Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම

    මේ අද මට වංචාකාරයෙක්ගෙන් ආපු කෝල් එකක් සහ ස්මාට් ලෝකයේ හොරකමකට යන්න හදපු විදිය ගැන විස්තරයක්. කියවලා බලන්න

    "ආයුබෝවන්, මම ඩයලොග් පාරිභෝගික අංශයෙන් කසුන්. ඔබතුමාට ලැබී ඇති මෙගා රීලෝඩ් වාසනා රුපියල් 90,000/- මුදල් ත්‍යාගය ගැන ඔබතුමා දැනුවත්ද? එය ලබාගැනීමට ඔබතුමා මේවනතුරු නොපැමිණීම සම්බන්දයෙන් දැනුවත් කිරිමට තමයි මම කතා කරන්නේ"
    මම : "එහෙම එකක් ගැන මම දන්නෙ නෑනේ"
    "සර්, අද 11ට කලින් යුනියන් පෙදෙසේ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියොත් මෙය චෙක්පතකින් ලබාගන්න පුලුවන්. එසේත් නැතිනම් eZCash සේවාවෙන් ලඟම ඇති කොමර්ශල් බැංකුවෙන් ලබාගන්න පුලුවන්. එසේ නොමැතිනම් මෙය අපගේ රොගීන් සඳහා වෙන්වුන සුබසාධක අරමුදලකට බැරවෙනවා"
    මම : "හරි, මට පුලුවන් 11ට කලින් හෙඩ් ඔෆිස් එකට එන්න"
    "සර් මඳ වේලාවක් රැඳි ඉන්න පුලුවන්ද ඇමතුමේ", තත්පර කිහිපයකට පසු....
    "සර්, දැන් අපිට කරන්න පුලුවන් කොමර්ශල් බැංකුවේ ATM එකකින් ගන්න එක විතරයි. සර්ට පුලුවන් ලඟම තියෙන කොමර්ශල් බැංකුවේ ATM එකට ගිහින් මේ නම්බර් එකටම කෝල් කරන්න. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?"
    මම : "හරි මම කෝල් එකක් දෙන්නම් බැංකුවට ගිහින්"

    මම ළඟම තියෙන කොමර්ශල් ATM එකට ගිහින් ඇත්තටම මොකක්ද මේ කියලා බලන්න කෝල් කරලා බැලුවා.
    "සර්,ATM එක ඇතුලේද දැන්"
    මම : "ඔව්, දැන් මොකක්ද කරන්න ඕනා?"
    "ATM එකේ කාඩ්පත් රහිත ගනුදෙනු තෝරන්න, දැන් eZCash option එක තෝරන්න. දැන් සර්ගෙ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න, හරි දැන් 90000ක් කියලා දාන්න"
    මම ; "මේකේ දිනකට ගන්න පුලුවන් සීමාව පන්නලා කියලා කියනවානේ"
    "සර් මීට කලින් eZCash භාවිතා කරලා නැද්ද? එය සඳහා ලියාපදිංචි වෙලා තියෙනවාද?"
    මම : "නෑ, මම මීට කලින් මේක පාවිච්චි කරලා නෑ"
    "එහෙනම් සර්, ATM එකෙන් පොඩ්ඩක් එලියට එන්න, සර් ළඟ තව මොබයිල් ෆෝන් එකක් තියෙනවාද? මට පුලුවන් සහාය වෙන්න"
    මම : "ඔව් තියෙනවා"
    "හරි, එහෙනම් සර්ගෙ මේ කතා කරන් ෆෝන් එක අතට අරගෙන මට අනික් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න"
    මම : "හරි ගන්නම්"

