DirectX කියන්නේ මොකක්ද.....?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    DirectX කියන්නේ මොකක්ද.....?


    සැහෙන කාලෙකින් එලකිරියේ මොකුත් දාන්න බැරි උනා .හිතටත් නිකම් මොකක්ද මොකක්ද වගේ. එහෙම හිත හිත මගේ අහිංසක බ්ලොග් එක පැත්තේ ගියාම දැක්කා මේ ලිපිය .ටිකක් හොදයි වගේ පෙනුන නිසා ඔන්න ගෙඩි පිටින්ම දැම්මා.....

    මොකක්ද මේ Direct X කියන්නේ....? අපි හැමෝම අහලා තියෙන කනට හුරුපුරුදු වචනයක් නේද මේක.අහලා තිබුනට මේ ගැන විස්තර හොයන්න උනන්දු වේලානම් නැතුව ඇති නේද.. අද අපි බලමු මේ කියන Direct X ගැන වැඩිපුර තොරතුරු ටිකක්.

    directx11windows.png


    Direct X ඇතිවීමට හේතු හා එහි විකාශය ගැන අපි පුංචි අවබෝධයක් ලබා ගමු.ඇත්තටම මේ කියන Direct X කරලියට බහින්නේ 1995 සැප්තැම්බර් මාසයේදි ඒ DirectX 1.0 විදියට එහි වැඩසටහන් අංකය 4.02.0095.මෙය එලිදැක්වුනේ Windows 95 මෙහෙයුම් පද්ධතියත් සමගින්.Direct X ඇතිවීමට බලපෑ මුලික හේතු කිහිපයක්ම තියෙනවා.
    පරිගණක වල මාදුකාංග හා දෘඩාංග අතර මනා ගැලපිමක් ඇති විම එහි කාර්්‍යෂමතාවයට වැදගත් හේතුවකි.එහෙත් අතීතයේදි සියලු පරිඝණක වැඩසටහන් සමග දෘඩාංග(VGA , Ram ,Sound..etc) ගැලපීමක් දක්නට ලැබි නැත.එම නිසා මෘදුකාංග නිපදවන්නන් දෘඩාංග හදුනාගැනිම පිණිස උප වැඩසටහන්ද සිය මෘදුකාංග තුලට ඇතුලත් කර එවිය යුතුව තිබුණි.විශේෂයෙන්ම මෙය පරිගණක ක්‍රිඩා සදහා බලපා ඇත.එම නිසා මෘදුකාංග නිශ්පාදන කර්මාන්තයේ පැහැදිලි වර්ධනයක් ඇතිවී නැත.

    1995 දී මයික්‍රොසොෆ්ට් සමාගම පොදු අතරමැදියෙකු ලෙස DirectX පරිගණක ලෝකයට හදුන්වා දෙන ලදී.මෙය පරිගණක කේෂත්‍රෙය් ඇතිවු විශාල පිම්මක් ලෙස අවිවාදයෙන් හදුන්වා දිය හැක.මක්නිසාද යත් DirectX හරහා ඕනෑම මාදුකාංගයකට දෘඩාංග හා සම්බන්ධ වීමට ඉන් ඉඩ සැලසුණ බැවිණි.


    120pxdirectx1logo.png

    1995 දී ඉදිරිපත් කල මුල්ම DirectX වැඩසටහනේ ලෝගෝව.

    DirectX වල කාර්යයභාරය
    DirectX අතරමැදියෙකු ලෙස කටයුතු කරන බැවින් windows API (Application Programming Interface)ලෙසද එනම් විධාන පද්ධතියක් ලෙසද හදුන්වයි.DirectX වැඩසටහනක ලොව නිපදවන සියලු උපාංග වල ක්‍රියාකාරිත්වය පිලිබද විස්තර අන්තර්ගතකොට තිබේ. අවශය විටෙක මෘදුකාංග DirectX හරහා දෘඩාංග සමග සම්බන්ධ වෙයි.

    DirectX උප පදධති කිහිපයකින් යුක්ත වෙයි

    Direct 3D
    බාහිරින් සම්බන්ධ වන වැඩසටහන් වල ත්‍රිමාණ රූප පහසුකම් සපයා දීමට පරිගණකයේ VGA කාඩ්පත සමග සම්බන්ධ වන DirectX හි උප වැඩසටහනකි.

