Ebola virus එකට_බෙහෙතක් සොයාගනී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Ebola virus එකට_බෙහෙතක් සොයාගනී

    Ebola%20virus%201.jpg



    එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී ක්ෂීරපායී සතුන්ට ලබා දී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණු අතර චිම්පන්සි සඳහා ද ලබා දී සාර්ථක වීම හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය අවසරය ද ඉල්ලා තිබිණි.

    එසේ වුව ද ඖෂධය සඳහා ප්‍රතිකාර අනුමත වීමට පෙර ඇමෙරිකා ජාතික වෛද්‍යවරුන් වන බ්රන්ට්ලි හා නැන්සි රයිට්බෝල් දෙදෙනා එබෝලා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන් බරපතල ගැටළුවක් වී තිබිණි.

    ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට නම් පරීක්ෂණ මට්ටමේ තිබූ ඉසඩ්මැප් නමැති ප්‍රතිකාරය ලබා දීමට හැකි බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතන ඒ වෛදයවරු දෙදෙනා දැනුම්වත් කරනු ලැබිණි. එම ඖෂධය එතෙක් කිසිදු මනුෂ්‍යයකුට ලබා නොදුන් බව දැන දැනත් වෛද්‍යවරු දෙදෙනාම අත්හදා බැලීමක් ලෙස එය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් අනුමත නොවූ ඖෂධය ඔවුන් දෙදෙනාට ලබා දී ඇත.

    මියැදෙමින් සිටි බ්රන්ට්ලි ඖෂධය ලබාදිමෙන් පසු දින තනිවම ස්නානය කළ හැකි මට්ටමට සුව වී සිටියේය. රයිබෝල්ට් ද ඖෂධ ගැනීමෙන් පසු ඉක්මණින් සුවපත් වූවාය. දැන් දෙදෙනා ම විශේෂ ගුවන් යානයකින් ඇමෙරිකාවට ගොස් සිටිති.

    එබෝලා සඳහා සොයාගෙන ඇති නව ප්‍රතිකාරය වන ඉසඩ්මැප් මිනිස් පරිභෝජනය සඳහා තවමත් අනුමත වී නැත. සායනික කටයුතු සඳහා එය යොදා ගත හැකිවන්නේ අනුමත කිරිමේ බලය ඇති ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ නිර්දේශය හිමිවුවහොත් පමණි. එසේ වුව ද දැනටමත් ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනෙක් සුවපත්ව සිටිති. මේ නිසා අප්‍රිකාවේ දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට ඉසඩ්මැප් ඖෂධය ඉක්මණින් ම සායනික කටයුතු සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂිතය.


    140727161349-ebola-doctors-infected-story-top.jpg




    lankadeepa​
     
    • Like
    Reactions: kites

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඇති යන්තං .. අර මුලින් චිම්පන්සියන්ට දුන්නයි කිව්ව එක වෙන්නැති ... ඕවට පර්යේෂණ කරන්න කවුරුත් ෆන්ඩ් කරන්නෙ නෑ කියල තමයි මුලින් කිව්වෙ ... :angry:
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
    දිවිය කැපකල උතුම් මිනිසුනි
    මිනිස්කම නම් කිමැයි කියාදෙන්නේ ඔබයි