ඩයලොග් විතරක් නෙවෙයි ඕනෑම ෆ්‍රී රිසීවර් එකකුත් හයි කරගන්න හැටි මේකේ තියනවා
ඩයලොග් එක හයි කරගන්නේ මෙහෙමයි
1) drill එකක් අරන් හිල් 4ක් slab එකේ විදලා dish එක හයිකරගන්න බස්නාහිර පැත්තට හරවලා
2) LNB එක ඩිෂ් එකට හයි කරගන්න. ඊට පස්සේ LNB එක ඇන්ටනා වයර් එකෙන් රිසීවරේට සම්බන්ධ කරන්න. (වයර් සුද්ද කරලා ඇඩප්ටර් එහෙම දාගන)
3) LNB එක කරකවන්න පුළුවන්. ඒක 0 ට සෙට් කරලා තව පොඩ්ඩක් දකුණට කරකවන්න
(LNB එක අංශක 90කින් කැරකුනොත් Polarisation එකේ Horizontal, Verticle මාරු වෙනවා)
4) ඊට පස්සේ රිසීවරේ TV එකට හයි කරන්න වීඩියෝ කෙබල් එකෙන්.
5) රිසීවරේ සිග්නල් තියන menu එකට යන්න. ඒකේ සිග්නල් පෙන්නන්නේ 0යි
6) ඩයලොග් TV දෙන්නේ "Intelsat 12" වලින් (Dialog TV on Intelsat 12 at 45.0°E)
7) දැන් ඇන්ටනාව ටික ටික වමට දකුනට කරකවලා, උඩට ආනතිය 45° වෙන විදිහටහෙමීට උඩට පහලට කරකවලා සිග්නල් එන තැනට ආවම ඇන ටික තද කරගන්න.
ඕකම තමයි ඩයලොග් එකේ උනුත් කරන්නේ