Domain Controller with Linux

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෘඩකාංග ලෙස නම් මේ සඳහා ඕනෑම නවීන පරිගනකයක් බාවිතා කල හැක.
    ප්රාධාන ලෙස :
    2gb ram
    >20gb hdd (හන්තාන ලිනක්ස් ස්තාපනයට 14gb වැනි ඉඩක් වැය වේ. file share සහ email වලටත් ඉඩ යන බැවින් ඔබගේ අවශඒයතාවයන්ට ගැලපෙන hdd එකක් යොදාගන්න.
    dvd rom
    network card. Proxy server අචශ්ය නම් network card 2ක්.

    server grade pc එකක් අනිවාර්යය නැත. එකක් තිබේ නං වඩාත් සුදුසු වේ.

    මේ ලිපිපෙල වඩාත් ගැලපෙන්නෙ කුඩා ප්රමානයේ කාර්යාලයකට (small office/home office) හෝ පාසල් පරිගනක විද්යාගාරයකට (school PC lab).

    මෙහිදී පහල උපකල්පනයන් සිදු කෙරේ:
    1. මෙම පද්දතියේ server ලෙස ඇත්තේ ලිනක්ස් පරිගනකයයි.
    2. වෙන severs මේම පද්දතියේ නොමැත
    3. dhcp server ලෙස ක්රියා කරන්නේ router එකකි. මේම පරිගනක පද්දතියටම ip address සපයන්නේ මෙම router එකින් පමනයි.
    4. අන් සියලුම පරිගනක windows XP professional/enterprise හෝ windows 7 professional/ultimate මෙහෙයුම් පද්දති වලින් යුක්තයි.
    Domain වලට බාවිතා කල හැක්කේ professional/enterprise/ultimate editions පමනයි. Home/Home Basic/Home Premium editions මේ සඳහා බාවිතා කල නොහැක.

    5. router එකේ ip address එක : 192.168.10.1 ද එහි dhcp address pool එක 192.168.10.10 සිටද ඇරඹේ.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    its taking an effin' unbelievably long time to write these posts..
    බැඳගත්ත බෙරේ වෙලා තියෙන්නෙ.. :dull:

    වෙලා තියෙන වෙලාවට හිමින් දාන්න. කට්ටියට වැදගත් දෙයක් නිසා ඉතින් නොබල ඉන්න එකක් නෑ කොයි වෙලේ දැම්මත් :D බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දෙයක් කරනවට. ඔය දාල තියෙන ‍මෘදුකාංග වලින් වෙන දේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් එක්කනෙ දානව ඇත්තෙ නේද? නොදන්න අයට තේරුම් ගන්න ඒක වඩා පහසු වෙයි. හැබැයි ඉතින් ටයිප් කිරීමනම් අපහසු වෙයි :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙලා තියෙන වෙලාවට හිමින් දාන්න. කට්ටියට වැදගත් දෙයක් නිසා ඉතින් නොබල ඉන්න එකක් නෑ කොයි වෙලේ දැම්මත් :D බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දෙයක් කරනවට. ඔය දාල තියෙන ‍මෘදුකාංග වලින් වෙන දේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් එක්කනෙ දානව ඇත්තෙ නේද? නොදන්න අයට තේරුම් ගන්න ඒක වඩා පහසු වෙයි. හැබැයි ඉතින් ටයිප් කිරීමනම් අපහසු වෙයි :sorry:
    පොඩි පැහැදිලී කිරීම් කරන්න බලන්නම්..
    server පැත්ත ගැන යම් වැටහීමක් තියන අයට‌ තමයි මේවා වැදගත් වෙන්නෙ. office වල, ඉස්කෝලෙක,campus එකක server side එකේ ඉන්න අයට එහෙම තමයි..
    campus කට්ටිය නං හොඳට මේවා දන්නවා ඇති.

    ගෙදර pc එකේ හරි ලැපෙක්ගෙ හරි මේවා දාගෙන කරන්න දෙයක් නං නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි පැහැදිලී කිරීම් කරන්න බලන්නම්..
    server පැත්ත ගැන යම් වැටහීමක් තියන අයට‌ තමයි මේවා වැදගත් වෙන්නෙ. office වල, ඉස්කෝලෙක,campus එකක server side එකේ ඉන්න අයට එහෙම තමයි..
    campus කට්ටිය නං හොඳට මේවා දන්නවා ඇති.

