doctor salary lanka

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ජේමිස්බන්ඩා007;16637028 said:
    26 ද බන් :baffled::baffled::(:(:(

    ඔයිට වඩා පඩියක් හම්බ වෙන රස්සා තියනවනෙ ඔන තරම්.......:(:(:(

    එත කොට මෙච්චර කට්ටක් කාලා අපි මොකටද ඕකට යන්නෙ......:(:(:(

    mbbs eka pass wela duskara gihila okama ekka 65 den denawa :)doctors la salli hoyanne salary eken nemei private karala:) samahara mbbs doctor la lesiyenama month ekata 6lkhs panala hoyanawa:):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes:නමුත් මම ඒක මාකට් කරගෙන යන්න කැමති නෑ.ඒක නිසා ඒක ප්‍රොමෝට් කරන්න යන්නේ නෑ මම නොදන්න අයට මම ඩොක්ටර් කෙනෙක් කියලා ලේසියෙන් කියන්නෙත් නෑ.හුඟ වෙලාවට ඇහුවොත් මොකක් හරි බොරුවක් කියනවා.මට මාකට් කරනවනම් ඕයිට වඩා දේවල් තියෙනවා.

    :shocked::shocked::rolleyes::rolleyes::(:( ඔව්. අර පිටසක්වල ජීවින්ගේ පෘථිවි නියෝජිතයා වගේ රහස්?? :(:(:rolleyes::rolleyes::shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බින්දු;16640790 said:
    :shocked::shocked::rolleyes::rolleyes::(:( ඔව්. අර පිටසක්වල ජීවින්ගේ පෘථිවි නියෝජිතයා වගේ රහස්?? :(:(:rolleyes::rolleyes::shocked::shocked:

    මමත් පොඩි කාලේ හිතන් හිටියේ මමත් පිටසක්වල ජීවීන්ගේ කෙනෙක් කියල පෘතුවියට ආපු. ඒ දවස්වල ocean girl බලලා මාත් ඒ වගේ කියල හිතන් හිටියේ... :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමත් පොඩි කාලේ හිතන් හිටියේ මමත් පිටසක්වල ජීවීන්ගේ කෙනෙක් කියල පෘතුවියට ආපු. ඒ දවස්වල ocean girl බලලා මාත් ඒ වගේ කියල හිතන් හිටියේ... :lol::lol::lol::lol:

    පොඩි කාලේ මම හිතාගෙන හිටියේ මම ස්පයිඩර් මෑන් කියලා...:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මමත් පොඩි කාලේ හිතන් හිටියේ මමත් පිටසක්වල ජීවීන්ගේ කෙනෙක් කියල පෘතුවියට ආපු. ඒ දවස්වල ocean girl බලලා මාත් ඒ වගේ කියල හිතන් හිටියේ... :lol::lol::lol::lol:

    මොනවා වුනත් අමසිං ලොක්කගේ පිටසක්වල ත්‍රෙඩ් එක එලකිරි එකේ එපික්ම ත්‍රෙඩ් එකක්. :P:P:P කී දෙනෙක් බලං හිටියද පිට සක්වල ජීවියෝ එනකන් :(:(:(:shocked::shocked:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    බින්දු;16640710 said:

    :P:P හම්බෙන්න ඕන නෙවෙයි ඒක තමයි පඩි ගෙවන පිලිවෙල.උඹ ඉන්න රටෙත් දැනට ගෙවන්නේ එහෙමයි :rofl::rofl:. ඒක අමානුශික අධම වෙන්නේ කොහොමද?? :P:P ඕක තමයි උඹලගේ තියෙන කුහක කම. ඩබල් ඩිග්‍රී තියෙන මනුස්සයෙක් අනිත් මිනිස්සුංගේ ජීවිතවල වගකීම අරන් වැඩ කරනවට ඔය ගාන ගෙවනවා. :P:P ඒ රටවල් වල ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට උඹලට නොතේරෙන මොකක් හරි තේරෙනවා ඇති :rolleyes::rolleyes:

    :lol::lol::lol:

    උබ දොස්තර උනාට හැමදේම දන්නවා කියල පෙන්නන එපා. හංගන්න දෙයක් නැහැ මෙන්න Manitoba Doctor ල හම්බකරපුව (see very last pages).

