Do you think පළාත් සභා system should be abolished ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Do you think පළාත් සභා system should be abolished ? I think this system is a white elephant. Why should an island country like Sri lanka should have so many provinces ? Maybe they can bring it down to 2 or 3 provinces
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් තියෙන පළාත් සභා ක්‍රමය අහෝසි කරනවට කැමතියි.

    ඒත් උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවට (මතක තියාගන්න, දෙමළ අය විතරක් නෙවි.) බලය බෙදීමක් වෙන්න ඕනේ කියල පිළිගන්නවා.

    උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශවලට විතරක් පළාත් සභාවක් තියෙන එකට පක්ෂයි. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: TCB Rox

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    දකුණු පළාත නම් කොන් කරලා තියන්න ඕන. තොපිලා ඕන මගුලක් කරගනින් ලංකාවට එන්න එපා කියලා 😂
    උතුරු නැගෙනහිර උන් ඉල්ලලත් දෙන්නෙ නෑ, දකුණෙ උන්ට බලෙන් දෙන්න හදනවා :lol:
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඉන්දියාව ණයට තේල්,බෙහෙත්,කෑම දුන්නෙ නැත්නන් දැන් අපි මැරිල නේද?
     
    • Like
    Reactions: TCB Rox

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අතිශය දූශිතයි.පළාත් සභා ඇමතියොන්ට,නිලධාරීන් ට සැප ගන්න විතරයි ඕක ඕන
     
    • Like
    Reactions: vito and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් තියෙන පළාත් සභා ක්‍රමය අහෝසි කරනවට කැමතියි.

    ඒත් උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවට (මතක තියාගන්න, දෙමළ අය විතරක් නෙවි.) බලය බෙදීමක් වෙන්න ඕනේ කියල පිළිගන්නවා.

    උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශවලට විතරක් පළාත් සභාවක් තියෙන එකට පක්ෂයි. :yes: :yes: :yes:
    ඒ මොකටද එහෙට විතරක් පළාත් සභා? මවුබස විදිහට දෙමළ කතා කරන දෙමළ නොවන අය ඉන්නවද? දෙමළ කතා කරා කියල බලය බෙදන්න ඕනෙ නෑනෙ.. 🙄

    පළාත් සභා ටික අහෝසි කරලා ගම දෙනවා ග්‍රාම සේවකට, දිස්ත්‍රික්කේ දෙනවා දිසාපතිට රාජ්‍ය සේවා පැත්තෙන්.. ජනතා නියෝජිතයෝ දානවා දිස්ත්‍රික් මට්ටමෙන් දේශපාලන පැත්තෙන්.. ජනතාව ගේ අදහස් ග්‍රාම නිලධාරී හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනවා.. මේ වගේ ක්‍රමයක් කොහොමද?
    ------ Post added on May 16, 2022 at 1:24 PM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    Do you think පළාත් සභා system should be abolished ? I think this system is a white elephant. Why should an island country like Sri lanka should have so many provinces ? Maybe they can bring it down to 2 or 3 provinces
    The entire parliament is a White elephant... inclusive of the top moron to the other morons numbered 225. :P

    PS: Seriously the Provincial council system was something enforced on us - as a wrong solution to another problem.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ මොකටද එහෙට විතරක් පළාත් සභා? මවුබස විදිහට දෙමළ කතා කරන දෙමළ නොවන අය ඉන්නවද? දෙමළ කතා කරා කියල බලය බෙදන්න ඕනෙ නෑනෙ.. 🙄
    ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගෙන් වැඩි කොටසකගේ මව්බස දෙමළ. ඔවුන් අරාබි බස හෝ වෙනත් බසක් මව්බස කරගෙන නැහැ.

    මම දකින දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණේ දේශපාලන යථාර්ථය උතුරට අදාළ නැහැ කියන එක.

    උදාහරණයක් හැටියට අපිට හිතෙන හැටියට දකුණේ දේශපාලනයේ තියෙන්නේ ප්‍රධාන කඳවුරු දෙකයි. කාලෙන් කාලෙට නම් වෙනස් වුනාට එකම කඳවුරු දෙක.

    දැනට ඒක පොහොට්ටුවයි, සජබෙයි අතර තරගයක් හැටියටයි තියෙන්නේ. ඊට අමතරව ඔය බලවේග ගැන කලකිරිච්ච අය කාලෙන් කාලෙට තුන්වෙනි බලවේග වටේ රැස් වෙනවා. (උදා: ජවිපෙ, හෙළ උරුමය, පෙසප, ෆොන්සේකා, බොදු බල සේනා, නාගානන්ද)

    ඒත් ඔය යථාර්ථය උතුරු නැගෙනහිරට අදාළ නැහැ. ඒ කට්ටියගේ දේශපාලනය තුළ කාලයක් තිස්සේ ආධිපත්‍යධාරී දේශපාලන සන්ධානයක් තියෙනවා, දෙමළ ජාතික සන්ධානය කියල. ඊට අමතරව පොඩි විකල්ප පෙරමුණු තියෙනවා ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් වගේ.

