DNA යනු කුමක්ද?

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඩී එන් ඒ (DNA) ලෙස කෙටි නාමයෙන් හඳුන්වන ඩිමක්සි රයිබෝ නියුක්ලින් අම්ලය ජිවියෙකුගේ සමස්ත ජීව සැලැස්ම තීරණය කරන ප්‍රධාන මූලික සැකසුමයි. මෙය රසායනික අණුවක් වන අතර එය මගින් යම් කිසි පුද්ගලයෙකුගේ බාහිර රූපකාරය හා හැසිරීම් රටාව තීරණය කිරීමට අවශ්‍ය තොරතුරු ගබඩා කොට තබයි. ඉතා දිගු වූ මෙම රසායනික අණුව සෛල න්‍යෂ්ටිය තුල වර්ණදේහ නම් ඒකකයක් මත හමුවේ. සෑම පුද්ගලයෙකුටම ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ඇති සමස්ත  DNA ප්‍රමාණයෙන් හරි අඩක් තම මවගෙන්ද ඉතිරි අඩ  තම පියාගෙන්ද උරුම කර ගනී. සර්ව සම නිවුන්නු හැරුණු කොට පුද්ගලයන් දෙදෙනකුගේ එම DNA තොරතුරු කිසි විට එක හා සමාන වන්නේ නැත.
    watson-and-crick-the-founders-of-dna.jpg


    DNA නම් වූ මෙම රසායන ද්‍රව්‍ය සර්පිලාකාර තරප්පු පෙළක හැඩය ගන්නා දිගු දාමයක් වන අතර එබැවින් එය ද්විත්ව හෙලික්සාකාර රසායනික අණුවක් ලෙස හඳුන්වයි.තවද එය ඉතා කුඩා තැනුම් ඒකක ගණනාවක් මගින් නිර්මාණය වුණු රසායනික අණුවක් වන බැවින් DNA රසායනික බහු අවයවයක් ලෙසද හැඳින්වේ.මෙම රසායනික අණුවේ ස්වරූපය මුල්ම වරට විස්තර කරන ලද්දේ 1953 වර්ෂයේදී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් යන විද්‍යාඥවරුන් විසිනි.
    2000px-Eukaryote_DNA-en.jpg


    පුද්ගලයෙකුගේ රුපකාරය හා හැසිරීම් රටාව තීරණය කිරීමට අවශ්‍ය DNA හි තොරතුරු අඩංගු වන ප්‍රදේශයන් ජාන ලෙස හැඳින්වේ.ආසන්න වශයෙන් මෙවැනි ජාන තිස් දහසක් සඳහා කේත කරණය කරන ලද තොරතුරු DNA   අණුවේ තැනුම් ඒකක බිලියන තුනක් තුල ඇත.මෙකී නියුක්ලියොටයිඩ  බිලියන තුන මානව ගෙනොමයක් ලෙස හඳුන්වන අතර එය එක මිනිස් සෛලයක් තුල ඇති වර්ණ දේහ යුගල විසි තුනක් තුල ස්වභාවධර්මයා විසින් කාණ්ඩ කර ඇත.


    වැදගත් නම් Rep+
    ..උපුටා ගන්නා ලදී..
     
    Last edited: