Dilshan නායකත්වයට සුදුසුද?
එදා 3 වෙනි තරඟයේදි නායකයෙක් විදිහට ඩිල්ෂාන් හැසුරුනු විදිය හරිද?
නැත්තම් මැතිව්ස් කරපු දේද වැරදි?
"මාධ්‍ය කුටියද මැතිව්ස් ලකුණු ලබා නොගන්නා විට සිනහවෙන් පිරී ගියේය. මාධ්‍ය කුටිවල ඇති රූපවාහිනි තිරවලින් ඩිල්ෂාන් සහ දුලිප් මෙන්ඩිස්ගේ මුහුණු පෙන්වන විට මාධ්‍යවේදීන් ගේ සිනහව දෙගුණ තෙගුණ විය. එවිට ඩිල්ෂාන්ගේ මුවින් මෙසේ පිටවනු දැකගන්නට ලැබිණි. 'ෂික් මොකක්ද බං කරන්නේ. අරූට කියපන් ගහන්න කියලා' එසේ කියමින් ක්‍රීඩක විවේකාගාරයේ ඩිල්ෂාන් කලබල කරද්දී දුලිප් මෙන්ඩිස්ද ඇස් ලොකු කරමින් ඩිල්ෂාන්ගේ ක්‍රියාව අනුමත කරනු දක්නට ලැබිණි. එය රූපවාහිනි කැමරාකරුවන්ටද අපූරු ජවනිකාවක් විය. එබැවින් ඔවුන් මැතිව්ස් ලකුණක් ප්රතික්ෂෙප කරන වාරයක් පාසා ඩිල්ෂාන්ගේ කෝපය ලොවට පෙන්වීය. ඉන් බොහෝ දෙනෙක් අමුතු විනෝදයක් ලබා ගත්තේය. එදා ඩිල්ෂාන්ට එතරම් කලබල වීමට පැහැදිලි කරුණක් නොතිබිණි. ජයග්‍රහණයට ඕනෑතරම් අවස්ථාව ශ්‍රී ලංකාවට විවෘතව තිබියදී ඔහු සජීවීව කළ නාඩගම හාස්‍යයට ලක්විය."
"එංගලන්ත නායක ඇලිස්ටයාර් කුක් මැතිව්ස් කළ ක්‍රියාවෙන් කිපුණු බවක් එදින පැවැති මාධ්‍ය හමුවේදී පැහැදිලි විය. ඔහු පවසා සිටියේ 'මම කවදාවත් එවැනි සිදුවීමක් දැකල නැහැ. එවැනි දේවල් ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට කැමැති ආකාරයකට තරගය ඉවර කළ හැකියි' යනුවෙනි. ඇලිස්ටයාර් එසේ පවසන්නට ඇත්තේ එහිදී ඔවුන් ලොවක් ඉදිරියේ හෑල්ලුවට ලක්වීම නිසා විය හැකිය. එංගලන්ත පන්දු යවන්න්ගේ තර්ජනාත්මක පන්දු යෑවීමට ඇති හැකියාව තඹයකට මායිම් නොකළ එම පිතිහරඹය ගැන ඇලිස්ටෙයාර් කලබල වීම නම් සාධාරණය. ඒත් ඩිල්ෂාන්.... "
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සිටි සියලුම ප්‍රේක්ෂකයන් චන්දිමාල්ගේ ශතකයට වඩා මැතිව්ස් ලකුණු නොලබන විට ඔල්වරසන් දුන්නේය. චන්දිමාල්ගේ ශතකයට මැතිව්ස් කළ උපකාරය එසේ ඔවුන් විසින් ඇගයීමට ලක්කළේය.අනතුරුව ඒ සියලු ප්‍රේක්ෂකයන්, චන්දිමාල් මිඩ් විකට් කලාපය හරහා දැවැන්ත හයේ පහරකින් ශතකය ලබා ගැනීමත් සමග සිය අසුන්වලින් නැඟිට ඒ පිතිහරඹයට උපහාර පිදීය.
"මැතිව්ස් සහ චන්දිමාල් තුළ කණ්ඩායමේ ජයග්‍රහණය සහ චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් ක්‍රීඩා කිරීම අත්දැකීම් මඳ කමක් නිසා නොව ඒ ඔවුන් සතු විශ්වසනීයත්වය බව අපේ හැඟීමයි. නමුත් නායකයකු ලෙස ඩිල්ෂාන් මෙයට වඩා පරිණත ආකාරයෙන් හැසිරිය යුතු බව කිවයුතුය. ඩිල්ෂාන් එදා හැසිරුණු අකාරය අතාත්විකය. ඔහු චන්දිමාල් ශතකය ලබා ගැනීමෙන් පසු අසුනෙන් නැඟිට අත්පුඩි ගැසුවද තම සගයකුගේ විශිෂ්ට මොහොත ඔහු දරාගත්තේ අඩුම තරමින් සිනහවක් වත් මුහුණේ නොමැතිවය"
divaina.com
මමනම් කියන්නේ ඩිල්ෂාන් වගේ (අපේ භාෂාවෙන්ම කියනවනම්) ලඟ පිකප් ජාතියේ කෙනෙක්ට නායකත්වය හරි යන්නේ නෑ. නායකයෙක් උනාම ඔයිට වඩා ටිකක් කල්පනා කාරීව හැසිරෙන්න ඔනේ ලෝකයක්ම බලන් ඉන්න වෙලාවක

Last edited:

superb 

ow ban
malingata mokada ban wela thiyenne.. u poddak dan loku seen wage 