    ගෙදර pc එකේ හරි ලැපෙක්ගෙ හරි මේවා දාගෙන කරන්න දෙයක් නං නෑ..

    ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් සර්වර් සයිඩ් එකේ ඉගෙන ගන්න ගොඩක් අය ඉන්න නිසා වැදගත් වෙයි ටිකක් හරි. කොහොමත් Samba Server එක කියන්නෙ Mac, Linux කියන 2 සඳහාම ප්‍රයෝජනවත් වෙන එකක් නිසා ඉතින් වැදගත් වෙයි කට්ටියට. ස්තූතියි :D
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Ela machan...Math owa gana me davas wala hoyanava...Dapan mara watinava...Rep 6+
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Static IP

    හරි, දැං වැඩට බහිමු.
    සාමාන්ය ස්තාපනයකට පසු server එකකට වුවද ලැබෙන්නෙ router එකෙන් දෙන වෙනස් වන ip address එකක්. server වැඩ වලට මේක හරියන්නෙ නැත. එමනිසා ඉස්සෙල්ලාම server එකට ස්තීර ip address එකක් (static IP/Fixed IP) එකක් යෙදිය යුතුවේ.

    හන්තාන ලිනක්ස් (සහ අනෙකුත් GUI ඇති අලුත් ලිනක්ස් වර්ග) NetworkManager නැමති මෘදුකාන්ගයෙන් පරිගනකයේ ජාල සම්බන්දතාව පාලනය කරනවා. මෙය server සඳහා ගැටලුවක්. හේතුව NetworkManager වැඩ කරන්නෙ ඒ මොහොතේ වැඩ කරන userට වීම.
    එම නිසා පලමුව තිබෙන ජාල සම්බන්ඳතාව මෙම NetworkManager වලින් ඉවත් කලයුතු‌ වෙනවා.

    හන්තාන ලිනක්ස් ස්තාපනය කර ගත්ත පරිගනකයට user කෙනෙක් ලෙස ඇතුල් වන්න.
    දැන් desktop එකේ right click කර, ලැබෙන මෙනුවෙන් Open in Terminal තෝරාගන්න :
    snapshot001mq.jpg


    දැන් පරිගනකයේ ඇති network interfaces මොනවා දැයි දැන ගැනීමට මෙම විදානය දෙන්න :
    හොඳින් මතක තබාගන්න: ලිනක්ස්හිදී windows වල මෙන් නොව capital letters, simple letters ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය! දී ඇති විදාන දී ඇති ආකාරයෙන්ම යෙදීමට වග බලාගන්න. එසේ නොකොට කරගන්නා හානි වලට කිසිම වගකීමක් මම බාරගන්නෙ නැත!
    Code:
    ifconfig
    මෙය windows හි එන ipconfig විදානයට තරමක් සමානයි.

    එවිට මෙවැනි ප්රතිඵලයක් දැකිය හැක :
    snapshot002lg.jpg


    මේහි වම් පසෙන් පෙන්වන්නෙ ඇති network interfaces වේ. දකුණු පසින් ඇත්තේ ඒවා පිලිබඳ විස්තරයි. ඉහත රූපයේ එන
    lo, p2p1, p7p1 යනු ඇති network interfacesය. මින් lo යනු loop back නැමති විශේෂිත network interface එකකි. Windows වල මෙය සාමාන්යයෙන් එන්නෙ නැත. අචශ්යනම් add/remove devices මගින් මෙය අලුත් දෘඩකාංගයක් මෙන් ස්තාපනය කලගත යුතු වේ. නමුත් ලිනක්සි හිදී මෙය නිතැතින්ම ලැබේ.

    අපේ වැඩට අවශ්ය වන්නේ මේ loop back interface එක නොව ඉන් පසුව සටහන්ව ඇති අනිත් interfaces වේ. ඉහත රූපයෙ පරිදි, එම පරිගනකයේ p2p1,p7p1 ලෙස network interfaces 2ක් සතුයි.
    මෙතනදි යමක් පැවසිය යුතුයි. ඉහත රූපයෙ p2p1, p7p1 ලෙද මෙම network interfaces පෙන්නුම් කලත් මෙය ඔබගේ‌ පරිගනකයේ වෙනස් ආකාරයකට පෙන්නුම් කල හැක. 
    උදා :  em0, em1
    මෙලෙස විවිද නාම වලින් මෙය පෙන්නුම් කරන්නෙ මොකද?
    විශේෂයින්ම ubuntu බාවිතා කරන හෝ centos 5 බාවිතා කරන අය බලනවා ඇති මේ මොකද මේ සාමාන්යෙන් eth0, eth1,eth2.. ලෙස එන ඒවා මේකෙ අමුතු ආකාරයකට තියෙන්නෙ කියලා.
    මේකට හේතුව redhat linux 6/fedora 15 සිට මේම නාමකරනය ඔවුන් වෙනස් කර තිබීමයි. දැන් මේවාට යෙදෙන්නෙ CMOS හිදී network interface එක අඳුරගන්නා ආකාරය අනුව යෙදෙන නම්ය. මෙය centos 6හිද දැකිය හැක.