    (1) This is not their salary. The total income ( + salaries to other staff etc).
    (2) the government person can earn 50,000 Can$ or more

    http://www.gov.mb.ca/finance/pdf/annualrep/2012_13/health.pdf
     
    පුවතක පසුබිම
    වැටුප් සහ ආදායම් විෂමතා -DIVAINA puwathpatha

    ශ්‍රී ලාංකිකයන් වන අප, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය අගයන මෙන්ම අපේක්‌ෂා කරන ජාතියකි. එමෙන්ම කාලාන්තරයක සිටම එම නාමපුවරුව එල්ලාගෙන ඒ වෙනුවෙන් හඬා වැටෙන ජාතියකි. එහෙත් කවදාවත්ම එහි සැබෑ හැඩ රුව දැකගන්නට හෝ එහි පහස විඳින්නට ද නොලැබුණ ජාතියකි. එපමණක්‌ නොව, සමාජවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ද ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර සමාජවාදයක්‌ ද නොමැති බව නොදන්නා ජාතියකි.

    මේ දිනවල අපගේ දොස්‌තර මහත්වරුන් විසින් ඔවුන්ගේ වැටුප රුපියල් 180,000/} ක්‌ දක්‌වා වැඩිකර දෙන ලෙස බලකරන්නේද එනිසාම වන්නට පිළිවන. ඒ අනුව ඔවුන් විසින් වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිට අපේ රටේ පවතින අවම සේවක වැටුප වන රු. 11,750/ } මෙන් හතර ගුණයක්‌ පමණක්‌ ඔවුන්ට ලැබෙන බවය. එමෙන්ම එය ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. සෘජුවම නොකීවත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අනුව පැහැදිලි වන්නේය. එය ඔවුන්ගේ තත්ත්වයටද හොඳ මදි බවය. එපමණක්‌ නොව, ඔවුන් විසින් තම ඉල්ලීම දිනාගැනීම පිණිස උදාහරණ ලෙස ගෙන පෙන්වන්නේ ද වෙනත් රටවල් මෙම පරතරය එකට විස්‌සක්‌ පමණ වන බවය. එයින් අදහස්‌ කෙරෙන්නේ ද ඊට සාපේක්‌ෂව ඔවුන්ට ලැබිය යුතු සාධාරණ වැටුප විය යුතු වන්නේ, රු. 235,000/} ක්‌ පමණ ද වන බවයි. එහෙත් මේ පිළිබඳව අපට විශාල ගැටලුවක්‌ ඇත. එනම් මේ රටේ පවතින ජීවන වියදමට ඔරොත්තු දෙන පරිදි, සාධාරණව ගෙවිය යුතු වන අවම සේවක වැටුප ලෙස රු. 30,000/} ක්‌ පමණ ගෙවන්නට රජය සානුකම්පිතව බලා පියවර ගතහොත්. දොස්‌තර මහත්මයලා අපේක්‌ෂා කරන පරිදි ඔවුන්ට කීයක්‌ ගෙවිය යුතු ද යන්න පිළිබඳවය. එමෙන්ම එම දොස්‌තර මහත්මයලාට පැහැදිලි කර දෙන්නට ද කරුණු ගණනාවක්‌ම තිබේ.

    ඒ අනුව පවසන්නට ඇත්තේ, එතුමන්ලාගෙන් බහුතරයක්‌ මේ රටේ ගොවි කම්කරු වැනි අහිංසක දෙමාපියන්ගේ දරුවන් බවත්, නිදහස්‌ අධ්‍යාපනයේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ භුක්‌ති විඳිමින් එතුමන්ලා අද සිටින තැනට පැමිණි බවත්, මේ රටේ පවතින තත්ත්වය අනුව, එතුමන්ලා වැනි තවත් උගතුන් සහ දක්‌ෂයන් අති විශාල පිරිසකට එම අවස්‌ථාව අහිමි වී ඇති බවත්, එයින්ද විශාල පිරිසකට හරිහමන් රැකියාවක්‌ පවා අහිමිව ඇති බවත්, ඔබතුමන්ලාට වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවධියේ ඔවුන් වෙනුවෙන්, සමාජ සාධාරණය වෙනුවෙන් සහ විමුක්‌තිය වෙනුවෙන් සටන් කළ අය වන බවත්, මතක තබා ගත යුතු වන බවයි. එපමණක්‌ නොව, එතුමන්ලාට යථාවබෝධ කරදිය යුතු තවත් කරුණු ගණනාවක්‌ම ඇත. මේ රට මනුස්‌සයින් වෙසෙන රටකි. මිනිසුන් විසින්ම පාලනය කරන රටකි. එනිසාම සමාජ සාධාරණයක්‌ද මෙහි තිබිය යුතුය. ඒ සඳහා සෑම පුරවැසියකුටම යහපත් රැකියාවක්‌ ද තිබිය යුතුය. රට තුළ යහපත් සංවර්ධනයක්‌ සහිත ශක්‌තිමත් ආර්ථිකයක්‌ ද තිබිය යුතුය. එම ආර්ථිකය ද සාධාරණව බෙදී යා යුතුය.

