Ebay කළ රැවටීමක් හෙළිවෙයි
Source http://www.lankagossipgirlnewslk.com/2015/03/ebay-buyer-scammed-into-paying-300-for.html
ලෝක ප්‍රසිද්ධ ඊබේ (Ebay) වෙබ් අඩවිය හරහා මැක්බුක් පරිගණකයක් මිලදී ගැනීමට ඉල්ලුම් කළ අයෙකුට කාඩ්බෝඩ් කෑල්ලක් ලැබීමෙ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.
මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ Ilfracombe ප්‍රදේශයෙනි.
අදාල සිද්ධියට මුහුණදීමට සිදුව ඇත්තේ තිස්අට හැවිරිදි පෝල් බැරින්ටන් ට (Paul Barrington) නැමැත්තෙකුටය.
විවාහ මංගල උත්සව වල Dj කිරීමේ ආසාවකින් පෙළුණු මේ පුද්ගලයා තමාගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ඊබේ (Ebay) වෙබ් අඩවියට පිවිස ඇපල් මැක්බුක් (Apple Macbook) ලැප්ටොප් පරිගනකයක් මිලදී පරික්සා ඇත.
එහිදී ඔහුට අදහාගත නොහැකි මිලකට මෙම වර්ගයේ ලැප්ටොප් එකක් විකිණීමට ඇති බව දැක ගැනීමට ලැබී තිබේ.
ඒ ස්ටර්ලින් පවුම් 1,500 පමණ වන පරිගණකයක් පවුම් 300 කට විකිණීමට දමා තිබීම නිසාය.
බොහෝ කාලයක් රල මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (surfing) නියුතුව සිටි ඔහු තමන්ගේ රලමත ලිස්සීමට යොදාගන්න බෝඩ් ලෑල්ල (Surfboard )ද විකුණා දමා අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයා ගෙන ඇත.
නමුත් ඔහුගේ අපේක්ෂාවන් සියල්ල සුනු විසුනු වී යන්නේ ඔහුට ලැබුණු පාර්සලය විවෘත කිරීමෙන් අනතුරුවය.
තමා දෑස් දල්වාගෙන බලාසිටි ලැප්ටොප් පරිගණකය වෙනුවට එයතුල වුයේ ලැප්ටොප් පරිගණකයේ ඡායාරූපයක් වීම නිසාය.
තමන් වංචාවකට ලක්වී ඇති බව ඔහුට වැටහී යන්නේ එවිටය.
“මට අවුරුදු 10යේ ඉඳන් Surfboard තිබ්බා. පලවෙනි වතාවට තමයි මගේ ළඟ surfboard එකක් නැත්තේ. ලැප්ටොප් එකකුත් ඕන වුනා. ඒ නිසා මම Ebay එකෙන් මේ අඩුවට තිබ්බ ලැප්ටොප් එක මිලදී ගත්ත. මං මේක මිලදී ගත්ත පුද්ගලයා වසර කිහිපයක් මේකේ සාමාජිකයෙක් වෙලා හිටපු එක්කෙනෙක්. ඇයි මෙච්චර මහන්සි වෙලා මේක කරන්න ඇත්තේ ? මට තේරෙන්නේ නැ, මට නම් හිනා” පෝල් මෙසේ මාධ්‍යට පවසා තිබිණි.
තමාට වූ මේ අකරතැබ්බය ගැන ඊබේ (Ebay) වෙබ් අඩවියේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති අතරම ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් ඉතා කණගාටුවන බවත් එම මුදල් නැවත ලබාදීමට, අදාළ කුට වෙළෙන්දා සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි.
ඊබේ (Ebay) “ Money Back Guarantee” පහසුකම ඇති බැවින් අදල මුදල පෝල්ට ලැබී ඇති බවද මේ අතර වාර්තා වේ.