    මෙනිසා මෙතැන් සිට මෙම ලිපි වල දී ඇති විදාන වල p2p1, p7p1 වෙනුවට ඔබගේ පරිගනකයේ ඇති නම් බාවිතා කරන්න.

    මෙතැන් සිට අපට root ලෙස වැඩ කල යුතු වේ (root යනු ලිනක්ස් හි සර්වබලදාරියාය. windows වල administrator වැනිය).

    මෙලෙද විදානය දෙන්න :
    Code:
    su root
    එවිට rootගෙ මුරපදය ඉල්ලයි. එය සපයන්න. මතක තබාගන්න මෙහිදී මුරපදයට * හෝ වෙනත් කිසිම සංකේතයක් නිරූපනය කරන්නෙ නැත.
    නමුත් root ලෙස මාරු උන බව පෙන්වන්නෙ විදාන සපයන prompt එකිනි.
    සාමාන්ය user කෙනෙකුට ලැබෙන prompt එක $ ලෙස පෙන්නුම් කෙරේ (ඉහත රූපය නැවත බලන්න). නමුත් root ලෙස සිටියදී prompt එක # බවට පරිවර්තනය වේ.
    snapshot003n.jpg


    මීට අමතරව නිත්ය වශයෙන්ම කුමන user ලෙස සිටීදැයි දැන ගැනීමට මෙමෙ විදානය දෙන්න :
    Code:
    whoami

    සාමාන්ය user කෙනෙක් ලෙස සිටියදී :
    snapshot004g.jpg


    root ලෙස සිටියදී :
    snapshot005f.jpg


    දැන් මෙම පරිගනකයේ ස්තාවර ip දියයුත්තේ p2p1 නැමති network interface එකටය. එම නිසා root ලෙස පහත විදානය සපයන්න.

    Code:
    nano /etc/sysconfig/network-scripts/ifcfg-p2p1
    snapshot006.jpg


    nano යනු කුඩා බාවිතයට ඉතාමත් පහසු text editor එකකි. windows වල එන DOS editor එක වැනියි.

    /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 යනු p2p1 network interface එකට අදාල වන ගොනුවයි.

    මෙලෙස එය දිස්වනු ඇත :
    snapshot007t.jpg


    මෙහි ඇති NM_CONTROLLED=yes යන පේලියෙන් කියවෙන්නෙ මෙම interface එක NetworkManager මගින් පාලනය කරන බවය. මෙය අපි
    Code:
    NM_CONTROLLED="no"
    ලෙස වෙනස් කල යුතුය.

    මෙහි එන BOOTPROTO=dhcp යන පේලියෙන් කියවෙන්නෙ dhcp මගින් ip address එකක් ලබාගන්න යන්නයි. windows වල obtain ip automatically ලෙස සඳහන් කරන්නෙත් මේ විදානයමයි. මේය අපි
    Code:
    BOOTPROTO="none"
    ලෙස වෙනස් කල යුතුය.

    මෙහි එන ONBOOT=no යන පේලියෙන් අදහස් වන්නෙ පරිගනකය ක්රියාත්මකවීම ආරම්භයේදිම (boot time) මෙම interface එක ක්රියාත්මක නොවිය යුතු බවටයි. මෙයද අපි
    Code:
    ONBOOT="yes"
    ලෙස චෙනස් කලයුතුයි.