    රටේ සංවර්ධනය සඳහා සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන් මෙන්ම එම පුරවැසියන්ද අත්‍යවශ්‍යමය. ඒ සියලු දෙනාම අවතක්‌සේරුවකින් තොරව දායක කර ගත යුතුමය. එම වෘත්තිකයන් සහ වෘත්තීය ක්‍ෂේත්‍රයන් සියල්ල එකසේම වැදගත් සහ වලංගු විය යුතුය. එහෙයින්, එවන් කිසිවෙකු හෝ කිසිදු ක්‍ෂේත්‍රයක්‌ බැහැර කර, රටක්‌ සංවර්ධනය කරන්නට ද නොහැකියි. එමෙන්ම සංවර්ධනය සඳහා මුහුණ දෙන්නට සිදුවන අභියෝග සහ අර්බුද ජයගන්නට නොහැකි වන බව ද කිව යුතුය. එනිසාම, මේ රටට වැදගත් වන එකම පුරවැසියන් මෙන්ම වෘත්තීය ක්‍ෂේත්‍රය වන්නේ ද ඔබතුමන්ලා සහ වෛද්‍ය ක්‍ෂේත්‍රය පමණක්‌ම නොවන වගද ඔබතුමන්ලා විසින් පළමුව සිහිපත් කර ගත යුතුය. එමෙන්ම ඔබතුමන්ලා මෙන්ම අනෙකුත් සේවකයන්ද යහතින් ජීවත් විය යුතුය යන වගද මනුෂ්‍යත්වයේ නාමයෙන් තේරුම් ගත යුතුය. එපමණක්‌ නොව, තම මූලික අවශ්‍යතාවන් සපුරා ගන්නටද, යුතුකම් සහ වගකීම් ඉටු කරනු පිණිසද, ලියලන සාධාරණ ආශාවන් සපුරා ගන්නටද, ඔබලාට මෙන්ම ආර්ථික ශක්‌තියක්‌ සහ හැකියාවක්‌ ලේ මස්‌ නහර වලින් නිර්මිත අන් සියලු දෙනාටමත් තිබිය යුතුය.

    එමෙන්ම මෙම දොස්‌තර මහත්වරුන්ට යථාවබෝධ කර දිය යුතු වන තවත් වැදගත් කරුණක්‌ ඇත. එනම් මැද පෙර දිග සහ ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ සහ සමාජවාදයක්‌ සඳහා වන සාධාරණ සමාජ සමානාත්මතාවක්‌ අවශ්‍ය නැති වෙනත් රටක හැරෙන්නට, සාධාරණ සමාජ සමානාත්මතාවය පදනම් කරගෙන යහපාලනය රැක ගන්නට කටයුතු කරන, අනෙකුත් රටවල පවත්වාගෙන යනු ලබන අවම සහ උපරිම වැටුප් පරතරය අතර වෙනස වන්නේ, එකට විස්‌සක්‌ නොව, එකට දෙකක්‌වත් නොමැති තරමින්ය. ඒ බව උදාහරණ සහිතව පෙන්වනවානම්, ජපානය, කොරියාව, සයිප්‍රසය, ඇමරිකාව මෙන්ම එංගලන්තය සහ ඉතාලිය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් ඇතුළු තවත් රටවල් ගණනාවක්‌ පෙන්වන්නට හැකි වනවා ඇත. ඒ බව තවදුරටත් තහවුරු කරනවා නම්. එම රටවල කම්කරු වෘත්තියෙහි යෙදෙමින් සිටින අපේ ශ්‍රමිකයින් මේ වනවිටත් ලබන වැටුප් පරිමාණයන් ඒ සඳහා ප්‍රමාණවත්ය. එපමණක්‌ නොව ජපානය උදාහරණයට ගෙන පෙන්වනවා නම්, වැඩියෙන් සහ වැඩි කාල පරාසයක්‌ ගෙවමින් වැඩකරන කම්කරුවෙකුගේ වැටුපක්‌ මෙන් සමාන වැටුපක්‌ පවා ලැබීමට දොස්‌තර මහත්මයෙකුට ඉතාමත් අසීරුය. එමෙන්ම ඔවුන්ට රැකියාව කරන ගමන් පුද්ගලික සායන (private chanelling centers) පවත්වාගෙන යැමටද අවකාශ නැත. කෙටියෙන් සඳහන් කරනවා නම්. වයිට්‌ කොලර් රැකියාවක (white collar job) නියෑළෙන්නෙකුට කිසිසේත්ම කම්කරුවකුගේ. ගොවියකුගේ සහ කාර්මිකයකුගේ මෙන්ම වෙනත් නිෂ්පාදන ක්‍ෂේත්‍රයක නියෑළෙන්නකුගේ පුද්ගල ආදායමක්‌ හෝ වැටුපක්‌ ඉක්‌මවා තම වැටුප ලැබීම තරමක අපහසු කාර්යයකි. ඒ අනුව තවදුරටත් පැහැදිලි කරනවානම්. මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ගොවියන් හැරෙන්නට අනෙකුත් සියලුම වෘත්තිකයන් ගැන විමසා බැලුව ද වටහා ගන්නට හැකි වන්නේ, ජපන් වෘත්තිකයන් සියලු දෙනාම සමාන වැටුප් සහ ආදායම් ලබන බවයි.

    එපමණක්‌ නොව, දොස්‌තර මහත්වරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව රජයටද යමක්‌ පැවසිය යුතුව ඇත. මේ රට තුළ යහපාලනය ස්‌ථාපිත කර ගැනීමට නම් යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයක්‌ අවශ්‍යයි. එම සමාජය තුළ යහපත් ආකල්ප පෝෂණය වන්නට නම් ඔවුන්ව අසහනයෙන් මුදවා ගත යුතුය. අසහනයෙන් මුදවා ගන්නට නම් සාධාරණ සමාජ වටපිටාවක්‌ නිර්මාණය කළ යුතුය. ඒ සඳහා සමාජය තුළ පවතින විවිධ අසමතා සහ විෂමතා ද දුරුකළ යුතුය. එසේ නොමැතිව ඉහත සඳහන් කළ පරිදි "වයිට්‌ කොලර්" වෘත්තිකයන්ගේ හඬට කන් දීමෙන් හෝ ඔවුන්ව සැනසීමෙන් පමණක්‌ රටේ ප්‍රශ්න විසඳන්නටද නොහැකිය. එහෙයින් ඉදිරි අයවැයේදී හෝ වැටුප් වැඩි කිරීමක අවශ්‍යතාව ගැන සලකා බලනවා නම්, එසේ කළ යුතු වන්නේ ද අවම පඩිපත් ලාභීන්ගේ පමණක්‌ වැටුප්a උපරිම තලයකට ගෙන ඒම සඳහා පමණි.

    ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන්න ඉදිරියේදීවත් අප රට තුළ රැක ගැනීමේ අවශ්‍යතාව රජයට තිබෙනවා නම්, වක්‍ර බදු හරහා පීඩිතයන්ගේ බත් පතට සහ කහට කෝප්පයට නොගැසිය යුතුය. ඒ වෙනුවට දොස්‌තර මහත්මයලා මෙන්ම තවත් වැඩි පඩි සහ විවිධ සායන වැනි දේ හරහා වැඩි ආදායම්ලාභීන් ද කොටු කරගෙන සෘජු බදු අය කළ යුතු වනු ඇත. එපමණක්‌ නොව පෞද්ගලික අංශයේ ද විවිධාකාරයේ වැඩි ආදායම් ලබන්නන් කොටුකරගෙන ඔවුන්ගෙන්ද සෘජු බදු අයකර ගත යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය අගයන අනෙකුත් රටවල් විසින් සිදු කරනු ලබන්නේද ඒක පුද්ගලිකව වැඩියෙන් ලියලන ශුද්ධ ආදායම් දල්ල මුලින්ම කඩාගෙන සෘජු බදු ලෙස අයකර ගැනීමය. එපමණක්‌ ද නොව සමාජය යහපාලනයකට නතුකර ගැනීමේ උපාය මාර්ගයක්‌ ලෙස ද එම රටවල් විසින් මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් ඇත.

    ඇත්ත වශයෙන්ම මේ රටේ අණපනත්වලට යටත්වූ බදු ක්‍රමයක්‌ ද ඇත. මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන එම ක්‍රමවේදය අනුව, වාර්ෂික ඒක පුද්ගල ශුද්ධ ආදායමද රු. ලක්‍ෂ තුනකට සීමා කර ඇත. එපමණක්‌ නොව ධන බදු ගෙවා අවසන් වන විට එය ද රු. 1,005,000/} ට සීමා කර ඇත. එය අප රටේ එක්‌ පුද්ගලයෙකු වාර්ෂිකව ලබන්නට හැකි උපරිම ලාභය ද වන්නේය. එතැනින් එහාට උපයන ශුද්ධ ආදායමක්‌ වේනම්, ඒ සියල්ලම සෘජු බදු ලෙස රජයට ගෙවන්නට ද සිදුවන්නේය. ඒ අනුව මේ මොහොතේ දොස්‌තර මහත්වරුන් විසින් ඉල්ලන පරිදි ඔවුන්ගේ වැටුප මසක රු. 180,000/} පරිදි වසරකට එය රු. 2,160,000/} ක්‌ බවට ද පත්වනු ඇත. එහෙයින් ඔවුන් විසින් මෙම වැඩි වැටුප් ඉල්ලා සිටින්නෙත් රජයට බදු ගෙවීම පිණිසම ද යන්න ගැටලුවකි.

