මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.
ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.
නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්.
විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!මේවගේ වටිනාකම තමයි, අඩු විදුලියක් වැය වීම, රත්වීම අඩුවීම, boot වෙන්න ගතවෙන කාලය අඩුවීම, අඩු ඉඩ ප්‍රමාණයක් යන එක, maintenance ගොඩක් අඩු වීම වගේ දේවල් තියනවා.
මම මේ NAS එක හදන්න 1.2KV UPS එකක් හා Intel Atom 1.6 Mini-ITX motherboard එකක් (රු.7500), 512MB RAM (රු.1500) එකක්, ATX 250W Power Supply (රු.1500) එකක් 1GB USB Pen Drive (රු.1250) එකක් (පසුව මේක CF වලට මාරු කරනව) හා 1TB hard disk (රු.12,500×2) දෙක්කක් යොදාගත්තා.
මෙන්න තියනවා UPS එක, මේකේ ඔක්කොම කෑලී ගලවා ඉවත් කරා. සුද්ද කරා.

පොඩිඩක් යකට කෑලී එක්ක ඔට්ටු වෙලා, කැපීමකින් පසුව Hard Disk දෙක දෙපැත්තට mount කරා, පොඩි අලයක් උනේ Mini-ITX motherboard එක සවි කරන්න ගියහම, මේකට හේතුව උනේ motherboard එක පොඩක් උස වැඩියි, ඒක නිසා ඒකට පොඩි bracket හදලා පොඩ්ඩක් ඇල කරලා සවි කරන්න සිදු උනා.
UPS එකේ තිබුනා network protection එකක්, ඒකේ RJ45 jack එක වගේම FAN, Power Input එහම තියලා වයර් ගලවලා හරියට සවි කරා, ATX Power Supply එකත් ගලවන්න උනා, ගලවල මදේ විතරක් ගානට FAN එක එන විදියට සවිකරා, මතක තියාගන්න power supply එක සෙල්ලම් කරන එක අනතුරු දායකයි.
ඔන්න ඔකොම සවිකිරීමෙන් පසුව, RJ45 cable එකක් කපලා එක කොනක් UPS එකේ තිබුන network පොර්ට් එකට solder කරලා අන්ත් පැත්ත motherboard එකේ RJ54 (Network port) එකට සවි කරා.
NAS එකේ OS එක සදහා මම යොදාගත්තේ FreeNAS කියන FreeBSD වලින් පැවත් එක එකක්, මේක based වෙලා තියෙන්නේ mOnOwall කියන එක අනුව. FreeBSD කියන්නේ ලිනක්ස් නම් නොවෙයි, ඒක Unix වලින් පැවත එන එකක්. Open Source නම් තමයි.
දැනට Hard Disk දෙකක් යොදාගන්නේ RAID කිරීම සදහා, ඒ කියන්නේ RAID-1 පලමු hard disk එක වගේම එකක් දෙවන hard disk එකේ හැදෙනවා, ඒ කියන්නේ දෙකම 100% දත්ත වලින් සමාණයි. මේසදහා මම FreeNAS වල එන SoftwareRAID එක තමයි යොදාගත්තේ. මතක තියාගන්න මම 1TB hard disk දෙකක් යොඅදාගත්තට දාරිතාව වන්නේ 1TBම තමයි, මොකද RAID (Mirror) වෙන නිසා. FreeNAS boot කරනේ නම් USB Pen එක හරහා, මේක කරන්නේ ඉක්මනට boot වෙන්න හා පහසු නිසා, FreeNAS සදහා හොදටම 64mb ඉඩක් ඇති. මේ සදහා keyboard, monitors කිසි දෙයක් ඕනේ නෑ, Install කරන්න විතරයි ඕනේ.
මෙන්න FreeNAS boot වෙනවා.
මෙන්න මගේ UPS ඇතුලේ දුවන NAS එක
ඉදිරි පැනල් එකේ LED හා Power Button එහම හරියට වයර් කරා motherboard එකට, පිටුසට USB Port එකකුත් සවි කරා.මොනවද මේකේ තියන පහසු කම්….
* RAID-1
මේකෙන් දත්ත සුරැකිව hard disk බිද වැටීමකින් ආරාක්ෂාවෙන්නෙ පුලුවන්.
* SMB/Windows File Sharing, FTP, AFP, NFS
Windows, Linux හා MAC එක්ක File Share කිරීම.
* Web Server with PHP
PHP/Apache Web Server එකක්.
* DAAP/UPnP (DLNA, PS3, Xbox 360)
NAS එකේ ඇති Audio/Video file ඕනෑම device එකක් සිට ඇසීමේ හැකියාව, copy නොකර iTunes, Winamp, PS3, Xbox 360 වගේ ඒවා එක්ක NAS එකේ ඇති play list පවා play කිරීමේ හැකියාව. මේක ගොඩක් පහසුයිනේ පරිගනක කිපයක් තියනකොට.
* Torrent Download
මේක ගැන කියන්න දෙයක් නෑනේ, මේක ඉදන් torrent download කරන්න උවද පුලුවන්.
තව ගොඩක් දේවල් තියනවා.
රු.39000 + 25,000 යනවා කියපු එක, රු. 25,000 + 13,000 මුදලකින් සාදාගත්තා.
උපුටා ගත්තේ මෙතනින්.......http://sinhala.kalingasblog.com/2009/10/06/diy-1tb-network-attached-storage-inside-a-ups/
( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )
මේ thread එකෙන් ඔයාලටත් ඉගනගන්න යමක් එකතු වුනා කියල හිතනවා .........

Last edited: