Redmi note 14 pro plus indian version

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    gallary eke photos wadi wunama phone eka awul yanwa wage seen ekak tiyenawa neda redmi wala
     
    • Like
    Reactions: NRTG

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    හදිස්සියනේ බන්. ෆෝන් එක නැති උනාම ජොබ් එකවත් කරගන්න බැරි වෙනව. ඉන්දියන් එක මෙහෙම අවුල් යයි කියල හිතුවේ නැ.

    ගින්දරට වැඩ. කිසිම අවුලක් නැ.
    ------ Post added on Feb 22, 2025 at 12:06 PM
    Announcement eka enne nadda?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    ජනවාරි මුල හරියෙ පාවිච්චි කර කර ඉදපු ෆෝන් එක කැඩුනා. ඉතින් ඉතා ඉක්මනින් ෆෝන් එකක් ගන්න ඕන උනා.

    ඔලුවෙ අයිඩියා එක තිබුනේ 12GB 512GB snapdragon 7s gen 3 එකක් ගන්න.

    snapdragon හොදයි කියල කිරියේ එක්කෙනෙක් දාපු කමෙන්ට් එකක් දැකල තමයි snapdragon ම හෙවුවේ.

    බජට් එක 100,000/- ට වගේ තමයි බැලුවේ. ඔය කරුණු කාරණා වලට ගැලපෙන ෆෝන් අතරින් අන්තිමට සෙට් උනේ මේක. වැඩේ ගොඩක් හදිස්සි නිසා ග්ලෝබල් වර්ෂන් බල බල හිටියේ නෑ ඉන්දියන් සීල් පැක් අහුඋනා. ගත්තා. වොරන්ටි නෑ. ටීසීආර් ඇප්රුවල් නැ. ගත්තේ 120,000/-

    මුලින්ම හොද ටික කියන්නම්.

    කර්වු ඩිස්ප්ලේ එක සුපිරි.
    ටච් එක හොදයි
    බැටරිය හොදයි
    ෆාස්ට් චාජින් හොදයි
    ෆින්ගර් ෆිරින්ට් සෙන්සර් එක හොදයි (ඇගිලි වල වතුර තිබුනත් වැඩේ වෙනවා)
    සවුන්ඩ් හොදයි (stereo speakers (with Dolby Atmos))
    සිග්නල් අවුල් නම් ආවෙම නැ. සිගනල් අඩු පැතිවල උනත් වැඩ ටික කර ගන්න පුලුවන් උනා හොදට
    ෆොටෝස් හොදයි. රෑ ගනිපු ෆොටෝ හොද මට්ටමක තියනවා.

    ෆෝන් එක හොදයි. කියල කියන්න තිබුනනම් හොදයි. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් ආවා. පොඩි කිවුවට ලොකුම අවුල්. මේ අවුල් ආවේ මගේ ෆෝන් එකේ විතරක් වෙන්නත් පුලුවන් (මම පෙර කරපු කරුමයක් නිසා) අලුතින් ගන්න අය වොරන්ටි තියන ඩිවයිස් ගන්න.

    01 . ෆෝන් එක ස්ටක් වෙලා ඕෆ් වෙනවා. දැන් මම මාසයක් විතර එක දිගට පාවිච්චි කරනවා. පාවිච්චි කරනව කිවුවට පට්ට ගහනවා. දැනට 5ස් වතාවක් විතර ඕෆ් වෙලා තියනව. රස්සාවේ වැඩ කරන්නේ ෆෝන් එකෙන් නිසා සෑහෙන්න වැඩ ගන්නවා. මේ මාසෙට ෆොටෝ 20,000 ට කිට්ටු වෙන්න අරන් තියනව. මම දන් නැ මේක සොෆ්ට්වෙයා අවුලක්ද හාඩ්වෙයා අවුලක්ද කියල. මේක තමයි ආපු ලොකුම ලෙඩේ. ලෙඩේ ආපු හැම වෙලාවකම ඩේටා ඔන් එකේ තිබුනා. ඇප් 6 ක් වත් රන් වෙවි තිබුනා. මේකට සොලුෂන් එකක් හොයා ගන්න වෙනවා. දිගටම මේ ඩ්‍රෙට් එක අප්ඩේට් කරන්නම් මොකද වෙන්නේ කියලා.

    02 කැමරා එක ඉස්සරහින් ලොකු එළියක් කැමරාව පැත්තට වැටෙනව නම් ඒ එළිය ෆොටෝ එකට වදිනව කෙලින්ම. මට හිතෙනව ඒක වෙන්නේ මේ ලෙන්ස් එක කවර් කරල තියන ලොකු ග්ලාස් එක නිසා කියලත්. බැක් කවර් එකක් දා ගත්තාම ඒක නම් ටිකක් ශේප් උනා වගේ. ඒකෙත් ෆොටෝ දාන්නම්

    View attachment 247102

    View attachment 247103

    View attachment 247104

    View attachment 247105

    View attachment 247106
    හද එළීය කෙලින්ම ලෙන්ස් එකට වැටුනම මෙහෙම වෙනවා.

    View attachment 247107
    ඉර එලිය ලෙන්ස් එකට වැටුනාම

    View attachment 247108

    මේ බැක් කවර් එකෙන් කැමරාවෙ අවුල ටිකක් විසදුනා.

    තව මොනවහරි දැනගන්න තියේ නම් අහන්න. මම උත්තර දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.
    chinese version eka thiyenawa.. tama aulak ne hyperos2.0 thiyenne december aga wage gatte....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,653
    197,680
    113
    Colombo, Sri Lanka
    Xiaomi brand එකේ කිසිම phone එකක් ගන්න එපා බං.
    agreed misha collins GIF
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    එක ගොඩ දාගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියපං කෝ බම් 🤔🧐
    D-Tech Repair Center
    0753353504

    Xiaomi brand එකේ කිසිම phone එකක් ගන්න එපා බං.
    ඔය ස්පෙක් එක තියන වෙන ෆෝන් එකක් නෑනේ බන් මාකට් එකේ ඔය ගානට.
    ------ Post added on Feb 23, 2025 at 11:54 PM

    CN kiyala enne China version da

    China domestic using walata untama hadanna nisa China version Quality wedi nadda 🤔

    චයිනා වර්ෂන් එකේ සමහර ඇප් එහෙම සපෝට් නැ කියනව. අප්ඩේට් එන් නැ කියනව, එක එක කතා තියනව. හැබැයි පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.
    ------ Post added on Feb 23, 2025 at 11:57 PM

    Announcement eka enne nadda?
    නැ බන්. ජෙනුයින් රෙකෝඩ්.
    ------ Post added on Feb 23, 2025 at 11:58 PM
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,415
    3,364
    113
    ඔය ස්පෙක් එක තියන වෙන ෆෝන් එකක් නෑනේ බන් මාකට් එකේ ඔය ගානට.
    ------ Post added on Feb 23, 2025 at 11:54 PM
    ඒක තමයි Xiaomi ගෙ marketing method එක අඩුම මිලකට දැනට තියෙන හොඳම specs, features දෙනවා.ඊට පස්සේ උබ Xiaomi phone එකක් ගන්නවා පළවෙනි අවුරුද්ද හොදයි.එතනින් පස්සේ තමා උබට තව අලුත් ෆෝන් එකක් ගන්න තත්වෙටම පත් වෙනවා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    D-Tech Repair Center
    0753353504

    ඔය ස්පෙක් එක තියන වෙන ෆෝන් එකක් නෑනේ බන් මාකට් එකේ ඔය ගානට.
    ------ Post added on Feb 23, 2025 at 11:54 PM

    චයිනා වර්ෂන් එකේ සමහර ඇප් එහෙම සපෝට් නැ කියනව. අප්ඩේට් එන් නැ කියනව, එක එක කතා තියනව. හැබැයි පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.
    ------ Post added on Feb 23, 2025 at 11:57 PM

    නැ බන්. ජෙනුයින් රෙකෝඩ්.
    ------ Post added on Feb 23, 2025 at 11:58 PM
    okata global rom eka gahanna puluwan.... try ekak deila balapan
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    D-Tech Repair Center
    0753353504

    ඔය ස්පෙක් එක තියන වෙන ෆෝන් එකක් නෑනේ බන් මාකට් එකේ ඔය ගානට.
    ------ Post added on Feb 23, 2025 at 11:54 PM

    චයිනා වර්ෂන් එකේ සමහර ඇප් එහෙම සපෝට් නැ කියනව. අප්ඩේට් එන් නැ කියනව, එක එක කතා තියනව. හැබැයි පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.
    ------ Post added on Feb 23, 2025 at 11:57 PM

    නැ බන්. ජෙනුයින් රෙකෝඩ්.
    ------ Post added on Feb 23, 2025 at 11:58 PM
    global eke recording na neda
     
    • Like
    Reactions: Wickybro

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මමත් මේ ෆෝන් එකක් හොයනව බං.. මැක්ස් බජට් එක 200k විතර.. redmi note 14 pro එක ඇරෙන්න මේ ගානට මොනාද බං ගන්න පුලුවන් ?
    මගේ ගාව තියෙනව 2019 ගත්ත පරන redmi note 7 එකක්.. තාම පට්ට ගගහ පාවිච්චි කරනව.. ඒකට තරං වද දීල නැතුව ඇති ගෑණිවත්.. තාමත් ඩිස්ප්ලේ එකත් ගැලවිලා එනව අතට.. වටේ ගම් එක ඒක අතින් තද කරාම ආයෙ හිටිනව.. ෆෝන් එක අවුලක් නැතුව වැඩ :rofl: දැන් එන xiaomi ඒව එහෙම නෑ කියල කියනව නේද ? හොඳට පට්ට ගහන්න වද දෙන්න පුලුවන් ෆෝන් එකක් තිබ්බ නං මරු ..
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    Samsung A15
    A16
    M15
    Hodai

    මමත් මේ ෆෝන් එකක් හොයනව බං.. මැක්ස් බජට් එක 200k විතර.. redmi note 14 pro එක ඇරෙන්න මේ ගානට මොනාද බං ගන්න පුලුවන් ?
    මගේ ගාව තියෙනව 2019 ගත්ත පරන redmi note 7 එකක්.. තාම පට්ට ගගහ පාවිච්චි කරනව.. ඒකට තරං වද දීල නැතුව ඇති ගෑණිවත්.. තාමත් ඩිස්ප්ලේ එකත් ගැලවිලා එනව අතට.. වටේ ගම් එක ඒක අතින් තද කරාම ආයෙ හිටිනව.. ෆෝන් එක අවුලක් නැතුව වැඩ :rofl: දැන් එන xiaomi ඒව එහෙම නෑ කියල කියනව නේද ? හොඳට පට්ට ගහන්න වද දෙන්න පුලුවන් ෆෝන් එකක් තිබ්බ නං මරු ..
    Dan ena Redmi original newe neda
    ------ Post added on Feb 27, 2025 at 12:34 AM
     
    • Like
    Reactions: Robinhood wage ekek

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Maru podi ledane hutto eeka.patta leda godak ne.kisi quality ekak nadda koheda munge badu nm.

    China jarawane bng...eka eka specs uluppala pennala aduwata wikunala tika kaalayak gattama terenne rage..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,696
    113
    මමත් මේ ෆෝන් එකක් හොයනව බං.. මැක්ස් බජට් එක 200k විතර.. redmi note 14 pro එක ඇරෙන්න මේ ගානට මොනාද බං ගන්න පුලුවන් ?
    මගේ ගාව තියෙනව 2019 ගත්ත පරන redmi note 7 එකක්.. තාම පට්ට ගගහ පාවිච්චි කරනව.. ඒකට තරං වද දීල නැතුව ඇති ගෑණිවත්.. තාමත් ඩිස්ප්ලේ එකත් ගැලවිලා එනව අතට.. වටේ ගම් එක ඒක අතින් තද කරාම ආයෙ හිටිනව.. ෆෝන් එක අවුලක් නැතුව වැඩ :rofl: දැන් එන xiaomi ඒව එහෙම නෑ කියල කියනව නේද ? හොඳට පට්ට ගහන්න වද දෙන්න පුලුවන් ෆෝන් එකක් තිබ්බ නං මරු ..
    ado thwa 50k wage dala s24 ultra ekak ganinko
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ado thwa 50k wage dala s24 ultra ekak ganinko
    ඔව්ව් බං මං ඒත් කල්පනා කරා ඕකත්.. S24 U එක ඔන්ලයින් පෙන්නන්නෙ ගොඩක් තැන්වල 300k උඩ නෙ.. ඒ පරන ප්‍රයිස් ද දන්නෙ නෑ.. Pixel 9 Pro එකත් තියෙනව LuxryX එකේ ඔන්ලයින් .. හැබැයි උන්ගෙ විතරයි 250k අඩුවෙන් ඒක දාල තියෙන්නෙ.. අනේ මන්ද තාම හිතාගන්න බෑ :confused2:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    ගන්නව නම් චයිනිස්, ඉන්දියන් උත්තවල් ගත්තම ඔහොම තමයි.. හරියට ග්ලොබල් වෙර්ශන් එක අරන් යුස් කරල්ලා කිසි ලෙඩක් නැ.. ග්ලොබල් වර්ශන් කියන්නේ අප්ඩෙට් එක්ක එන එක.. නැතුව අර චයිනිස් වර්ශන් එකට සෙලර්ස් ලා ග්ලොබල් ගහලා තියෙන ඒව ගන්නෙපා ඒවායි ලෙඩ, අනික අප්ඩෙටිස් නැ.. සමහරක් උන් කියයි මන් ගත්තා තාම කිසිම ලෙඩක් නැ කියලා.. එවුන්ට ගන්නෙපා. ඔය චයිනිස් පෝන් එකට එන ෆර්ම්වෙයාර් එක ග්ලොබල් ලබ්බ ගැහුවා කියලා හරියට හාඩ්වෙයාර් සපෝට් නැ. කනාවට එහෙන් මෙහෙන් වැඩ කරාට..ඕවයේ පොඩි පොඩි ඉසුස් තියෙනවා.