    අනෙක් දුරකතනයෙන් ඇමතුම ලබාගත් පසු..
    "සර් දැන් #111# ඩයල් කරන්න. දැන් ආවා නේද මෙනු එකක්? හරි දැන්...." ආකාරයෙන් සියලු මග පෙන්වීම් කරමින් ඉදිරියට ගිය පසු...
    "සර් දැන් අංක හතරක නම්බර් එකක් ඉල්ලනවා නේද? ඒකට 1234 ටයිප් කරලා ඉදිරියට යන්න"
    මම : "මේකෙ කියන්නෙ PIN නම්බර් එක වෙන කාටවත් disclose කරන්න එපා කියලානෙ"
    "නෑ සර්, සාමාන්‍යයෙන් දවසකට ගන්න පුලුවන් උපරිම 10000 යි. ඒක 100000ට වැඩි කරන්න අපිට ඒ නම්බර් එක අවශ්‍ය වෙනවා."
    සැකය උපරිම වුනත් ඊළඟට කරන්න කියන්නේ මොකක්ද කියලා බලන්නත් එක්කම ඒ වැඩෙත් කරා කියපු විදියටම. ඊට පස්සේ eZCash එකේ තියෙන වාසි සහ එය භාවිතා කරන ආකාරය ගැනත් ලොකු විස්තරේකුත් කියලා දුන්නා. මමත් අහගෙන හිටියා.

    "හරි සර්, දැන් පුලුවන් 90000 ලබාගන්න, ඒත් සර්ට මේක ලබාගන්නනම් එක සැරයක් හරි පසුගිය මාස තුනක් ඇතුලත තැන්පත්කිරීමක් කරලා තියෙන්න වෙනවා. නැත්නම් සර්ට ගන්න වෙන්නෙ 10000 බැගින් කීප වතාවකට. සර්ට පුලුවන් ළඟම තියෙන කාගිල්ස් ෆුඩ් සිටි එකට හරි කමියුනිකේශන් එකට හරි ගිහින් 5000/- ක තැන්පතුවක් කරලා මට කතා කරන්න."
    මම : "බැංකුවෙන් තැන්පත් කරන්න බැරිද? කාගිල්ස් යන්නම ඕනද?"
    "බැංකුවෙන් බෑ සර්, යන්නම වෙනවා. කරපු ගමන් මට කෝල් එකක් දෙන්න"

    මෙතනින් පස්සෙ මම කෙලින්ම ගියේ නාවල තියෙන ඩයලොග් ආකේඩ් එකට, ගිහින් විස්තරේ කිව්වා විතරයි එතන තියෙන system එකෙන් බලලා කිව්වා "සර්ට එහෙම තෑග්ගක් නෑ, මේක සංවිධානාත්මකව කරගෙන යන වංචාවක්" කියලා. එහෙම ඉද්දී ඔන්න වංචාකාරයාගෙන් ආයිත් කෝල් එකක්. මම දුන්නා ෆෝන් එක ඩයලොග් එකේ එක්කෙනාටම. විස්තර අහපු ගමන්ම ෆෝන් එක කට් කරා.

    මම ඩයලොග් එකේ කට්ටියට ස්තූති කරලා ආපහු ඔෆිස් එකට ආපු ගමන් ඩයලොග් ආයතනයේ ඉහලම තැන්වලට දැනුම් දීමට කටයුතු කරා වගේම පොලීසිය පැත්තෙනුත් කරන්න ඕන වැඩ කටයුතු ආරම්භ කරන්න පියවර ගත්තා. නීතිමය ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් කරා තවත් මනුස්සයෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න. මම නිකමට හරි 5000/- දැම්මානම් eZCash එකට PIN එක මිනිහා ලඟ නිසා 5000 ගත්තා, මිනිහා මාරු වෙනවා. හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සු 3-4 ක් මේ විදියට දවසට ගොඩදාගත්තානම් බොහොම ලේසියෙන් 15000-20000ක් අතේ. මට ඇමතුම ලබාදුන්න වංචාකාරයාගෙ නොම්මරය තමයි 0767113929. මිනිහා නියම ස්මාට් හොරෙක්. කෝල් සෙන්ටර් එකක වැඩ කරන මනුස්සයෙක් වගේ සංයමයකින් සහ ඉවසීමකින් ලස්සනට වැඩේ කරනවා. ඒක නිසා මේ වගෙ ඇමතුමක් ආවොත් පරිස්සම් වෙන්න.
    ~ චාමර ජයවීර
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕක සෑහෙන්න වෙන දෙයක්

    මම දන්න එකෙක්ගෙන් 35K අරගෙන තිබුනා මොන්ටේරෝ එකක්ද මොකද්ද ඇදිලා ඒකෙ ටැක්ස් වගයක් ගෙවන්න ඕන කියලා

