DNS spoofing හෙවත් රැවටිල්ල ගැන !

shyaminayesh

Member
Dec 25, 2013
20
21
3
DNS spoofing හෙවත් රැවටිල්ල ගැන !

හරි මේ දාන්නේ මම දාන දෙවෙනි පොස්ට් එක. කලින් පොස්ට් එකට comment ටිකක් වැටුන නිසා ඔන්න අද ටිකක් වෙනස් දෙයක් දාන්න හිතුවා. ඇත්තටම මේ පොස්ට් මම මගේ බ්ලොග් එකේ ලියලා දාපුවා. එත් අවුලක් නැ බ්ලොග් එකට කට්ටිය ඇවිත් කියවනවට වඩා මෙතන තිබුනොත් කට්ටිය දකීවි කියලා හිතලා දාන්නයි යන්නේ එහෙනම්.

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ DNS spoofing හෙවත් වැරදි පාරවල් වල යවලා hack කරන ක්‍රමයක් ගැන. මේක hack කරන ක්‍රමයක් කිව්වට තව ගොඩාක් වැඩ මේකෙන් ගන්න පුළුවන්. මම ආසම නැති වචනයක් උනත් අපේ උදවියට තේරෙන වචනයක් නිසා කියලා හිතුන හින්දා hack කියන වචනේ පාවිච්චි කරා.

හරි මුලින්ම ලාවට වගේ කියන්නම් මොකක්ද DNS වලින් වෙන්නේ කියලා. සරලවම කියනවනම් DNS වලින් වෙන්නේ IP address එකකට අපිට මතක හිටින විදියේ නමක් දෙන එක. ඒ කියන්නේ ඔයාලට google එකේ IP Address එක type කරනවට වඩා ලෙසිනේ google.com කියලා type කරන්න. ඉතින් මෙන්න මේ google.com කියලා type කරන එක google servers වල IP address වලට හරවලා යවන්නේ DNS මගින්. :D

30-DNS.jpg


ඔන්න ඔය උඩ තියෙන රුපෙන් තව ටිකක් පැහැදිලි වෙනවා ඇති මම හිතන විදියට. මම කියන්න ආවේ ඕක ගැන නෙවේනේ මම කියන්න පටන් ගත්තේ DNS spoofing එහෙමත් නැත්තම් මොකක්ද මේ DNS cache poisoning කියන්නේ කියලා. මුලින්ම වෙන්නේ කොහොමද කියන්න කලින් කියන්නම් මේක කරාට පස්සේ එහෙමත් නැත්තම් මේ වගේ attack එකකට අපිව අහු උනාට පස්සේ අපිට වෙන දේ. හරියටම කියනවනම් වෙන්නේ ඔයා google.com කියලා type කරාම හරියටම ඇත්තම google servers වලට නැතුව ඔයාව බොරු fake servers වලට යොමු කරන එක. මම මෙතන google එක ගත්තේ උදාහරණයක් විදියට හොඳේ. අනිත් ඕනිම සයිට් එකකට වගේම තවත් DNS පාවිච්චි කරන services වලට මේක බලපවත්වන්න attack එක දෙන කෙනාට පුළුවන්.

google එක උදාහරෙනට ගත්තේ මේ ලඟදි google ලගේ පලස්තීන සයිට් එකට මේ වගේ ලස්සන ගේමක් ගහලා තිබුන නිසා. මතක විදියට 2013 අගෝස්තු මාසේ 24 ර 26 ය ඇතුලත දවසක තාමයි ගේම දීලා තිබුනේ. එක ගැන නම් google කරාම විස්තර ඕනි තරම් හොයා ගන්න පුළුවන්. ;)

