dilshan ekka katha karanne nethi kena kauda

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කර තිබෙනවා.

    පුවත්පත් කලාවේදියෙකු සමග පැවති සාකච්ඡාවකදී කරන ලද මෙම හෙළිදරව්ව පහතින් කියවිය හැකියි.

    මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා.

    මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා. අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා.

    දවල් 12.00ට නායකත්වයෙන් ඉවත් වෙන්න කිව්වා

    නායකත්වයෙන් එපා වෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා. තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා.

    ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා.

    2007 සිට මම කතා කරන්නෙ නැහැ

    කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි.

    ඩිල්ස්කූප් පහර සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්

    මගේ නමින් ඩිල්ස්කූප් පහර හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා “අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.

     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අයින් වෙලා මොකද බන් මේ නාහෙන් අඩන්නේ.. හොටු හූර හූර අදනව පත්තරෙත්. කොටින්ම දැන් ගැනිත් අඩනවා.. මගේ සුදු මැනිකේ කිය කිය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයින් වෙලා මොකද බන් මේ නාහෙන් අඩන්නේ.. හොටු හූර හූර අදනව පත්තරෙත්. කොටින්ම දැන් ගැනිත් අඩනවා.. මගේ සුදු මැනිකේ කිය කිය.
    :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    අයින් වෙලා මොකද බන් මේ නාහෙන් අඩන්නේ.. හොටු හූර හූර අදනව පත්තරෙත්. කොටින්ම දැන් ගැනිත් අඩනවා.. මගේ සුදු මැනිකේ කිය කිය.
    :dull: ape rate hati
    Wedak karana , karapu ewun ithin hiharidila adanawa
    Weda nokarana ewun weda nokaruwa nisa boruwata adanawa :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    Tharangayda? paw yako u ahinsakaya

    තරංග නෙවෙයි බන්. තරංගට දෙන්න ඕන දඬුවම ඩිල්ශාන් දීලා ඉවරයි. ඒ කේස් එකෙන් පස්සේ දෙන්නා කොච්චර ප්ලේ කරාද බන්. ඩිල්ශාන් ඉස්සර තරංගට රන් එකට කතා කරලා කීපාරක් නම් අවුට් කරලා තියෙනවද.

    මම නම් හිතන්නේ මහේල සංගා මාලින්ග තුන්දෙනාගෙන් කෙනෙක්
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තරංග නෙවෙයි බන්. තරංගට දෙන්න ඕන දඬුවම ඩිල්ශාන් දීලා ඉවරයි. ඒ කේස් එකෙන් පස්සේ දෙන්නා කොච්චර ප්ලේ කරාද බන්. ඩිල්ශාන් ඉස්සර තරංගට රන් එකට කතා කරලා කීපාරක් නම් අවුට් කරලා තියෙනවද.

    මම නම් හිතන්නේ මහේල සංගා මාලින්ග තුන්දෙනාගෙන් කෙනෙක්

    මහේල සංගා දෙන්නාගෙන් කෙනක් හෝ දෙන්නාම