ebay වලින්_Export කිරීමට වරම්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    ebay වලින්_Export කිරීමට වරම්

    විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

    ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

    ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

    මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.

    Ada derana
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    paypal wage ewanathuwa Pakatada danne na salli ganne. godak buyersla PP nathuwa ganudenu karanna kamathi na. anika LC open karanna rate nathi magul bank walin illanawa.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    paypal wage ewanathuwa Pakatada danne na salli ganne. godak buyersla PP nathuwa ganudenu karanna kamathi na. anika LC open karanna rate nathi magul bank walin illanawa.
    kiyla wadak na bn,pp ok kiwwanm kochchara sathutuda,me mona bijjakda
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Mun me tax gahanna yanne...maasekatama yawapu baduwala custec gihin dunnaam lassanata next month eke ei gewapan tax kiyala..kalakanni un apen ganne nikan apita deela wage..

    Adum gaane un katha karanawada ebay eke ywana badu walata salli enne unge ammalage redda assebda kiyala..
    Ethanadi katha na...
     
    Last edited: