1 - ඔෆිස් ලයිෆ් එක
කෝපරේට් වගේ නෙවේ, පට්ටම කැෂුවල්. ටිෂර්ට් ඇඳලා ඩෙක්ශූස් දාල යන්න පුලුවන්. ඒත් එකවුන්ට් මැනේජර්ස්ලා පිලිවෙලට අඳිනවා - උන්ට මීටින්, ප්‍රසන්ටේශන්ස් තියෙන නිසා. සාමාන්යෙන් පොලිටික්ස් අඩුයි. පොලිටික්ස් තියාගෙන ඇඩ් ඒජන්සි එකක දිගටම ඉන්න බෑ කැපෙනවා. ගොඩක් පාටි තියෙනවා. හැම එකාම බොනවා, ගොඩක් උන් සිගරට් ගන්ජා ගහනවා, ඒක සාමන්යයි. ක්‍රියේටිව් රෝල් කරන උන් ගන්ජා ගැහුවම සිරාවටම පට්ට අයිඩියාස් ගේනවා. ඒක මේ ඉන්ඩස්ට්‍රි එකේම නෝර්ම් එකක් වෙලා.
2 - ක්ලයන්ට්ලගේ තියෙන ප්‍රශ්ණ
බජට්. ටයිම් ලයින්. KPI, ROI - අනිත් සීන් එක ලංකාවේ ගොඩක් ක්ල්යන්ට්ට්ලා හෙන පන්ඩිතයි. උන්ගේ බොස්ලට වැඩ පෙන්නන්න ඒජන්සි එකේ එකාව මරවනවා. පේජ් එකේ ලයික්ස් ගානෙන් ඩිජිටල් මාර්කටින් සක්සස් එක මනිනවා - පට්ටම ගොන්. වැඩේ ඉවර වුණාට පස්සේ පේමන්ට් ගන්න පස්සෙන් පන්නන්න ඔනේ - ලොකු පොඩි කියලා නෑ
3 - වැඩ කරද්දි ඕනි වෙන සපෝර්ට්
දිගටම ටච් එකේ හිටපන්. ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් හැමදම වගේ අලුත් වෙනවා. ෆේස්බුක් කැම්පේන් ස්ටැට්ස්, ගුගල් ඇනලිටික්ස් අකුරුක් නෑර ඉගෙනගනින්, ඒවා ඇනලයිස් කරන හැටි ඉගෙනගනින්. කඩ්ඩ හොඳට හදාගනින්, ලොකු ගේමක් ගහන්න පුලුවන්. ඩිජිටල් මාර්කටින්ග් ග්ලොසරි එක අල්ලගනින්, ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් තියෙනවා (CPC, CPM, CTR, View thru rate, Conversions, TOF, MOF, CBO....)