Dunki (movie) බැලුවා. 🫠

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අවුරුද්දේ අන්තිම පාරට හෝල් එකක බලන ෆිල්ම් එක කියලා, dunki බලන්න ගියා මිත්‍රවරුනි. ශාරුක් නිසා නෙවෙයි මේක බලන්න ගියේ මගේ ආසම ඩිරෙක්ටර් කෙනෙක් වුන රාජ්කුමාර් හිරානි නිසා.(pk, 3 idiots , munanbai mbbs...)

    MV5BOWM3ODk3ZGItOGE3NS00N2Q5LTgxNmItYTc3M2I3OGQ2NjJkXkEyXkFqcGdeQXVyMTQzMTgzNzUy._V1_.jpg


    කතා තේමාව අලුත් නැ. මේක මිට කලින් ඉන්දියාවේ ෆිල්ම් හැදිලා තියන එකක්. අනවසර සංක්‍රමණ. ඉමොජි අක්කා මැදකදි අහනවා මේ "මිල්ලේ සොයා" වගේ නේ කියලා.


    ෆිල්ම් එක ඇවරේජ්. 5/10 කට වඩා මට දෙන්න බැ.
    ඩයිහාඩ් ශාරුක් ෆෑන් කෙනෙක්ට හැර මේක මාර වාව් කියන්න තරම් දෙයක් නැ. රාජ්කුමාර් හිරානි තමා වැරදි. ඌ මාරම ෆේල් මේකේදි. කිසිම හිරානි ගතියක් තිබ්බේ නැ. සුපිරියට කරන්න තිබුන plot එකක් අභව්‍ය දේවල් දාලා හාලා තිබ්බා. අනික ශාරුක් නිසා අනිත් අයගේ හොද රංගනය පවා යටගිහින් තිබ්බා.

    ශාරුක්ට මේ වගේ කතා තේමාවන් සෙට් නැ. ඌම හිතලා නවත්තන්න ඕනා මේවා ගන්න එක. මේ අවුරුද්දේ ම උගේ jawan ෆිල්ම් එක බලපු එකෙක් හරි ඉන්නවානම් දන්නවානේ නටපු නාඩගම. හැම එකෙන්ම චුට්ට චුට්ට දාපු අච්චාරුවක්.

    අවසාන වශයෙන්, හෝල් එකක සල්ලි වියදම් කරලා බලන්න තරම් දෙයක් නැ. කොපියක් ආවම බලපං. මම හිතන්නෙ ලගදිම netflix දායි.
    ඊයෙ බැලුවා. නරකම කැටගරියට දාන්න බෑ. ඒත් ඇති හොඳකුත් නෑ වගේ. නිකම් වටේ යනවා වගේ දැනුනේ කිසිම ස්ට්‍රෝන්ග් පොයින්ට් එකක් නැතුව.

    සමහර සීන් දකිද්දි කෙලින්ම මතක් වෙන්නෙ වෙන වෙන ෆිල්ම්. ඒ කියන්නෙ ඒ සීන් කොපි කරලා වගේ.