එහෙනම් දැන් කියන්නම් කොහොමද මේ ක්‍රියාවලියේ backend එකෙන් සිදුවෙන වැඩේ කියලා. සාමන්යෙන් කව්රු හරි DNS Server එකකට Query එකක් දාපුවාම ඒ අදාළ Server එකට ඒ query එකට response කරන්න අවශ්‍ය දත්ත නැතිනම් තවත් විදියකින් කියනවනම් ඒ Server එකට query එක resolve කරන්න බැරි නම් ඊළඟට කරන්නේ එයා තවත් DNS Server එකකට මේ request එක යවලා resolve කරගන්න එක. හරි අපි දැනට හිතමුකෝ අපි යවන request එක තිබුනේ නැතුව අදාල server එක වෙනත් තැනකින් එක query කරලා අපිට result එක return කරනවා කියලා. ඔන්න ඔහොම කරනකොට අර අපි මුල් request එක යවපු server එක ඒ අලුතින් ලැබුණු දත්ත එහෙමත් නැත්තම් result එක එයා ගාව cache එකක් විදියට තියා ගන්නවා. ඒ තවත් කෙනෙක් එයාගෙන් ඒ හා සමාන request එකක් කරොත් ඊළඟ වතාවේ වෙනත් තැනකින් ඉල්ලන්නේ නැතුව ලබා දෙන්න. ඇත්තටම කියනවනම් මෙහෙම cache තියා ගන්නේ මේකටම විතරක් නෙවේ. තව ගොඩාක් හේතු නිසා මේ විදියට DNS cache records තියා ගන්නවා. මේ එකක් විතරයි. ඉතින් දැන් අර විදියට cache records තියෙන DNS Server එකට කව්රු හරි attacker කෙනෙක් මොකක් හරි week point එකකින් ඇතුළු වෙලා මේ cache record එක බොරු එකක් විදියට වෙනස් කරනවා. තාක්ෂණික වශයෙන් නම් cache එක manipulate කරනවා. එතකොට එතන තියෙන්නේ බොරු IP එකක් එහෙමත් නැත්තම් බොරු server එකකට අපිව ගෙනියන්න පුළුවන් විදියේ record එකක්. හරියටම මෙන්න මේ පින්තුරේ වගේ.

pharming-works.jpg


ඇත්තම කතාව කියනවනම් මුල්ම කාලේ DNS වලදී security කියන එක ගැන එතරම් තැකීමක් කරලා තිබුනේ නැ. පස්සේ පස්සේ මේවා ක්‍රමයෙන් දියුණු වෙනකොට මේ DNS වල තිබුන වැරදි අඩුපාඩු පෙන්න ගත්තා එක නිසා දැන් නම් මෙව්වට Security extension use කරනවා. උදාහරණයක් විදියට Internet Engineering Task Force එක එහෙමත් නැත්තම් IETF එක මගින් DNSSEC වගේ දේවල් වලින් මේ DNS spoofing වගේ දේවල් අවම කරනන්න වැඩපිළිවෙලවල් යොදලා තියෙනවා. නමුත් කාටවත්ම තවමත් system එකක security 100% වලට secure වෙන්න හදන්න බැ. තවත් විදියකින් කියනවනම් තවමත් ලෝකයේ බිදිය නොහැකි පරිඝනක පද්ධති නැ.



එහෙනම් මෙන්න මේ video එකත් බලන්නකෝ. ඒ ගමන්ම article එක හොඳ නම් rep පාරකුත් දාලා comment එකකුත් දාලම යන්න. :)

කලින් ලියපු පොස්ට් එකට ලින්ක් එක මෙන්න. එකේ තියෙන්නේ ඩොලර් 25 ට කොම්පිතරයක් හදා ගන්න හැටි. anyway මුකුත් වැරදි කරනු තියේ නම් නිවැරදි කරන්න ඇ.

http://www.elakiri.com/forum/showthread.php?t=1595986
 
Last edited:

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Facebook , Google vage godak sites HTTPS encryption ~ web security certificate ekak use karanava
    dns spoof karala vena site ekakata redirect karagathath browser eken security certificate eka check karala awulak thibboth site eka block venava (Chrome)
    +