Driving කරන උඹල මේක දන්නවද.....??

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සම්පූර්න වීඩියෝ එක තිබ්බනම් කියන්න තිබුන. දිස්ත්‍රීක්ක අතර පලාත් අතර යන්න බෑ L පර්මිට් එකෙන් පදිනවනම්. එහෙම පොරක්ද දන්නෙ නෑනේ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නුවර පාරෙදි දවසක් ඉර කැපුවා කියලා මාව ඇල්ලුවා.
    මම කිව්වා ඉර කැපුවෙ නෑ. මම පිස්සෙක් වගේ වාහන එලවන්නෙ නෑ කියලා. ඊටපස්සෙ හැම එකම චෙක් කරා වරදක් හොයන්න.
    වාහනේ ඩිකියත් ඇරලා පෙන්වන්න කිව්වා. වාහනේ වටේ කැරකිලත් බැලුවා.
    පස්සෙ යන්න දුන්නා කියන්න දෙයක් නැති තැන.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,195
    113
    වාහන රෙන්ට් කරන්නෙ කොහොමද එතකොට? :confused: :confused: :confused: මේක මිලදී අරගෙන ට්‍රාන්සර් නොකරපු වාහනයක්ද?
     
    • Like
    Reactions: Ryan08

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ වගේ නාකි හම්පඩ හු*තියන්ට ද අපේ බදු මුදල් වලින් පඩි ගෙවන්නේ?
    🤣
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැරැද්ද කියන කොට වීඩියෝ එක කට් කරනවානේ . වීඩියෝ කරපු එකා වහලා ගේම ගහනවාද මන්දා.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Open papers සන්තකය පවරා නොගැනීම කියලා කියන්නේ... Open papers use nam uta badu reg ownertat naduwak watenawa
     
    • Like
    Reactions: shenat

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලපන් ඉතින් අල්ලනවා නම් ජොකා නැහැ කියල හරි අල්ලන්න නීති තියනව ලංකාවේ. එහෙම තියාගන ඩයන පොලිසියේ උන්ගේ ජොකා ඔලුවෙන් ගලෝනවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    එහෙම බැලුවාම ලංකාවේ හැම එකාටම එක ගානේ වාහන තියෙන්න ඕනේ, හදදිසියට ගෙදර වාහනයක් වත් පලාතෙන් පිට එලවන්න බැ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මෙතන Driver ගෙන් වාහනේ ලියාපදිංචි අයිතිකරු කවුද කියලා ඇහුවම කියනවා මධ්‍යම පලාතේ ඉන්න අයිය කෙනෙක් බැදපු අක්කගේ මොකක්දෝ කතාවක්. වාහනේ මෙයාගේ. එතකොට වාහනේ OPEN PAPERS තියෙන්නෙ.

    එතකොට නිලධාරිනිය කියනවා ඉතින් ඔයා දැන් ඉන්නේ සබරගමුව පලාතේ.වාහනේ තියන් ඉන්නේ ඔයා.පදවන්නෙත් ඔයා කියලා.නැතුව මෙතන කොහෙවත් පලාතෙන් පලාතට වාහන ගෙනියන්න බෑ කියන කතාවක් කියන්නේ නෑ.ඒක මේ Video එක දාපු කෙනා කියන්නේ,නැතුව නිලධාරිනිය නෙමේ.

    සාමාන්‍යයෙන් වාහනයක් දින 14කට වැඩි කාලයකට ලියාපදිංචි අයිතිකරු නොවන වෙනත් අයෙක් සන්තකයේ තියෙනවානම් ඒ බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාව දැනුවත් කරලා වාහනය දැන් වෙනත් පාර්ශවයක් ළඟ තියෙන බව දැනුම් දෙන්න ඕනි.ඒ බව දැනුම් දීමට අපොහොසත් උනොත් වාහනයේ ලියාපදිංචි අයිතිකරුත්,වාහනය ළඟ තබාගන්න පුද්ගයලාත් යන දෙදෙනාම වරදකරුවන් වෙනවා.ඒවාට වෙන වෙන දඩ මුදලුත් මොටර් රථ ප්‍රවාහන පනතේ තියෙනවා.කැමති කෙනෙකුට බලන්න පුලුවන්.

    එතකොට මේ Video එකේ අන්තිමට මොකක්ද මං කරපු වැරැද්ද කියලා ඇහුවම පොලිස් නිලධාරිනිය කියනවා "සන්තකය පවරා නොගැනීම" කියලා.මම උඩදී විස්තර කරපු වරද සංක්ෂිප්තව.නමුත් Video එක දාපු කෙනා ඒක කියනකොටම Video එක Pause කරනවා.ඊට පස්සේ Video එක දාලා තියෙනවා පොලීසියෙන් කිව්වා කීයලා පලාත් අතර වාහන පදින්න බෑ කියලා.මං දන්නෑ සමාජයේ අනුකම්පාව දිනාගන්නද,එහෙම නැත්නම් තමාගේ වරද පිලිනොගෙන නිලධාරීන් අපහසුතාවයට පත් කරන්නද කියලා.

    එතකොට කාට හරි පොලිස් නිලධාරීන් එක්ක තර්ක පුලුවන් ඉතින් වාහනය දින 14කට අඩු කාලයකට දුන්නේ කියලා.අන්න ඒකට මොටර් රථ ප්‍රවාහන ආඥා පනතේම තියෙනවා අවශ්‍ය නම් පොලිස් නිලධාරියෙකුට මෝටර් රථයේ හිමිකාරීත්වය,පැවරීම පිළිබද පිලිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරනතුරු වාහනය රදවා තබා ගත හැක(Detain) කියලත්.

    මේ තියෙන්නෙ ලගදි ගිය නිව්ස් එකක්

    හිමිකාරිත්වය නෛතිකව පවරා නොගෙන, විවෘත බලපත්‍ර සහිතව වාහන භාවිතා කරන පුද්ගලයන් හට නඩු පැවරීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

    මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් අතරින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් හිමිකාරිත්වය පවරාගෙන නැතිව භාවිතා කරන බවයි වාර්තා වන්නේ.