    Direct Draw
    මෙයින් පරිගණක වැඩසටහන් VGA කාඩ්පත සමග මනා ලෙස සම්බන්ධ කරයි.

    Direct Sound & Direct Misic
    මෙයින් පරිගණක වැඩසටහන් පරිගණකයේ sound කාඩ්පත සමග සම්බන්ධ කරයි පරිගණක වැඩසටහන් වල හඩෙහි සුපැහැදිලිතාව මනා ලෙස පවත්වාගෙන යාමට මෙම උප වැඩසටහන බෙහෙවින් ඉවහල්වේ.

    Direct input
    මෙයින් පරිගණකට බාහිරින් සම්බන්ධ වන විවිධ උපකරණ (game steering wheels,game pads,joysticks )හා පරිගණක වැඩසටහන්(ක්‍රිඩා) එකිනෙකට සම්බන්ධ විමට උදවි වේ.

    Direct Show
    චිත්‍රපට වැනි එකදිගට ගලා යන්නා වු වැඩසටහන් වල ගුණත්වය හා ප්‍රමිතිය ඉහලින්ම පවත්වාගෙන යාමට උදව් දෙන්නේ මෙම උප වැඩසටහනයි.

    මිට අමතරව
    Direct2D ද්වීමාන රූප සදහා
    DirectWrite අකුරු හැඩතල සදහා
    DirectPlay අන්තර්ජාලය හා පරිගණක ජාල අතර ක්‍රියාත්මක වීම සදහා
    ඇති උප වැඩසටහන් වේ.



    පරිගණකයේ start මෙනුවේ run command box එක තුල DXDIAG ලෙස ටයිප් කොට enter කිරිමෙන් ලැබෙන වින්ඩෝව තුලින් එම අවස්ථාවේ පරිගණකයේ පිහිටුවා ඇති DirectX වැඩසටහන දැනගත හැක

    මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කලින් කලට DirectX වැඩසටහන යාවත්කාලීන කරනු ලබයි.එවිට වර්කමාන ලෝකයේ කිබෙන සියලු උපාංග සමග කටයුතු කිරිමේ හැකියාව DirectX වැඩසටහනට ලැබේ.





    මෙතෙක් එලිදැක්වුන DirectX වැඩසටහන් පහත දැක්වේ

    DirectX 1.0 || 4.02.0095 || || September 30, 1995
    DirectX 2.0 || || ''Was shipped only with a few 3rd party applications'' || 1996
    DirectX 3.0a || 4.04.00.0070 || December 1996
    DirectX 5.0 || 4.05.00.0155 (RC55) || August 4, 1997
    DirectX 6.0 || 4.06.00.0318 (RC3) || August 7, 1998
    DirectX 7.1 || 4.07.01.3000 (RC1) September 14, 2000
    DirectX 8.0 || 4.08.00.0400 (RC10) || November 12, 2000
    DirectX 9.0 || 4.09.00.0900 (RC4) || || December 19, 2002
    DirectX 10 || 6.00.6000.16386 || [[Windows Vista]] exclusive || November 30, 2006
    DirectX 11.1 || [[Windows 7 / 8 ]] Developer Preview||

    (ප්‍රධාන නිකුත් කිරීම් පමණක් දක්වා ඇත.)



    වර්තමානයේ පවතින මෙහෙයුම් පද්ධති වල DirectX 10 හා DirectX 11 බෙහෙවින් භාවිත වේ.කලින් කලට DirectX පද්ධතිය යාවත්කාලින කිරිම තුලින් ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඉහල මට්ටමකින් පවත්වාගෙන යා හැක.

    පහත රු සටහනින් DirectX 10 හා DirectX 09 පද්ධති අතර වෙනස හදුනාගත හැක.

    9417large1.jpg


    මෙම ලිපිය මාගේ බ්ලොග් අඩවියේ දැමිම සදහා මගේ අත ගෙවාගෙන ටයිප් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න

    මේකෙන් යම් දෙයක් ඔයාලා ගත්තානම් කොල්ලට හැපී...! බම්ප් එකක්වත් දාලා පලයල්ලා
    බුදුසරණයි
     
    Last edited: