මචන්ලා.. driving license එක පෙබරවාරි expire වෙනවා. මෙඩිකල් එකයි. apply කරන එකයි කුරුණැගලින් කරගන්න පුලුවන්ද
BumpMagey license eka expired, mama medical eka gatthaa but mata RMV eke appointment eka labuney February walata.
Ethakan mata drive karanna puluwan da?
fOR MEDICAL- aNY DISTRICTමචන්ලා.. driving license එක පෙබරවාරි expire වෙනවා. මෙඩිකල් එකයි. apply කරන එකයි කුරුණැගලින් කරගන්න පුලුවන්ද
Appointment එන්නෙ අප්‍රේල් මාසෙනෙ. මගේ පෙබරවාරි expire වෙනවා. මොකද කරන්නෙfOR MEDICAL- aNY DISTRICT
https://www.echannelling.com/Echannelling/ntmi-channel
fOR DRIVING LICENSE RENEWAL aPPOINMENT - aNY DISTRICT:
https://dmtappointments.dmt.gov.lk/

ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි
- සටහන Lihil Uthpala Subasinghe
මෙන්න මෙහෙමයි මං ඩ්‍රයිවින් ලයිසන් එක renew කලේ.
1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ https://www.echannelling.com/Echannelling/doctors/--DRIVING-LICENCE-MEDICAL-D9074
2. මට තිබුනේ 10.30 ට appointment එක. 10 වෙද්දී එතෙන්ට ගියා. ගිය ගමන් ඇතුලට ගත්තා. මතක ඇතුව පෑනක් අරන් යන්න. ගේට්ටුවෙන් ඇතුල් වෙලා 10m විතර යද්දී දකුණට දොරක් තියනවා. එකෙන් ඇතුල් වෙන්න. එතන තියන පලවෙනි කවුන්ටර් එකෙන් (Reception) appointment එකේ විස්තර හරිද කියල චෙක් කරලා උසයි බරයි බලල ටෝකන් එකක් දෙනවා.
3. ඊළඟට registration. කවුන්ටර්ස් තුනක් විතර තියනවා. එතෙන්ට ගිහින් ටෝකන් එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. එතනදී phone number එක එහෙම submit කරන්න ඕනේ. Photo එකකුත් ගන්නවා එතන තියන Webcam එකකින්.
4. ඊට පස්සේ blood test එක. ඒ තට්ටුවෙමයි lab එක තියෙන්නේ. කවුන්ටර්ස් 6ක් විතර තියනවා. එතනට ගිහින් ටෝකන් එකයි, ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. ඇගිල්ලට පොඩි කට්ටකින් විදිනවා විතරයි. Blood sample එක ආරගත්තට පස්සේ එතන වැඩේ ඉවරයි.
5. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න ඕනේ physical examination එකට. උඩ තටුවට ගිහින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. අපේ ටෝකන් අංකෙ කතා කරනවා ටික වෙලාවකින්. Display නම් දාල තිබ්බේ නැහැ. හයියෙන් කෑගහනවා අංකෙ කියල
6. අංකෙ කතා කලට පස්සේ එක සැරේ 5ස් දෙනෙක් විතර doctor ගාවට එක්කන් යනවා. ගිහිල්ල ගැප් තියල හිටෝනවා. ඊට පස්සේ අතපය joints වැඩකරනවද, ඇස් පේනවද, කන් ඇහෙනවද කියල චෙක් කරනවා. මේ වෙනකොට අපේ printed medical certificate එක doctor ගාවට ඇවිල්ලා තියෙන්නේ. එකේ තියන නම ගම NIC number විස්තර හරිද කියල double check කරලා, medical certificate එක උඩ අපි sign කරලා එලියට එනවා.
7. ඊළඟට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන්නේ. ආයේ අපේ අංකෙ කියල කෑගහනවා. Medical certificate එක අපේ අතට දෙනවා. එතනින් වැඩේ ඉවරයි. මට මේ ටිකට පැයයි ගියේ.
8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල. මෙතන හොඳ වීඩියෝ එකක් තියනවා full process එකම
9. ඉතින් අද ගියා වේරහැර. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි විතරයි අරන් ගියේ. ෆොටෝකොපි මුකුත් ඕන නෑ. උදේ 9 යි හරියටම වෙලාව. Main gate එකේදී SMS එක පෙන්නලා booking number එකයි NIC number එකයි කිවුවා. එයාල අද දවසෙ booking list එක චෙක් කරලා මගේ booking එක verify කරලා ඇතුලට යන්න දුන්න. මේ විධියට තව checkpoints 2 කින් විතර appointment එක චෙක් කලා main gate එකේ ඉදන් ඇතුලට යන අතර මගදිත්.
10. කෙලිම්ම ගියා H hall එකට. H hall එකට ඇතුල් උන ගමන් වම් පැත්තේ තියන කවුන්ටර් එකේ හිටපු receptionist, ආයෙමත් appointment එක verify කරලා මට ටෝකන් එකක් දුන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඉඳගෙන ඉන්න වුනා. ඊට පස්සේ security එකෙන් අපිව ඇතුලට ගත්තා. අංකෙ කතා කලේ නැහැ. හිටපු 10 දෙනාවම වගේ ඇතුලට ගත්ත.
11. ඊට පස්සේ documents checking. කවුන්ටරස් 1-18 ඕන එකකින් ගිහින් ඉදගන්න කිවුවා. මුල් ටිකේ කට්ටියට හිටපු හින්ද මං අග හරියේ එකකින් ගිහින් වාඩිඋනා. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි බාරදුන්න. මහපට ඇගිලි දෙකේ fingerprints scan කලා. Photo එකක් ගත්තා. Digital display එකක් උඩ sign කළා. එතන වැඩේ ඉවරයි. මගේ documents 3ම ආපහු දුන්නා. අලුතෙන් printout එකකුක් දුන්නා (MTA30 Application for Driving License). එකේ sign කරන්න කිවුවා.
12. ඊට පස්සේ කවුන්ටර්ස් 19+ එකකට යන්න කිවුවා. එතනින් මගේ documents 3යි අර අලුතින් දුන්නු MTA30 printout එකයි ආපහු ඉල්ලගත්තා. ඒ ටික check කරලා ආපහු දුන්නා. එත් එක්කම මට Temporary Driving License එකේ A4 printout එකකුත් දුන්න (DMT33). ඒක valid මාස 4 කට.
13. ඊට පස්සේ කවුන්ටර් 30+ එකකට යන්න කිව්වා සල්ලි ගෙවන්න. Counter 30 එකේ cashier ට NIC, පරණ driving license, medical certificate, MTA 30 printout සහ temporary driving license printout කියන document 5 ම submit කළා. එතනින් ඒ ටික චෙක් කරලා ගෙවන්න කිවුවා Rs.1700 ක්. ඒක ගෙවුවාම රිසිට් එකක් හම්බ වුනා. අර ඔක්කොම documents ටිකත් ආපහු දුන්න. පරණ ඩ්‍රයිවින් ලයිසන් එක එයාල තියාගත්තේ නෑ. Temporary driving license එකේ යටම sign කරලා use කරන්න කිවුවා.
14. වැඩේ ඉවරයි. වේරහැර මේ ඔක්කොටම ගියේ විනාඩි 22යි.
විශේෂ ස්තුතිය ලිහිල් උත්පල මහතා
Dan mama book karanna baluwa July 2023 wala wath nane booking ekak?Appointment එන්නෙ අප්‍රේල් මාසෙනෙ. මගේ පෙබරවාරි expire වෙනවා. මොකද කරන්නෙ![]()