ගොන් ක්ලබ් වලින් මවන සුරංගනා ලෝක වලට රැවටිලා, internationally "ශ්‍රී ලංකා" කියන නමට තාමත් freelancing Service sites වල තියෙන quality brand name එක දැනුවත්ව හෝ නොදැනුවත්ව හාන හැමෝම වෙනුවෙන් ආදරෙන් මේ ලියන්නෙ...
මේ Fiverr Drop-Servicing කියන්නෙ තමන්ගෙ නමින් profile එකක් හදන්, ඒකට එන orders ආයෙමත් fiverr එකේ හෝ වෙන platform එකක අඩුවට වැඩ කරන seller කෙනක්ගෙන් කරගෙන තමන්ට commission එකක් තියාගෙන services විකුණන එක කියලා මම හිතනවා.
හැබැයි පුතේ Fiverr එකේ drop Servicing කියලා ලබු ගෙඩියක් නෑ. Fiverr එක ඇතුලෙ තමන්ගෙ original service එකක් ඇරෙන්න එහෙන් මෙහෙන් උස්සපු services විකුණන එක එයාලගේ Terms of Service අනුව පට්ට නීති විරෝධී. එහෙම මොකෙක් හරි කරන්න පුළුවන් කියනවා නම්, පුළුවන් කියලා සල්ලි අරන් උගන්නනවා කියනවා නම් ඌ අංක එකේ හොරෙක්. තක්කඩියෙක්.
ඕනෙ නම් Fiverr Affiliates වලට join වෙලා පිරිසිදුව Affiliate Marketing වලින් ඔයාට හොඳ income එකක් generate කර ගන්න පුළුවන්. හැබැයි ඒකටත් affiliate marketing කරන්න හොඳ platform එකක් ඔයා මහන්සි වෙලා build කර ගන්න ඕනෙ.
හැබැයි මේ කරන වැඩේ නම් අමු ජරා, ලැජ්ජා නැති වැඩක් ඇත්තටම. තව මනුස්සයෙක්ගෙ මහන්සිය, දක්ෂතාවය, කැපවීම, අත්දැකීම් හොරා කාලා සල්ලි ටිකක් හොයා ගන්නවා කියන්නෙම කොච්චර විලි ලැජ්ජා නැති, ජරා වැඩක්ද...???
අනික මේවා ඒ freelancing sites වලට මීටර් වුනොත් උන් උbaලාවත් බෑන් කරලා, අවුරුදු හය හත, උදේ රෑ නැතුව, මහන්සි වෙලා තනියෙන් දේවල් හොයලා ඉගෙන ගෙන, ශේප් එකේ ගේමක් ගහගෙන යන ශ්‍රී ලංකාවේ ඉන්න Genuine sellers ලටත් කෙලවන්න ඉඩ තියෙනවා. උදාහරණ ඕනෙ නම් ඔය
ලැප්ටොප් එකක් තියෙනවා නම්, ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියනවා නම්, මේ ගෝත, පච ක්ලබ් වල උන්ගේ බඩ වියත රැක ගන්න උඹලා ලඟ තියෙන සල්ලි වියදම් නොකර;
- YouTube එකට පලයන්. උඹට ඉගෙන ගන්න ඕන කරන skill එක මොකක්ද, ඒ හැම එකටම Tutorials තියෙනවා ඕන තරම්.
- SkillShare එකේ one month free subscriptions ගන්න පුළුවන්. ඒක අරන් උඹට ඉගෙන ගන්න ඕනෙ කරන දේ ගැන courses ටික ඔක්කොම download කර ගනින් මාසෙ ඉවර වෙන්න කලින්.
- තව Torrents වල, වෙන වෙන sources වලින් ඕනෙ තරම් උඹලට courses හොයා ගන්න පුළුවන් පිරිසිදුව තමන්ගේ skill එක ගැන ඉගෙන ගන්න.
ඒක නිසා මේ වගේ හොර, විලි ලැජ්ජා නැති courses වලට නිකන් නිස්කාරනේ සල්ලි වියදම් නොකර මහන්සි වෙලා Skill එකක් හදා ගනිල්ලා අනුන්ගෙ Skills හොරකම් කරලා බඩ වියත රැක ගන්න බලන කාlaකන්නියෙක් නොවී.
එක එකා රවට්ටලා හම්බ කරන



