Dolby Atmos/DTS X, එක ගැනත් පොඩි විස්තර ටිකක්

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    ගොඩක් අය අහන ප්‍රශ්නයක් නිසා Dolby Atmos/DTS X, එක ගැනත් පොඩි විස්තර ටිකක් කියන්න හිතුවා. මේ technology ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ, මොකද google, youtube search කරලා බැලුවොත් ඕනැ තරම් විස්තර තියෙන නිසා.

    122021651_1559600444213714_5572654670756667341_o.jpg

    Dolby Atmos ගැන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Atmos හරියට තියෙන movies කොහෙන් හොයාගන්නද කියන එක. Atmos තියෙන bluray හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්. තිබ්බත් සෑහෙන්න ගණන්. හොදම දේ තමයි torrents.
    Atmos ගැන තව දෙයක් තමයි, Dolby atmos එකේ coding signal එකත් එන්නේ Dolby TrueHD signal එකක් විදියටමයි. හැබයි atmos සිග්නල් එකක් හරියට අඳුරගන්න පුළුවන් Atmos තියෙන receiver එකකට විතරයි. Normal 5.1, 7.1 receiver ඒ signal එක normal 5.1,7.1 විදියටම out කරනවා. හැබයි ප්‍රශ්නේ මේ torrent movie එකක් උනත් අවම 7GB විතර වෙනවා. සාමාන්‍යයෙන් atmos movie එකක් download කරනවානම් 10GB වත් වෙනවා ගොඩක් ඒවගේ size එක. Torrent site වල "atmos" කියලා search කරන්න. කෙලින්ම එනවා films ඕනා තරම්. මේවා නම් ගොඩක් ඒවගේ atmos හරියටම තියෙනවා.
    එහෙම download කරපු පලියටම atmos, DTS X ගන්නත් බෑ. Computer/Laptop එකෙන් AVR එකට දෙන signal එක HDMI cable එකක් හරහම දෙන්න ඕන. ඒ දීලත් මදි. Atmos ෆයිල් කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන් හොදම player එක VLC. VLC එකෙනුත් settings වලින් හදන්න ඕනා atmos signal එක stereo විදියට නැතුව, atmos සිග්නල් එකක් විදියටම out කරන්න. එකේ settings හදන විදිය google එකේ search කරාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ right click කරලා, audio එකට ගිහින් බලන්න ඕන atmos තියෙන audio track එකද play වෙන්නේ කියලා. සමහර movies වල නම් audio එකට ගියාම Atmos කියලා track එකක් තියෙනවා. ඒත් ගොඩක් ඒවගේ තියෙන්නේ truehd,thd වගේ වෙන නම්වලින්.බොහෝ වෙලාවට atmos නැති audiotrack එක තමයි play වෙන්නේ. ඒක හින්දා එක එක track එක දාලා බලන්න atmos තියෙන්නේ මොකේද කියලා receiver එකෙන් detect කරණකන්. ඊටපස්සේ receiver එකේ නම් වැඩි දෙයක් හදන්න නෑ. Direct, නැත්තම් straight වගේ සවුන්ඩ් setting එකක් දැම්මාම හරි. Surround decoder effect එකත් හරි.

    ඊටපස්සේ ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි overhead/front height speakers වලින් sound එනවා මදි කියන එක. මුලින්ම receiver එකේ settings වලින් overhead speakers දෙකේ සවුන්ඩ් level එක වැඩි කරලා බලන්න. Atmos සිග්නල් එක නැත්තම් මන් මුලින් කිව settings ආයෙත් බලන්න. ඒත් settings ඔක්කොම හරි වෙලත්, receiver එකෙන් signal එක හරියට identify කරලත් ඇහෙනවා මදි කියන්නේ film එකේ විදිය. සමහර films වල නම් කලාතුරකින් ඇහෙන්නේ. ඒක හින්දා ගන්න ෆිල්ම් එකත් හොඳ වෙන්න ඕන. Marvel movies නම් බොහෝවිට හොදයි. මං බලපු atmos effects තියෙන movies list එකක් දාන්නම්.
    හැබයි මෙහෙම දෙයක් තියෙනවා. කොයි atmos movie එකක් උනත් fulltime atmos speakers වලින් සද්දෙ එන්නේ නෑ. Background එකෙන් එන සද්ද තමයි ගොඩක් වෙලාවට cover කරන්නේ. වැස්සක් එහෙම එද්දී නම් මරු. හැබයි මේ දේ නම් ඔයාලා දැනගන්න ඕනා. ඔයාට මතක ඇති ඔයා stereo sounds අහලා මුලින්ම 5.1 සිස්ටම් එකකින් surround effects එක්ක පළවෙනියට movie එකක් බලපූ දවස. එදා ඔයාට "අම්මටසිරි, මේක පිස්සු හැදෙනවා" කියලා හිතෙන්න ඇති අනිවරෙන්ම. හැබයි ඔයා කොච්චර හොඳ atmos effect එකක් තියෙන movie එකකින් atmos පළවෙනි පාරට අහදිදී නම් අර 5.1 system එකක් මුලින් අහද්දි උඩ ගියා වගේ නම් වෙන්නේ නෑ, මොකද අපි දැන් surround sounds කියන්නේ මොකක්ද කියන ඒක අහලා තියෙන නිසා. එකෙන් ලොකුවට දුරක් ගියපු දෙයක් නෙවෙයි atmos,dts x කියන්නේ.නමුත් එකෙත් වෙනම ගැම්මක් තියෙනවා. ඒත් atmos වලටම කියලා ඔයා දැන් පාවිච්චි කරන av receiver එක මාරුකරන ඒක නම් ලොකුවට තේරුමක් තියෙන දෙයක් නෙවෙයි.ඒ හින්දා හොදම දේ කොහෙන් හරි atmos හරියට අහලා බලලාම තීරණයක් ගන්න එක වඩාත් සුදුසුයි කියලා මට හිතෙනවා.

    උපුටා ගැනීම
    FB GROUP - AV Receiver & Home Theater පිස්සො Official Fan Club
    -Dhomitha Kumarasiri-

    Dolby Atmos - https://www.dolby.com/technologies/dolby-atmos/
    DTS X - https://dts.com/dtsx
    Configuring VLC for atmos playback - https://www.reddit.com/.../how_to_fix_dolby_atmos_in_vlc/
    https://www.youtube.com/watch?v=4COoXS6m0us...
    https://forum.videolan.org/viewtopic.php?t=145489
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මම දැක්ක මේකේ පොස්ට් එකකුත් ඔය ගෘප් එකේ දාල තිබ්බ. උඹ ආයේ ඒකෙන් අරගෙන මේකේ දානවද? මේකෙන් එකට ආයේ ඒකෙන් මේකට. 🙄
     
    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මම දැක්ක මේකේ පොස්ට් එකකුත් ඔය ගෘප් එකේ දාල තිබ්බ. උඹ ආයේ ඒකෙන් අරගෙන මේකේ දානවද? මේකෙන් එකට ආයේ ඒකෙන් මේකට. 🙄
    :P :P මේකෙ නැති උන්ට ඒකෙන් බලන්න දානවා.. එකෙ නැති උන්ට මේකෙන් බලන්න දානවා...
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මමත් ගොඩක් කැමති සබ්ජේක්ට් එකක් තමයි මේක. මමත් දන්න දේවල් ටිකක් මේකට එකතු කරන්නම්. මූවීස් එහෙම ඩවුන්ලෝඩ් කරනවානම් මම රෙකමන්ට් කරන ටොරන්ට් සයිට් එක තමයි මේක https://rarbgenter.org/torrents.php?search=Spark මේක ගොඩක් වෙලාවට ඕනිම මූවි එකක් අපිට කැමති File Format වලින් ගන්න පුලුවන්. Lossy Audio තියෙන එකක් ඕනිනම් ඒ විදියට නැත්ත්ම් Lossless Audio ඕනිනම් ඒ විදියට උනත් ගන්න පුලුවන්. තව වීඩියෝ පැත්තෙන් බැලුවොත් 4K Bluray, 1080 Bluray වුනත් ගන්න පුල්වන්. Lossy Audio Format තමයි DTS Audio, Dolby Digital වගේ ඒවා. (මීට අමතරව තවත් තියෙනවා). Lossless Audio නම් DTS Masster Audio, DTS-X, Dolby True HD, Dolby Atmos වගේ අපිට කැමති ඕනි විදියකින් ගන්න පුලුවන්. අපි ඩවුන්ලෝඩ් කරන මූවි එකක් හෝ සින්දුවක තියෙන විස්තර MediaInfo වගේ Software එකක් හරහා බලාගන්න පුලුවන්. මේකෙන් සවුන්ඩ් Format එක Bitrate එක Channel ගාන කොච්චර කැපෑසිටියක් තියෙනවද වගේ ගොඩක් දේවල් බලා ගන්න පුලුවන්. https://mediaarea.net/en/MediaInfo/Download. කම්පියුටර් එකෙන් මූවීස් බලනවානම් VLC Media Player එකට අමතරව MPC, Cyberlink Power DVD වගේ ප්ලේයර් වුනත් පාවිච්චි කරන්න පුල්වන්. තව මතක් වෙන මතක් වෙන වෙලාවට දාන්නම්.
     
    යාලු ඔයා එන්න අපේ ගෲප් එකට. ඔයාදන්න දේවල් අපි හැමෝටම බෙදාදෙමු.. https://www.facebook.com/groups/262063198339448/members
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,315
    113
    ඔච්චර හරියක් කරල බලන්න තරම් හොඳ movies අද කාලෙ තියෙනවද බං?හොලිවුඩ් ෆිල්ම්ස් දැන් බොලිවුඩ් ෆිල්ම්ස් වගේනේ..
     
    • Like
    Reactions: Lahiru120

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මම දැක්ක මේකේ පොස්ට් එකකුත් ඔය ගෘප් එකේ දාල තිබ්බ. උඹ ආයේ ඒකෙන් අරගෙන මේකේ දානවද? මේකෙන් එකට ආයේ ඒකෙන් මේකට. 🙄
    එකේ ඇඩ්මිනුත් මේක ඉන්නවද කොහෙද බන් 😉
     
    • Haha
    Reactions: Heshan Daminda