Donald Trump අපිට_සුභ_පතයි
උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ශ්‍රී ලාංකීකයන් වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උදාවුණු නව වසර සියළුම ශ්‍රී ලංකා වාසින්ට සාමය සතුට පිරි නව වසරක් වේවා යැයි ඔහු සිය සුබ පැතුම එක්කර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ යහපාලන රජයට සහාය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අතදීමට අමෙරිකාව සූදානම් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැගීම හා ස්ථිර ආර්ථිකයක් ගොඩනැගාමේ කාර්යේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
දෙරට අතර පවතින මිත්‍රත්වය මේ උදාවූ අලුත් අවුරුද්දේ දී තවත් ශක්තිමක් කරගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. චාරිත්‍ර වාරිත්රවලටට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකීකයන් සමරන මෙම අලුත් අවුරුද්දේ සම්ප්‍රදායන් තවත් පරාම්පරා ගණනාවකට ආරක්ෂා කර ගැනීමට වගබලා ගැනීම වැදගත් බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සමස්ත ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලා ඇත්තේ.
අලුත් අවුරුද්දට වටිනාකමක් දෙමින් සුපිරි බලවතාගෙන් උපදේශනාත්මක සුබපැතුම්

Last edited: