ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම…
Download http://www.lankagossipgirl.com/2013/11/Download-CHOGM-2013-android-app.html
Download http://www.lankagossipgirl.com/2013/11/Download-CHOGM-2013-android-app.html