මුලින්ම ළමයට වයසට හරියන බරක් තියෙනවා නම් මහා ලොකුවට වෙනම දෙන්න ඕනේ නැ රැල්ලට යන්න එපා . මම ගෙදර ඉන්න වෙලාවට මම වේවැල අතට අරගෙන මගේ පොඩි එකාට බත් ටික කවන්නේ .... ළමයි හුරතල් කරන්න ඕනේ ..... එත් හැමදේටම හුරතල් හරියන්නේ නැ
මගේ පොඩි එකාට දැන් වයස අවුරුදු දෙකයි මාස 5ක් වගේ වෙනවා .... දැනට මාස 4ක කාලයක ඉදන් COW & GATE කියන පිටි එක එයාට දුන්නා අමතර ආහාරයක් විදියට. හැබැයි ඒ ගැන මම දොස්තර කෙනෙක් ගෙන් ඇහුවේ නෑ. එක නිසා මම ගිය සතියේ අපේ පවුලේ දොස්තර හම්බවෙන්න ගියා පිටි එක මාරු කරන්න ඕනෙද කියලා අහන්න .....
පොර කියපු දේ තමයි ලංකාවේ පට්ට මාර්කටින් පාරක් යන්නේ එහෙම ටීවී එකේ යන ඒවා බලලා ළමයට පිටි වර්ග මාරු කරන්නවත් දෙන්නවත් කිසිම උවමනාවක් නෑ . ළමයෙක් ගේ අවුරුද්ද පැන්නම වකුගඩු හොදට හැදිලා නිසා ඊට පස්සේ අපි බොන පිටි අවශ්‍ය නම් දෙන්න පුළුවන් කියලා. ළමයාට මාස 9 පහු වෙනකන් වකුගඩු හැදෙන නිසා දොස්තර නිර්දේශය මත අවශ්‍යනම් විතරක් ඒ වයසට අදාළ පිටි වර්ගයක් පාවිච්චි කලාට අවුලක් නැ කිව්වා. මම නම් මගේ එකාට මව් කිරි ඇරෙන්න වෙන කිසිම කිරි ආහාරයක් දුන්නේ නෑ මාස 7 පහු උනාම පලතුරු සහ බත් පුරුදු කළා පොඩ්ඩෙන් පොඩ්ඩ. මම අපේ ගෙදර පාවිච්චි කරන්නේ රත්ති .... බදින්න කලින් ඇන්කර් . ඩොක්ටර් කිව්ව කතාව තමා රත්ති සහ ඇන්කර් කියන්නේ එකම සමාගමකින් ලංකාවේ නම් දෙකකින් එකම පිටි එක විකුනන්නේ. එක නිසා ඒ දෙකේ ලොකු වෙනසක් නෑ, පුළුවන් නම් මැලිබන් එක පොඩ්ඩක් ට්‍රයි කරන්න කිව්වා එක ඕස්ට්‍රේලියන් නිසා, අනිත් එක සෙම අමාරුකම් නැත්නම් Highland වගේ Fresh Milk පාවිච්චි කරන්න පුළුවන් නම් හොදයි කිව්වා
තමන්ට හිතෙන දේවල් හෝ කව්රුවත් කියන දේවල් නිසා කිසිම දෙයක් අමුතුවෙන් කරන්න යන්න එපා .... වැරැද්ද ගෙදර නම් එක හදපන් වෙන දේවල් වලට යන්න කලින් .. පොඩි කාලේ ඉදන් ළමයාගේ රැකවරණය සම්බන්දව ඔයිට වඩා සැහෙන සැලකිලිමත් වෙන්න ඕනේ . කන බොන එකේ ඉදන් හදන්න ඔනී... මොකද ඒ දේවල් ගැන අපි අවධානයෙන් හිටියේ නැත්නම් පස්සේ පසුතැවුනට වැඩක් නෑ . ලොකු උනාම උ මොකෙක් උනත් උට අවශ්‍ය පෝෂණය , දැනුම හරියට දෙන එක දෙමාපියන්ගේ යුතුකම