලිසිය මුස්ලිම් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කෙළේය. ඉන්පසුවද සිංහල පිරිස කියා සිටියේ සැකකරුවන් තමාට බාර දෙන ලෙස සහ ඔවුන් හාමුදුරුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි. පොලිසිය සැකකරුවන් කිසිවෙකුට බාර දුන්නේ නැති අතර ඔවුන් රිමාන්ඩ් කෙළේය. 13 වෙනිදා වන විට දෙපාර්ශවයේ ගැටුම සමථයකට පත්ව තිබිණ. පොලිසිය ලංකා ඊ නිව්ස් වෙත කීවේ සමාව ඉල්ලීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ සිකුරාදා ප්‍රධාන පූජාවේදී මුස්ලිම් පූජක වරුන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බවයි.
නමුත් මෙය නොපිලිගත් බොදු බල සේනා සමාගමේ සභාපති නානසාර සහ පිරිස අද 15 දා දර්ගා නගරයේ උද්ඝෝෂනයක් සහ පෙළපාලියක් සංවිධානය කළහ. ඔවුන් කියා සිටියේ පොලිසිය විසින් මෙම අවනඩුව නිවැරදිව විභාග කර නැති බවත් තමන් එය විභාග කළ යුතු බවත් ය. 12 වෙනිදා සිදුවීමෙන් පසු 12 වෙනිදා රාත්‍රියේ දර්ගා නගරයේ සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙපිරිසටම අයත් ව්‍යාපාරික ස්ථාන 12 කට කිසියම් කණ්ඩායමක් විසින් ගල් වලින් පහර දී විනාශ කර තිබිණ. කඩන ලද කඩයක් අයිති කාන්තාවක් බීබීසී යට පවසා තිබුනේ එම පිරිස පළාතේ අය නොවන බවයි.
මෙවැනි ආතතික තත්ත්වයක් ප්‍රදේශයේ පැන නැග තිබියදී තව දුරටත් බොදු බල සමාගමට එහි උද්ඝෝෂන රැස්වීම් පැවැත්වීමට ඉඩ දීමෙන් මහත් විනාශයක් විය හැකියයි සියළුම වගකිව යුත්තන් බලධාරීන්ට පවසා තිබිණ. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පොලිස්පතිවරයාට අද උදෑසන ලිපියක් යවමින් ලිඛිතව ඉල්ලා සිටියා පමණක් නොව අද උදේ පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක්ද කර සිටියේය. ලිපියේ මෙසේ දැක්වේ.
15/06/2014 වන අද දින අලුත්ගමදී මුස්ලිම් ජාතිකයන්ට සංවිධානාත්මකව පහරදීමට ගෙන යන ක්‍රියාදාමයට වහාම මැදිහත්වී සාමය රැක ගැනීමට ක්‍රියාකරන මෙන් ඉල්ලීමයි.
පොලිස්පතිතුමනි,
දැනට දින තුනකට ඉහතදී අලූත්ගම ප්‍රදේශයේ සිදුවු සිද්ධියක් මුල්කරගෙන බොදුබල සේනා සහ සිංහළ රාවය නැමති අන්තවාදී සංවිධාන අද දින මුස්ලිම් විරෝධී රැළියක් අලූත්ගමදී පැවැත්වීමට ක්‍රියා කරමින් සිටී.
එම රැළිය අවසානයේ වෙනත් ප්‍රදේශවලදී ඔවුන් සිදුකලාක් මෙන් පෙළපාලියක් යන මුවාවෙන් මුස්ලිම් ජාතිකයන්ට පහරදීමටත් මුස්ලිම් ජාතිකයන් සතු ව්‍යාපාර ආයතන සහ දේපළවලට පහරදීමටත් සැලසුම් කර ඇති බව අපට දැනගැනීමට ලැබී ඇත.
