DNS Changer නම් වූ පරිගණක වෛරසය

wassampath

Junior member
  • May 26, 2007
    31
    18
    8
    DNS Changer නම් වූ පරිගණක වෛරසය

    DNS Changer නම් වූ පරිගණක වෛරසය පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත.

    මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.

    මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

    මෙය කේතයක් වශයෙන් දිස් වන හේතුවෙන් සාමන්‍ය ජීවිතයේදී මතක තබා ගැනීමට හැකිවන පරිදි ඩොමේන් නාමයන් වෙත පරිවර්තනය කිරීම DNS හරහා සිදු කරනු ලැබේ.මෙම DNS සැකසුම අන්තර්ජාල සේවා සපයන්න විසින් ලබා දෙන අතර ඒ අනුව අප එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවි වෙත යැවෙනුයේ DNS හරහාය.

    ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අප වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට අපව නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ.

    ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

    තවමත් ලංකාවේ මෙය පැතිරී ඇති පැමිණිලි නොලැබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

    වෛරසය පැතිරුණු පරිගණක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ලබන ජුලි මස 9 වනදා සිට වෛරසය පැතිරුණු පරිගණක අන්තර්ජාලයට සම්බන්ධවීම වලක්වනු ලැබේ.

    එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.

    http://www.dns-ok.us/

    එහිදී DNS Resolution = GREEN
    ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත



    DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත


    If Repost Sorry !!!
     

    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Yep... its a big threat! Thanks for informing machan! Elakiri eken cloud flare use kerana hinda, elakiri ekata puluwan site ekata ena hamoogema dns check kerala infect welaada kiyala kiyanne.... Cloudflare app ekak thiyenawa... I just added it to my site! Hope an elakiri admin see this :)