EARTH NEEDS HERO /SALARY USD 124000

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පෘථිවිය බේරාගන්න වීරයකු ඕනෑ


    8A83_TP02_00029R_660.jpg


    ග්‍රහලෝක ආරක්ෂක නිලධාරී’ යන තනතුර වෙනුවෙන් ඇබෑර්තු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

    පිටසක්වළයන්ගෙන් පෘථිවිය ඇතුළුට හෝ සෙසු ග්‍රහලෝකවලට තර්ජනයක් එල්ල වුවහොත්, ආරක්ෂාව ලබා දීම මෙම නිලධාරියාට පැවැරෙන බව නාසා ආයතනය කියයි. මෙය විහිළුවක් නොවන බව ද ඇමෙරිකාවේ නාසා ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

    නාසා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇති අන්දමට ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ තනතුර සඳහා තෝරා ගැනෙන්නේ සැබෑ බුද්ධිමතුන්ය.

    ඇමෙරිකානුවන්ට පමණක් නොව සෙසු රටවල දක්ෂයින්ට පවා මෙම රැකියා ඇබෑර්තුව විවෘත බව ද පැවැසෙයි. ‘පෘථිවි ආරක්ෂක නිලධාරී’ ධුරය සඳහා තෝරා ගන්නා තැනැත්තාට ඇමෙරිකන් ඩොලර් 1,24,000 ක් අතර 1,87,0000 වැටුපක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

    මෙම ‘පෘථිවි ආරක්ෂක නිලධාරියාට’ පිරිස් පාලනයක් කිරීමට සිදු නොවනු ඇති අතර, දිනෙක පෘථිවියට පිටසක්වළින් ආක්‍රමණයක් එල්ල වුවහොත්, එය වළක්වා ගන්නේ කෙසේදැයි යන්නට සාර්ථක විසඳුම් ලබා දීම කළ යුතු බව ද නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී.

     
    • Like
    Reactions: KDI12

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,406
    32,115
    113
    දැන් ඕකුං කවද්ද ගහන්නෙ? හරි අවුරුදු 60 ක් උපරිම හිටිය කියමුකෝ... ඊට පස්සෙ?