    තව සෑහෙන දෙනෙක්ට කෝල් ඇවිත් තිබුනා ඒ ඔය වැඩේ ගැන දන්න අයට නිසා අහු වෙලා තිබුනෙ නැහැ

    ගොඩක් වෙලාවට ඕකුන් කෝල් ගන්නෙ ඉක්මන් එකේ ඇඩ් දාපු එවුන්ට එතනින් නම්බර් එක අරගෙන

    අනික පොලීසියට ගියාම උන් ඕව ගනන් ගන්නෙ නැහැ. පැමිනිලි ලියා ගත්තට මුකුත් කරන්නෙ නැහැ තමන්ගෙ මෝඩ කමට අහුවෙන දේවල් නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ඕක සෑහෙන්න වෙන දෙයක්

    මම දන්න එකෙක්ගෙන් 35K අරගෙන තිබුනා මොන්ටේරෝ එකක්ද මොකද්ද ඇදිලා ඒකෙ ටැක්ස් වගයක් ගෙවන්න ඕන කියලා

    තව සෑහෙන දෙනෙක්ට කෝල් ඇවිත් තිබුනා ඒ ඔය වැඩේ ගැන දන්න අයට නිසා අහු වෙලා තිබුනෙ නැහැ

    ගොඩක් වෙලාවට ඕකුන් කෝල් ගන්නෙ ඉක්මන් එකේ ඇඩ් දාපු එවුන්ට එතනින් නම්බර් එක අරගෙන

    අනික පොලීසියට ගියාම උන් ඕව ගනන් ගන්නෙ නැහැ. පැමිනිලි ලියා ගත්තට මුකුත් කරන්නෙ නැහැ තමන්ගෙ මෝඩ කමට අහුවෙන දේවල් නේ
    mama godak issara oya call eka apu gaman giya Kohuwala polisiyata. OIC ta kiwwa. miniha kiwwa "salli denna epa horu." kiyala. mama kiwwa eka dannawa, ekayi meheta awe. me number eken oyagollanta hora allanna puluwan ne kiyala. OIC karaya hina wela kiwwa "wanchawak une nahane thama. ganan ganna epa, allala daanna" kiyala.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Wade kiyanne dialog ekka deal karana matath call ekak awa... Mama arthal ekak ugen aran uwa madawwa... Uma cut kala phone eka.. Lol
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    PIN එක මිනිහා ලඟ නිසා 5000 ගත්තා, මිනිහා මාරු වෙනවා.
    පින් එක තිබ්බට සල්ලි ගන්න බැහැ ෆෝන් එක නැතුව :dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    ඔකට හොර ජාලයක්, ඈතුලේ උන්ම සම්බනදයී. මොකද කිසි උවමනාවක් නෑ හොරුන්ව හොයන්න. අනිකා සල්ලිදේන කඩේ එකා. :angry::angry:
    බෑන්කුවලි ගන්න කොට මුන පේනවනේ.
    කඩවලින් සල්ලි දෙනකොට හරි දානකොට හරී අයීඩි පෙන්නන්න ඔනේ කිවුවම හරී,
    එතකොට හොරෙකුට සල්ලි දුන්නම උන් වග කියන්න ඔනේ :angry::angry:
    දෑන් ඔක උපරිම 10-20 තමා, ඉස්සර අපේ ගොන්නු 30-40 පුදලා තියනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පින් එක තියෙන්නෙ අමතර ආරක්ෂක පියවරක් විදිහට නේද එකෙන් වෙන කෙනෙක්ගේ සල්ලි ගන්න බෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    0767113929 මේක true caller දාල බලපන්කො කව්ද කියල. නැත්තම් මේක කාගෙන් හරි උස්සපු සිම් එකක්. :oo:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පින් එක තියෙන්නෙ අමතර ආරක්ෂක පියවරක් විදිහට නේද එකෙන් වෙන කෙනෙක්ගේ සල්ලි ගන්න බෑ