    මීට අමතරව ONBOOT="yes" පේලියට යටින් නව පේලි කීපයක් අලුතෙන් දැමිය යුතුයි.
    එනම් මෙම පරිගනකයට දෙන ස්තාවර ip address එකයි.
    උපකල්පනයේ පරිදි, router එකේ ip එක 192.168.10.1 වේ. එම නිසා එම ip එක අපට බාවිතා කල නොහැක. ඊට අමතරව, router එකෙන් dhcp මාර්ගයෙන් දෙන්නෙ 192.168.10.10 සිට ඉහල ip address වේ. එමනිසා ඒවාද අපට බාවිතා කල නොහැක. 192.168.10.2 - 192.168.10.9 අතර ip එකක් අපට බාවිතා කල හැක.
    මෙම ලිපි සඳහා server එකට 192.168.10.2 බාවිතා කරමි.
    ඒ සඳහා මෙලෙස පේලි යොදන්න :
    Code:
    IPADDR="192.168.10.2"
    NETMASK="255.255.255.0"
    GATEWAY="192.168.10.1"
    GATEWAY ලෙස දෙන්නෙ router එකේ ip address එකයි.

    දැන් සම්පූරන ගොනුව මෙලෙස දිස් විය යුතුය:
    http://img100.imageshack.us/img100/850/snapshot008l.jpg[/IMඝ]
    සිදු කල වෙනස්කම් සියල්ල රැකගෙන ගොනුව වසා දැමීමට CTRL+x ඔබන්න. එනම් යතුරු පුවරුවේ ඇති CTRL බොත්තමති x අකුරත් එකවර ඔබන්න. එවිට nano වලින් අසයි ගොනුවට කල වෙනස්කම් රැකගන්නද ලෙස. එවිට y අකුර ඔබා එය සනාත කරන්න. එවිට අසයි /etc/sysconfig/network-scripts/ifcfg-p2p1 ගොනුවටම සිදු කල වෙනස්කම් යොදන්නද ලෙස. එවිට enter යතුර ඔබා එය සනාත කරන්න.
    මෙලෙස :
    [IMG]http://img43.imageshack.us/img43/6130/snapshot009y.jpg
    snapshot010l.jpg


    දැන් ඔබ නැවතත් root prompt එකටම පැමින ඇත.

    දැන් මෙලෙස යෙදූ ip address එක සක්රීය කල යුතුයි. මේ සදගා පහත විදාන ලබා දෙන්න :
    Code:
    chkconfig network on
    service network restart

    ප්රතිඵල මෙසේ දැකිය හැක:
    snapshot011x.jpg


    දැන් මෙම ip address එක සක්රීයද නැද්ද බැලීමට නැචතත් ifconfig විදානය දෙන්න. එවිට මෙලෙස පෙනෙනු ඇත :
    snapshot012q.jpg


    දැන් මෙම පරිගනකයට අන්තර්ජාල පහසුකම නිසි ලෙස ක්රියාත්මක වීමට DNS address දිය යුතු වේ. මෙය dhcp බාවිතයේදී router එකෙන්ම ලබාගැනනමුත් දැන් dhcp බාවිතා වන්නේ නැති බැවින් මෙයද අප විසින්ම දිය යුතු වේ.
    බහුලව බාවිතයට ගැනෙන google DNS මෙයට යොදමු. මේ සඳහා වෙනස් කලයුතු ගොනුව වන්නේ /etc/resolv.conf ය.

    මෙයද nano බාවිතයෙන් වෙනස්කල හැකි වුවත් ඊට වඩා කෙටි ක්රමයකින් මෙය කරමු.
    මෙසේ විදානය දෙන්න :
    ඉතාම වැදගත් : මේම විදාන ඉතා පරිස්සමින්, දී ඇති අයුරින්ම, කිසිදු ඉස්පි්ල්ලක්, පාපිල්ලක් වෙනස් නොකොට එලෙසම දෙන්න!!!

    Code:
    echo "nameserver 8.8.8.8" > /etc/resolv.conf
    echo "nameserver 8.8.4.4" >> /etc/resolv.conf

    දැන් ප්රතිඵල බැලීමට මෙම විදානය දෙන්න :
    Code:
    cat /etc/resolv.conf

    එවිට මෙලෙස එම ගොනුවෙහි ඇති දෑ දිස්වේ :
    snapshot013m.jpg

    දැන් සිදුකල යුතු අවසාන දෙය නම් NetworkManager මෘදුකාංගය අක්රීය කිරීමයි.
    මේ සඳහා පහත විදාන දෙන්න :
    Code:
    chkconfig NetworkManager off
    service NetworkManager stop
    ප්රතිඵල මෙසේය :
    snapshot014.jpg

    දැන් ස්තීර ip address යෙදුම අවසන්.
     
    Last edited: