You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මිතුරනි අපට කිරීමට දෙයක් ඉතිරිව ඇත....
අද අප සිනා සෙන්නේ මොවුන් මෙලෙස කල කැප කිරීම් වල අවසානය ලෙසයි!
අපි අද මේ කකුල් උස්සල ඇවිදින්නෙ, අයියල කරපු කැප කිරීමටයි අය්යේ, ඔයලගෙ පාද බට්ටන්ට අහුවෙලා කැඩිල ගියෙ නෑ අය්යෙ, ඔයාල දේශය වෙනුවෙන් ඒව පූජ කලා, අත්, ඇස් අහිමි උනා නොව, මව්භිම වෙනුවෙන් ඒව කැප කලා අය්යේ, අද අපි මේ ලෝකෙ නිදහස්ම ජාතිය වෙලා, අයියල කරපු කැපකිරීම කොච්චර උතුම්ද!
..........................
අම්මට අවිදින්න බැරිවෙනකොට, තාත්තට වැඩක් පලක් කරගන්න බැරිවෙනකොට, ඒ දෙන්නව බලා ගන්න හිටියෙ ඔයයි අයියෙ, ඒත් අද ???? ඔයාගෙ අම්මයි, තාත්තයි, පුන්චි කාලෙ වගේ ඔයාව බලාගන්න වෙලා. ඔයාට වාවන්නෙ නැතුව ඇති අයියෙ, මං දන්නව ඒක, එත් ඔයාට ඇවිදින්න බැ. ඔයාගෙ ඇස් දෙක පේන්නෙ නෑ අය්යෙ, ඔයාට සදාකල් මතකය අහිමි වෙලා, කට හඬ අහිමි වෙලා,ඔයා ජීවත් වෙන්නෙ වෙඩි උණ්ඩ ඔලුව ඇතුලෙ තියාගෙන.
ඔයා දුබලයි කියල ඔයගෙ බිරිඳ ඔයාව දාල ගියෙ නෑ අය්යෙ, එයා උතුම් කෙනෙක්, එයා ඔයා වෙනුවෙන් ගොඩක් දෙවල් කරනව. ඔයගෙ පුන්චි එකා ඔය නැගිටිනකන් බලන් ඉන්නව. අනේ අපි ඔයාලව අමතක කරල නැහැ.
......................................................................
ආදරණීය රනවිරුවෙක් දේශයට ලබා දුන් ආදරණීය අම්මේ, අදරණීය තාත්තේ, ආදරණීය රනවිරු බිරිඳනි, ආදරණීය පුංචි පුතේ අපි එකතු වෙන්න හදන්නෙ ඔයාල වෙනුවෙන්.
......................................................................
ආදරණීය මිතුරනේ, අද ත්‍රිවිධ හමුදාවේ දහස් ගනනක් ආදරණීර රනවිරුවන් ආභාදිත වී සිටී. අත්,පා, දෑස් පමණක් නොව ජීවිත කාලයම මතකය අහිමිව නොමැරෙමින් ජීවත් වෙන ආදරණීය රන විරුවන් විශාල ප්‍රමණයක් සිටී.
......................................................................
ඔයාට පුලුවන්ද අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු ඒ මැරි මැරී ජීවත් වෙන ආදරණීය රණවිරුව වෙනුවෙන් දෙයක් කරන්න. ඔයාගෙ උපන්දින එක partyයක් එයාල වෙනුවෙන් කැප කරන්න. එයට යන මුදල "අපි වෙනුවෙන් අපි" අරමුදලට බැර කරන්න. යාලුවන්ට කියන්න. මේ පාර party නෑ මචං, මං "අපි වෙනුවෙන් අපි" fund1ට සල්ලි දැම්ම, ලබන අවුරුද්දෙ party දෙන්නන් කියල, දාල බලන්න FB එකේ, වෙනදට ඔයාට නිකම්ම Happy b'day කියල යන යාලුවො ඔයා වෙනුවෙන් මොනවද කියන්නෙ බලන්න.
......................................................................
එකතුවෙමු මිතුරනේ, අපි නැගිට්ටවමු ඒ අයියලව, ඒ අම්මල වෙනුවෙන් දෙයක් කරමු. සිංහල, මුස්ලිම්, දෙමළ සහ වෙනත් හැම ආගමකම රණවිරුවන් වෙනුවෙන්, ජාති බේද අත හැර එකතු වෙන්න. අපි මේ දේවත් කරමු, ඔවුන් කල කැප කිරීම් බලන කොට, අපි රට වෙනුවෙක් කරපු දෙයක් නෑ මිතුරනේ, අපිව ජීවත් කරවපු එයාලව අපි ජීවත් කරවමු.
......................................................................
අපි වෙනුවෙන් අපි අරමුදලට මුදල් බැරකල හැකි ආකාර සියල්ලම මෙම Link1 හරහා ගොස් ඔබට බලා ගත හැක.
(http://www.apiwenuwenapi.com/Contributions.htm)
......................................................................
එක්වන්න සොයුරු සොයුරියනේ ඔබෙ යුතුකම ඔවුන් වෙනුවෙන් ඉටුකරන්න සැබෑ කාලයයි මේ!
......................................................................
(මෙය ඔබට අමතක වෙයි, ඔබේ උපන්දිනය දවසට, phone එකෙ reminder 1ක් දාගන්න එදා උදේටම, කොලයක ලියල පර්ස් එකේ දාගන්න නැත්තං. මේක ඔයාගෙ යාලුවො, අසල් වැසියො හැමෝටම කියන්න, ඔයාගෙ email එකෙන් යවන්න.ඔබේ යුතුකම ඉටුකරන්න ආදරණීය රණවිරුවන් වෙනුවෙන් මිතුරනේ. )
▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂
mewan vipath aye nowewwwaaa 
චිරි චිරි වැස්ස;15114751 said:
up
චිරි චිරි වැස්ස;15127314 said:
up
සීවලි සිසුවාගේ ජිවිතය බේරාගන්න උදව් ඉල්ලයි
2013 ජූනි මස 27 19:36:05 | අංජුල මහික වීරරත්න (lankadeepa)
ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක් වැළඳී ඇති අතර දරුවා සුව කරගැනීමට ජූලි 20 දාට පෙර අස්ථි සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.
දමිදු රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ 8 ඊ ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙකි.
ඔහුගේ උකුල් ඇටය ආසන්නයේ හටගත් ගෙඩියක් මීට පෙර කොළඹ ලංකා රෝහලේ දී ඉවත්කළ අතර ඒ ආශ්‍රීතව අස්ථි කොටස ද ඉවත් කොට අස්ථියක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.
එම සැත්කම කිරීමට ලංකාවේ රෝහල්වල පහසුකම් නොමැති අතර සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදි ලක්ෂ 90ක් පමණ වැය වන බවත් වෛද්‍යවරු සදහන් කරති.
දමිදුගේ මව වන මල්කාන්ති ගුරුවරියක ලෙස සේවය නරන අතර පියාට ස්ථීර රැකියාවක් නැත. ඔහුගේ වැඩිමල් සොහොයුරියෝ දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.
රුපියල් ලක්ෂ 90 ක් වැනි මුදලක් සොයා ගැනීමට ඔවුනට වත්කමක් නැත. පරිත්‍යාගශීලින්ගේ ආධාර අපේක්ෂාවෙන් ඩබ්ලිව්.ඒ.මල්කාන්ති හේමචන්ද්‍ර නමින් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.1035215 ගිණුම් අංකයයි.වැඩිදුර තොරතුරු 071-8125205 දුරකථන අංකයෙන් දැනගත හැකිය.
BUMP