    මටත් මේ කේස් එක තේරුනේ නෑ. ඊසි කෑෂ් ඒටීඑම් එකෙන් ගන්නවානම් මුලින්ම කාර්ඩ්පත් රහිත ගනුදෙනු
    තෝරලා අදාළ මොබයිල් නම්බර් එක ගහන්න ඕන. ඊට පස්සෙ අයිතිකාරයගෙ මොබයිල් එකේ USSD
    මෙනු එකක් ඇවිල්ල පින් එක ගහන්න කියනව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් මේ කේස් එක තේරුනේ නෑ. ඊසි කෑෂ් ඒටීඑම් එකෙන් ගන්නවානම් මුලින්ම කාර්ඩ්පත් රහිත ගනුදෙනු
    තෝරලා අදාළ මොබයිල් නම්බර් එක ගහන්න ඕන. ඊට පස්සෙ අයිතිකාරයගෙ මොබයිල් එකේ USSD
    මෙනු එකක් ඇවිල්ල පින් එක ගහන්න කියනව.
    ඔතන ඊළඟ පියවරට ගිහින් නෑ ඊට කලින් මෙයා වැඩේ නවත්තනල නෙ. සමහරවිට සල්ලි දැම්මට පස්සේ මොකක්හරි බොරුවක් කියල මෙයාටම කියල ඒ දාපු සල්ලි ගෙන්නගන්න හැදුව වෙන්න පුළුවන්.


    එහාපැත්තෙ ඉන්න කෙනත් ATM එකක් ගාවට ගිහින් නම්බරේ ගහල මෙහෙන් ෆෝන් එකට එන කෝඩ් එක ගහන්න කිවොත් එහෙන් සල්ලි ගන්න පුළුවන් නේද.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔතන ඊළඟ පියවරට ගිහින් නෑ ඊට කලින් මෙයා වැඩේ නවත්තනල නෙ. සමහරවිට සල්ලි දැම්මට පස්සේ මොකක්හරි බොරුවක් කියල මෙයාටම කියල ඒ දාපු සල්ලි ගෙන්නගන්න හැදුව වෙන්න පුළුවන්.


    එහාපැත්තෙ ඉන්න කෙනත් ATM එකක් ගාවට ගිහින් නම්බරේ ගහල මෙහෙන් ෆෝන් එකට එන කෝඩ් එක ගහන්න කිවොත් එහෙන් සල්ලි ගන්න පුළුවන් නේද.

    :yes::yes:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    0767113929 මේක true caller දාල බලපන්කො කව්ද කියල. නැත්තම් මේක කාගෙන් හරි උස්සපු සිම් එකක්. :oo:

    true caller ekin one namata reg wenna puluwan. wedak ne :no:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඕක සෑහෙන්න වෙන දෙයක්

    මම දන්න එකෙක්ගෙන් 35K අරගෙන තිබුනා මොන්ටේරෝ එකක්ද මොකද්ද ඇදිලා ඒකෙ ටැක්ස් වගයක් ගෙවන්න ඕන කියලා

    තව සෑහෙන දෙනෙක්ට කෝල් ඇවිත් තිබුනා ඒ ඔය වැඩේ ගැන දන්න අයට නිසා අහු වෙලා තිබුනෙ නැහැ

    ගොඩක් වෙලාවට ඕකුන් කෝල් ගන්නෙ ඉක්මන් එකේ ඇඩ් දාපු එවුන්ට එතනින් නම්බර් එක අරගෙන

    අනික පොලීසියට ගියාම උන් ඕව ගනන් ගන්නෙ නැහැ. පැමිනිලි ලියා ගත්තට මුකුත් කරන්නෙ නැහැ තමන්ගෙ මෝඩ කමට අහුවෙන දේවල් නේ

    Ubala ohoma kiyanwa me lagadi.. Kudu allanna kiyala Pradesiya lekam haraha Gramsewakta call ekka aran... tibuna... Hadisi police watalim ekakayen widihta... Kudukaraya wikunana eka inne oyage wasame kiyala api eya allana aynne un ganudenu karanne ezee cash haraha puluwannam mahattayoo me no eka uge mekata Rs25000 dana kiyala. api baduth ekkama miniha allaganam kiyala..
    itn Gramaya pradesiya lekamuth call karala kiyapu eke sekayak nohita.. lakunu dagannath puluwan nisa 25k dala...
    echarma tama.. enna kiyapu tenata yankota ..arun salli aran gihilla..
    komada game eka.. eka nisa ubala parissamin weda karapalla...