    ඒකට හේතුව තමා ඒ අය තුළ මොන භේද තිබුනත් දැන් ඔවුන් එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසීම. ඒ අයගේ ආකල්පයේ හැටියට එයාලගේ පොදු අරමුණ වෙන්නේ සිංහල ආධිපත්‍යයට යට වෙච්චි රාජ්‍ය ව්‍යුහයක ඒ අය ජීවත් වෙන්නේ නැතිය කියන එක.

    කොටින්ම උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වගේ දේවල් වලින් මහින්දගේ ආණ්ඩුව මොන තරම් යටිතල පහසුකම් සංවර්ධනය කළත් ඔවුන් ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ නැහැ.

    අනික් අතට දෙමළ සන්ධානේ විග්නේශ්වරන් මහ ඇමති වෙලා ලොකු දෙයක් නොකළත් ඔවුන් තාමත් ඒ පක්ෂෙට ඡන්දේ දෙනවා.

    මේකේ තේරුම තමා ඔවුන් මොකක් හරි ජාතික අනන්‍යතාවක් වගේ එකක් සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා කියලා. ඒක වෙනත් රාජ්‍යයක්ම නෙවෙයි. එයාල තමන්ගේ භෞතික පහසුකම්වලට වඩා තැනක් ඒ අනන්‍යතාවට දෙනවා.

    එයාල තමන්ව පරිකල්පනය කරන්නේ සිංහලයාගෙන් වෙනස් ජාතියක් හැටියට. කොටින්ම වෙනස් රටක් හැටියට. සිංහලයෝ හැටියට අපිත් එහෙම තමා.

    මම විශ්වාස කරනවා ඊළාම් මතවාදය දුර්වල කරන්න, කොටින්ම මේ ශ්‍රී ලංකාව තුළ එයාලගේ අනන්‍යතාව ආරක්ෂා කරනවා කියල අපිට දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි පළාත් සභාවක් කියන එක.

    එතකොට දැන් ඔවුන්ගේ අනන්‍යතාවට අනුව සීමිත ව්‍යවස්ථාදායක බලයක් සහිත පළාත් සභාවක් තියෙනවා. දැන් ඒ අරමුණ යම් තාක් දුරකට සාක්ෂාත් වෙලා නිසා ඔවුන් වෙනත් අරමුණු වෙනුවෙන් පෙනී සිටින්න ගන්නවා.

    එහි ප්‍රතිඵලයක් හැටියට උතුරු නැගෙනහිර මීට පෙර නොතිබිච්ච විදිහේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් විවර වෙලා දෙමළ ජාතික සන්ධානයට අමතරව ප්‍රබල විකල්ප පක්ෂ බිහි වෙන්නත් පුළුවනි.

    කොහොමත් අපි කැමති වුනත් නැතත් ශ්‍රී ලාංකිකත්වය ගැන අපි කතා කළාට ශ්‍රී ලාංකික ජාතිය කියන එක මහපොළොවේ පල වෙලා නැහැ. ඒක තමා යථාර්ථය. ක්‍රිකට් තරගෙකදිවත් සියලු ජනවර්ග ශ්‍රී ලංකා ටීම් එකට සපෝට් කරනවද නැද්ද කියල හිතල බලන්න.

    ලංකාවේ මිනිස්සු කැමති ජනවාර්ගික, ප්‍රාදේශීය, රැකියාමය, කුලමය ආදී වශයෙන් බෙදිලා හිතන්න. ඒ වගේ තත්වෙකදී නිකන් බොරුවට "අනේ, අපිට නම් පළාත් සභා ඕනේ නැහැ, අපි එක මවකගේ දරුවෝ" කියන්න හැදුවට ඒක ව්‍යාජයක් වෙනවා.

    උතුරු-නැගෙනහිර පළාත් සභා අහෝසි කරනවා නම් ලංකාව අස්ථාවර වීමේ මිලත් ගෙවන්න සූදානම් වෙලා සිටිය යුතුයි. ඒත් අනික් ප්‍රදේශවල පළාත් සභා පවත්වාගෙන යාමේ කිසිදු තර්කයක් මම දකින්නේ නැහැ. ඒවා දේශපාලකයිනුත්, රාජ්‍ය නිලධාරීනුත් පෝසත් කරවන සුදු අලි විතරයි.