අද දින අලූත්ගම මෙම අන්තවාදීන්ගේ රැස්වීම නැවැත්වීමට ඔබතුමාට හැකියාවක් තිබේ නම් එය රටේ සාමය උදෙසා කෙරෙන මහඟ= තීරණයක් ලෙස අප අගය කරමු.
කෙසේවෙතත්, ඔබතුමාට ඉහළ ලේකම්වරුන්ගේ සහ ජාතිවාදී දේශපාලන නියෝග මත එම රැස්වීම සහ පාගමන පැවැත්වීමට ඉඩදීමට සිදුවුවහොත් එය මේ රටේ තවත් අභාග්‍ය සම්පන්න සිදුවීමක ආරම්භය වීමට ඉඩ ඇත.
විශෙAෂයෙන් අද දින මුස්ලිම් ජාතිකයකුට පහරදීමක්, දේපළ, ව්‍යාපාර ස්ථානවලට පහරදීමක් වුවහොත් එය කලහකාරී පිරිස් මගින් සිදුවූ ක්‍රියාවක් නොව සැලසුම් සහගත බල අපරාධයක් ලෙස සලකන මෙන් ද දැනුම් දෙමි.
අවසාන වශයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේත් පොලිස්පති ධූරයේත් ගෞරවය ඔබ රකිනවා මෙන්ම අද දින මෙම අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් රටට සහ ශ්‍රී ලාංකීය ජන සමාජයට විය හැකි අන්තරාය වලක්වන ලෙසයි.
අසාද් සාලි
අසාද් සාලි ඉහත ලිපිය යැවුවද, පොලිස්පතිවරයාට එය නැවැත්වීමට නොහැකි විය. නමුත් විශේෂ කාර්ය බලකාය ඇතුළුව අවට පොලිසි කිහිපයක්ද කැඳවා තිබිණ. අවසානයේ එම ලිපියේ සඳහන් වූ දෙයම සිදුවිය. අද සවස බොදු බල සේනා සමාගමේ පිරිස් එහි රැස්වූ අතර ඔවුන් පොලිසියටත් විශේෂ කාර්ය බලකායටත් පහර දෙමින් මෙම ලිපිය සකසන සවස 6.30 පමණ වන විට මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන 6 කට ගිනි තබා තිබිණ. මුස්ලිම් නිවාස කිහිපයකටද ගිනි තබා ඇති බව වාර්තා වුවද ඒ පිලිබඳ නිවැරදි වාර්තාවක් නැත. පොලිසිය මේ වන විට ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා කලහකාරී පිරිස් අත් අඩංගුවට ගැනීමට ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් පතා සිටියද ඔවුන් පවසා ඇත්තේ කිසිවෙක් අත් අඩංගුවට නොගන්නා ලෙසයි.
පසුගිය බදාදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පතිවරයා බොදු බල සේනාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අනතුරු අඟවා සිටියේ නානසාර නීතිය අතට ගැනීමට සිදුකරන තර්ජන ගැනය. නානසාර විසින් කොම්පඤ්ඤවීදීය පොලිසියට ලබා දී ඇති කට උත්තරයේද පොලිසිය නීතිය ක්‍රියාත්මක කළද බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න පිලිබඳ තම සංවිධානය පොලිසියක් විලසින් 'අවසර ඇතුව' ක්‍රියා කරන බව පවසා ඇතැයි ද මෙය ඉදිරියේදී පොලිසියට පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇතැයිද පොලිස්පතිවරයා පවසා තිබිණ. නානසාර එහි 'අවසර ඇතුව' යන්නෙන් අදහස් කර ඇත්තේ කාගේ අවසරයක් දැයි පොලිස්පතිවරයා විමසූ විට අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය පිලිතුරු දී ඇත්තේ සැහැල්ලූවෙනි. 'ඔය හාමුදුරුවෝ එක එක වෙලාවට කියන කතා ගණන් ගන්න එපා. අත ඇරලා දාන්න' යනුවෙනි.



