Driving Licence Renewal Process in Werahara, Sri Lanka

harshaprasad

Active member
  • Aug 24, 2021
    171
    201
    43
    1643780028322.png


    වේරහැරෙන් ඩ්‍රයිවින් ලයිසන් එක අළුත් කරපු විදිහ මගේ අත්දැකීමෙන් කියන්නම්, අලුත් කරන්න ඉන්න අයට ලේසි වෙයි මේක,
    මුලින්ම RMV වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එකක් දාගන්න ඕනා, එතකොට දිනයක් සහා වේලාවක් ලැබෙනවා,
    ඒත් වේලාව අදාල නෑ, උදෙන්ම යන තරමට ගොඩාක් ලේසියි ගොඩක් අය එන්න ගත්තට පස්සේ යන වෙලාව වැඩියි.
    ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අයිනෙ තියෙන පොඩි කවුන්ටර් එකකින් අපේ ෆොටෝ එකක් ගහලා අපේ ෆොටෝ එකත් එක්කම ප්‍රින්ට් කරල අපිට අංකයක් එක්ක කොලයක් දෙනවා,
    ඒ අංකෙන් තමයි එතනින් එහා අපිට කතා කරන්නේ, ඊට පස්සේ එතනින් ඇතුලට ගියාම අපේ උස සහ බර ඒ අපිට දුන්න කොලේ සඳහන් කරලා අපේ දුරකතන අංකය ලියලා අපි ලඟ තියාගන්න ඕන, ඊට පස්සේ අංක කිහිපයක්ම කතා කරනවා, අපේ අංකය කිව්වාම එතන එයාල කියන කවුන්ටර් එකට යන්න ඕනා, එතනින් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඊට පස්සේ එතනම එහා පැත්ත කවුන්ටර් එකට ගිහින් සල්ලි ගෙවන්න ඕනා, සල්ලි ගෙව්වට පස්සේ ආයෙ කලින් හිටපු තැනම ඉඳගෙන ඉන්න ඕනා අපේ අංකය කතා කරනවා, ඊටපස්සේ අපේ අංකය කතා කලාම එයාලා පෙන්නන කවුන්ටර් එකට ගියාම අපේ ඇන්ගිල්ලෙන් ලේ බින්දුවක් ගන්නවා, ඊට පස්සේ ආයේ ඉඳගෙන ඉන්න ඕනා, නැවතත් අංකය කතා කලාම වෙනම කාමරයකට කිහිප දෙනෙක්ම එක්කන් යනවා, එතන පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන්න දෙනවා, අත් උස්සන්න, කකුල නමන්න, අත් කරකවන්න වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් කිහිපයක්, එතනින්ම අපේ ඇස් පෙනීම පරික්ශා කරනවා, කුඩා අකුරු පෙන්නලා එ මොනවද අහනවා, තනි ඇහෙන් බලලා කියන්න ඕනා එතනදී, නැවතත් කලින් හිටපු තැන ඉඳගෙන ඉද්දි අපේ අංකය කතා කරලා අපේ මෙඩිකල් රිපෝට් එක අපේ අතට දෙනවා, ඊට පස්සේ තමයි ලයිසන් එක අලුත් කරන ක්‍රියාවලිය පටන් ගන්නේ,
    දැන් H කියන කාමරයට යන්න ඕනා එතන තමයි ලයිසන් එක අළුත් කරන්නේ , එතනින් අළුත් අංකයක් ගන්න ඕනා, ඉන් පස්සේ ටිකක් පරක්කු වෙනවා එතන අංකය කතා කරන්න.නමුත් එකවර ටිකක් වැඩි පිරිසක් ගන්නවා, එතනදී අපේ අත් සලකුනු අරගෙන අත්සන් කරලා නැවතත් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඒක තමයි ලයිසන් එකට එන ෆොටෝ එක, ඒක අරගෙන ලයිසන් එක අලුත් කරන්න ඕන මුදල ගෙවලා එන්න විතරයි තියෙන්නේ, එතනදී අපිට ටෙම්පරි ලයිසන් කොලයක් දෙනවා මාස 5ක් වලංගු එකක්
    හරියටම කිව්වොත් ලයිසන් එක අළුත් කරන වැඩේට විනාඩි 10ක් වත් වැය වෙන්නේ නෑ, මෙඩිකල් එක ගන්න තමයි ගොඩාක් වෙලාව ගන්නේ,
    ලයිසන් එක අළුත් කරන්න යද්දි වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එක දාල වෙනම තැනකින් මෙඩිකල් එකක් කලින් අරන් ටිකක් උදෙන්ම වගේ යනවා නම් පැය බාගයකින් වගේ වැඩේ කරගෙන එන්න පුලුවන්.
     
    • Like
    Reactions: kosandpol and Cenon

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,521
    5,419
    113
    Dec wala renew kare thama licence eka awe naha
    Any idea how long it takes?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මගෙත් renew කරන්න ඕනා ,ගද්දී නම් කණ්නාඩි දැම්මේ නෑ දැන් දුර ටිකක් පේනවා අඩු නිසා දානවා..එතකොට මචන් අලුත් එක ගනිද්දී කණ්නාඩි දාලා කරන්න වෙයි නේ ලයිසන් එක වෙනස් එකක්ද දෙන්නේ කණ්නාඩි දාලා ගත්තම