    එහෙයින් අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ, දොස්‌තර මහත්වරු පමණක්‌ නොව තව තවත් ලොකු මහත්වරුන්ගේ එවන් අසාධාරණ ඉල්ලීම්වලට කන් දෙනවා වෙනුවට, මේ රටේ පීඩිතයන් බවට පත්ව ඇති ගොවියන්ගේ කම්කරුවන්ගේ මෙන්ම අවම වශයෙන් වැටුප් ලබන්නන්ගේ අඳෝනාවන්ට සවන් දී කටයුතු කරන ලෙසටයි. එමෙන්ම ඉහළ වැටුප් ලබන්නන් මේ වනවිට මේ රටේ සුදු අලියන්ගේ ගණනට පත්ව ඇති බවත්. ගොවියන්, කම්කරුවන් ඇතුළු අඩු වැටුප් සහ අඩු ආදායම් ලබන්නන් මේ රටේ ජීවනාලිය නොහොත් ආර්ථිකයේ උල්පත්ද වන බවයි. එමෙන්ම තවදුරටත් පැහැදිලි කර දිය යුතු වන්නේ, මේ වන විටත් ස්‌ථාවර ලෙස දියුණු යෑයි සැලකෙන රටවල් වැටුප් සහ ආදායම් පරතරයන් අතර පවතින අසමතාවයන් සහ විෂමතාවන් ඉතාමත්ම අඩුවෙන් පවත්වාගෙන යන බවයි. එමෙන්ම එවන් තත්ත්වයක්‌ පවත්වාගෙන යැම යනු, රටකට අවශ්‍ය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමාජවාදයේ පැවැත්මට බලපාන ඉතාමත්ම තීරණාත්මක කරුණක්‌ ද වන බවයි. එමෙන්ම එම රටවල යම් තරමකට හෝ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ආරක්‌ෂා කරගන්නට ලැබී ඇත්තේ ද මෙම ආදායම් සහ වැටුප් විෂමතාවන් අවම තත්ත්වයන්ගෙන් පවත්වාගෙන යැමට එම රටවල් සමත්ව ඇති නිසාමය.

    එහෙයින්, අප විසින් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ රජය විසින්ම පවත්වාගෙන යා යුතු සේවාවන් යහපත්ව පවත්වාගෙන යනු වෙනුවට, ඒවා පෞද්ගලික අංශයට භාරකර ජනතාව ගසාකන්නට අවකාශ නොතබන ලෙසටය. එමෙන්ම, හාල්මැස්‌සන් සහ කූනිස්‌සන් කොටුකර ගන්නවා වෙනුවට තෝරුන් සහ මෝරුන් කොටුකරගෙන සෘජු බදු පමණක්‌ වැඩියෙන් අයකර ගන්නා මෙන්ද, එසේ අය කර ගන්නා බදු මුදල් මගින් රාජ්‍ය සේවාවන් පූර්ණ මෙන්ම යහපත් සේවාව ලෙසට පවත්වාගෙන යන ලෙටසයි. එසේ නොමැතිව සමාජ සමබරතාව රැක නොගෙන, ඒ සඳහා කිසිදු දැක්‌මක්‌ ද නොමැතිව, එක්‌ එක්‌ පුද්ගලයින් සහ කණ්‌ඩායම් විසින් විවිධ බලපෑම් කරමින් කන්ඩ හිතුනහම කබරගොයා තලගොයා බවට පත්කරගෙන කන්ඩ හදන කල, ඊට ද කිසිසේත්ම ප්‍රතිචාර නොදැක්‌විය යුතුය. එමෙන්ම එවන් සෘජු බදු අයකර ගැනීම හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ඇනහිටින බවටත්. සමස්‌ත ආර්ථිකය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක්‌ ඇති විය හැකි බවටත්. නිර්මාණය කරන ගෝනි බිල්ලෙකුටද බය විය යුතු නැති බව ද සඳහන් කළ යුතුය.

    එමෙන්ම යහපත් රාජ්‍ය බදු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ නම්, දේශීය ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහා වැඩිපුර ශ්‍රමිකයන් පොළඹවා ගැනීමට ද, පෞද්ගලික අංශය ශක්‌තිමත් කර, ආයාසයකින් තොරව, රජය ආදායම ආවරණය කර ගැනීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් බදු අයකර ගැනීමටද ආර්ථිකයේ ප්‍රතිලාභ සියලුම පුරවැසියන් අතර සාධාරණව බෙදී යැමටද, සියලුම සමාජ අසමානතාවන් සහ විෂමතාවන් පහකර යෑවීමටද විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම් සහ සමාජ අරගල වැනි ප්‍රධාන අභියෝග සහ අනෙකුත් අර්බුද ජයගැනීමට ද හැකිවන අතර, යහපත් මෙන්ම ශක්‌තිමත් රාජ්‍යයක්‌ ගොඩනැඟීමටද හේතු වනවා ඇත.

    බී. එම්. එස්‌. බලසූරිය
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Wena ratak ekka compare karanna ba machan ehema lesiyen.

    western countries wala degree ekak $30,000 k wath wenawa. eketa income tax (~10%) wage ewa set wunama take-home salary eka 80% wage wenne. Apartment rent karanna $1000 ta wada yanawa (SF, TX, NY, etc) aniwa.
    Salary $60,000 wage.

    Ape rate education 100% free deela hospital charges anan manan okkoma free deela thiyenawane.

    Basic kohomath 30 ta adui (27,28 wage ganak). anith ewa PP karala thamai ithin. Dushkara pathi walanam O/T oncall hariyata wenne nathi welawata athal eke innawa naththam Doctors la kiyanna sahenna mahansi wena kattoyak ban.

    Ape bappa and ayya doctors la. 6.30AM withara gedarin eliyata giyama aye enne 9PM withara. Dawasak niwadu danna ba. Appointments thiyenawa masa 3k withara issarahata. Matanam pissu hadenawa ban .
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාව ජනාධිපති කරපල්ලා.මම ලක්ෂ තුනක පඩියක් ඩොකාලට දෙන්නම්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol:

    උබ දොස්තර උනාට හැමදේම දන්නවා කියල පෙන්නන එපා. හංගන්න දෙයක් නැහැ මෙන්න Manitoba Doctor ල හම්බකරපුව (see very last pages).

    (1) This is not their salary. The total income ( + salaries to other staff etc).
    (2) the government person can earn 50,000 Can$ or more

    http://www.gov.mb.ca/finance/pdf/annualrep/2012_13/health.pdf

    :lol::lol: අනේ මම ඩොකෙක් නෙවෙයි. මම පැත්තක ඉන්න අහිංසක මනුස්සයෙක් :no::no:
    මට මේ පිටු 129ම කියවන්න අමාරුයි :(:( කඩ්ඩ පොලිශ් මදි. මේකේ තියෙන පිටුවත් එක්ක ඔබතුමා කියන්න අදහස් කරන දේ පැහැදිලිව කියන්නකෝ :(:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    බින්දු;16640834 said:

    :lol::lol: අනේ මම ඩොකෙක් නෙවෙයි. මම පැත්තක ඉන්න අහිංසක මනුස්සයෙක් :no::no:
    මට මේ පිටු 129ම කියවන්න අමාරුයි :(:( කඩ්ඩ පොලිශ් මදි. මේකේ තියෙන පිටුවත් එක්ක ඔබතුමා කියන්න අදහස් කරන දේ පැහැදිලිව කියන්නකෝ :(:(

    පොර talk

    "උඹ ඉන්න රටෙත් දැනට ගෙවන්නේ එහෙමයි "

    මම පෙන්නුවේ මෙහෙ දොස්ටහරලට ගෙවන ගැන. අන්තිම පිටුවල හැම දොස්තර කෙනෙක්ගෙම ගැන දාල තියෙනවා. දැන් වලිගෙ පස්සේ ගහගෙන හිටපන්
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    පුවතක පසුබිම
    වැටුප් සහ ආදායම් විෂමතා -DIVAINA puwathpatha

    බී. එම්. එස්‌. බලසූරිය

    1. මේක ලියපු මාධ්‍යවේදි මහත්තයත් ඔබතුමා වගේම කුහක අදහසින් ලියලා තියෙන්නේ.එතුමට පත්තරෙන් දෙන ගානට වඩා වැඩි පඩියක් මෙයාලා ඉල්ලනකොට කසනවා වගේ ඇති :rolleyes::rolleyes:
    2. 1:20ක් කවුරුවත් ඉල්ලන්නේ නෑ. 1:12 දෙන්න කියලා කියන්නේ.
    3. ආණ්ඩුවේ ඇමතියෝ, ජේශ්ඨ ඇමතියෝ, මහින්ද මාමගේ පවුල නඩත්තු කරන්න යන වියදමටත් වඩා කොච්චර අඩු මුදලක් ද ලක්ශ 2ක් පඩි ගෙවන්න යන්නේ :oo::oo:
    4. ඔය පොර ටෝක් දෙන අනිත් එක වෘත්තිකයෙක් වත් මෙහෙම අඩු පඩියට සතියට පැය 80ක් විතර වැඩ කරනවද?? :rolleyes::rolleyes: රට ගැන හිතලා :rofl::rofl:
    4. :P:P දැනුමට නොසලකන කිසිම රටකට දියුණු වෙන්න බෑ :no::no: අපේ රටවල් වලට කෙල වෙලා තියෙන්නෙත් ඒකම තමයි. :baffled::baffled: ප්‍රතිපත්ති හදන්නෙත් හෙංචයියෝ, එහෙයියෝ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙත් හෙංචයියෝ එහෙයියෝ. උන්ට බලය දෙන්නෙත් ඒ විදියටම හිතන මිනිස්සු :baffled::baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොර talk
    "උඹ ඉන්න රටෙත් දැනට ගෙවන්නේ එහෙමයි "

    දැන් වලිගෙ පස්සේ ගහගෙන හිටපන්

    මචන් manitoba කියන්නේ කැනඩාවම නෙවෙයි. මේකේ කොහේවත් janitor කෙනෙක්ගෙයි ඩොකෙක්ගෙයි පඩිය කම්පෙයාර් කරලා නෑ නේ :P:P:rofl::rofl:
    ඔබතුමාගේ pdf එකේ general practitionersලා earn කරපු අවම සැලරි එකයි, හෙල්ත් මිනිස්ටර්ගේ සැලරි එකයි කම්පෙයාර් කරලා බලන්න :rolleyes::rolleyes::P:P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;16640713 said:
    :P:P ඕකගේ පච. ඕකා තමයි ඔරියන්තුමා :P:P
    its too early to make strong predictions or miracles.But When the right time is up I will make strong miracles and predictions that are not even heard or mentioned in history or any holy books and shock the world..:):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    බින්දු;16640850 said:

    1. මේක ලියපු මාධ්‍යවේදි මහත්තයත් ඔබතුමා වගේම කුහක අදහසින් ලියලා තියෙන්නේ.එතුමට පත්තරෙන් දෙන ගානට වඩා වැඩි පඩියක් මෙයාලා ඉල්ලනකොට කසනවා වගේ ඇති :rolleyes::rolleyes:
    2. 1:20ක් කවුරුවත් ඉල්ලන්නේ නෑ. 1:12 දෙන්න කියලා කියන්නේ.
    3. ආණ්ඩුවේ ඇමතියෝ, ජේශ්ඨ ඇමතියෝ, මහින්ද මාමගේ පවුල නඩත්තු කරන්න යන වියදමටත් වඩා කොච්චර අඩු මුදලක් ද ලක්ශ 2ක් පඩි ගෙවන්න යන්නේ :oo::oo:
    4. ඔය පොර ටෝක් දෙන අනිත් එක වෘත්තිකයෙක් වත් මෙහෙම අඩු පඩියට සතියට පැය 80ක් විතර වැඩ කරනවද?? :rolleyes::rolleyes: රට ගැන හිතලා :rofl::rofl:
    4. :P:P දැනුමට නොසලකන කිසිම රටකට දියුණු වෙන්න බෑ :no::no: අපේ රටවල් වලට කෙල වෙලා තියෙන්නෙත් ඒකම තමයි. :baffled::baffled: ප්‍රතිපත්ති හදන්නෙත් හෙංචයියෝ, එහෙයියෝ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙත් හෙංචයියෝ එහෙයියෝ. උන්ට බලය දෙන්නෙත් ඒ විදියටම හිතන මිනිස්සු :baffled::baffled::baffled:

    (1) method 1

    1:12 අනුපාතය අනුව

    කම්කරුවෙක් 10,000 ගන්නවානම් දොස්තර කෙනෙක් 120,000 ගන්න ඕන. කම්කරුවෙක් 50,000 ගන්නවානම් දොස්තර කෙනෙක් 600,000 ගෙවන්න ඕන.

    (2) method 2

    කම්කරුවන් හෝ වේවා ඕනෑම රජයේ සේවකයෙන් අඩුම ගානේ 30,000 -50,000 වත් දෙන්න ඕන. ඒ මිනිස්සුත් අවම ජීවන මට්ටමක් තියෙන්න ඕන. ඒ මිනිස්සුත් අතම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න ඕන.
    දොස්තර කෙනෙක්ට ඊට වඩා ගෙවන්න ඕන. එක සාදාරනයි. 100,000 වගේ ගනනක් වෙන්න පුළුවන්. නමුත් 1:12 විය යුතු නැහැ. රටවල්වල ප්‍රතිපත්ති සැකසෙන්න ඕන මිනිස්සුන්ගේ අදායම් විෂමතා අවම වෙන්න, හැමෝටම reasonable ජීවන මට්ටමක් ඇති කරන්න.

