Package එකේ බර අනුව ගාන වෙනස් වෙනව. Final බර ලබාගන්නෙ මෙහෙමයි -
බාන්ඩෙ බර + Packing වල බර = Total බර.
Air Mail (Letters) සහ Small Packets කියල ක්‍රම 2ක් තියෙනව. Air Mail යටතේ 2 Kg වෙනකන්ද කොහෙද යවන්න පුලුවන්. (මට මතක විදියට)
Spain වැටෙන්නෙ Group F countries යටතෙ. මේකට-
First 20g වලට - Rs.75/-
එතනින් එහාට වැඩිවෙන සෑම 10g වලට - Rs.15/- ගානෙ වැඩිවෙනව.
එතකොට -
=500-20 = 480/10 = 48
=48 x 15 = 720
=720+75 = Rs.795/-
රුපියල් 795ට වැඩි වෙයි.
ඉහත ගනනේ-
500 = ඔබගේ Package එකේ මුලු බර ලෙස ගෙන ඇත.
20 = පලමු 20g. (මෙයට වෙනම rs.75ක් අය කරන බව ඉහත පවසා ඇත්තෙමි)
480= 500න් පලමු ග්‍රෑම් 20 අඩුකල විට ලැබෙන ගනන.
48= 480 ඇතුලෙ තියෙන ග්‍රෑම් 10 කොටස් ප්‍රමානය.
720= ග්‍රෑම් 10 කොටස් 48 එක කොටසකට රු.15 ගනනේ හැදූවිට ලැබෙන වටිනාකම.
795 = ග්‍රෑම් 480 එන රු. වටිනාකම + පලමු ග්‍රෑම් 20 වටිනාකම.
එමනිසා අනිවාර්යින් රුපියල් 795ට වඩා වැඩි ගනනක් ගෙවන්න වෙනව. (මෙහිදී වටිනාකම් ලබා ගත්තෙ SL Post site එකෙන්.
පැහැදිලි ඇති කියල හිතනව.