තව දෙයක්, පරණ ඩයලොග් ටීවී හබ් පාවිච්චි කරන සමහරු තාම දන්නෙ නෑ, අලුතෙන් එන ViU Hub 2.0 එක Android. ඒකෙ Chromecast, Wifi, Bluetooth සේරම තියෙනවා. ඩයලොග් ටීවී එකත් එක්ක නිකන් දෙන රවුටරේ නැතුව (බිල වැඩිවෙන නිසයි, පට්ට ස්ලෝ නිසයි) වෙන එකකට ජොයින් උනොත් ඕනෑම ලොන්ත ටීවී එකක Youtube බලන්න පුළුවන්.
මගේ 2mbps අන්ලිමිටඩ් ලයින් එකට කනෙක්ට් කරලා, වෙනම යු ටියුබ් එකවුන්ට් එකක් හදලා, අපේ අවුරුදු 71 අම්මගෙ ටීවී එකට යූ ටියුබ් හදල දුන්නා, මුලදී වැඩි උනන්දුවක් නෑ, ටික දවසක් යද්දී යූ ටියුබ් විතරයි, නිකන් චැනල් බලන්නෙම නෑ, වැරදිලා ටීවී චැනල් එකක් වැටුනත් පට් ගාල යූ ටියුබ් බටන් එක ඔබනවා. මුලදී මෙනු ටික කියල දෙන්න, Seek එක අදින හැටි කියල දෙන්න සෑහෙන්න අමාරු වුනා, දැන්නම් Like, Dislike, Subscribe විතරක් නෙමෙයි Voice Search එකෙන් ඕන වීඩියෝ සර්ච් කරලා ගන්නත් දන්නවා.
වැඩිපුර බලන්නෙ අලි වීඩියෝ, අන්තිමට විල්පත්තු යන්නත් උනා අලි බලන්න, අලියෙක් Aggro කරලා කලබල නැතුව හිටියෙ අම්මා විතරයි, අම්මා Documentary වල බලපු විදිහට මද කිපිලා නැත්නම් අලියා Charge කරලා බය කරන්න හදනවා විතරලු, අපි බය නොවී ඉන්නකොට උගේ Confidence එක නැති වෙනවලු. මට නම් ගූ ගියේ නැති ටික විතරයි.
අලුත් ඩයලොග් ටීවී හබ් එකට මාරු වුනොත් පරණ උදවියට යූ ටියුබ් හදල දෙන්න, අපි විතරක් බලල හරියන්නෙ නෑනෙ...