    කවුද කුහක කියල දැන් පැහැදිලියි. වැටුප් තල නිකම් දල වශයෙන් හිතල ලිව්වේ. මගේ අදහස ගන්න.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    පොර talk

    "උඹ ඉන්න රටෙත් දැනට ගෙවන්නේ එහෙමයි "

    Physiciansx660-646x700.jpg

    Source - උඹේ රටේ හෙල්ත් ඉන්ෆො දෙන සයිට් එක :rofl:

    Janitor/care taker ( ලංකාවේ සුලු සේවක කියන කෙනාට සමාන කෙනෙක් ගන්න ඕන නිසා මෙයාව ගත්තේ ) කෙනෙක්ගේ අවුරුද්දේ සැලරි එක $22000-35000 ( ඇවරේජ් 25000 )

    ගණන් පුලුවන් නම් බලන්න අනුපාතේ :rolleyes::rolleyes: ඉන්කම් ටැක්ස් 40% වදිනවා ඒ නිසා අඩු වෙනවා කියලා හිතමු. ඒත් :shocked::shocked: කැනඩාවේ පත්තර ආටිකල් වල තියෙනවා 40% වදින්නේ නැතුව ටැක්ස් අඩු කරන/කෙරෙන විදිය :rolleyes::rolleyes:

    P.S. - අර pdf එක ආයෙත් හරියට කියවලා බලන්න. එතකොට තේරේවි ඒ ඔඩිට් කරලා තියෙන්නේ මොනවද කියලා :P:P:P
     
    1. අනිවා කම්කරුවොන්ට, පියන්ලට පඩි වැඩි වෙන්න ඕන. 30 000 කියන එක සාධාරණ ගානක් :yes::yes::yes: 30 000 * 12 = 3 60 000 නේ. කවුරුවත් එච්චර ඉල්ලන්නේ නෑ. 2 00 000ක් දෙන්න කියලා කියන්නේ. ඒක අසාධාරණ ගානක් වෙන්නේ කොහොමද??? :no::no::no::oo::oo::oo:
    :rofl::rofl: ලැබෙන්න ඕන ගානටත් වඩා අඩුවෙන් ඉල්ලන එකද කුහක කම :P:P

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    බින්දු;16640889 said:

    1. අනිවා කම්කරුවොන්ට, පියන්ලට පඩි වැඩි වෙන්න ඕන. 30 000 කියන එක සාධාරණ ගානක් :yes::yes::yes: 30 000 * 12 = 3 60 000 නේ. කවුරුවත් එච්චර ඉල්ලන්නේ නෑ. 2 00 000ක් දෙන්න කියලා කියන්නේ. ඒක අසාධාරණ ගානක් වෙන්නේ කොහොමද??? :no::no::no::oo::oo::oo:
    :rofl::rofl: ලැබෙන්න ඕන ගානටත් වඩා අඩුවෙන් ඉල්ලන එකද කුහක කම :P:P

    දැන් මොකද හෙමිහිට 1:12 වලින් ලිස්සල යන්නේ? මම නෙවි මේක කිව්වේ :lol::lol::lol:
    නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    බින්දු;16640886 said:

    Physiciansx660-646x700.jpg

    Source - උඹේ රටේ හෙල්ත් ඉන්ෆො දෙන සයිට් එක :rofl:

    Janitor/care taker ( ලංකාවේ සුලු සේවක කියන කෙනාට සමාන කෙනෙක් ගන්න ඕන නිසා මෙයාව ගත්තේ ) කෙනෙක්ගේ අවුරුද්දේ සැලරි එක $22000-35000 ( ඇවරේජ් 25000 )

    ගණන් පුලුවන් නම් බලන්න අනුපාතේ :rolleyes::rolleyes: ඉන්කම් ටැක්ස් 40% වදිනවා ඒ නිසා අඩු වෙනවා කියලා හිතමු. ඒත් :shocked::shocked: කැනඩාවේ පත්තර ආටිකල් වල තියෙනවා 40% වදින්නේ නැතුව ටැක්ස් අඩු කරන/කෙරෙන විදිය :rolleyes::rolleyes:

    P.S. - අර pdf එක ආයෙත් හරියට කියවලා බලන්න. එතකොට තේරේවි ඒ ඔඩිට් කරලා තියෙන්නේ මොනවද කියලා :P:P:P

    http://www.theglobeandmail.com/life/health-and-fitness/health/how-much-are-canadian-doctors-paid/article7750697/